කටට රසට බීෆ් ස්ටේක් කෑල්ලක් කන්න යන්න තියෙන කොළඹ අවට තැන් කීපයක්

මොනවද ඇත්තටම ස්ටේක් කියන්නේ? ස්ටේක් කියන්නේ හරක් මස්. හරියටම කියනවා නම්, හොඳම කොලිටියේ හරක් මස් වල මාංසලමය කොටසක් අරගෙන ග්‍රිල් කරලා හදන කෑමට තමයි ස්ටේක් එකක් කියන්නේ. ඇත්තටම ස්ටේක් කිව්වහම අපි බොහෝ විට කතා කරන්නේ බීෆ් ස්ටේක් ගැන වුණාට, ෆිෂ් ස්ටේක්, පෝක් ස්ටේක් එහෙමත් දැන් තියෙනවා. හැබැයි ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොළඹ අවට තියෙන හොඳ කොලිටියේ බීෆ් ස්ටේක් එකක් ගන්න තියෙන තැන් කීපයක් ගැන තමයි.

 

1. Bavarian German Restaurant

සාමාන්‍යයෙන් කොළඹ රෙස්ටුරන්ට් සීන් එකේ ඉන්න කෙනෙක්ට බැවේරියන් එක කියන්නේ අර එක්සොටික් ෆීල් එකක් සහ හොඳ විශ්වාසයක් ඇති කරවන නමක්. ජර්මානු අවන්හලක් විදියට හඳුන්වන්න පුළුවන් බැවේරියන් එකට ගිහිල්ලා, බියර් එකක් කාරිය බීලා හොඳ ස්ටේක් එකක් කාලා එන එක රෙස්ටුරන්ට් ටු ඩූ ලිස්ට් එකට එන්න ඕන වැඩක්. බැවේරියන් එකේත් අපේ ප්‍රියතම ග්‍රිල් අයිටම් එක වෙන්නේ ග්‍රිල් කරපු ලෑම්බ් රැක් එක තමයි. හැබැයි අපි ආවේ බීෆ් ස්ටේක් ගැන කියන්නනේ. අන්න ඒ නිසා කියන්නම ඕන, බැවේරියන් එකේ ග්‍රිල් එකෙන් එන බීෆ් ස්ටේක් සෙට් එක. ඕන නම් වුඩ්කටර් ස්ටේක් එකකට, බීෆ් ස්ට්‍රොගනෝෆ් එකකට, ෆිලේ ස්ටේක්, ටෙන්ඩර්ලොයින් ෆිලේ ස්ටේක් එකකට යන්න පුළුවන්. ඕන නම් අති විශේෂ බැවේරියන් ස්ටේක් ස්ටැක් එකට යන්නත් පුළුවන්. මේ කට්ටියගේ බීෆ් මෙනු එක සෑහෙන්න සැලකිය යුතු තරම් අයිටම්ස් තියෙන එකක්. මේ ලිස්ට් එකේ වෙන කිසිම තැනක අපි බැවේරියන් එකේ තරම් බීෆ් ස්ටේක් අයිටම්ස් දැකලා නෑ. ඒ වගේම බැවේරියන් එකේ බීෆ් ස්ටේක් වලට ගන්න හරක් මස්, ලෝකල් සහ ඔස්ට්‍රේලියන් කියලා වෙන් කරලත් තියෙනවා.

 

2. The Grill

කින්ග්ස්බරි හොටෙල් එකේ රෙස්ටුරන්ට් කීපයක්ම තියෙනවා. ඇත්තම කිවුවොත් එතනින් අපේ ෆේවරිට් වෙන්නේ සීෆුඩ් රෙස්ටුරන්ට් එක තමයි. හැබැයි එහෙම කියලා ද ග්‍රිල් එක අතාරින්න බෑ. මොකද, කටට රහට හොඳ කොලිටියේ ස්ටේක් එකක් ගන්න යන්න පුළුවන් එක තැනක් තමයි ද ග්‍රිල් කියන්නේ. ද ග්‍රිල් එකේ බීෆ් විතරක් නෙවෙයි තියෙන්නේ. චිකන්, බීෆ්, පෝක්, සීෆුඩ් අනං මනං ඔක්කොම තියෙනවා. ඒ ඕනම එකක් ගාණට ග්‍රිල් කරලා තමයි දෙන්නේ. බීෆ් ස්ටේක් වලට විතරක් කැමති කෙනෙක්ට වුනත් කිසිම අව්ලක් නෑ, රිබ්අයි ස්ටේක් එකක ඉඳලා තෝරගන්න ඔප්ෂන් තියෙනවා. අපි පර්සනලි කැමති කින්ස්බරි ද ග්‍රිල් එකේ සීෆුඩ් ග්‍රිල් අයිටම්ස් වලට, ඒත් ස්ටේක් එක රහ බැලුවට පාඩුවක් නෑ.

 

 

3. TGI Friday’s

ටීජීඅයි ෆ්‍රයිඩේස් ගැන කතා නොකර ඉස්සර නම් බීෆ් ස්ටේක් ගැන කතා කරලා වැඩක්ම නෑ. දැන් වෙනකොට ටීජීඅයි ෆ්‍රයිඩේස් එකට තරගයක් දෙන්න රෙස්ටුරන්ට්ස් බිහිවෙලා තිබුණත්, තාමත් සාමාන්‍ය දවසක් ගත්තොත් ටීජීඅයි ෆ්‍රයිඩේස් එක හවසට හවුස්ෆුල් වෙනවා. හැබැයි ඉස්සර වගේ නෙවෙයි, දැන් TGI Friday’s සයිට් එකට ගිහිල්ලා ඔන්ලයින් ඕඩර් කරන්නත් හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් මාංශ භක්ෂකයෙක්ට මෙතනට ආවහම දැනෙන්නේ නත්තල් ආවා වගේ හැඟීමක් වෙන්න ඕන. එතනිනුත් බීෆ් ලෝලියෙක්ට කටට රහට ස්ටේක් එකක් ගන්න ඔප්ෂන්ස් තියෙන තැනක් තමයි මෙතන. බීෆ් විතරක් නෙවෙයි, පෝක් ඔප්ෂන්ස් එහෙමත් ග්‍රිල් මෙනු එකේ තියෙනවා. හැබැයි සෙන්ටර් කට් සර්ලොයින් ස්ටේක් එකක්, පෙපර්කෝන් ස්ටේක් එකක්, ෆ්ලැට් අයන් ස්ටේක් එකක් එහෙම බීෆ් ලෝලියෙක්ට මරුවට සෙට් වෙනවා. විශේෂයෙන්ම ටීජීඅයි ෆ්‍රයිඩේස් සිග්නේචර් විස්කි ග්ලේස්ඩ් ස්ටේක් එකක් ගත්තා නං මරු.

 

4. London Grill

ලන්ඩන් ග්‍රිල් කියන්නේ ස්ටේක් එකක රහ බලන්න යන්න පුළුවන් කොළඹ තියෙන නොම්බර එකේ ෆයින් ඩයිනින් රෙස්ටුරන්ට් එකක්. ඇත්තටම ලන්ඩන් ග්‍රිල් කියන්නේ සිනමන් ග්‍රෑන්ඩ් එකේ එක රෙස්ටුරන්ට් එකක්. එතකොට තේරෙනවනේ. ලන්ඩන් ග්‍රිල් එක පොකට් එකට ඒ තරම් ලේසි ඔප්ෂන් එකක් නෙවෙයි. හැබැයි ගියොත් තේරෙයි, ගෙවන මිලට ඉතාම වටින කෑම වේලක් ලබාගන්න පුළුවන් කියලා. ලන්ඩන් ග්‍රිල් එකේ ඇත්තටම අපේ ෆේවරිට් ඩිෂ් දෙක තමයි ලැම්බ් රැක් එකයි, සීෆුඩ් ඩිලක්ස් එකයි. හැබැයි මේ අයගේ බීෆ් ස්ටේක්ස් – උදාහරණයක් විදියට ගත්තොත් ක්ලැසික් බීෆ් වෙලින්ටන් එක- එහෙම මරු. බීෆ් වෙලින්ටන් කියන්නේ බීෆ් ස්ටේක් එකක් මැදට දාලා හදපු පයි එකක්. නැත්නම් ඇංගස් ෆිලේ වගේ බීෆ් ස්ටේක් එකක් වුනත් ගන්න පුළුවන්.

 

5. The Sizzle

ද සිස්(z)ල් කියන්නේ අවුරුදු කීපයක් ගිහිල්ලත් තවමත් අපේ ෆේවරිට් ජොයින්ට් එකක්. සාමාන්‍යයෙන් ඔය බීම එකක් එහෙම බීලා එන්න කැමති අයටත්, මාංශ භක්ෂකයන්ටත් එක වගේ සලකන රෙස්ටුරන්ට් එකක්. අපි ඉතින් මාංශ භක්ෂකයොනේ. ඉතින් එකේ අපිට අල්ලනම දේ තමයි මේ අය අපිට මස් මාංශ ඇතුළත් ප්ලේට් එකක් කස්ටමයිස් කරගන්න දීලා තියෙන ක්‍රමේ. මෙහෙමයි වෙන්නේ. චිකන් හරි බීෆ් හරි මට්න් හරි ලෑම්බ් හරි තෝරගන්න ඕන. පෝක් නෑ මෙතන. හැබැයි ප්‍රෝන්ස් හරි වෙජීස් හරි වුනත් තෝරගන්න පුළුවන්. දැන් තෝරගන්න ඕන තමන්ට අවශ්‍ය දේ ග්‍රිල් කරලද, ෆ්‍රයි කරලද, පෑන් ෆ්‍රයි කරලද ඕන කියලා. මස් වර්ග නම් බෝන් එකත් එක්කද, බෝන්ලස්ද ඕන කියලත් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ ඕන දේ වෙජීස් එක්කද, චයිනීස් නූඩ්ල්ස් එක්කද, මොංගෝලියන් රයිස් එක්කද, කොත්තුවක් එක්කද නැතිනම් ඉතාලි ස්පැගෙති එකක් එක්කද ඕන කියලත් තෝරගන්න ඕන. ඊලඟට ඕන නම් තව මස් අමතරව එක් කරන්නත් පුළුවන්. ඊට පස්සේ එක්ස්ට්‍රා ටොපින් වලටත් ඔප්ෂන් එකක් තියෙනවා.

 

එතකොට බීෆ් මෙනු එක ගැන කතා කළොත්, හොලිෆීල්ඩ් බස්ටර් කියලා නම තියෙන ටෙන්ඩර්ලොයින් ස්ටේක් එකක්, රොනාල්ඩ්’ස් පින්ෆෝල් කියලා නම දාපු බීෆ් කියුබ්ස්, කාර්ල්’ස් ටෆ් ජොබ් කියන නමෙන් එන සර්ලොයින් ස්ටේක් එකක් එහෙම තෝරගන්න පුළුවන්. තව ප්ලැටර් එකකුත් තියෙනවා. බීෆ් වැඩ කෝටියයි!

 

6. The Steuart

කොටුවේ ඩච් හොස්පිටල් එකත් එක්කම පැත්තකින් තියෙන මහේශාක්‍ය ලීලාවෙන් වැජඹෙන ස්ටුවර්ට් හොටෙල් එකට අපි ගියොත් යන්නේ, ඒ කට්ටියගේ ජනප්‍රිය බිග් සිටි රිබ්ස් එකක් ඉවර කරන්න බලාගෙන තමයි. හැබැයි ඉතින් ඒක පෝර්ක්නේ. ඒත් මේ කට්ටිය ගාව බීෆ් ස්ටේක් වුනත් ගන්න තියෙනවා. ඇත්තටම අපි ඕඩර් කරලා තියෙන්නේ එක බීෆ් ස්ටේක් එකයි, සමහර වෙලාවට මෙනු එකටම ඇත්තෙත් ඒ අයිටම් එක විතරයි. ඒ ස්ටේක් එකේ ගාණත් සැරයි. හැබැයි ඉතින් ඒ අයිටම් එක රහ බැලුවට කවදාවත් පාඩුයි කියලා හිතෙන්නෙත් නැහැමයි. ජූසි ලුසී’ස් රිබ්අයි ස්ටේක් කියලා නම දාලා තියෙන මේ ස්ටේක් එක ෆ්‍රයි කරපු බිත්තර, බේක් කරපු අර්තාපල් සහ චිප්ස් එක්ක මස්ටර්ඩ් සෝස් වල දවටලා තමයි එන්නේ. බීෆ් ඉම්පෝර්ටඩ් කියලා තමයි කියන්නේ.

 

7. Meat & Co.

මීට් ඇන්ඩ් කොම්පැණි කියන්නේ අවුරුදු කීපයක් තිස්සේ එහෙන් මෙහෙන් අහන්න ලැබුණු නමක්. ඉස්සර මේ අයට ඕඩර් එකක් දාලා ඒක ගන්න නම් හවස 6 පහුවෙනකල් ඉන්න ඕන. හැබැයි දැන් නම් ඔන්න ඌබර් ඊට්ස් එකෙත් මීට් ඇන්ඩ් කොම්පැණි බඩු ගෙන්න ගන්න පුළුවන්ලු. මේ අයගේ ලීඩ් එක තියෙන්නේ අර නියම පැටී එකෙන් හදපු බර්ගර් වලට තමයි. හැබැයි අපි උනන්දු වෙන්නේ මේ අයගේ ස්ටේක් අයිටම්ස් ගැන. ඇත්තටම ස්ටේක් අයිටම්ස් එක්ක එන බර්ගර් වගේම පොඩි සයිස් එකේ ස්ටේක් බයිට්ස් එහෙමත් මේ කට්ටිය ගාව තියෙනවා. විශේෂයෙන්ම ගාර්ලික් බන් එකක් එක්ක මේ ස්ටේක් බයිට් එක මරේ මරු. ඒ ඇරෙන්න මීට් ඇන්ඩ් කොම්පැණි රිබ්අයි ස්ටේක් එකත් රෙකමන්ඩ් කරන්න පුළුවන්. 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *