ඔබ බොහෝ දෙනෙක් ආසාවෙන් කියවන ආටිකල් සීරිස් එකේ තවත් කොටසක් අපි අද ඔබ වෙතට ගෙන එනවා. එහෙම නම් වැඩි කතාබහක් නැතුව අපිට පුංචි තිරයෙන් සහ රිදී තිරයෙන් හමුවෙලා අමතක නොවන මතකයක් තියලා කලා ලෝකයෙන් බැහැර වුණ තවමත් සුරූපී නිළියන් කිහිපදෙනෙක් ගැන මතකය අවදි කර ගනිමු.
ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 1 කොටස
ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 2 කොටස
ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 3 කොටස
ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 4 කොටස
ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 5 කොටස
ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 6 කොටස
ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 7 කොටස
1. ශර්ලින් ද සිල්වා
ලාංකික රූ රැජිණක් වීම නිසා එක රැයකින් මුළු ලංකාව පුරාම ජනප්‍රිය වුණු ශර්ලින් ද සිල්වා ඉන් අනතුරුව යොමුවූයේ සිනමා ක්ෂේත්රයට. ඇයව අපිට රිදී තිරයේ දී මුණ ගැහුණේ නිල්මිණි ද සිල්වා කියන නමින්. ‘ගැටවරයෝ’ චිත්‍රපටයේ සුරංගනීගේ චරිතය එම චිත්‍රපටය නරඹපු හැම ප්‍රේක්ෂකයෙක්ටම මතක ඇති. ඇතැම් විචාරකයන්ට අනුව එම චිත්‍රපටියේ ප්‍රධාන නිළි භූමිකාවක් රඟපෑ සෝබනී අමරසිංහටත් වඩා ශර්ලින් තම භූමිකාවට සාධාරණයක් ඉෂ්ට කළා. ඉන් අනතුරුව චිත්‍රපට එකක් හෝ දෙකක රඟපෑමෙන් පසුව ඇය ක්ෂේත්රයෙන් නිහඬව සමුගත්තා.
2. පර්ල් කුරේ
පර්ල් කුරේත් සිනමා ක්ෂේත්රයට පිවිසෙන්නේ රූ රැජනක් විදිහට. ලස්සනම මුහුණ තේරීමේ තරගයකින් ජයග්‍රහණය කරන ඇය ඉන් අනතුරුව ලෝක රූ රැජන තරගය සඳහා සහභාගි වෙනවා. රොබින් තම්පෝගේ සුදු සඳේ කළු වලා චිත්‍රපටය ඇය තම රංගනය ලබාදුන් පළමු චිත්‍රපටයයි. තම විවාහයෙන් පස්සේ කෙමෙන් ක්ෂේත්රයට සමුදුන් ඇය ‘වනරජා’, ‘රන් ඔන්චිල්ලා’, ‘නයනා’, ‘යළි ඉපිදේ’ වගේ චිත්‍රපට ගණනාවකට එක් වී තිබුණා.
3. අනෝමා හේරත්
පුංචි තිරයේ ‘ගොළු හදවතේ’ දම්ම් වුණු ඇය අතිශයින්ම වාසනාවන්ත නිළියක්. ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් යුවළගේ ටෙලි නාට්‍යයක් සඳහා ප්‍රධාන භූමිකාව නිරූපණය කිරීමට ඇය සමත් වුණු නිසයි ඒ. කෙසේ වෙතත් පෞද්ගලික බැංකුවක සේවයට එක් වීමෙන් පසුව ඒ තරම් කලා නිර්මාණවල ඇයව දකින්නට ලැබුණේ නැහැ. මෙම ටෙලි නාට්‍යයේම සුගත්ගේ චරිතය නිරූපණය කළ සුධාරක ජයසේන සමඟ විවාහ වූ ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක්.
4. රුවිනි තරංගා ෆොන්සේකා
සුමිත්‍රා පීරිස්ගේ ‘ගැහැණු ළමයි’ ටෙලි නාට්‍යය කුසුම්ගේ චරිතය රඟපෑ රුවිනි තරංගා ලංකාවේ සුප්‍රකට කලා පවුලක සාමාජිකාවක්. ඇගේ පියා වන රංජිත් ෆොන්සේකා නිළි රැජින මාලිනී ෆොන්සේකාගේ බාල සහෝදරයා වනවා. ඉන් අනතුරුව ‘දේවි’ නම් ටෙලි නාට්‍යයේ ද ‘දයාබර ප්‍රියංක’ නම් ටෙලි නාට්‍යයේ ද චරිත නිරූපණය කළ ඇය ප්‍රංශ ටෙලි නාට්‍යයක් සඳහා ද තම රංගන දායකත්වය ලබාදී තිබෙනවා. කෙසේ වෙතත් පසුව ඇය කලා ලෝකයට සමුදීම කණගාටුවට කරුණක්.
5. කුමාරි පෙරේරා
‘කන්දෙගෙදර’ ටෙලිනාට්‍යයේ බාල මහත්තයාගේ සහ කන්දෙගෙදර හාමිනේගේ බාල දියණියගේ චරිතය රඟපෑ කුමාරී පෙරේරා අපේ මුල් කාලීන ටෙලි නාට්‍ය කීපයක චරිත නිරූපණය කළ තැනැත්තියක්. ගායන ශිල්පිනියක් ලෙස මෙන්ම නිවේදිකාවක් ලෙසද ප්‍රකට වූ ඇය කාලයක් කෝපි කඩය ටෙලි නාට්‍යයේ ද නිළියක් ලෙස කටයුතු කළා.
6. උෂාණි ධීරසිංහ
‘කන්දෙගෙදර’ ටෙලිනාට්‍යයේ ජයලත් මනෝරත්න සහ වීණා ජයකොඩි යුවළගේ දියණිය වූ චාමලී ගේ චරිතය රඟපෑ දඟකාර නිළිය ඔබට මතකද? ඇය නමින් උෂාණි ධීරසිංහ. ඇය රඟපෑ ප්‍රථම සහ එකම ටෙලි නාට්‍යය වන්නේ කන්දෙ ගෙදරයි. ඉන්පසුව ඇය වෙනත් නිර්මාණයකින් අපිට දැකගන්න ලැබුණේ නැහැ. ඇතැම් සටහන් වලට අනුව කලා ක්ෂේත්රයට එක් වීමට ඇයට එතරම් කැමැත්තක් තිබී නැහැ. කෙසේ වෙතත් එම ටෙලිනාට්‍යයේ ඇගේ පෙම්වතාගේ චරිතය රඟපෑ ජගත් වික්‍රමසිංහගේ ඉංග්‍රීසි ගීතයක රූප රචනය සඳහා ඇය පෙනී සිට තිබෙනවා.
7. කල්පනා ලියනාරච්චි
‘රතු රෝස’ ටෙලි නාට්‍ය හරහා මුළු ලංකාව වසඟ කරගත් වන්දනා ලියනාරච්චිගේ නැගණිය වන කල්පනා ලියනආරච්චි ටෙලි නාට්‍ය ක්ෂේත්රයට පිවිසෙන්නේ අහම්බයකින්. රතු රෝස ටෙලි නාට්‍යයේ චරිතයක් නිරූපණය කිරීමට නියමිතව සිටි නිළියක් එදින නොපැමිණීම නිසා එම චරිතය නිරූපණය කිරීමට ඇයට අවස්ථාව ලැබුණා. වන්දනා රතු රෝස වල පමණක් රඟපෑමෙන් අනතුරුව තම කලා ජීවිතයට සමු දුන්නත් කල්පනා ඉන් අනතුරුව ටෙලිනාට්‍ය කීපයකටම එකතු වුණා. විවාහ වී විදේශගත වීමත් සමඟ ඇය කලා ක්ෂේත්රයෙන් කෙමෙන් ඈත් වුණා.
එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply