ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා නියමිත දිනය කෙමෙන් කෙමෙන් ලං වෙමින් පවතින නිසා Lifie.lk අපි ඒ පිළිබඳව ලිපි කිහිපයක් ලිවීම පසුගිය සතිවල ඉඳන් ආරම්භ කළා. අපි අද කතා කරන්න යන්නේ එම ජනාධිපතිවරණ ඉතිහාසයේ අහන්න දකින්න ලැබෙන රසමුසු කතා පිළිබඳව.
1. නිතරඟ ජනපති
ඇමරිකානු ජනාධිපතිවරණ ඉතිහාසය වගේම ලෝක ජනාධිපතිවරණ ඉතිහාසයේ එකම එක ජනාධිපතිවරයෙක් නිතරඟයෙන් පත්වෙලා තියෙනවා. ඔහු තමයි ජෝර්ජ් වොෂින්ටන්. එම ජනාධිපතිවරණයේ ඡන්දය පළ කිරීමට පැමිණි ඇමරිකා එක්සත් ජනපදයෙහි ආරම්භක ජනපදවල ඡන්ද නියෝජිතයන් සියළුම දෙනාම තම සහයෝගය ජෝර්ජ් වොෂින්ටන් වෙත පළ කර සිටියා. ඔවුන්ගේ මූලික එකඟතාවයව පැවතුණේ වැඩිම ඡන්ද ලබා ගන්නා පුද්ගලයා ජනාධිපති ධුරයටත් ඊළඟට වැඩිම ඡන්ද ලබා ගන්නා පුද්ගලයා උප ජනාධිපති ධුරයටත් පත් කිරීමටයි. මේ නිසා උප ජනාධිපති ධූරය සඳහා වෙනම ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර යම් තරඟයකින් පසුව ජෝන් ඇඩම්ස් ඉන් ජය ගනු ලැබුවා.
2. ද්වන්ධ යුද්ධයකින් කෙළවර වුණ ජනාධිපති තරඟය
1800 පැවති ජනාධිපතිවරණයේ එක්තරා අවස්ථාවකදී තෝමස් ජෙෆර්සන් සහ ආරෝන් බාර් සමාන ඡන්ද ලබාගෙන තිබුණා. මේ අවස්ථාවේදී මේ සඳහා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් මැදිහත් වුණා. තමන් මෙම දෙදෙනාටම අකැමැති නමුත් ජනාධිපතිධූරය වැනි තනතුරක් සඳහා ආරෝන් සුදුසු නොවන බව ඔහු පවසා සිටියා. මේ නිසා අවසානයේදී ආරොන් හට උප ජනාධිපති ධූරය හිමි වුණා. කෙසේ වෙතත් හැමිල්ටන් සමග ඔහුගේ තිබූ වෛරය අවසාන වුණේ නැහැ. ද්වන්ද යුද්ධයකට හැමිල්ටන් හට අභියෝග කොට ඔහුව ඝාතනය කිරීමට ආරෝන් කටයුතු කරනු ලැබුවා.
3. ජනාධිපති අපේක්ෂකයන්ගේ බිරින්දෑවරුන්ට පවා අපහාස කළ ජනාධිපති සටන
1828 දී ඇන්ඩෘ ජැක්සන් සහ ජෝන් ක්වෙන්සි ඇඩම්ස් අතර පැවති ජනාධිපතිවරණ සටන අතිශයින් පහත් තත්ත්වයට වැටුණා. දෙදෙනාම එකිනෙකාට මඩ ගසා ගත් අතර ඇඩම්ස් විසින් ජැක්සන්ගේ බිරිඳ වන රාකෙල් අනාචාරයේ හැසිරුණු තැනැත්තියක් ලෙස හඳුන්වනු ලැබුවා .ඊට හේතුව වූයේ තම පළමු සැමියාගෙන් දික්කසාදය ලබා ගැනීමටත් පෙර ඇය ඇන්ඩෘ ජැක්සන් සමඟ විවාහ වීමයි. ජැක්සන් ජනාධිපතිවරණය ජය ගැනීමෙන් කලකට පසුව රාකෙල් මියගිය අතර එහි වගකීම ඇඩම්ස් විසින් භාරගත යුතු බව ජැක්සන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියා.
4. මළ මිනිසෙකු සමග ජනාධිපතිවරණ සටන
1872 දී තම දෙවන ධුර කාලය සඳහා තරග වැදුණු යුලීසියස් එස්. ග්‍රාන්ට් ජනාධිපතිවරණ තරඟයෙන් පහසුවෙන් ජයගනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළා. ජනාධිපතිවරණය ඇරඹීමෙන් දින කීපයකට පසුව ඔහුගේ ප්‍රතිවාදියා වූ හෝරේස් ග්‍රීල් මරණයට පත්වුණා. මේ සිදුවීම වක්‍රාකාරව ග්‍රාන්ට් හට අතිරේක වාසියක් ගෙන දුන්නා. ඇමරිකානු ජනාධිපතිවරණ ඉතිහාසය තුළ මේතාක් ජනාධිපතිවරණය නිමවීමට පෙර අපේක්ෂකයෙකු මිය ගිය පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙනවා.
5. රේගන්ගේ කැපෙන උත්තරය
එක්තරා විවාදයකදී ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ රොනල්ඩ් රේගන් ගෙන් පුද්ගලයෙකු විමසා සිටියේ මහළු වියේ පසු වන ඔබ වැනි පුද්ගලයෙකු ජනාධිපති ධූරය සඳහා සුදුසු වන්නේ ද කියායි. ඊට පිළිතුරු ලබාදුන් රොනල්ඩ් රේගන් තමන් මේ මැතිවරණ ව්‍යාපාරය තුළ වයස බාධාවක් කර නොගන්නා බවත් තම ප්‍රතිවාදියා ලාබාල සහ අත්දැකීම් විරහිත පුද්ගලයෙකු වීම ගැන කතා කිරීමට බලාපොරොත්තු නොවන බවත් පවසා සිටියා. ඔහුගේ මෙම පිළිතුර ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයන් පවා සිනහ ගැන්වීමට සමත් වුණා.
6. ටෙලිවිෂනය හතුරු වීම
ජෝන් එෆ්. කෙනඩි සහ එවකට උප ජනාධිපතිවරයාව සිටි රිචඩ් නික්සන් අතර පැවැති විවාදය රූපවාහිනිය හරහා විකාශනය වූ පළමු ජනාධිපතිවරණ විවාදය බවට පත්වනවා. මේ සඳහා සහභාගි වූ නික්සන් වේශ නිරූපණය කිරීමට විරුද්ධ වූ අතර ජෝන් එෆ්. කෙනඩි මේ සියල්ල සඳහා ලක ලෑස්ති වී සිටියා. එහි ප්‍රතිඵලය වූයේ මැදිරිය තුළදී දහඩිය දැමීම නිසා නික්සන් විසින් නොසන්සුන් ස්වභාවයක් මුළු සංවාදය පුරාම පෙන්වීමයි. මෙය කෙනඩිගේ ජයග්‍රහණයට අඩිතාලම වූ බව බොහෝ විචාරකයන් විශ්වාස කරනවා.
7. මම දුවත් එක්ක කතා කළා
ජනාධිපති ජිමී කාටර් හට සිය පළමු ධූර කාලයෙන් පසුව ඊට සමුදීමට සිදුවීමේ ප්‍රධානම හේතුව රූපවාහිනී විවාදයකදී ඔහු අතින් සිදු වූ කට වරද්දා ගැනීමක් බව සඳහන් වෙනවා. තමන් ඇතැම් ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී තම දහතුන් හැවිරිදි දියණිය සමග කතාබහ කරන බව ඔහු එහිදී පවසා සිටියා. මෙම ප්‍රකාශය බොහෝ ඇමරිකානු ඡන්දදායකයන්ගේ හාස්‍යයට මෙන්ම විවේචනයටත් තුඩු දුන්නා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක කියවලා ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා
Leave a Reply