සෞඛ්‍යය සහ රූ සපුව

අධෝවාතය ගැන ඔබ දත් නොදත් කරුණු කීපයක්!

දැන් ඔය අධෝවාතය නැතිනම් සරලව කියන විදියට පඩේ කියන එකත්, කුණුහරුපයක් නොවුණට ප්‍රසිද්ධියේ කවුරුත් සඳහන් කරන්න, කථා කරන්න මැළිකමක් දක්වන දෙයක් කියන එක බොරු නෙවෙයි. හැබැයි ඒ කොහොම වුනත් අධෝවාතය ගැන කතා නොකළට, අධෝවාතය පිටවෙන එක නං කාටවත් නවත්තගන්න බෑ. ඔව්, මිනිස්සු හැමදෙනාමත්, සත්තු වුනත් අධෝවාතය පිට කරනවා.

 

හරි. දැන් අධෝවාතය ගැන කතා කළත් නොකළත්, අධෝවාතය අපි හැමෝම පිටකරනවා. හැබැයි ඔය ප්‍රසිද්ධ තැනක එහෙම අධෝවාතය පිට කරන එක සහ අධෝවාතය පිට කළා කියලා අනික් අයට මාට්ටු වෙන එක බොහොම ලැජ්ජාවට කාරණාවක් විදියට තමයි ගොඩක් දෙනෙක් සලකන්නේ. ඇත්තටම බැලුවොත් මනුස්සයෙක්ට නිවීසැනසිල්ලේ සද්දෙන් අධෝවාතයක් පිට කරන්න නං පෞද්ගලික තැනකම ඉන්න වෙනවා. හැබැයි ඉතින් සමහරුන්ගේ අධෝවාත වල සද්දේ තිබ්බත් නැතත් ආයේ සුගන්ධය නං ඉතින් අර ගඳ බෝම්බයක් ගැහුව වගේ තමයි.

 

අපි ඉතින් හිතුවා අධෝවාතය නැතිනම් පඩේ ගැන ගොඩක් අය කතා කරන්න මැළි වෙන නිසාම, ඒ ගැන දන්න නොදන්න කරුණු කාරණා ටිකක් ඉදිරිපත් කරන්න.

 

 

1. ගඳ පඩ යන්නේ 1% යි!

 

විස්වාස කරන්න බැරිද? ඇත්තටම අපිට පිටවෙන අධෝවාතයන්ගෙන් ගඳට පිටවෙන අධෝවාතයන් ප්‍රමාණය සියේට එකයි කියලා තමයි කියවෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට යන පඩ වලින් – ඒ කියන්නේ අපිට දැනෙන්න පිට වෙන සහ නොදැනෙන්න පිට වෙන පඩ කියන දෙකම ගත්තහම- ඒවැයින් 99%ක්ම කිසිම ගඳක් සුවඳක් නැති වායු කියන එක. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ඔක්සිජන් සහ මෙතේන් වගේ එව්වලු. එතකොට හයිඩ්‍රජන් සල්ෆයිඩ් තමයි අර ගඳ 1%. හැබැයි ඔය හයිඩ්‍රජන් සල්ෆයිඩ් එක්ක ගඳට පිටවෙන පඩ තමයි අපිට වැඩිහරියක නෝටිස් වෙන්නේ. අන්න ඒ නිසා තමයි අපිට හිතෙන්නේ සාමාන්‍යයෙන් අපිට යන පඩ වලින් වැඩිහරියක් ගඳයි කියලා. අනික අපි නොදැනුවත්වමත් පඩ යන්න පුළුවනිනේ. ඔය නින්දෙදි එහෙමත් අධෝවාතය පිටවෙනවනේ.

 

 

2. කන්නේ මොනවද, පඩෙත් එමමයි!

 

ඉස්සර ඔය ඉස්කෝලෙ පංතියෙදී, ස්කූල් බස් එකේදී එහෙම කවුරුහරි සුපිරි ගඳට පඩ යවනකොට අපි නහය වහගෙන දුවන ගමන් අහන්නේ බිත්තර කාලද ආවේ කියලනේ. එතකොට බිත්තර කෑවහම යන පඩ වල ගඳ වැඩියිද? ඔව් කියලා තමයි දන්න අය කියන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් බ්‍රොකොලි, ගෝවා, ලූණු, බිත්තර, මස් වර්ග වගේ දේවල් වල සෑහෙන්න ඉහළ ප්‍රමාණයකින් සල්ෆර් තියෙනවා. ආන්න එතකොට ඒ සල්ෆර් අඩංගු කෑම වර්ග බඩ ඇතුළේ බිඳ හෙළන කොට හැදෙන ගෑස් වර්ගත් පඩේ විදියටනේ එලියට එන්නේ. එතකොට ඉතින් ඔය බිත්තර පඩ කියලා ඉස්සර හඳුන්වන ඒවා ඇත්තටම කුණු බිත්තර ගඳ වෙන එක අහන්න දෙයක් නෑනේ!

 

 

3. පඩ යවන්නෙ නෑ? බොරූඌඌ!

 

ඔය “අනී අපි නං ෆාර්ට්ස් කරන්නෙ නෑ” කියන උන්දැල ඉන්නව නේද? ටොම් පච. සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් දවසකට පඩ 14 ක ඉඳලා 23 ක් දක්වා වගේ ප්‍රමාණයක් පිට කරනවා කියලා තමයි කියන්නේ. දැන් ඇස් ලොකු කරගෙන බලන්න එපා “මං ඒ තරම් පඩිනවද ඕයි” කියලා ලුක් එකකින්. ඇත්තටම අපි කලිනුත් කිව්වා වගේ, ගඳ පඩ ඉතාම අඩුයි වගේම, අපිට නොදැනී යන පඩත් තියෙනවා. ඇත්තටම අපේ ශරීරය ඇතුළේ ජීර්ණ පද්ධතිය වැඩ කරනකොට හැදෙන ගෑස් වර්ග විතරක්මත් නෙවෙයි පඩ විදියට පිට වෙන්නේ. ඇයි අපි කනකොට, ගිලිනකොට නොදැනුවත්වම අපිට ගිලෙන වාතය? අන්න ඒවත් පිට වෙනවා බහිශ්‍රාවීය පද්ධතියේ අනෙක් කොණෙන්. ඇත්තටම ඔය වගේ පඩ ප්‍රමාණයක් දවසකට පිට කරනවා කියන එක ගැන අප්සෙට් වෙන්න අවශ්‍ය නෑ. මොකද, ඔය වගේ අධෝවාත ප්‍රමාණයක් පිට වෙනවා කියන්නේ ඇත්තටම සෞඛ්‍ය සම්පන්න දෙයක්. ඒ ගැන තව විස්තර අපි කියන්නං.

 

 

4. පුපුරන පඩ

 

අර Nutty Professor ෆිල්ම් එක එහෙම බලලා තියේ නං මතක ඇති ප්‍රොෆෙසර් දකින හීනේ. ඔන්න ප්‍රොෆෙසර් උස බිල්ඩින් තරමටම ලොකු වෙලා නගරේ ඇවිදිනවා. ඕන්න පඩයක් යන්න එනවා. ඒක පිට කරනවා. එතකොට කොහේද ඉන්න ඩයල් එකක් ගිණිකූරක් පත්තු කරනවා. ඩෝං!

 

ඇත්තටම පඩයක් පුපුරන්න පුළුවන්ද? න්‍යායිකව බැලුවොත් පුළුවන් කියල තමයි කියන්නේ. නිකමට හිතලා බලන්න, පඩේක අඩංගු වෙනවා මෙතේන් සහ හයිඩ්‍රජන්. දෙකම ගිණිගන්නා සුළුයි. ඒ කියන්නේ අර පෙට්‍රල් ෂෙඩ් එකේ ගිනිකූරු නොගහනවා වගේ, ගින්දර පත්තු වෙන තැනක පඩයක් එහෙම ගියොත් පස්සත් එක්කම පුපුරයිද? නෑ එහෙම බය වෙන්න දෙයක් නෑ. ප්‍රායෝගිකව ගත්තහම එහෙම පුපුරන සීන් එකක් වෙන්නෙ නෑ. කවුරුත් ඉතින් පඩයක් යනකොට පස්සට ලයිටරයක් පත්තු කරලා අල්ලගෙන ඉඳලා ඕක අත්හදා බලන්න යන්න ඕනෙ නෑ හැබැයි!

 

 

5. වේගෙන් යන පඩ

 

නිකමට හරි හිතලා තියෙනවද පඩයකට කොයි තරම් වේගයක් ඇද්ද කියලා? කොහොමත් පඩයක් කියන්නේ සාමාන්‍යයෙන් වේගෙන් පිට වෙන වාත දහරාවක්නේ. ඔය වේගේ මැන්න හාදයෝ කියනවා සාමාන්‍යයෙන් තත්පරයට මීටර් 3.05 ක වේගයක් පඩේකට තියෙනවා කියලා. ඒ කියන්නේ දළ වශයෙන් පැයකට කිලෝමීටර් 11 කට ආසන්න වේගයක්. ඔව්, එච්චර වේගයක් නෙවෙයි තමයි. ඇයි ශබ්දයේ වේගෙන් පඩයක් පිටවෙනවා කියලද හිතුවේ?

 

 

6. දත් තිබ්බනං හපාගෙන අල්ලගෙන ඉන්න තිබ්බා!

 

දැන් ඔය පඩ සීන් එකේ තියෙන අවුලක් තමයි, අපි පටන්ගන්නකොටත් කියපු විදියට තැන නොතැන නොබලා පිටවෙන්න තියෙන අද්විතීය හැකියාව. සාමාන්‍යයෙන් අපිට ඔය තට්ටම් සහ ගුදමාර්ගය ආශ්‍රිත මාංශ පේෂි පාවිච්චි කරලා අප්සට් තැනක පඩයක් යන්න එනකොට හිර කරගෙන, අල්ලගෙන ඉන්න හැකියාව තියෙනවා. හැබැයි සමහර අධිබලැති පඩත් එක්ක නං ඒක අමාරුයි. අන්න ඒ වගේ වෙලාවට තමයි හිතෙන්නේ පස්සටත් දත් තිබ්බනං කියලා. එහෙනං දත් මිටි කාගෙන පඩේට යන්න නොදී හිරකරගෙන ඉන්න තිබ්බනේ. සාමාන්‍යයෙන් ඔය පොදු තැනක ඉන්නකොට එහෙම අපි ෆුල් ඩම් එක දාලා, ගුද මාර්ගය ආශ්‍රිත මාංශ පේෂි වලින් පඩයක් යන්න නොදී අල්ලගෙන ඉන්න එකේ අතිවිශාල සෞඛ්‍ය ගැටළුවක් නම් නෑ. හැබැයි ඉතින් ලොකුවට ඕක කරන එකෙන් අපේ ඇඟට හරි අසීරුතාවයක් දැනෙනවා. අනික ඕක පුරුද්දකට දීර්ඝ වෙලාවක් අල්ලගෙන ඉන්නත් හොඳ නෑ කියලා සමහරු කියනවා. ඒත් ඒක ගැන තාම අපිට හරියටම කියන්න බැහැ.

 

 

7. ගඳ වුනත් පඩ හොඳයි!

 

ඔය ඔක්කොමත් එක්ක අපි කියන්නම ඕන සරල කතන්දරේ මේකයි. පොදු තැනක, කට්ටිය ඉන්න තැනක පඩයක් සද්දෙට, ගඳට යන එක පොඩ්ඩක් ලැජ්ජ හිතෙන වැඩක් තමයි. හැබැයි ඇත්තටම පඩයක් යනවා කියන්නේ නරක දෙයක් නෙවෙයි. ඒක අතිශයින්ම ස්වභාවික දෙයක්. අපේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාකාරිත්වයේ කොටසක්. ආහාර ජීර්ණ පද්ධතියෙන් නිෂ්පාදනය වෙන අතුරු ඵලයක්. අනික පඩ යන එකේ හොඳ දේවල් තියෙනවා. එකක් තමයි, උඩ කියලා තියෙන සාමාන්‍ය රේට් එකෙන් පඩ යනවා නං, අපිට හිතාගන්න පුළුවන් අපේ ඩයට් එක බැලන්ස් එකක් කියලා. එතකොට ඔය බඩ පිපුම වගේ දැනෙන ගතිය එන්නෙ නෑ පඩ යනවා නම්. අනික බඩවැල් වල සෞඛ්‍යයටත් පඩ යන එක හොඳයි කියලා තමයි දොස්තර වරු කියන්නේ.

 

පඩේ ගැන ඔබේ අදහසුත් පහළින් කියාගෙන ගියාට කමක් නෑ!

 

admin

Share
Published by
admin

Recent Posts

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ කාරණා ඔබ දැනගෙන හිටියාද?

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන්…

7 months ago

දරුවන් හදන කොට දෙමව්පියෝ කරන වැරදි, හැබැයි සමාජයේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේවා තමයි දෙමාපියන්ගේ ආදරය කියලා!

දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී…

8 months ago

කොල්ලගේ අම්මා එක්ක මෙන්න මේ දේවල් කවදාවත් කරන්න යන්න එපා!

මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක්…

8 months ago

ශිෂ්‍යයෙක් විදිහට ඔබගේ අනාගත වෘත්තීය ක්ෂේත්‍රය තෝරා ගන්නේ මෙහෙමයි!

දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක්…

8 months ago

ජීවිතේ උවමනාවට වඩා ඕනෑම නැති දේවල් කිහිපයක් – 2 කොටස

"ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත" කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ "ටූ…

8 months ago

ඇමෙරිකානුවන් සඳ මත පා තැබීම බොරුවක්ද? ඒක බොරුවක් නෙවෙයි කියන්න සාධක මෙන්න

ඇත්තටම මිනිස්සු හඳට ගියාද? ඔය ප්‍රශ්නේ, ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය අහන දෙයක්. එහෙම අහන්න…

8 months ago