හැමදාම තරුණ විදියට ඉන්න ආස අයට තමා අද මේ ආටිකල් එක ගෙනාවේ. සමේ තරුණ පෙනුම රැකගන්න බාහිරින් ආලේප කරන ක්‍රීම් ජාති අනන් මනන් වලට වඩා අපේ ඇඟ ඇතුළට දෙන පෝෂණයෙන්ම සමේ තරුණ බව රැකගන්න පුළුවන් නම් තමා වඩා හොඳ. ඉතින් අද අපි මේ ගෙනාවෙ ලස්සනට ඉන්න කැමති ගැහැණු පිරිමි ඕනම කෙනෙක්ට ලේසියෙන් හදන් බොන්න පුළුවන් ස්මූති රෙසිපි ටිකක්. මේ ස්මූතීස් සම්පූර්ණ බ්‍රෙක්ෆස්ට් එකක් විදියට ගන්න පුළුවන්. පුරුද්දක් විදියට ස්මූති එකක් ගන්න එක ගොඩක් ගුණයි වගේම කියන බැරි තරම් ශරීරයට හිතකරයි.
1. ස්කින් ග්ලෝවින් ඇවකාඩෝ ස්මූති
අවශ්‍ය ද්‍රව්‍ය
- පොල් වතුර කෝප්ප 1/2
- කපාගත් කෙසෙල් ගෙඩි 2
- චොප්කරගත් අන්නාසි කෝප්ප 1
- චොප්කරගත් අඹ කෝප්ප 1
- නිවිති කෝප්ප 1
- අලිගැටපේර ගෙඩි 1/2
- ෆ්ලැක් සීඩ් මේස හැඳි 1
- මේ ඔක්කොම එකට දාලා ස්මූත් වෙනකල් විනාඩි 3ක් බ්ලෙන්ඩ් කරගන්න. පොල්වතුරම එක්කරගත්තොත් අපේ සමට ගොඩක් හොඳයි. පොල්වතුර නැත්නම් ආමන්ඩ් කිරි උනත් කමක් නෑ.
2. Detox Smoothie
අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් කෙසෙල් ගෙඩි 1
- ආමන්ඩ් කිරි කෝප්ප 1/4
- චොප්කරගත් අන්නාසි කෝප්ප 1
- පීච් ගෙඩි 1
- ග්‍රීක් හෝ නන්ෆැට් යෝගට් 1/2
- නිවිති කෝප්ප 1/2
- දෙහි යුෂ ස්වල්පයක්
- දෙහි හැර ඉතුරු ඔක්කොම බ්ලෙන්ඩර් එකට දාලා හයි ස්පීඩ් විනාඩි 3-4ක් බ්ලෙන්ඩ් කරගන්න.
- දෙහි යුෂ දාලා කලවම් කරලා බොන්න. කැමතිනම් මේකට පිපිඤ්ඤා කෑල්ලකුත් දාලම බ්ලෙන්ඩ් කරගන්න.
3. සන්ශයින් ස්මූති
අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් කෙසෙල් ගෙඩි 1
- ඔරේන්ජ් ජූස් කෝප්ප 1/4
- ග්‍රේප්ෆෘට් ගෙඩි 1ක මදය (පොඩි ජම්බෝල)
- චොප්කරගත් අඹ ගෙඩි 1/2
- චොප්කරගත් අන්නාසි කෝප්ප 1/2
- මේ ඔක්කොම වතුර ටිකක් එක්ක හයිස්පීඩ් බ්ලෙන්ඩ් කරලා ගන්න. මේ ස්මූති එකේ පාට හරි ලස්සනට එනවා. කැමති නම් කූල් කරලා බොන්න. නැත්නම් බ්ලෙන්ඩ් කරන කොට අයිස් කියුබ් ටිකක් දාන්න.
4. ස්ට්‍රෝබෙරි මැන්ගෝ බ්‍රෙක්ෆස්ට් ස්මූති
අවශ්‍ය ද්‍රව්‍ය
- කෙසෙල් ගෙඩි 2
- ග්‍රැනෝලා කෝප්ප 1/2
- ඔරේන්ජ් ජූස් කෝප්ප 1/4
- කපාගත් ස්ට්‍රෝබෙරි ගෙඩි 6-7
- ග්‍රීක් හෝ නන්ෆැට් යෝගට් 1/2
- කිරි කෝප්ප 1/4
- මුලින්ම කෙසෙල් ගෙඩියක් සහ අඹ බ්ලෙන්ඩර් එකට දාලා ඔරේන්ජ් ජූස් එක්ක ස්මූත් වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න.
- තික් වැඩි නම් තව ඔරේන්ජ් ජූස් දාගන්න. මේක ග්ලාස් එකට දාගන්න.
- ඉතිරි කෙසෙල් ගෙඩිය, ස්ට්‍රෝබෙරි, කිරි හා යෝගට් එක එකතු කරලා ආයෙ බ්ලෙන්ඩ් කරගන්න.
- කලින් ග්ලාස් එකට දාගත් ස්මූති එකට උඩින් ලේයර් එකක් වගේ මේකෙන් දාගන්න. උඩින් ග්‍රැනෝලා ටිකක් ඉසගන්න.
5. ට්‍රොපිකල් එනර්ජි ස්මූති
අවශ්‍ය ද්‍රව්‍ය
- ආමන්ඩ් කිරි කෝප්ප 3/4
- කෙසෙල් ගෙඩි 2
- චොප්කරගත් අන්නාසි කෝප්ප 2
- චොප්කරගත් නිවිති කෝප්ප 2
- මේ ඔක්කොම දාලා හයිස්පීඩ් විනාඩි 4ක් බ්ලෙන්ඩ් කරගන්න. තික් වැඩි නම් තව කිරි ටිකක් ඇඩ් කරගන්න.
- ආමන්ඩ් කිරි නැත්නම් පොල් වතුර, සෝයා කිරි උනත් කමක් නෑ. ආමන්ඩ් කිරි ගන්නවනම් සීනි රහිත එක ගන්න.
6. ඔරේන්ජ් ක්‍රීම්සිකල් ස්මූති
අවශ්‍ය ද්‍රව්‍ය
- කෙසෙල් ගෙඩි 2
- වැනිලා තේ හැඳි 1
- ඔරේන්ජ් ජූස් කෝප්ප 1/2
- වැනිලා ග්‍රීක් යෝගට් කෝප්ප 3/4
- පෙති කපාගත් දොඩම් ගෙඩි 1
- දොඩම් පොතු ස්වල්පයක්
- කෙසෙල්, වැනිලා එක්ක ඔරේන්ජ් ජූස් හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඊළඟට මේකට යෝගට්, දොඩම් කෑලි හා දොඩම් පොතු දාලා නැවත ස්මූත් වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න.
7. ඇපල් කැරමල් ස්මූති
අවශ්‍ය ද්‍රව්‍ය
- පොතු අයින් කරගත් ඇපල් ගෙඩි 2
- මී පැණි මේස හැඳි 1
- සීනි මේස හැඳි 2
- ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1/2
- කුරුඳු කුඩු තේ හැඳි1
- මුලින්ම ඇපල් ටික පොඩි කෑලි වලට කපලා සීනි හා මී පැණි දාලා ලිපේ තියන්න.
- ටිකකින් සීනි කැරමල් වේගෙන එනකොට ලිපෙන් බාලා බ්ලෙන්ඩර් එකට දාගන්න. මේකටම ෆ්‍රෙශ් මිල්ක්, කුරුඳු කුඩු දාලා ස්මූත් වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න.
Leave a Reply