බර අඩු කරගන්න හිතන අයට ෆැට් බර්නින්ග් ඩ්‍රින්ක්ස් 7ක්

අපේ වැරදි පුරුදු, වැරදි ආහාර රටාවත් එක්ක බර වැඩිවෙලා ඇඟ තරබාරු වෙන එක අහන්නත් දෙයක්ද… ඒ නිසාම දැන් අපේ උදවිය හෙල්දි ඩයට් වගේම එක්සර්සයිස් වලට පෙළඹිලා ඉන්නෙ. මේ විදියට යන ගමනෙ ආහාර පාලනය එක්ක ෆැට් බර්න් කරන ඩ්‍රින්ක්ස් එහෙමත් ගන්නවනම් ඔයාලගෙ ඩයට් එක සක්සස්. අද අපි ගෙනාවේ ඒ වගේ බර අඩු කරගන්න ට්‍රයි කරන ඔයාලට ගොඩක් හොඳ ඩ්‍රින්ක්ස් ටිකක්.

 

 

ගැස්ට්‍රයිටිස් වගේ රෝග තත්ත්වයන් තියෙන අය නම් මේ බීම වර්ග වෛද්‍ය උපදෙස් ලබාගෙනම පානයට ගන්න කියලත් මතක් කරන්න කැමතියි. ඕනවට වඩා ඕනම දෙයක් ඕනම නෑ කියනවනෙ. ෆැට් බර්න් කරන මේ බීම වර්ගත් සතියට දෙවතාවක් විතරක් බොන එක තමා සුදුසු. දිනපතා භාවිතය නම් අනුමත කරන්නෙ නැහැ.

 

 

1. ඩාක් චොක්ලට් කොෆී

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

 

  1. කුඩු කරගත් ෆ්ලැක්ස් සීඩ්ස් තේ හැඳි 1/2
  2. ග්‍රේට් කරගත් ඩාක් චොක්ලට් තේ හැඳි 1
  3. බ්ලැක් කොෆී තේ හැඳි 1
  4. උණු වතුර කෝප්ප 1

 

 

  • මුලින්ම උණුවතුර වලට බ්ලැක් කොෆී එකතු කරලා දියකරගන්න.
  • ඊළඟට ෆ්ලැක්ස් සීඩ් දාලා කලවම් කරන ගමන් චොක්ලට් එකතු කරලා දියකරගන්න. රස්නෙන්ම බොන්න.

 

 

2. සිනමන් රෝ හනී මික්ස්

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

 

  1. කුරුඳු කුඩු තේ හැඳි 2
  2. මී පැණි මේස හැඳි 1
  3. උණුවතුර කෝප්ප 1

 

 

  • උණුවතුර වලට කුරුඳු කුඩු දාලා කළවම් කරගන්න. දැන් මේක නිවෙන්න තියන්න. පැණි දානකොට මේක සම්පූර්ණයෙන්ම නිවිලා තියෙන්න ඕනෙ. නැතිනම් පැණි වල ක්‍රියාකාරීත්වය නැතිවෙලා යනවා.
  • හොඳටම නිවුණට පස්සෙ පැණි දාලා කලවම් කරගන්න. මේක පැය 12ක් ෆ්‍රිජ් එකේ තියලා උදේ ආහාරයට විනාඩි 30කට කලින් ගන්නවනම් වඩා ප්‍රතිඵලදායකයි.

 

 

3. ජින්ජර් ලෙමන් වෝටර්

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

 

  1. අයිස් වතුර කෝප්ප 1
  2. කබලේ බැදගත් සූදුරු කුඩු තේ හැඳි 3/4
  3. දෙහි යුෂ තේ හැඳි 1
  4. තරමක ඉඟුරු කෑල්ලක්

 

 

  • ඉඟුරු කෑල්ල පොඩි කෑලි වලට කපාගන්න. මේක කූල් වතුර එක්ක බ්ලෙන්ඩ් කරගන්න. ස්මූත් වෙනකල් බ්ලෙන්ඩ් කරලා ග්ලාස් එකකට දාගන්න.
  • දැන් මේකට සූදුරු කුඩු හා දෙහි යුෂ එකතු කරලා කළවම් කරලා මදි නම් තව වතුර ටිකක් දාගන්න.

 

 

 

4. ග්‍රීන් ටී විත් මින්ට් ඇන්ඩ් ලෙමන්

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

 

  1. උණුවතුර කෝප්ප 1
  2. මින්චි කොළ 7ක් 8ක්
  3. වියළි ග්‍රීන් ටී ලීව්ස් 4ක් 5ක් (හෝ ග්‍රීන් ටී කුඩු තේ හැන්දක්)
  4. දෙහි ගෙඩියක යුෂ

 

 

  • මුලින්ම වතුරට මින්චි කොළ දාලා තම්බගන්න. ටිකකින් ලිප නිවලා, ග්‍රීන් ටී දාලා තැම්බෙන්න විනාඩි 5ක් වගේ වහලා තියලා පෙරාගෙන දෙහි යුෂ දාලා උණුවෙන්ම බොන්න.

 

 

 

5. අන්නාසි හා කුරුඳු තේ

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

 

  1. කපාගත් අන්නාසි කෝප්ප 1 1/2
  2. දෙහි ගෙඩියක යුෂ
  3. ලුණු
  4. කුරුඳු කුඩු තේ හැඳි 1/2

 

 

  • අන්නාසි ටික පොඩියට කපාගන්න. දැන් මේක ස්මූත් වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න.
  • අන්නාසි ටික ග්ලාස් එකකට දාලා දෙහි හා කුරුඳු කුඩු දාලා කලවම් කරගන්න. රස අනුව ලුණු එකතු කරන්න.
  • වඩා හොඳ ප්‍රතිඵල ගන්න නම් මේක හිස්බඩ බොන්න ඕනේ.

 

 

 

6. ඇපල් සයිඩර් විනාකිරි, බ්ලූබෙරි හා ලෙමන් ජූස්

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

 

  1. ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 1
  2. අයිස් කියුබ් කිහිපයක්
  3. වතුර කෝප්ප 1
  4. ෆ්‍රෝසන් බ්ලූබෙරි මේස හැඳි 2
  5. පැණි මේස හැඳි 1
  6. දෙහි යුෂ මේස හැඳි 1

 

  • මුලින්ම බෙරි ටික හැන්දකින් පොඩි කරගන්න. මේකට පැණි ටිකත් එකතු කරන්න.
  • ඊළඟට දෙහි යුෂ හා ඇපල් සයිඩර් විනාකිරි ටික දාගන්න. අයිස් කැට ටික දාලා වතුර ඇති ප්‍රමාණයට දාගන්න. මේක බොන්න විනාඩියකට කලින් හැන්දෙන් කළවම් කරගන්න.

 

 

 

7. ග්‍රේප්ෆෘට් ඇන්ඩ් කියුකම්බර් ඩ්‍රින්ක්

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

 

  1. පිපිඤ්ඤා ගෙඩි 1/2
  2. දෙහි ගෙඩි 1
  3. ග්‍රේප්ෆෘට් ගෙඩි 1 මදය (පොඩි ජම්බෝල)
  4. වතුර කෝප්ප 1

 

  • ඔක්කොම පොඩියට කපලා වතුර ටිකක් දාලා බ්ලෙන්ඩ් කරගන්න.
  • හොඳට ස්මූත් වෙනකල් බ්ලෙන්ඩ් කරලා තික් වැඩි නම් තව වතුර ටිකක් දාලා පානය කරන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *