හික්කඩුවේ සංචාරයකට ගියොත් නවතින්න හොඳ හොටෙල් කීපයක්!

හික්කා කියන්නේ ආයෙ දෙස් විදෙස් හැමෝම දන්න කියන පුරවරයක් කියන එක බොරුවක් නෙවෙයි. හික්කඩුව කියන්නේ ඉස්සර ධීවර නගරයක්. තාමත් ධීවර කරුමාන්තය තියෙනවා තමයි. හැබැයි දැන් වෙනකොට හික්කඩුව නැතිනම් හික්කා කියන්නේ සංචාරක පුරවරයක්. හික්කඩුව මැද්දෙන් දිවෙන පරණ ගාලු පාර බොහොම පටුයි. ඒ පාර දෙපැත්තේ හික්කඩුව නගර සීමාව දිගටම තියෙන පාට පාටින් එළිය වුණු අපූරු පුංචි පුංචි අරුමෝසම් කඩ, අවන්හල්, ආභරණ කඩ, මැණික් කඩ, ඇඳුම් කඩ වගේ නානාවිධ කඩ සාප්පු අතරින් ඇවිදගෙන යන එකම සන්තෝසයක්. 

 

සාපේක්ෂව කුඩා හික්කඩුවේ වෙරළ තීරය සාමාන්‍යයෙන් සීසන් එකට සංචාරකයින්ගෙන් උතුරනවා. හැබැයි හික්කඩුවට යනවා කියන්නේ විනෝද ක්‍රීඩා සහ විනෝද ක්‍රියාකාරකම් වලින් අඩුවක් නෑ කියන එක. මොකුත්ම නොකර හික්කඩුවේ ඇවිද ඇවිද ඉන්න එක පවා සතුටක්. එහෙම නැතිනම් සර්ෆ් කරන්න යන්න පුලුවන්. කොරල් පර බලන්න ස්නෝර්ක්ලින් කරන්න යන්නත් පුළුවන්. ඒ තරම් ඇඩ්වෙන්චර් සීන් එකක් කරන්න බෑ බෑ වගේ නං පතුල වීදුරු බෝට්ටුවකින් ගිහින් කොරල් පර බලන්නත් පුළුවන්. එහෙම නැතිනම් හවස් වරුවේ වෙරළේ වැතිරිලා ඉර බැහගෙන යන හැටි බලාගෙන ඉඳලා, රාත්තිරියට හික්කඩුව පුරවරයේ ඇවිදින්න යන්නත් පුළුවන්. 

 

ඉතින් ඔය කියපු සුන්දර හික්කඩු පුරවර​යේ නිවාඩුවක් ගත කරන්න යන්න නං, හොඳ හොටෙල් එකක් එහෙම බුක් කරන්නත් වෙනවා. ආන්න ඒ වෙනුවෙන්, බජට් හොටෙල් වල ඉඳන් ටිකක් ගණන් වැඩි හොටෙල් දක්වා තැන් කීපයක් ගැන තමයි මේ කියන්න යන්නේ.

 

1. Coral Sands Hotel

හික්කඩුව බීච් එකේ පිහිටලා තියෙන කොරල් සෑන්ඩ් හොටෙල් එක පළාතේ තියෙන සාමාන්‍යයෙන් විශාල හොටෙල් එකක්. හොටෙල් එකේ ස්විමින්ග් පූල් දෙකක් තියෙන නිසා, ඕන නම් ස්විමින්ග් පූල් එකකට බැහැලා මධුවිත පොඩ්ඩක් තොලගාගෙන ෂේප් එකේ ඉන්නත් පුළුවන්. එහෙම නැතිනම් හොටෙල් එකෙන් එහාපැත්තේ තියෙන ඉන්දියානු සාගරේට බැහැලා ඉන්නත් පුළුවන්. හොටෙල් කොරල් සෑන්ඩ්ස් එකේ ස්නෝකලින් වලට සහ කිමිදුම් වලට පහසුකම් තියෙනවා. එතකොට ඕන නම් හොටෙල් එකේ ආයුර්වේද මසාජ් සෙන්ටර් එකෙන් රිලැක්සින් මසාජ් එකක් දාගන්නත් පුළුවන්. රෙස්ටුරන්ට් එකේ කෑමත් මරු.

මෙතන නවතිනවා නම්, දෙන්නෙක්ට රුපියල් 7,000 කට අඩුවෙන් නවතින්න පුළුවන්. ඕන නම් දෙන්නෙක්ට රුපියල් 13,000 කට අඩුවෙන් බ්‍රෙක්ෆස්ට් සහ ඩිනර් ඇතුළත්ව මුහුදට මුහුණ ලා තියෙන ඩිලක්ස් ඩබල් රූම් එකක් ගන්නත් පුළුවන්.

 

2. Ranmal Beach Hotel

රන්මල් බීච් හොටෙල් කියන්නෙත් හික්කා ටවුන් එකේ ඉඳලා විනාඩි පහක දුරෙන් නාරිගම වෙරළ තීරයේ පිහිටලා තියෙන පුංචි, ඒත් සැපපහසුකම් තියෙන, ගෙදරක සැප තියෙන හොටෙල් එකක්. මේ අයගේ ප්‍රොපර්ටි එකේ ඉන්නවනම්, නිදහසේ හික්කා වෙරළ තීරයේ අසිරිය රසවිඳින්න පුළුවන්. ඕන නම් පූල් එකට බැහැලා නාලා කියලා එන්නත් පුළුවන්. ක්ලැසික් ගෘහභාණ්ඩ තියෙන රූම්ස් තියෙන හොටෙල් රන්මල් එකෙත් ආයුර්වේද මසාජ් තෙරපි එකක් ගන්න පුළුවන්. ඒ වගේම රන්මල් රෙස්ටුරන්ට් එකෙන් ලංකාවේ කෑම එකක් වුනත්, වෙනත් ආසියාතික කෑම එකක් වුනත් ගන්න පුළුවන්. දෙන්නෙක්ට ඩිලක්ස් ඩබල් රූම් එකක රුපියල් 4,500 ක් යනකොට ඉන්න පුළුවන්. එතකොට ප්‍රිමියම් ක්වීන් රූම් එකක බ්‍රෙක්ෆස්ට් සහ ඩිනර් ඇතුළත්ව රුපියල් 11,000 ක් වගේ වෙනකොට දෙන්නෙක්ට දවසක් ගත කරන්න පුළුවන්.

 

3. Plantation House

සාමාන්‍යයෙන් හික්කා හොටෙල් එකක් කිව්වහම කෙනෙක්ගේ ඔලුවට යන්නේ වෙරළ තීරයේ තියෙන හොටෙල් එකක් කියලනේ. හැබැයි ප්ලාන්ටේෂන් හවුස් කියන්නේ ඒ තියරියෙන් වෙනස් වුණු, ඒ කියන්නේ මූද කිට්ටුවට වෙන්න වුනත් ටිකක් ගොඩබිම පැත්තට වෙන්න තියෙන හොටෙල් එකක්. බොහොම නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන ප්ලාන්ටේෂන් හවුස් එක ඇත්තටම විවේක ගන්න හොඳ තැනක්. ඕන නම් බීච් එකට යන්නත් වැඩි දුරක් නෑ. මීටර් පන්සීයකටත් වඩා අඩු දුරකින් නාරිගම බීච් එක තියෙනවා. කිලෝමීටර් දෙකක් විතර යනකොට හික්කා බීච් එකට යන්න පුළුවන්. මෙතන බාර් එකක්, පූල් එකක්, රෙස්ටුරන්ට් එකක් එහෙම තියෙනවා. ලස්සන ගාර්ඩන් එකකුත් තියෙනවා. සාමාන්‍යයෙන් රුපියල් 8,500 ක් වගේ වෙනකොට දෙන්නෙක්ට ෆුල් ඉන්ග්ලිෂ් බ්‍රෙක්ෆස්ට් එකකුත් උදේට අරගෙන දවසක් ඉන්න පුළුවන්.

 

4. Hikkaduwa Beach Hotel

හික්කඩුවේ තියෙන ගොඩක් ලොකු ප්‍රසිද්ධියක් නැති තරු තුනේ හෝටලයක් තමයි හික්කඩුව බීච් හොටෙල් කියන්නේ. ඇත්තටම දශක ගාණක් තිස්සේ දෙස් විදෙස් සංචාරකයන්ට සලකන, ඉතිහාසයක් තියෙන හොටෙල් එකක් තමයි හික්කඩුව බීච් හොටෙල් කියන්නේ. ඒ ඉතිහාසයක් තියෙන බව හොටෙල් එක ඇතුළට යනකොටමත් දැනෙන දෙයක්. මේ කට්ටියගේ රෙස්ටුරන්ට් එක තමයි හික්කා කිචන්. ස්ටාටර්ස්, සුප් වල ඉඳලා පාස්තා, පීසා, බර්ගර්ස් වෙනකල් දේශීය, ආසියාතික, කොන්ටිනෙන්ටල් ඕන කෑමක් ලබාගන්නත් පුළුවන්. කාලා මදි වගේ නම්, මේ අයගේ බාර් 298 පැත්තට ගිහින් එන්න තියෙන්නේ. දවසක් නවතින්න පුළුවන් එක්කෙනෙක්ට රුපියල් 5,000 ක් වගේ වෙනකොට.

 

5. Deutsch Lanka Hotel

එකපාරටම මේක මොකක් හරි ඕලන්ද සම්බන්ධයක් තියෙන හොටෙල් එකක් කියලා හිතුවට, පස්සෙ තමයි තේරුණේ මේ ඩච් නෙවෙයි කියලා. මේක ඩයිච් වගේ විදියකට තමයි මේ අය උච්චාරණය කරන්නේ. ඒක ජර්මන් වචනයක්ලු. කොහොම වුනත්, බොහොම සාමාන්‍ය පෙනුමක් තියෙන, බජට් හොටෙල් එකක් කියලා දැක්ක ගමන් හිතෙන ඩයිච් ලංකා හොටෙල් එකේ සේවාව ගැන නම් උපරිම ලකුණු දෙන්න පුළුවන්. මුහුදු දර්ශනයක් එක්කම මේ හොටෙල් එක තිබුණට, ඇත්තටම මේක බීච් ෆ්‍රන්ට් හොටෙල් එකක් නෙවෙයි. හැබැයි මෙතන තියෙන හුරුබුහුටි පූල් එකෙන් නාන්න බෑ බෑ වගේ නං, වෙරළ තීරයට බොහොම පොඩි දුරයි. මෙතන දෙන්නෙක්ට නවතින්න පුළුවන් බ්‍රෙක්ෆස්ට් ඇතුළත්ව රුපියල් 3,700 ක් වගේ වෙනකොට. බ්‍රෙක්ෆස්ට් සහ ඩිනර් දෙකම එක්ක දෙන්නෙක්ට නවතින්න රුපියල් 6,900 ක් වගේ වෙන්නේ.

 

6. Villa Wanderlust

මේකත් නාරිගම බීච් එකෙන් මීටර් 750 ක් විතර රට ඇතුළට වෙන්න පිහිටලා තියෙන, ගෙදර ඉන්නවා වගේ දැනෙන හොටෙල් එකක්. හොටෙල් එක පෙනුමෙන් ගෙදර වගේ වුණාට, ඇත්තටම මෙතනට එන ගොඩක් අය තැන ගැන බොහොම සතුටුයි කියලා මේකට ලැබිලා තියන ඉහළ රේටින්ග්ස් වලින් පේනවා. හවුලේ තියෙන ලවුන්ජ් එකක්, උද්‍යානයක් එක්ක තියෙන මේ හොටෙල් එක විශේෂයෙන්ම නිදහසේ ඉන්න එන කපල් එකකට එහෙම හොඳටම ගැලපෙනවා කියලා තමයි මේ අය කියන්නේ. ඒසී නැති විලා එකක් දෙන්නෙක්ට රුපියල් 4,700 කට වගේ ගන්න පුළුවන් වෙනකොට, ඒසී තියෙන නිදන කාමර දෙකේ විලා එකක් ගන්න පුළුවන් දෙන්නෙක්ට රුපියල් 7,700 කට අඩුවෙන්. මේ රේට්ස් හැම එකකටම බ්‍රෙක්ෆස්ට් එකත් ඇතුළත්.

 

7. Villa 46

හික්කා ගිහිල්ලා සුඛෝපභෝගී තරු පංතියේ විලා එකක නතර වෙන්න කැමති නම්, මෙන්න තැන, Villa 46. ඉතාම සුඛෝපභෝගී විදියට, උසස්ම තත්ත්වයෙන් නිර්මාණය කරලා තියෙන මේ Villa 46 එක නාරිගම බීච් එක අයිනෙම තමයි තියෙන්නේ. ඇත්තටම මේ හොටෙල් එක දැක්ක ගමන් අපිට මේකේ තියෙන උත්තුංග බව ගැන වචනයෙන් කියන්න බැරි හොඳ හැඟීමක් ඇති වෙනවා. ඒ වගේම මෙතන සේවාව සහ අත්දැකීමත් විශිෂ්ටයි කියලා තමයි හැමෝම කියන්නේ. පූල් එකක්, බාබක්‍යු ස්ටේෂන් එකක් සහිත රෙස්ටුරන්ට් එකක් එක්ක තියෙන මේ විලා එකේ රූම්ස් ටිකක් මිලෙන් අධිකයි. උදාහරණයක් විදියට ගත්තොත්, කින්ග් රූම් එකේ දෙන්නෙක්ට දවසක් ඉන්න රුපියල් 24,500 ක වගේ මුදලක් අය වෙනවා. මේ මුදලට අනර්ඝ උදෑසන ආහාර වේලකුත් ලැබෙනවා හැබැයි.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *