හරි. අපි හැමෝම වැඩිහිටියොනේ. දැන් මේ වැල කියලා අඳුන්වන්නේ අපි කන වැලවරකා වලට නෙවෙයි කියලා හැමෝම දන්නවනේ. මෙතන වැල කියන්නේ පෝර්නොග්‍රැෆි වලට. එහෙම නැතිනම් හැමෝම කියන විදියට බ්ලූෆිල්ම් වලට. කොහොම වුනත් වැල බලනවා, වැල අදිනවා කියලා කියන ඔය පෝර්නෝග්‍රැෆි නැරඹීම හෝ කියවීම සම්බන්ධයෙන් සෑහෙන පරස්පර මත තියෙනවා. සමහරු කියනවා වැල බැලිල්ල නිසා අනවශ්‍ය ලිංගික පෙළඹවීම් ඇතිවෙනවා කියලා. තවත් සමහරු කියනවා වැල බැලිල්ලෙන් ලිංගික ආතතිය දුරුකරගන්න පුළුවන් වීම හේතුවෙන්, අනවශ්‍ය ක්‍රම වලට ඒ ලිංගික පීඩනය පිටවෙන එක වළකිනවා කියලා. හරි, අපි වැල බැලිල්ල හොඳද නරකද කියලා මේ වෙලාවේ කතා කරන්න යන්නෙ නෑ. හොඳ හෝ නරක හෝ මිනිස්සු වැල බලනවා. ඒකනේ කතන්දරේ.
එතකොට වැල බැලිල්ල අපි නවත්තන්න කියලා හරි පටන් ගන්න කියලා හරි කියන්නෙ නෑ. හැබැයි වැල බැලිල්ලත් වෙන ඕනම දෙයක් වගේ ඇබ්බැහියක් වෙන්න පුළුවන් කියන එක මතක් කරන්න වෙනවා. ඒ කියන්නේ, වැලක් බලන්නෙ නැතුව ලිංගික සතුටක් වෙන කොහොමවත් ලබාගන්න බැරි, වැල තෝරන්න සහ වැල බලන්න පැය ගණන් ගත කරන හාදයෝ හාදියෝ ඕන තරම් ඉන්නවා. ආන්න ඒ කියන්නේ වැල ඇබ්බැහියක් වෙලා. ඒ නිසා අපි මෙතනින් එහාට ආටිකල් එක ලියන්නේ වැල බලන අයට. ඒ අයට කියන්න හදන්නේ වැල ඇබ්බැහියක් කරගන්නෙ නැතුව ඉන්නේ කොහොමද කියන එක ගැන.
වැල බැලිල්ල මේ වෙනකොටත් ඇබ්බැහියක් වෙලා නම්, ඒකෙන් මිදෙන්නේ කොහොමද කියලත් Lifie.lk කතා කරලා තියෙනවා මීට කලින්.
1. කාල සටහනක් කරගන්න එපා, ඕන වෙලාවට විතරක් සෙට් වෙන්න.
වැලට ඇබ්බැහි නොවෙන්න නම්, ඒක දිනචරියාවේ කොටසක් කරගන්නෙ නැතුව ඉන්න ඕන. දැන් අපි එක දිගට රෑ තුන හතර වෙනකල් ඇහැරිලා ඉඳලා දවල් දොළහ වෙනකල් නිදාගන්න එක දවස් හතරක් පහක් කළොත්, දන්නෙම නැතුව අපි ඒකට අනුගත වෙනවා. ඊට පස්සේ නිදාගන්න ඕන වුනත් කලින් නින්ද යන්නෙ නෑ. වැල බැලිල්ල දෛනික පුරුද්දක් කරගත්තොත් වෙන්නෙත් ඔයිට සමාන දෙයක් තමයි. ඒ වෙලාවට බලන්නම හිතෙනවා.
හැබැයි ඇත්තටම වැලක් බලන්න ඕන ඒකට අවශ්‍යතාවයක් ඇතිවෙන වෙලාවට. ඒ කියන්නේ ලිංගික අවශ්‍යතාවයක් ඇතිවෙන හැම වෙලාවකම වැල බලන්න හිතෙනවා නම් ඒකත් ප්‍රශ්නයක්. අන්න ඒ නිසා කාලසටහනකට වැල බලන්න යන්න එපා. ඇත්තටම ලිංගික අවශ්‍යතවයක් එන වෙලාවකට, ඒක සන්තර්පණය කරගන්න වැලක් බැලුවොත් හොඳයි වගේ කියලා ඇත්තටම හිතෙන වෙලාවකට විතරක් වැලක් බලන්න. එහෙම නිතරම හිතෙනවා නම්, වැල බලන්නෙ නැතුව වැඩේ කරගන්න උත්සාහ කරන්න. වැල බලන එක ඉඳලා හිටලා කරන දෙයක් බවට පත් කරගන්න එක තමයි මෙතන ටාගට් එක.
2. හැබැයි ඕන වෙලාවට වුනත් ටයිම් ලිමිට් එකක් දාගන්න
දැන් එහෙම ඉඳලා හිටලා හරි වැලක් බලනවා සහ වැල බලලා මොනව හරි කරනවා කියලා සෙට් වෙනවනේ. ආන්න එතකොට වුනත්, පොඩ්ඩක් ටයිම් මැනේජ්මන්ට් ගැන හිතන්න. ඒ කිව්වේ මෙහෙම දෙයක්. දැන් වැල බලන උන්දැලා දන්නවා, ඇත්තටම වැලක් බලන්න එච්චර වෙලාවක් යන්නෙ නෑ. හැබැයි පැය ගාණක් යන්නේ වැලක් තෝරගන්න. අන්න ඒ සිලෙක්ෂන් ප්‍රොසෙස් එකට යන වෙලාව අතිශයින්ම අඩු කරන්න. වැල බලන්න සහ ඊට පස්සේ තමන්ගේ දෙයක් කරගන්න වෙලාව ගත්තත් කමක් නෑ. හැබැයි තෝර තෝර ඉන්න පැය ගණන් ගත කරන එක වළක්වගන්න. ඒක කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි සිහියෙන් වැල තේරීම. ඒ කියන්නේ එකක් පස්සේ එකක් ක්ලික් කර කර යන්නෙ නැතුව, මුලින් හිතලා බලන්න තමන් ඉන්න මූඩ් එකත් එක්ක මොන වගේ වැලක්ද සෙට් වෙන්නෙ කියලා. ඉන් පස්සේ තමන්ට සෙට් වෙන එකක් කල් වෙලා ගන්නෙ නැතුව තෝරගන්න.
3. වැල නැතුවත් වැඩේට බහින්න
මේක අපි පළවෙනි කාරණාවෙදිත් කිව්වා. අපිට ස්වයං වින්දනය කරන්න හිතෙන හැම වෙලාවකටම වැලක් ඕන කියන්නේ ප්‍රශ්නයක්. අන්න ඒ නිසා, හිතලම වැල නැතුවත් ස්වයං වින්දනයේ යෙදෙන්න. ඒ කියන්නේ තමන්ගේ ඉමැජිනේෂන් එකට, පරිකල්පනයට තැනක් දෙන්න. ඕන නම් ඉස්සර බලපු වැලක් මතක් කරගෙන ස්වයං වින්දනය කළත් කමක් නෑ. ස්වයං වින්දනයට වැලක් බැලීම අනිවාර්ය නොවෙන තැනකට තමන්ව ගේන්න. සමහර විට පටන් ගැන්මට ඕක අමාරු වෙයි. වැලක් බලන්නෙ නැතුව වැඩේ කරන්න බෑමයි කියලා හිතෙයි. කමක් නෑ. බෑ වගේ නම් වෙන දෙයක් කරන්න.
මෙතනට තව අතුරු කාරණාවකුත් එනවා. ඇත්තටම ස්වයං වින්දනය කියන දේත් ඇබ්බැහියක් කරගන්න නරකයි. ඒ කියන්නේ බෙහෙත් බොනවා වගේ දෙවේලට, කෑමට පසු කරන්න යන්න නරකයි. ඇත්තටම ස්වයං වින්දනය කරන්න ඕන තමන්ට ඒකට සැබෑ අවශ්‍යතාවයක් ආපු වෙලාවකට. ආන්න එතකොට වැලක් නොබලා වුනත් ඒක කරන එක අමාරු නෑ කියලා දැනෙයි.
4. සෙක්ස් කියන්නේ ආට් එකක් කියන එක හිතන්න
මෙන්න මේක නම් ආකල්පමය වෙනසක්. ඒ කියන්නේ, සෙක්ස් කියන්නේ ඇත්තටම මොකද්ද කියන එක තේරුම් ගන්න ඕන. ඒක වැල බැලිල්ලට සෘජුව සම්බන්ධයක් නැතත්, වැල බැලිල්ල ඇබ්බැහියක් නොකර ගන්න නම් උදවුවක් වෙයි. සෙක්ස් කියන්නේ වර්ගයා බෝ කිරීමට විතරක් තියෙන දෙයක් කියලා බයෝලොජි අනුව බැලුවොත් කියන්න පුළුවන්. හැබැයි මනුෂ්‍ය පරිණාමයත් එක්ක සෙක්ස් කියන එක ආට් එකක් බවටත් පත් වුනා. අද වෙනකොට අපි සෙක්ස් කරන්නේ වර්ගයා බෝ කිරීමට විතරක් නෙවෙයිනේ. අපි උපත් පාලන භාවිතා කරනවනේ. ඇත්තටම අපිට සෙක්ස් වලට එන පෙළඹවීම එන්නේ වර්ගයා බෝ කිරීම වෙනුවෙන් තියෙන සහජාසයන්ගෙන් වෙන්න පුළුවන්. හැබැයි අපිට සෙක්ස් කියන එක ආට් එකක් විදියට කරන්න, රස විඳින්න පුළුවන් දෙයක් විදියට කරන්න ඒක ප්‍රශ්නයක් නෙවෙයි.
සෙක්ස් කියන්නේ යම් ආදරයක් එක්ක, නිර්මාණශීලීත්වයක් එක්ක චිත්‍රයක් අඳිනවා, නැටුමක් නටනවා වගේ කරන්න ඕන දෙයක් කියන එක තේරුම් ගත්තහම, නිකම්ම ඔහේ වැලක් අදිනවා කියන තැනින් ඉහළට යන්න කෙනෙක්ට පුළුවන් වෙයි.
5. වැල අත්හදා බැලීමට යෑමෙන් වළකින්න
මේ කාරණාව ඇත්තටම වැදගත් වෙන්නේ, වැල බලලා ජීවිත අවුල් කරගන්න යන හාදයින්ට. ඔව්, වැල ෆිල්ම් එකක තියෙන හැමදෙයක්ම ඇත්ත ලෝකේ සිද්ධ වෙන්නෙ නෑ. බස් එකේදී ඇඟේ ගෑවෙන නංගියෙක් ඊලඟ හෝල්ට් එකෙන් බැහැලා අපිත් එක්ක රූම් එකකට යන්න එන්නෙ නෑ. ගෑස් ලිප හදන්න එන අයියා අපිව ඇඳට පෙරළගන්නෙ නෑ. ආන්න ඒ නිසා වැල ෆිල්ම් වල හෝ වැල කතාවල තියෙන දේවල් ඇත්ත ලෝකෙට ඇප්ලයි කරනොගන්න එකත් අනිවාර්යයෙන්ම ඔලුවේ තියාගන්න ඕන දෙයක්. ඒ වගේම, තමන්ගේ ඇත්ත ලෝකේ ලිංගික සහකරු හෝ සහකාරිය එක්ක වුනත් වැල ෆිල්ම් වල තියෙන දේවල් ඒ විදියටම රඟපාන්න යන එක ටිකක් ඩේන්ජරස්. ඔය ෆැන්ටසීස් එහෙම කරන එක නෙවෙයි අපි කියන්නේ. උදාහරණයක් විදියට ගත්තොත්, වැල ෆිල්ම් එකක ගුද සංසර්ගයට යන එක ගේමක්ම නෑ. සමහර වැල ෆිල්ම් වල අඩුගාණේ ලුබ්රිකන්ට් පාවිච්චි කරන්නෙවත් නෑ. හැබැයි ඇත්ත ලෝකෙදී ගුද සංසර්ගය එහෙම ලේසියෙන් කරන්න බෑ. ඉවසීමකින් සහ මනා සූදානමකින් කරන්න ඕන දෙයක්. මෙන්න මේ ඇත්ත ලෝකේ සහ වැල ලෝකේ වෙනස වටහා ගන්න එකත්, වැල ඇබ්බැහියකට නොයන්න උදවුවක්.
6. ලිංගික ජීවිතයට නවතාවයන් හොයාගන්න
අපි කියමු අපිට ලිංගික සහකරුවෙක් හෝ සහකාරියක් ඉන්නවා කියලා. එතකොට හොරෙන් හොරෙන් වැල බලන්න ඕන නෑ. ඒ කියන්නේ, දෙන්නම මූඩ් එකක ඉන්නවා නම්, දෙන්නා එක්කම වැලක් බැලුවත් කිසිම ගැටළුවක් නෑ. හැබැයි මේ කියන්න යන්නේ ඒක නෙවෙයි.
දෙන්නෙක් ලිංගික ජීවිතයක් පවත්වා ගන්නවා නම්, ඒකට හැම වෙලාවකට නවතාවයක් එකතු කරගන්න හිතන එක හොඳයි. ලිංගික සතුට ලබාගන්න හැමදාම කරන එකම දේවල් ටික වෙනුවට, ටිකක් වෙනස් දේවල් කරන්න, නිර්මාණශීලී දේවල් කරන්න හිතන එක හොඳයි. අන්න එතකොට, ලිංගික ජීවිතේ ඒකාකාරී වෙන එක නවතිනවා. ඒකාකාරී වෙන එක නැවතුනහම වැල බලනවා වගේ දේකින් වෙනසක් හොයන්න තියෙන අවශ්‍යතාවය නැතිවෙනවා.
7. වැලට වඩා එහා ගිය ජීවිතයක් පවත්වා ගන්න
මේක ඉතින් ඕනම ඇබ්බැහියක් සම්බන්ධයෙන් අදාළ දෙයක්. ඒ කියන්නේ, තමන්ට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්, ජීවන රටාවක් තියෙනවා නම් ඕනම දේකට ඇබ්බැහි වෙන්න තියෙන ඉඩ අඩුවෙනවා. ආන්න ඒ නිසා නිරන්තරයෙන් ක්‍රියාශීලී වෙලා ඉන්න, ශරීර සුවතාවය වෙනුවෙන් දේවල් කරන සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා. ඊට අමතරව තමන්ට හොඳ විනෝදාංශ එහෙමත් තියෙනවා නම් ඉතාම හොඳයි. එතකොට මාසෙකට දවසක් දෙකක් හරි පොඩ්ඩක් එළිපහලියට ගිහිල්ලා, යාලුවෝ හම්බුවෙලා, ෆිල්ම් එකක් කාරිය බලලා, ට්‍රිප් එකක් කාරිය ගිහිල්ලා විනෝද වෙන ජීවිතයකුත් තියෙන එක වටිනවා. ඒ වගේම එදිනෙදා ජීවිතේදීත් සංගීතය, සිනමාව, සාහිත්‍යය වගේ දේවල් එක්ක ගත වෙන ජීවිතයක් තියෙන එක ඉතාම හොඳයි. භාවනා කිරීම, යෝග ව්‍යායාම පවා ජීවිතේට යහපත්.
ඔන්න ඔය වගේ හැම අතකින්ම බොහොම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් තියෙන කොට, ඇබ්බැහියකින් වැල බැලිල්ල ඔටෝමැටිකලි නැති වෙලා යයි. ඒ වෙනුවට මූඩ් එකක් ආවොත් විතරක්, ඒ මූඩ් එකට වැලක් බලන එක සෙට් වුණොත් විතරක් එහෙම කරන ලෙවල් එකක් එයි.
තව එක කාරණයක් මතක් කරන්න ඕන. ශ්‍රී ලංකාවේ නීතිය යටතේ වැල ලඟ ගබඩා කරලා තබාගැනීම සහ වැල බෙදාහැරීම නීතිවිරෝධී කාරණයක්. අන්න ඒකත් මතක තියාගමු.
Leave a Reply