මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…
කාම සූත්‍රය සිංහලෙන් 37 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 40 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 41 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 42 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 43 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 44 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 45 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 46 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 47 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 48 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 49 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 50 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 51 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 52 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 53 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 54 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 55 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 56 කොටස
ගිය සතියේ අපි ‘ඊශ්වරකාමිතා ප්‍රකරණය’ කියවන්න පටන් ගත්තා. ඔන්න අපි අද ඒ ප්‍රකරණය කියලා ඉවර කරන්නයි යන්නේ.
යම්කිසි අපරාධයකට චෝදනාවක් ලැබූ පුද්ගලයෙකුගේ බිරිඳ සඳහා භික්ෂුකිය කියන නම කාම සූත්‍රය තුළ භාවිතා වෙනවා. යම්කිසි අවස්ථාවක මෙවැනි තැනැත්තියක් කෙරෙහි රජුට ආශාවක් ඇති වන්නේ නම් මුලින්ම ඇය වෙතට උපාය දූතයෙක් යැවීමට කටයුතු කළ යුතුයි. එම දූතිකාව මගින් තමන් හඳුනන අන්තඃපුර ස්ත්‍රියක් රජු විසින් අතිශයින් ප්‍රිය කරන බවත් ඇය පවසන ඕනෑම දෙයක් රජු අසන බවත් සඳහන් කළ යුතුයි. සැමියාගේ බේරීම වෙනුවෙන් එම අන්තඃපුර ස්ත්‍රිය ඔබට මුණ ගස්වන්නම් යැයි ප්‍රතිඥා දී ඇයව අන්තඃපුරය තුළට කැඳවාගෙන ආ යුතුයි. එහිදී කලින් සඳහන් කළ ආකාරයටම රජු මේ ගැටළුව තමන්ට විසඳිය හැකි බව පවසා ඇය සමග විනෝද වීමෙන් අනතුරුව ඇගේ ස්වාමි පුරුෂයාට අභය දානය ලබා දීමට කටයුතු කළ යුතු වෙනවා.
මේ ආකාරයට තමන්ගේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන පුද්ගලයින්, විවිධ නිලධාරීන්ගේ හිංසා පීඩා ලැබූ අය, බලෙන් සිර අඩස්සියට පත් කරනු ලැබූ පිරිස්, නඩුහබවලින් පරාජයට පත්වූවන්, තමන්ට ලැබුණු දෙයින් තෘප්තිමත් නොවී තව තවත් ධනය බලය කීර්තිය ආදිය බලාපොරොත්තු වන්නන්, රජු සතුටු කිරීමට කැමැත්තක් සහිත නිලධාරීන්, ප්‍රසිද්ධ චරිතයක් වීමට කැමැත්තක් දක්වන අය, තමන්ට හිමි උරුමය නිසි පරිදි නොලැබූ පුද්ගලයන්, කේලම් කාරයන් වැනි අයගේ බිරින්දෑවරුන් තමන් වෙත නම්මවා ගැනීම සඳහා මෙම උපක්‍රමය භාවිතා කිරීමට පුළුවන්.
ඒ වගේම අවශ්‍ය නම් ප්‍රයෝජ්‍යාව යම්කිසි බොරු වැරැද්දකට පටලවා පළමුව දාසියක් බවට පත් කරගෙන අනතුරුව අන්තඃපුරයට ඇතුළත් කරගැනීම වුවත් සුදුසුයි කියලා වත්ස්‍යායන පඬිතුමා කියනවා.
එසේම ඇගේ සැමියා රාජ ද්‍රෝහියෙකු බවට ඔප්පු කරවාගෙන පවුලේ අයගෙන් ඇපයක් ලෙස ගන්නා බව පවසමින් ඇයව අන්තඃපුරය වෙත කැඳවාගෙන යෑමට වුණත් පුළුවන්. මේ ආකාරයෙන් රජු විසින් රහසිගතව තමන්ගේ අභිප්‍රායයන් ඉටු කර ගැනීමට කටයුතු කළ යුතු වෙනවා.
ඉන් පසුව වත්ස්‍යායන පඬිතුමා කිසිදු අවස්ථාවක රජු වෙනත් අයකුගේ නිවසට ඇතුළු නොවිය යුතු බවට තමන් නිර්දේශ කිරීමට හේතු පැහැදිළි කරනවා. ඒ සඳහා ප්‍රධානම හේතුව ලෙස එතුමා ලබා දෙන්නේ ඒ අයුරින් රහසිගතව නිවෙස්වලට ඇතුළු වීමේදී රජුව ඝාතනය කිරීමට වුවත් සතුරාට අවස්ථාවක් ලැබෙන නිසායි. ඒ සඳහා පැරණි භාරතීය ඉතිහාසයේ උදාහරණ කීපයක් ඔහු දක්වනවා.
කොට්ට නම් රාජ්‍යයේ ආභීර නම් රජු තමන්ගේම සොහොයුරා විසින් මෙහෙයවන ලද පුද්ගලයකු අතින් මරණයට පත්වුණේ මෙබඳු ගමනක් ගොස් සිටියදීය. එසේම කාෂි රාජ්‍යයේ ජයසේන නම් රජු අශ්ව හිමියෙකු විසින් මරා දමනු ලැබුවා.
නමුත් එවකට භාරතයේ සමාජයේ ඇතැම් රාජ්‍ය වල සාමාන්‍ය කාන්තාවන් රජු සමග සංසර්ගයේ යෙදීම සම්මතයක් බවට පත්ව තිබුණා.
ආන්ද්‍ර දේශයේ ගැමි කාන්තාවන් විවාහ වීමෙන් අනතුරුව දස වෙනි දින පඬුරක් රැගෙන රජු කරා පැමිණ රජුව තෘප්තිමත් කළ යුතු වෙනවා.
වත්ස ගුල්ම දේශයේ මැති ඇමැතිවරුන්ගේ බිරින්දෑවරු රාත්‍රී කාලයේ රජුගේ සේවය සඳහා රජ මාලිගයට පැමිණෙනවා.
විදර්භ දේශය තුළ රූමත් ගැමි යුවතියන් මසක් හෝ අඩමසක් රජුගේ අන්තඃපුරය තුළ කාලය ගත කරනවා
අපාරන්ත දේශයේ වැසියන් තුටුපඬුරු ලෙස තමන්ගේ බිරින්දෑවරු රජුට සහ මැති ඇමතිවරුන්ට ලබා දෙනවා.
සෞරාෂ්ටයෙහි සියළුම කාන්තාවන් පාහේ රජු සමග සංසර්ගයේ යෙදෙනවා.
අවසාන වශයෙන් මේ ප්‍රකරණය නිම කරද්දී වචන පඬිතුමා මෙහෙම කියනවා.
ඉහත සඳහන් කළ අන්දමේ සහ වෙනත් විවිධ ආකාරයේ පරදාර සේවනයේ යෙදීමේ ප්‍රයෝග සහ විධික්‍රම විවිධ රටවල පවතිනවා.
නමුත් තම රටෙහි සුබසිද්ධිය ගැන තකන රජු පරදාර සේවනයෙන් වැළකිය යුතු අතර රාගය, ක්‍රෝධය, ධන තෘෂ්ණාව, අවිද්‍යාව උඩඟුකම, ඊර්ෂ්‍යාව යන නානා වෑදෑරුම් සතුරන් පරදවා තම රාජ්‍යයේ ජයග්‍රහණය පමණක් බලාපොරොත්තු විය යුතු වෙනවා.
ඔන්න ඔය විදිහට ඊශ්වරකාමිතා ප්‍රකරණය නිමා වනවා. ලබන සතියේ අපි කාම සූත්‍රයේ තවත් අලුත් ප්‍රකරණයක් කියවන්න පටන් ගමු.
Leave a Reply