කපල් වලට, තනිකඩයන්ට මේ ඕන කෙනෙක්ට හොඳ සෙක්ස් සම්බන්ධ ස්මාට්ෆෝන් ඇප්ස් කීපයක්!

දැන් හැමදෙයක්ම ඩිජිටල්කරණය වෙලා තියෙන්නේ කියලා ඔය සමහරු කියනවා අපිට ඇහිලා තියෙනවා. සෙක්ස් කියන දේ ගත්තත් එහෙමයි කියලා සමහරු කිව්වට, අපිට නම් තාමත් සෙක්ස් කියන්නේ පුද්ගලයින් දෙන්නේ අතරේ සිද්ධවෙන සම්බන්ධතාවයක තියෙන දෙයක් තමයි ඕං. සමහර වෙලාවට ඉතින් ඩෙෆිනිෂන් එක ඇතුළේ තනි පුද්ගලයෙක් තනියෙන් සිද්ධකරන ක්‍රියාකාරකම් වුණත් සෙක්ස් කියලා ගන්න පුළුවන්. හරි, කථාව ඒක නෙවෙයි. දැන් අපේ ස්මාට්ෆෝන් එකක් ගත්තහම, ඒකෙන් සිද්ධ කරන්නේ කෝල්ස් ගන්න එක විතරක් නෙවෙයිනේ. තව දහසකුත් එකක් වැඩ රාජකාරි කරගන්න පුළුවන් විදියේ ඇප්ස් ස්මාට්ෆෝන් එකක් වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ලිංගික කාරිය වෙනුවෙන් නිර්මාණය වුණු ඇප්ස් තියෙනවද? අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් අපි හිතුවා, තනිකඩයෙක්ට වුණත්, කපල් එකකට වුනත් තමන්ගේ ලිංගික ජීවිතේට උදවුවක් විදියට පාවිච්චි කරන්න පුළුවන් සෙක්ස් සම්බන්ධ ඇප්ස් කීපයක් හඳුන්වා දෙන්න.

 

1. Kindu – Romantic Ideas

රොමෑන්ටික් අයිඩියාස් කියලා දාලා තිබ්බට ආපිට හැරිලා යන්න කාරි නෑ. මේ කින්ඩු ඇප් එකෙන් ඇත්තටම දෙන්නෙක්ට ශෘංගාරාත්මකව කරන්න පුළුවන් දේවල් ගැන අදහස් ලබාදෙන එක වගේ දේවල් තමයි සිද්ධ කරන්නේ. දැන් කපල් එකක් ගත්තොත් දෙන්නටම මේ ඇප් එක දාගන්න පුළුවන්. දැන් මේකෙන් එක එක විදියේ රොමෑන්ටික් අයිඩියාස්, සෙක්සි අයිඩියාස් දෙනවා. දෙන්නත් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න වගේ සරල, හැමෝම දන්න එව්වත් එහෙන් මෙහෙන් ආවට, මේකෙන් අර “ෂහ්. ඇයි ඕක මට මතක් නොවුණේ?” වගේ අයිඩියාස් එහෙමත් මතුවෙනවා. දෙන්නත් එක්ක නිරුවතින් නිදාගැනීම, සුවඳ තෙල් සහ සුවඳ ලෝෂන් වගේ එව්වත් එක්ක එක්ස්පෙරිමන්ට් කිරීම (මේක නම් සෙක්ස් කරනකොට වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්), පාට්නර්ව පුටුවකට තියලා බැඳලා ඇස් එහෙමත් බැඳලා ලිංගික උත්තේජනය ඇතිවෙන දේවල් කිරීම වගේ නොයෙකුත් සෙක්ස් ලයිෆ් එකට අදාළ අයිඩියාස් මේ ඇප් එකෙන් මතුවෙනවා.

 

2. Pillow

පිලෝ ටෝක් කියලා එකක් අහල තියෙනවද? දෙන්නා ඇඳේදී කතාබහ කරන පැණි වෑහෙන සරාගී කතාබහට තමයි එහෙම කියන්නේ. හැබැයි මේ පිලෝ ඇප් එක ඊට වඩා වෙනස් . මේ ඇප් එකෙන් කරන්නේ දෙන්නෙක්ට රාගිකව බැඳෙන්න, තමන්ගේ ලිංගික ජීවිතය උත්තේජනය කරගන්න, ලිංගික ජීවිතය වැඩිවර්ධනය කරගන්න, ලිංගික ජීවිතයට වෙනස් රසයක් ලබාගන්න හඬ ක්ලිප් වලින් සහයෝගයක් ලබාදෙන එක. ඒක හරියට අර භාවනා කරන ඇප් එකක් වගේ තමයි. මේ ඇප් එකේ මේ උපදෙස් ලබාදෙන්නෙත් ලිංගිකත්වය ගැන ඉන්න උපදේශකවරු, තෙරපිස්ට්ලා, තන්ත්‍ර ගුරුවරු වගේ අය තමයි. ඇත්තටම නිකම්ම සෙක්ස් ලයිෆ් එකට උපදෙස් වලට වඩා මේ ඇප් එකෙන් වඩාත් ගැඹුරෙන් දෙන්නෙක් අතර සන්නිවේදනය, සමීපත්වය සහ ආශාව පවත්වා ගැනීම ගැන අපිව යොමුකිරීමක් කරවනවා.

 

3. iKamasutra

කාමසූත්‍ර කියලා කියපු ගමන් පොඩි ළමයෙක් වුණත් දන්නවා මේ මොනවා ගැනද කතාකරන්නේ කියලා. ඇත්තටම වාත්‍ස්‍යාන පඬිවරයා කාමසූත්‍ර කියලා පොතක් ලියන්නේ මිනිස්සුන්ට සෙක්ස් ගැන විතරක් කියලා දෙන්න නෙවෙයි. ඇත්තටම ඒ කෘතියේ ඊට එහා ගියපු ජීවන රටා සංකල්පයන් අඩංගු වෙලා තිබුණා, සෙක්ස් ඇතුළත්ව. හැබැයි පස්සේ කාලයක් වෙනකොට කාමසූත්‍ර කියන නම කෙලින්ම සෙක්ස් සම්බන්ධ දේවල් වෙනුවෙන් බ්‍රෑන්ඩ් එකක් වුණා. කොහොමින් කොහොම හරි මේ iKamasutra ඇප් එකත් ඒ වගේ. හැබැයි පාඩු නෑ. සරලවම කියනවා නම් iKamasutra එකෙන් දෙන්නෙක්ගේ ආදර ජීවිතේට ප්‍රයෝජනවත් වෙන විවිධාකාරයේ සෙක්ස් අයිඩියාස්, කෙලින්ම ක්ලැසික් කාමසූත්‍ර පොතෙන්ම ගත්තු සෙක්ස් කරන ඉරියව් වල ඉඳලා සෙක්ස් සම්බන්ධයෙන් දන්න නොදන්න සෑහෙන්න දේවල් කියලා දෙනවා.

 

4. Desire – Couples Game

මේක කපල් එකකටම පාවිච්චි කරන්න පුළුවන් මරු ගේම් ඇප් එකක්. දැන් දෙන්නගේ සෙක්ස් ලයිෆ් එකේදී නිර්මාණශීලීත්වයත් පාවිච්චි කරන්න කියලා සෙක්ස් සම්බන්ධ විශේෂඥයෝ කියනවනේ. ආන්න ඒ කාරණාව ප්‍රායෝගිකවම කරන්න පුළුවන් මේ ඇප් එක පාවිච්චි කරලා. ඒ කියන්නේ නිකම් සරලව ෆ්ලර්ට් කරන එකෙන් පටන් අරගෙන Desire – Couples Game ඇප් එක හරහා දෙන්නගේ සම්බන්ධ ඔස්සේ සෑහෙන්න දුරක් යන්න පුළුවන්. සෑහෙන්න ඇඩ්වෙන්චර් වැඩ කරන්න පුළුවන්. කරන්න නොහිතපු අත්හදාබැලීම් කරන්න පුළුවන්. මේ ඔස්සේ දෙන්නගේ සෙක්ස් ලයිෆ් එක ඉන්ටරස්ටින්ග් කර ගන්න පුළුවන් කොටින්ම කිවුවොත්.

 

5. iPassion

මෙන්න මේකත් කලින් කියපු විදියට හොට් ගේම් එකක් විදියට පටන් ගන්න ඇප් එකක්. හැබැයි ඉතින් ගේම් එකකට එහා ගිහින් දෙන්නෙක්ට තමන්ගේ සෙක්ස් ලයිෆ් එකේ ලුණුඇඹුල් වැඩි කරගන්න කියාපු ඇප් එක මේක. දැන් අපි කියමු දෙන්නෙක් ආදරේ කරනවා හරි ආදරේ කරලා බැන්දා හරි කියලා. මේ දෙන්නා තමන්ගේ සෙක්ස් ලයිෆ් එක ගැන අනිවාර්යයෙන්ම කතා කරනවනේ. හැබැයි හැමෝම තමන් සෙක්ස් කරනකොට කරන්න ආසම දේවල්, තමන්ගේ ඉතාම හීලෑ නැති සෙක්ස් ෆැන්ටසීස් වගේ හැමදෙයක්ම කතා කරන්නේ නෑ. සමහරු ලැජ්ජාව නිසා, සමහරු ඒක හොඳ නෑ කියලා හිතන නිසා. හැබැයි මේ ඇප් එකෙන්, තමන්ගේ පාට්නර්ගේ සෙක්ස් කරනකොට තියෙන විශේෂ ආසාවල්, ෆැන්ටසීස් වල ඉඳලා සෑහෙන්න කරුණු අනික් කෙනාට දැනගන්න ඉඩ ලැබෙනවා. මේක ගේම් එකක් විදියට යන නිසා අප්සට් වෙන්න දේකුත් නෑ. අන්තිමට කොහොමත් සෙක්ස් ලයිෆ් එක මේකෙන් ඉන්ටරෙස්ටින් වෙන නිසා කම්ප්ලේන් කරන්න දේකුත් නෑ.

 

6. Fertility Friend Ovulation App

මේක ඇත්තටම අපේ ලිස්ට් එකේ තියෙන අනික් ඇප් වලින් ටිකක් වෙනස්. විශේෂයෙන්ම දරුඵල අපේක්ෂාවෙන් ඉන්න කපල් එකකට තමයි මේ ඇප් එක ගැලපෙන්නේ. මේකෙන් කරන්නේ දෙන්නගේ සරුභාවය, හොඳින්ම දරුඵල දරන්න පුළුවන්, පිළිසිඳගැනීම් වෙන්න පුලුවන් කාලය ගැන ඇනලයිස් කරන එක සහ ඒ ගැන ටිප්ස් ලබාදෙන එක. විශේෂයෙන්ම කාන්තාවගේ ආර්ථවචක්‍රය සහ සරුඵල ලකුණු පදනම් කරගෙන තමයි මේකෙන් හොඳම කාලයන් ගැන විස්තර ලබාදෙන්නේ. හැබැයි මේ ඇප් එක පාවිච්චි කරන සමහරු කියනවා කාන්තාවගේ ලිංගික සක්‍රියත්වය ගැනත් මේකෙන් ඇනලයිස් කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ වැඩියෙන්ම ලිංගික සක්‍රීයත්වය තියෙන දවස් වගේ දේවල්. ඉතින් ඔය ප්‍රයෝජන දෙකම නිසා අපි මේ ඇප් එකත් අපේ ලිස්ට් එකට ගන්නවා.

 

7. Best Vibrator PRO

වයිබ්‍රේටර්ස් කියන්නේ මොනවද කියලා නොදන්න අය මෙතන නැතුව ඇතිනේ. ඔව්, වයිබ්‍රේටර් එකක් කියන්නේ සෙක්ස් ටෝයි එකක්. විශේෂයෙන්ම කාන්තාවන් වෙනුවෙන්, කාන්තාවට තනියෙන් තෘප්තියක් ලබාගන්නත් පුළුවන් විදියට හදපු ගැජට් එකක්. හැබැයි දැන් වෙනකොට මේ වයිබ්‍රේටර්ස් වගේ සෙක්ස් ටෝයිස් අදාළ වෙන්නේ ස්වයං වින්දනයට විතරක් නෙවෙයි. කපල් එකකට වුනත් තමන්ගේ සෙක්ස් ලයිෆ් එක වඩාත් ඉන්ටරෙස්ටින්ග් කරගන්න මේ වයිබ්‍රේටර්ස් පාවිච්චි කරන්න පුළුවන්. හරි, වයිබ්‍රේටර් එකක් ලඟපාත නැතිනම්? ආන්න ඒකට කරන්න තියෙන්නේ හොඳ වයිබ්‍රේටර් ඇප් එකක් ෆෝන් එකට දාගන්න. තේරුණේ නැද්ද? දැන් කාලේ ඕනම ස්මාට්ෆෝන් එකක වයිබ්‍රේෂන් පහසුකම තියෙනවා. අර කෝල් එකක් එනකොට ෆෝන් එක දෙදරන්නේ. දැන් මේ විදියේ ඇප් එකකින් කරන්නේ ආන්න ඒ පහසුකම නොනවත්වාම ලබාදෙන එක, එහෙම නැතිනම් මොකක් හරි රිද්මයකට ලබාදෙන එක. හැබැයි ඒ කෝකෙන් වුනත්, හොඳ වින්දනයක් ලබාගන්න නම් බැරි වෙන්නෙ නෑ!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *