Facebook කියන්නෙ ඉතින් අදවෙද්දී ඉස්කෝලෙ යන පොඩි කොල්ලෝ, කෙල්ලොන්ගේ ඉඳලා වයසක ආච්චිලා සීයලා වෙනකන් හැමෝම වගේ දන්න, පාවිච්චි කරන සමාජජාලා වෙබ් අඩවියක්නේ. කොටින්ම facebook කියන්නෙ මිනිස්සු අතරේ වැඩියම ප්‍රසිද්ධ social media platform එක කිව්වත් වරදක් නැහැ. ඒ තරමටම facebook කිව්වම නොදන්න, පාවිච්චි නොකරන කෙනෙක් නැති තරම්.
කාලයක් තිස්සෙ පාවිච්චි කළාට අපි මේ facebook ගැන හුඟක් කාරණා දන්නේනම් නැහැ. ඔය විස්තර හොය හොයා ඉන්න අපිට වැඩකුත් නැහැනෙ. යන වැඩේ කෙරෙනවනම් එච්චරයි. නැද්ද? හැබැයි facebook ගැන අපි වැඩිය අහල නැති මෙන්න මේ කාරණා නම් කියවල බැලුවට පාඩු නැහැ. සමහර ඒවා ඇහුවම පුදුම හිතෙන තරම්.
1. Facebook ගැන මුල්ම අදහස්
මේ facebook කියන්නෙ මාර්ක් සකර්බර්ග් (Mark Zuckerberg) කියන ෆේස්බුක් නිර්මාතෘ ගෙ විශ්වවිද්‍යාල ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් කියන එකනම් බොහොම දෙනෙක් දැනටත් දන්න කාරණාවක්නෙ. කොහොමහරි මේ facebook කියල අපි දැනට භාවිතා කරන platform එක හැදෙන්න කලින් හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ මූලික අදහස් කිහිපයක්ම මාර්ක්ගෙ හිතේ ඇතිවෙලා තියෙනවා. එකක් තමයි ෆේස්මෑෂ් කියල වෙබ් අඩවියක්. ඒකෙන් වෙන්නෙ එකිනෙකාගෙ මුහුණු සංසන්දනය කිරීමක් වගේ වැඩක්. හැබැයි මේ ව්‍යාපෘති අදහසට අනුමැතියක්නම් ලැබිල නැහැ.
ඔන්න ඊළඟ අදහස තමයි මේ අපි දැන් පාවිච්චි කරන facebook එකට සමාන. හැබැයි මුලදී මේ “Thefacebook” කියන අදහසත් නිර්මාණය වෙන්නෙ හාර්වර්ඩ් විශ්විද්‍යාලය ඇතුලේ ඉන්න සිසුන්ට ඔවුන්ගේ මිතුරන් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් නාමාවලියක් වගේ එකක් විදිහට. පස්සෙ කාලෙක තමයි මේක අවුරුදු 13ට වැඩි ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් සමාජ මාධ්‍යයක් විදිහට වර්ධනය වෙන්නෙ.
2. මුල්කාලෙ නීතිමය ගැටළු
හැබැයි පටන් ගත්ත මුල්කාලෙ මේ facebok ගමන මාර්ක්ට ලේසි උනේනම් නැහැ. එයත් එක්ක ව්‍යාපෘතියට සම්බන්ධ වුණ අනෙක් සිසු සිසුවියන් තුන්දෙනා එයාලගෙ අදහස සොරාගත්ත බව කියමින් මාර්ක් සකර්බර්ග්ට නීතිමය චෝදනා එල්ල කරනවා. මේ සටන අවුරුදු ගාණක් දිගට ඇදිල යනවා. අන්තිමේදි ප්‍රශ්නේ සමතයකට පත්වෙන්නෙ මේ විදිහට මාර්ක්ට චෝදනා එල්ල කරපු දිව්‍යා නරේන්ද්‍ර සහ වින්ක්ලෙවෝර්ස් සහෝදරයින් දෙන්නට ඩොලර් මිලියන 65ක වන්දි මුදලකුත්, ඊට අමතරව facebook සමාගමේ කොටස් ප්‍රමාණයකුත් ලබාදුන්නටත් පස්සෙයි.
3. පිරිමින්ට වඩා කාන්තාවන් අතර ප්‍රසිද්ධ Facebook
අපි කලිනුත් කිව්වනෙ facebook කියන්නෙ වයස් සීමාවක් නැතුව සෑහෙන්න පිරිසක් අතරේ ජනප්‍රිය සමාජ මාධ්‍යයක් කියල. හැබැයි වයස් භේදයක් නැති උනාට මේ facebook භාවිතයේ වෙන පැහැදිලි බෙදීමක් දකින්න තියෙන බව තමයි සමීක්ෂණ වාර්තා වලින් නම් කියවෙන්නෙ. ඒ කිව්වේ මෙන්න මෙහෙමයි. දැනට facebook භාවිතා කරන පිරිස අතරින් ලෝකයේ කාන්තා ජනගහණයෙන් 75%ක් facebok භාවිතා කරද්දී පුරුෂ ජනගහණයෙන් 63%ක් විතරලු facebook පාවිච්චි කරන්නෙ.
4. පින්තූර බිලියන 250ක්
අපි හැමෝම facebook එකට අපේ පින්තූර එකතු කරනවනේ. මේ ගැන විවාදයන් නම් ඕන තරම්. මේ විදිහට අන්තර්ජාලයට එකතු කරන අපේ පින්තූර වලින් පසුකාලීනව ගැටළු ඇතිවෙන්න හැකියාවක් තියෙනවා තමයි. හැබැයි ඉතින් අවශ්‍ය ආරක්ෂණ විධිවිධාන අනුගමනය කරනවානම් අවදානමෙන් මිදිල facebook පාවිච්චි කරන්න, පින්තූර upload කරන්න හොඳටම පුළුවන්.
මේ ඒක ගැනනම් නෙමෙයි කියන්න යන්නෙ. මේ පින්තූර upload කිරිල්ල ගැන කිව්වොත් මේ වෙද්දී අපි හැමෝම එකතු කරපු, ඒ කියන්නෙ upload කරපු පින්තූර බිලයන 250ක් මේ facebook කියන වෙබ් අඩවියේ තියෙනවලු. ගෙවෙන හැම දවසකම මිලියන 350 කට වඩා පින්තූර facebook එකට අලුතෙන් එකතු වෙනවලු. ලේසි නැහැ නේද ඒකත්?
5. ඉංග්‍රීසි කතා කරන 50%
දැන් අපේ ලංකාවේ facebook පාවිච්චි කරන අයියල, අක්කලනම් ඉතින් යුරෝපෙන් බැස්ස වගේ තමයිනෙ වැඩ. වැඩි හරියක් Posts, Comments, Captions ඉතින් සුද්දගෙ භාෂාවෙන් තමයි. හැබැයි ඇත්තම කතන්දරේ කිව්වොත්නම් පුදුමත් හිතෙයි. මුළු ලෝකයේම facebook පාවිච්චි කරන ජනතාව අතරෙන් 50%ක් ඒ කිව්වේ හරි අඩක පිරිසක් විතරලු ඉංග්‍රීසි කතා කරන අය ඉන්නෙ. ලංකාවේ මෙහෙම උනාට ලෝකෙ තත්ත්වෙ ඔන්න ඔහොමයි ඈ.
6. Mark ගේ වර්ණ අන්ධතාවය
මේකනම් ඇහුවම පුදුමෙනුත් පුදුම හිතෙන කාරණාවක්. නිකමටවත් හිතිලා තියෙනවද මේ facebook වෙබ් අඩවිය ඇයි නිල් පාටින්ම හදල තියෙන්නෙ කියල? මෙන්න මේකයි හේතුව. Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් කියන්නෙ එක්තරා වර්ණ අන්ධතාවයකින් පෙළෙන පුද්ගලයෙක්. ඒ කියන්නෙ එයාට රතු සහ කොළ වර්ණයන් පේන්නෙ නැහැ. ඒ කියන්නෙ ඒ වර්ණයන් එක්ක වැඩ කරන එක එයාට අපහසුවක්. මේක හුඟක් දුරට මව් පාර්ශවයෙන් කෙනෙකුට හැදෙන්න පුළුවන් ජානමය දුර්වලතාවයක්. මාර්ක් සකර්බර්ග්ට හොඳටම පේන වර්ණය තමයි නිල්පාට. රතු, කොළ වර්ණයන් මිශ්‍ර උනත්, ඒ කියන්නෙ පොඩි තිතක් හරි තිබුනත් ගැටළුවක් නිසා තමයි මුල ඉඳලම මේ වෙබ් අඩවියට නිල් කියන පාටේ විවිධ ප්‍රභේදයන් තෝරගෙන තියෙන්නෙ.
7. 98%ක්ම mobile එකෙන්
Facebook කියන්නෙ අද වෙද්දී ලෝකේ වැඩිම දෙනෙක් පාවිච්චි කරන සමාජ මාධ්‍යයක් නෙ. හැබැයි පුදුමම හිතෙන කාරණේ මෙන්න මේකයි. කොච්චර ලෝකෙම ප්‍රසිද්ධ උනත් මේ වෙබ් අඩවිය වැඩිපුරම භාවිතා වෙන්නෙ, ඒ කියන්නෙ වෙබ් අඩවිය පාවිච්චි කරන හුඟක් දෙනෙක් මේ facebook එකට ලොග් වෙන්නෙ ජංගම දුරකථන හරහා. ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණක හරහා මේ වෙබ් අඩවියට ඇතුළත් වෙන පිරිස ඉන්නෙ ඉතාම අඩු ප්‍රතිශතයක්. දැන් ඉන්න බාල, තරුණ, මහළු කොයි කවුරුත් ෆෝන් එකට එබිලා උඩ පහළ යන විදිහ දැක්කමනම් මේ කියන කාරණාව ගැන ඒ තරම්ම පුදුම වෙන්න දේකුත් නැහැ ඉතින්.
Leave a Reply