පිපිඤ්ඤා කියන්නෙ අපි නිතරම කන කෑමක්නේ. ඇඟ උෂ්ණ අයට එහෙම ඇඟ සිසිල් කරවන ගොඩක් ගුණදායක කෑමක් තමා පිපිඤ්ඤා. පිපිඤ්ඤා අපි මේ කියලා දෙන විදියට නම් ඔයාල වැඩිදෙනෙක් හදල නැතුව ඇති. රසවත්ව වෙනස් විදියකට පිපිඤ්ඤා හදන්න ගෙනාපු මේ රෙසිපි ටික ඔයාලටමයි.
1. පිපිඤ්ඤා කිම්චි
අවශ්‍ය ද්‍රව්‍ය
- පිපිඤ්ඤා හෝ ගර්කින් ගෙඩි 2
- ලුණු
- හාල්පිටි මේස හැඳි 1
- රතු සීනි මේස හැඳි 1
- චොප්කරගත් ළූණු කොළ ස්වල්පයක්
- ග්‍රේට්කරගත් කැරට් ස්වල්පයක්
- ග්‍රේට්කරගත් රාබු මිටක්
- සෝයාසෝස් මේස හැඳි 1
- ඉඟුරු කෑල්ලක්
- සුදුළූණු බික් 7-8
- රතුළූණු ගෙඩි 2
- මිරිස්කුඩු තේ හැඳි 2
- ලුණු
- පිපිඤ්ඤා ගෙඩිය පොතු ඇරල සෝදල එක පැත්තකින් වෙන් නොවෙන සේ දික් අතට පලාගන්න. දැන් පිටත හා ඇතුළෙ ලුණු ටිකක් ගාගන්න. පැය 3ක් වගේ මැරිනේට් වෙන්න තියන්න. දැන් ආයෙ පිපිඤ්ඤා ගෙඩිය සෝදලා වතුර අයින් කරලා ටිශූ වලින් පිහගන්න. වතුර සියල්ලම හොඳින් පිසදමන්න.
- භාජනයකට වතුර කෝප්පයක් දාලා හාල්පිටි ටික දාගන්න. කලවම් කරලා රතු සීනි එකතු කරන්න. හොඳට හැඳිගාන්න. විනාඩි 5ක් විතර තියලා ලිපෙන් බාලා වෙන බෝල් එකකට දාගන්න.
- මේකට ළූණු කොළ, කැරට්, රාබු හා සෝයාසෝස් එකතු කරගන්න. ඉඟුරු, සුදුළූණු හා ළූණු ග්‍රයින්ඩ් කරගන්න. දැන් මේක කලින් හදාගත්තු සෝයාසෝස් පේස්ට් එකට එකතු කරන්න. මිරිස්කුඩු එකතු කරන්න. හොඳට කලවම් කරගන්න. රස අනුව ලුණු එකතු කරන්න.
- දැන් පිපිඤ්ඤා ටික අරන් මේ පේස්ට් එක පිපිඤ්ඤා ගෙඩි ඇතුළ සහ පිට හැමතැනම ගාගන්න. මිශ්‍රණය පුරවපු පිපිඤ්ඤා වෙනම ට්‍රේ එකක තියාගන්න. දවස් 2කින් කෑමට ගන්න.
2. කියුකම්බර් චිප්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- පිපිඤ්ඤා ගෙඩි 2
- ඔලිව්තෙල් මේසහැඳි 2
- ඇවකාඩෝ ඔයිල් මේස හැඳි 1
- ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 2
- ලුණු
- පිපිඤ්ඤා ටික පෙති කපාගන්න. මේ ටික පිරිසිදු රෙදි කෑල්ලක තියලා වතුර මිරිකලා අයින් කරගන්න.
- පිපිඤ්ඤා පෙති ටිකට ඔලිව්තෙල්, ඇවකාඩෝ ඔයිල් හා ඇපල් සයිඩර් විනාකිරි එකතු කරන්න. රස අනුව ලුණු දාගන්න. හොඳට කලවම් කරලා බේකින් පේපර් එකක් දාපු ට්‍රේ එකක අතුරලා සෙල්සියස් 180°ට විනාඩි 30ක් වගේ බේක් කරගන්න. මදි නම් තව ටිකක් වෙලා දාගන්න.
3. පිපිඤ්ඤා ලෙමනේඩ්
අවශ්‍ය ද්‍රව්‍ය
- සාමාන්‍ය ප්‍රමාණයේ පිපිඤ්ඤා ගෙඩි 2
- සීනි මේස හැඳි 3
- දෙහි යුෂ මේස හැඳි 2
- ලුණු
- අයිස් කියුබ් ටිකක්
- පිපිඤ්ඤා කෑලි කරලා වතුර කෝප්ප 1ක් එක්ක බ්ලෙන්ඩ් කරගන්න. මේකට සීනි, දෙහි යුෂ, රස අනුව ලුණු දාගන්න. නැවත බ්ලෙන්ඩ් කරලා පෙරාගන්න.
- මේකට තව වතුර කෝප්ප 1ක් දාලා කලවම් කරන්න. ග්ලාස් එකකට අයිස් කියුබ් 3-4ක් දාලා හදාගත්ත කියුකම්බර් ලෙමනේඩ් එක දාගන්න. දැන් රස බලන වෙලාවයි.
4. කියුකම්බර් රායිතා
අවශ්‍ය ද්‍රව්‍ය
- මීකිරි මේස හැඳි 4
- චොප්කරගත් පිපිඤ්ඤා ගෙඩි 1
- චොප්කරගත් මින්චි කොළ ස්වල්පයක්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- බෝල් එකකට මීකිරි ටික දාලා හැන්දකින් ගසාගන්න. ඊළඟට පිපිඤ්ඤා සහ මින්චි කොළ ටික දාගන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරල පිළිගන්වන්න.
5. පිපිඤ්ඤා සැලඩ්
අවශ්‍ය ද්‍රව්‍ය
- කොටුවට කපාගත් පිපිඤ්ඤා ගෙඩි 1
- කොටුවට කපාගත් ළූණු ගෙඩි 1
- කොටුවට කපාගත් තක්කාලි ගෙඩි 1
- කොටුවට කපාගත් අන්නාසි කෝප්ප 1/2
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- ලුණු හා ගම්මිරිස්කුඩු
- ඔලිව්තෙල් මේස හැඳි 1
- කපාගත් සියල්ලම එකතු කරලා කලවම් කරන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරලා පිළිගන්වන්න කිට්ටුව ඔලිව්තෙල් ටිකක් උඩින් ඉසගන්න.
6. කියුකම්බර් තෝසේ
අවශ්‍ය ද්‍රව්‍ය
- පිපිඤ්ඤා ගෙඩි 2
- හාල් කෝප්ප 3
- ගාගත් පොල් කෝප්ප 1/2
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1
- ලුණු
- හාල් ටික හෝදලා පැය 2ක් පෙඟෙන්න තියන්න. පිපිඤ්ඤා ටික පොඩියට කපාගන්න. බ්ලෙන්ඩ් එකට අමුමිරිස්, ඉඟුරු, ලුණු දාලා පොල් ටික එක්ක පිපිඤ්ඤා හා පෙඟෙන්න තියපු හාල් ටිකත් දාලා බ්ලෙන්ඩ් කරගන්න.
- මේ බැටර් එක උකු වැඩි නම් වතුර ටිකක් දාගෙන තෝසෙ පදමට හදාගන්න. රස අනුව ලුණු දාලා කලවම් කරගන්න. පෑන් එකට තෙල් ටිකක් දාලා බැටර් එකෙන් හැන්දක් දාලා තුනී කරල දෙපැත්ත පුච්චගෙන තෝසෙ හදාගන්න.
7. කියුකම්බර් ලැසී
අවශ්‍ය ද්‍රව්‍ය
- පිපිඤ්ඤා ගෙඩි 1
- යෝගට් 1
- සීනි මේස හැඳි 2
- දෙහි බෑයක යුෂ
- අයිස් කැට 4-5
- පිපිඤ්ඤා ගෙඩිය කෑලි කපලා බ්ලෙන්ඩර් එකට දාලා අනික් සියල්ලමත් එකතු කරලා වතුර නොදා බ්ලෙන්ඩ් කරන්න.
Leave a Reply