නිවාඩු දවසක් බලලා හොඳ හොටෙල් එකක නැවතිලා ඉඳලා එමුද? ඩිස්කවුන්ට් තිබේ!

හැමෝම කිය කියා ඉන්නේ මේ අවුරුද්ද නම් හෙනම අජපල් කියලනේ. ඒක බොරුත් නෙවෙයි ඉතින්. කොරෝනා ආවා, කෙලින්ම ඇඳිරි නීතියටයි, සමාජ දුරස්ථභාවටයි අවුරුද්දෙන් තුනෙන් එකක්ම වියදම් වුනා. හැබැයි ඉතින් එහෙමයි කියලා මෙලෝ රහක් නැතුව ජීවත් වෙන්නත් බැහැනේ. ආන්න ඒ නිසා දැන් ජනජීවිතය පොඩ්ඩක් සාමාන්‍ය අතට හැරිලා තියෙන කාලේ, සමාජ දුරස්ථභාවයත් තියාගෙනම, නිවාඩු දවසක් බලලා පොඩි ට්‍රිප් එකක් කාරිය ගිහිල්ලා ආවට කාරි නෑ. හොඳම දේ තමයි, මේ දවස් වල ඔය සුඛෝපභෝගී හොටෙල්ස් වල එහෙමත් හොඳ හොඳ ඩිස්කවුන්ට් තියෙනවා. අන්න ඒ නිසා වෙනදට හොඳ හොටෙල් එකක නවතින්න යනවා නම් බජට් එක දහඅතේ බැලන්ස් කරන්න වුනත්, මේ පාර පොකැට් එකට රිදෙන්නෙ නැති වෙන්න ගිහිල්ලා, නිදහසේ හොඳ හොටෙල් එකක හොඳ විවේකයක් ගත කරලා එන්න පුළුවන්.

ආන්න ඒ වෙනුවෙන් තමයි මේ ඩිස්කවුන්ට් හොටෙල් ලිස්ට් එක අපි ඉදිරිපත් කරන්නේ.

 

1. Dream Cliff Resort – Haputale

ඩ්‍රීම් ක්ලිෆ් රිසෝට් කියන්නේ බැලූ බැල්මට අතිසුන්දර විදේශීය රටක තියෙන කබානා හොටෙල් රිසෝට් එකක් වගේ පේන තැනක්. මේක තනි පවුලක් කරගෙන යන්නේ. හපුතලේ නිකපොත ප්‍රදේශයේ පිහිටලා තියෙන ඩ්‍රීම් ක්ලිෆ් රිසෝට් එක සුන්දර කඳු පෙදෙසක, ඉග්ලු කබානා වගේ තමයි හදලා තියෙන්නේ. හැබැයි ඉතාම සුඛෝපභෝගීයි. ඕන නම් සුන්දර ස්වභාවික දර්ශන වලින් වට වෙලා, හපුතලේ සැපවත් දේශගුණය අත්විඳිමින් නිස්කලංකව දවසක් ගත කරන්නත් පුළුවන්. මේ අයගේ අපූරු රෙස්ටුරන්ට් වලින් උදේ, දවල්, රාත්‍රී ආහාර ලබාගන්නත් පුළුවන්. එහෙම නැතිනම්, අවට තියෙන ඇඩිෂම් බංගලාව, ලිප්ටන් සීට්, විවිධාකාර චිත්තාකර්ෂණීය දියඇලි එහෙම බලන්න යන්නත් පුළුවන්. මේ දවස් වල යන ඩිස්කවුන්ට් එකේ හැටියට මෙතන රුපියල් 24,000 ක මුදලකට දෙන්නෙක්ට සම්පූර්ණ දවසක් ගත කරන්න පුළුවන්. ෆුල් බෝඩ්!

කතා කරලා බලන්න: 0777878797

Rs. 24,000 – Full Board per two persons

 

2. The Hideaway Ella – Ella

ඇල්ල කියන්නේ ලංකාවේ සංචාරකයන්ගේ පාරාදීසයන්ගෙන් එකක්. හැබැයි ඉතින් ඇල්ල පැත්තේ තියෙන සුඛෝපභෝගී හෝටලේක නම් නවතින්න ටිකක් සල්ලි වියදම් කරන්න වෙනවා. හැබැයි The Hideaway Ella වගේ හොටෙල් එකක ඩිස්කවුන්ට් එකක් එක්ක ෆුල් බෝඩ් නවතින්න පුළුවන් කියන්නේ ලොකු දෙයක්. ලිප්ටන් සීට් එකෙන් පැය බාගෙක දුරකින්, බොහොම නිසංසල පෙදෙසක පිහිටලා තියෙන The Hideaway Ella හොටෙල් එකේ බොහොම සුඛෝපභෝගී විදියට නිවාඩුවක් ගත කරන්න පුළුවන්. අවශ්‍ය නම් අවට ස්වභාව සෞන්දර්‍යය විඳින්න සහ විවේක ගන්නත් පුළුවන්, එහෙම නැතිනම් ඇල්ල රොක් එකට ගිහින්, ආරුක්කු නවයේ පාලම බලන්න ගිහින්, අවට තියෙන දිය ඇල්ලක් දෙකක් බලන්න ගිහින් එන්නත් පුළුවන්. ඩිස්කවුන්ට්‍ එකේ හැටියට ෆුල් බෝඩ් එක්කෙනෙක්ට රුපියල් 5,500 ක මුදලකට දවසක් ගත කරන්න පුළුවන්.

කතා කරලා බලන්න: 0773926983

Rs.5,500 – Full Board per one person

 

3. Seethawaka Regency – Avissawella

සීතාවකපුර, එහෙම නැතිනම් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පිහිටලා තියෙන සිතාවක රීජන්සි හොටෙල් එක දැන් දැන් ප්‍රසිද්ධයි. නිවාඩුවක් ගත කරන්න ගොඩක් දුර යන්නෙ නැතුව, කොළඹට කිට්ටුව, ඒත් සැපදායී දේශගුණයක් සහ රසවිඳින්න පුළුවන් ස්වභාව සෞන්දර්යයක් තියෙන තැනකට යන්න හිතන කෙනෙක්ට සීතාවක රීජන්සි එක හොඳ තෝරගැනීමක්. මේ දවස් වල ඩිස්කවුන්ට් එකකුත් යන නිසා ඒක වඩාත් හොඳයි. සීතාවක රීජන්සි එකට නවතින්න යනවා නම් කෙනෙක්ට සීතාවක බොට්නිකල් ගාර්ඩන් එක බලන්නත් යන්න පුළුවන්. ඒ වගේම හොටෙල් එකේ සයිකල් පදින්න පාත් එකක් සහ ෆ්‍රී සයිකලුත් තියෙන නිසා, හවස් වරුවේ සයිකල් පදින්නත් පුළුවන්. ගාර්ඩ්න් එකේ ඇවිදින්න යන්නත්, ඕනම වෙලාවක පූල් එක පාවිච්චි කරන්නත් පුළුවන්. ඩිස්කවුන්ට් එකේ හැටියට එක් කෙනෙක්ට ෆුල් බෝඩ් රුපියල් 5,500 ක් ගෙවලා දවස ගත කරන්න පුළුවන්.

කතා කරලා බලන්න: 0362222333

Rs.5,500 – Full Board per one person

 

4. The Barnhouse – Panadura

පානදුර බොහොම නිස්කලංක ප්‍රදේශයක හැංගිලා තියෙන බාර්න්හවුස් කියන්නේ සාමාන්‍යයෙන් අපිට හුරුපුරුදු විදියේ හොටෙල් එකක් නම් නෙවෙයි. හැබැයි වෙනස් අත්දැකීමකට කැමති, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වභාවධර්මයට අනුකූලව නිර්මාණය වුණු ස්වභාවික පරිසරයත් එක්ක බද්ධ වුණු එකෝ ෆ්‍රෙන්ඩ්ලි හොටෙල් එකක අත්දැකීම විඳින්න කැමති කෙනෙක්ට නම් බාර්න්හවුස් කියන්නේ බොහොම හොඳ අත්දැකීමක් ගෙන දෙන තැනක්. ඕන නම් ඩේ අවුට් එකකට ඇවිත්, පූල් එකෙන් නාලා, කාලා බීලා යන්නත් පුළුවන්. වෙල්කම් ඩ්‍රින්ක් එකයි, ලන්ච් එකයි, කේක් කෑල්ලක් එක්ක ඊවිනින්ග් ටී එකයි කියන ඔක්කොටම යන්නේ එක්කෙනෙක්ට රුපියල් 2500 යි. කපල් එකකට නම් විශේෂ ඩිස්කවුන්ට් එකක් තියෙනවා, ෂැලේ රූම් එකක් එක්කම උඩින් කියපු ඔක්කොමත් ඇතුළත්ව රුපියල් 12,000 යි.

කතා කරලා බලන්න: 0702983173

Rs.2,500 – Day out per one person (including a Chalet – 12,000 per couple)

 

5. Oak Ray Summer Hill Breeze – Nuwara Eliya

Oak Ray හොටෙල්ස් ජාලයේ නුවර එළියේ තියෙන සුන්දර හෝටලයක් වෙන Oak Ray Summer Hill Breeze කියන්නේ කපල් එකකට නැතිනම් කපල් කීපයකට ගිහින් නුවර එළියේ සුන්දරත්වය අත්විඳින්නත්, නිදහසේ කාලය ගත කරන්නත් ගැලපෙනම හොටෙල් එකක්. නුවර එළියේ නගර සීමාව ඇතුළේම වගේ, ඒත් බොහොම සුන්දර කඳු බෑවුමක පිහිටලා තියෙන මේ හොටෙල් එකේ ඉඳලා ග්‍රෙගරි වැවට, ග්‍රෙගරි පාක් එකට, වික්ටෝරියා පාක් එකට වගේම මූන් ප්ලේන්ස් වලටත් ලඟයි. ඕන නම් තේ වතු බලන්න යන්න, හෝලි ට්‍රිනිටි පල්ලිය බලන්න යන්න, කොත්මලේ ඩෑම් එක බලන්න යන්න එහෙමත් පුළුවන්. එහෙම නැතිනම් හොටෙල් එකේ තියෙන කදිම රෙස්ටුරන්ට් එකෙන් හොඳට කාලා බීලා, ගාර්ඩන් එකට වෙලා නිස්කලංකව ඉන්නත් පුළුවන්. ඩිස්කවුන්ට් එකේ විදියට එක්කෙනෙක්ට ෆුල් බෝඩ් නතර වෙන්න යන්නේ රුපියල් 5,500 යි!

කතා කරලා බලන්න: 0777999262

Rs.5,500 – Full Board per one person

 

6. Insight Resort – Ahangama

අහංගම වෙරළ තීරයේ පිහිටලා තියෙන බොහොම සුන්දර රිසෝට් හොටෙල් එකක් තමයි ඉන්සයිට් රිසෝට් කියන්නේ. සාමාන්‍යයෙන් පුංචි රිසෝට් එකක් විදියට සැලකුවට, මේ අයගේ රූම්ස් 50 කට වැඩියෙන් තියෙනවා. ඒ වගේම සුන්දර වෙරළ තීරයකුත් රිසෝට් එකට වෙන් වෙලා තියෙනවා. සර්ෆින් කරන්න හොඳ තැන් එහෙමත් මේ මුහුදු තීරයේ තිබුණට, ඒකට සර්ෆින් සීසන් එක පටන් ගන්නකල් ඉන්න වෙනවා. කොහොමත් පූල් එකට බැහැලා කරලා, පොඩ්ඩක් රිලැක්ස් එකේ මුහුදු වෙරළේ ඉන්න එහෙමත් පුළුවන් අවශ්‍ය නම්. මේ අයගේ ඩිස්කවුන්ට් රේට් එකට අනුව, දෙන්නෙක්ට ෆුල් බෝඩ් බේසිස් නවතින්න වැය වෙන්නේ රුපියල් 12,000 යි.

කතා කරලා බලන්න: 0772089525

Rs.12,000 – Full Board per two persons

 

7. Club Waskaduwa Beach Resort & Spa – Waskaduwa

කොළඹින් ගොඩක්ම දුර යන්නෙ නැතුව, මුහුදත් එක්ක තියෙන හොටෙල් එකක නිවාඩුවක් ගත කරන්න කැමති අයට අපි රෙකමන්ඩ් කරන්න කැමතියි ක්ලබ් වස්කඩුව බීච් රිසෝට් ඇන්ඩ් ස්පා. ඇත්තටම මේ දවස් වල ඩිස්කවුන්ට් එකක් යන නිසා තවත් හොඳයි. ඇත්තටම නිදහස් නිවාඩුවක් ගත කරන්න කැමති අයට ඒකට වුවමනා හැම දෙයක්ම ක්ලබ් වස්කඩුව එකේ තියෙනවා. විශේෂයෙන්ම මේ අයගේ ස්පා එකත් ප්‍රසිද්ධයි. අවශ්‍ය නම් තව තව ඇක්ටිවිටීස් වල යෙදෙන්නත් පුළුවන්. පූල් එකට නම් වෙලාවක් වෙන් කරගන්න වෙයි, ඉන්න කට්ටියගේ ප්‍රමාණයත් එක්ක. වීකෙන්ඩ් එකෙට නම් බුෆේ එකක් එහෙමත් සෙට් වෙයි. මේ අය සති අන්තයේදී දෙන්නෙක්ට ෆුල් බෝඩ් දෙන ප්‍රයිස් එක රුපියල් 12,600 යි. හැබැයි සති මැද දවසක් වුණොත්, රුපියල් 11,000 ක් වගේ වෙනකොට දෙන්නෙක්ට ෆුල් බෝඩ් දවසක් ගන්න පුළුවන්.

කතා කරලා බලන්න: 0703366770

Rs.12,600 – Full Board per two persons (weekends)

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *