තමන්ගේ ගෑණු ළමයාව ඇඳේදී උපරිමයෙන් තෘප්තිමත් කරන්න ආසයිද? එහෙමනම් මේ උපදෙස් පිළිපදිමුද?

දැන් ඔය ගෑණු ළමයාට උපරිම ලිංගික තෘප්තියක් ලබාදෙන එක පැත්තකින් තියමුකෝ. ඔය ගොඩක් අයියලා කතාවෙන් ඇඳන් කාපු සෙක්ස් මාස්ටර්ස්ලා වුනාට, ගෑණු ළමයෙක්ව ලිංගිකව තෘප්තිමත් කරන එක හිතන තරම් ලේසි පහසු අභියෝගයක් නෙවෙයි, හරියටම සාස්තරේ දන්නෙ නැතිනම්. ඒ වගේම තමයි, මේ සාස්තරේ බ්ලූ ෆිල්ම්ස් වලින් ඉගෙන ගන්නත් බෑ. අනික සෙක්ස් කරනවා කියන්නේ තමන්ගේ වැඩේ කරගෙන අනික් පැත්ත හැරිලා නිදාගන්න එක කියලා හිතන, කාන්තාවෝ කියන්නේ තමන්ගේ තෘප්තිය වෙනුවෙන් දිවිය ලෝකෙන් එවපු ලිංගික භාණ්ඩ කියලා හිතන අයටත් මේ ලස්සනට, කලාවට, ආදරණීයව සෙක්ස් කරන සාස්තරේ ඉගෙන ගන්න බෑ. 

 

අන්න ඒ නිසා, තමන්ට ඇත්තටම තමන් ආදරේ කරන තමන්ගේ ගෑණු ළමයව ලිංගිකව උපරිම තෘප්තිමත් කරන්න ආසාවක් තියෙනවා නම්, ගනු විතරක් නැතුව දෙනු මූලික කරගන්න කලාව ඉගෙන ගන්න අවංක වුවමනාවක් තියෙනවා නම්, ආන්න එහෙම අයට ගාණට වැඩේ අල්ලගෙන නියමම සෙක්ස් එක්ස්පර්ට්ලා වෙන්න පුළුවන්. අපි කියන්න යන්නේ එහෙම වැඩේ ඉගෙන ගන්න ආස අයට දෙන්න පුළුවන් ටිප්ස් කීපයක් ගැන!

 

1. මොනිකාව අනුගමනය කරන්න!

මේ කියන්නේ අර ෆ්‍රෙන්ඩ්ස් සිට්කොම් එකේ ඉන්න මොනිකා ගැන. ඔන්න චැන්ඩ්ලර්ට ඕන වෙනවා හරියට සුපිරියටම ගර්ල්ෆ්‍රෙන්ඩ්ව ඇඳේදී සතුටු කරන සාස්තරේ. මොනිකා ගෑණු ළමයෙක්ගේ රූපයක් ඇඳලා, ඒකේ එක එක ශරීර අවයව වලට අංක දානවා. අපි කියමු තොල්, බෙල්ල, පියයුරු, අත්, කලවා, ලිංගේන්ද්‍රියන් වගේ සාමාන්‍යයෙන් අපි කාන්තාවක්ගේ ලිංගික වශයෙන් සංවේදී තැන් වලට එහෙම අංක දානවා කියලා. දැන් මොනිකා කියන්නේ 1, 2, 3 වශයෙන් ගිහිල්ලා කෙලින්ම 7 එහෙම නැතිනම් ලිංගේන්ද්‍රියෙන් නවතින්න එපා කියලා. මොනිකා කියනවා මික්ස් ඇන්ඩ් මැච් කරන්නලු. ඒ කියන්නේ එහෙමයි. 1න් පටන් ගන්නවා. ඉන් පස්සේ යනවා 1, 2. ඊට පස්සේ 1, 2, 3. ඊට පස්සේ 5 ට. ඊලඟට 4 ට. ආයෙමත් 3, 2. ආයෙමත් ටිකක් 2 නතර වෙනවා. ඊට පස්සේ 2, 4, 6. ආයෙමත් 4, ආයෙමත් 2, ආයෙමත් 2. ආයෙමත් 4. ආයෙමත් 4 ඊලඟට 7. ඊලඟට 5, 7. ආයෙමත් 6, 7. එහෙම ගිහිල්ලා ඔන්න 7. ආයෙමත් 7, 7, 7, 7 7!

 

අපි අංක දාලා පෙන්නුවේ නැතත් තේරුම් ගන්න පුළුවන් නේ අදහස මොකද්ද කියලා! සිට්කොම් එකකින් පෙන්නුවත් ඇත්තටම මේක ඉතාම හොඳ සෙක්ස් ටිප් එකක්!

 

2. ටේක් යුවර් ටයිම්! 

සෙක්ස් කරන්න ගියහම ගොඩක් පිරිමි ෆේල් වෙන්නේ හදිසිය නිසා. ඒ කියන්නේ ඔය උඩ කියපු පළවෙනි ක්‍රමේ අනුගමනය කළත්, ඔක්කොම කරන්න හරිම හදිසියි. එතකොට ඇත්තටම ඔය අංක පිළිවෙලටම වැඩේ ගියත් ගෑණු ළමයට ෆීල් වෙන්න තරම් වෙලාවක් ගත වෙන්නෙ නෑ. ගෑණු ළමයෙක්ව රොමෑන්ටික් විදියට ඇඳේදී සතුටු කරනවා කියන්නේ බොහොම ඉවසිල්ලෙන් කරන්න ඕන, චිත්‍රයක් අඳිනවා වගේ වැඩක්. ආන්න එහෙම වෙලාව අරගෙන අංක මික්ස් ඇන්ඩ් මැච් කරගෙන යනකොට අන්තිමට ගෑණු ළමයම ඉවසිල්ලක් නැතුව කියයි 7 ට යන්නකෝ කියලා! ආන්න එතකොට තේරුම් ගන්න පුළුවන් තමන් වැඩේ හරියට කරනවා කියලා.

 

දැන් ක්විකීස් කියලා ආට් එකකුත් තියෙනවා තමයි. ඒ කියන්නේ හදිසි වෙලාවක, පටස් ගාලා විනාඩි පහළොවක් විස්සක් අරගෙන කරන හදිසි සෙක්ස් කිරිලි. හැබැයි ඒක වෙනම මූඩ් එකක්. සාමාන්‍යයෙන් සෙක්ස් කරන හැම අවස්ථාවක්ම ක්විකී එකක් නම්, ගෑණු ළමයට ඉක්මනටම සෙක්ස් එපා වෙයි.

 

3. දන්න කියන, ඒත් පිරිමි ගණන් නොගන්න තැන්!

මේක බොහොම සරල කාරණාවක්. ගොඩක් කාන්තාවන්ගේ සංවේදී ස්ථාන සමානයි. ඒවා පිරිමිත් දන්නවා. උදාහරණයක් විදියට පියයුරු සහ තනපුඩු. ඒක ගොඩක් පිරිමි ගණන් ගන්න තැනක්නේ. හැබැයි ඒ වගේම තමයි, බෙල්ල, කන් පිටුපස, කන් පෙති, උරහිස එහෙම වුනත් ගොඩක් කාන්තාවන්ගේ සංවේදී ස්ථාන. විශේෂයෙන්ම බෙල්ල සිපගන්න එකෙන් උද්දීපනය නොවෙන ගැහැණියක් ඉන්නවා නම් ඒ කලාතුරකින්. හැබැයි අවාසනාවකට, ගොඩක් පිරිමි මේ ගැනත් දැනගෙන හිටියට ඒක ඒ තරම් ගණන් ගන්නෙ නෑ. ආන්න ඒක ලොකු වැරැද්දක්. මොකද, ගැහැණියකට උපරිම තෘප්තියක් ලැබෙන තැනට අරගෙන එන්න මෙන්න මේ වගේ සංවේදී නිල උත්තේජනයෙන් කියන්න බැරි තරම් මෙහෙයක් සිද්ධ වෙනවා.

 

4. නොදන්න, හොයාගන්න ඕන තැන්

ඒ අතරේ තියෙනවා සාමාන්‍යයෙන් පොතේ හැටියට කාන්තාවකගේ කාම නිල කියලා අපි නොදන්න, හැබැයි හොයාගත්තාට කිසිසේත්ම පාඩු නොවෙන තැන් එහෙමත්. හැබැයි මේ තැන් කාන්තාවගෙන් කාන්තාවට වෙනස් වෙන්නත් පුළුවන්. උදාහරණයක් තමයි යටිපතුල්, කකුලේ ඇඟිලි, පියයුරු වල යට කොටස, නාභිය වගේ තැන්. සමහර කාන්තාවන්ට මේ තැන් වලින් අධික කාම උත්තේජනයක් ලැබෙනකොට, තවත් කාන්තාවකට ඒක ඒ තරම් නොදැනෙන්න පුළුවන්. ඒ වෙනුවට ඒ කාන්තාවට සම්පූර්ණයෙන්ම වෙනස් තැන් වලින් හොඳ ලිංගික උත්තේජනයක් ලැබෙන්න පුළුවන්. ආන්න ඒ වගේ තැන් හොයාගන්න එක ට්‍රයල් ඇන්ඩ් එරර් පන්නේ වැඩක්. කරලම තමයි හොයාගන්න ඕනා. 

 

5. වොයිස් ඇක්ටිවේෂන්

මොකද්ද මේ කතන්දරේ? සරලයි. කාන්තාවන් ගොඩක් වෙලාවට ආදරෙන් බැඳෙන්නේ ඇස් හරහා නෙවෙයි කන් හරහා කියලා කියමනක් තියෙනවනේ. අපි ඒකේ ඇත්ත නැත්ත මේ වෙලාවේ හොයන්න යන්නෙ නෑ. හැබැයි කිසිම සද්දයක් බද්දයක් නැතුව සෙක්ස් කරන්න අවතීර්ණ වෙන පිරිමියෙක්ට වඩා, ඇඳේදී ආදර තෙපුල් කියන්න් පුළුවන්, ඇඳේදී රාගය ඇවිස්සෙන විදියට කතා කරන්න පුළුවන් පිරිමියෙක්ට තමන්ගේ ගැහැණියව වඩාත් ලේසියෙන් තෘප්තිමත් කරන්න පුළුවන්. මෙතනදී සමහර වෙලාවට කාන්තාව ඩර්ටි ටෝක් වලට, ඒ කියන්නේ වඩාත් අමුවෙන් දේවල් කියනවට කැමති වෙන්නත් පුළුවන්. ඒවා ඉතින් දෙන්නාගේ සන්නිවේදනය ඔස්සේ හොයාබලා ගෙන ගොඩදාගන්න ඕන දේවල්.

 

6. එයාට මුල් තැන

මෙන්න මේක ප්‍රධාන කාරණාවක්. ඒ කියන්නේ අපි පටන් ගන්නකොටත් කියපු විදියට තමන්ගේ වැඩේ කරගෙන අනික් පැත්ත හැරිලා නිදාගන්න ජාතියේ පිරිමියෙක්ට කිසිසේත්ම තේරුම් ගන්න බැරි දෙයක්. ඒ තමයි, තමන්ගේ වුවමනාවට වඩා, තමන් ආදරේ කරන ගැහැණියගේ ආශාවට මුල් තැන දෙන එක. සාමාන්‍යයෙන් වැඩි ප්‍රතිශතයක් තැන් වල සිද්ධ වෙන්නේ ඕකේ අනික් පැත්ත. ගැහැණිය තමයි පරාර්ථකාමීව සපයන කෙනා. පිරිමියා ආත්මාර්ථකාමීව ගන්න කෙනා. හැබැයි තමන්ගේ සුරතාන්තයට පත්වෙන්න තියෙන වුවමනාව පස්සට තියලා ගැහැණියගේ සුරතාන්තයට මුල් තැන දෙන්න පුළුවන් පිරිමියෙක්ට ඒ ගැහැණියගෙන් ලැබෙන දේවලුත් ගොඩක් වෙලාවට ලැබෙන්නේ ඩබල් ට්‍රිබල් වෙලා. අනික, ගැහැණියකට සුරතාන්ත කීපයක් ලබාදෙන්නත් මෙන්න මේ කාරණාව බොහොම වැදගත් වෙනවා. තමන්ගේ ගැහැණියට සුරතාන්ත කිහිපයක් ලබාදෙන්න පුළුවන් පිරිමියෙක් නම් ඉතින් බය නැතුව සෙක්ස් මාස්ටර් කෙනෙක් කියලා කියතහැකි!

 

7. ලණු වලින් බැන්දත්, එයා ලිංගික වස්තුවක් නෙවෙයි!

අපි ඔය වැනිලා සෙක්ස් සහ කින්කි සෙක්ස් කියලා කියනවනේ. වැනිලා සෙක්ස් කියන එක සාමාන්‍යයෙන් සිද්ධ වෙන සාමාන්‍ය දේවල් වෙනකොට, කින්කි සෙක්ස් කියලා කියන්නේ වඩාත් උද්වේගකර, වඩාත් රාගික ලිංගික ක්‍රියාකාරකම්. ඔය BDSM වගේ දේවලුත් අයිති වෙන්නේ කින්කි සෙක්ස් වලටම තමයි. සමහර වෙලාවට සමහර කාන්තාවක් ආස වෙන්න පුළුවන් ඇඳේදී තමන්ව ලිංගික වහලියක් විදියට සලකනවට. එහෙම නැතිනම් තමන්ව සම්පූර්ණයෙන්ම පිරිමියා විසින් ලිංගිකව යටත් කරගන්නවාට. හැබැයි මතක තියාගන්න. ඒකෙන් කියන්නේ කාන්තාව ඇත්තටම ලිංගික භාණ්ඩයක් කියන එක නෙවෙයි. ඔය වඩාත් අසම්ප්‍රදායික ලිංගික ක්‍රියා රසවිඳින්න නම්, මෙන්න මේ මනෝවිද්‍යාත්මක පැත්තත් ඔලුවේ තියාගන්න ඕන. ඒ කියන්නේ එතනදී කරන දේවල් කොයි තරම් සීමා මායිම් පැනලා ගියත්, තමන් සෙක්ස් කරන්නේ තමන්ගේ ගැහැණිය එක්ක, ලෙයින් මසින් හැදුණු ගැහැණියක් එක්ක, ගෞරවයක් තියෙන ගැහැණියක් එක්ක කියන එක ඔලුවේ තියාගන්න ඕන. අන්න එතකොට මොන දේ කළත්, උඩ කියලා තියෙන කරුණු කාරණා අමතක වෙන්නේ නෑ. අන්න එතකොට දෙන්නටම අතිවිශිෂ්ට ලිංගික අත්දැකීමක් ලබාගන්නත් පුළුවන්!