රසම රස වෙජිටේරියන් සුප් රෙසිපි 7ක්

හැමදාම මස් වර්ගම රෙසිපි දීලා බෑනෙ. වෙජිටේරියන් අය ගැනත් හිතන්න එපැයි. ඒ නිසාම විශේෂයෙන්ම අපි අද වෙජිටේරියන් සුප් ටිකක් හදන හැටි කියලා දෙන්නයි ආවේ. මේක ගොඩක් වැදගත් වෙන ඈයො එහෙනම් වාඩි උනානං.

 

1. තක්කාලි සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ඉදුණු තක්කාලි ග්‍රෑම් 500
  2. චොප්කරගත් ළූණු ගෙඩි 1
  3. එළවළු තෙල් මේස හැඳි 1
  4. චොප්කරගත් මින්චි කොළ ටිකක්
  5. චොප්කරගත් සුදුළූණු බික් 4-5
  6. සෝයාසෝස් මේස හැඳි 1
  7. ලුණු හා ගම්මිරිස්කුඩු
  8. වතුර කෝප්ප 4

 

  • තක්කාලි ටික උණු වතුර එකක දාලා විනාඩි දෙක තුනකින් එළියට අරන් සිවිය අයින් කරලා බ්ලෙන්ඩ් කරගන්න. මේ හදාගත්තු තක්කාලි පියුරි එක පෙරාගන්න. 
  • පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට ළූණු හා සුදුළූණු ටික දාලා තෙම්පරාදු කරගන්න. ඒකටම තක්කාලි පියුරි එක දාගන්න. වතුර අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. ලුණු හා ගම්මිරිස්කුඩු ඉසගන්න. හොඳට හැඳිගාලා ලිප නිවන්න කලින් මින්චි කොළ ටික දාගන්න.

 

2. සෝයා සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කපාගත් බීන්කර්ඩ් (ටෝෆු) ග්‍රෑම් 200
  2. කෝන්ෆ්ලා මේස හැඳි 2
  3. කපාගත් ළූණු ගස් 2
  4. කපාගත් කැරට් අල 1
  5. සීනි තේ හැඳි 1/2
  6. ගම්මිරිස්කුඩු හා ලුණු
  7. සෝයාසෝස් මේස හැඳි 1
  8. ෆිශ් සෝස් මේස හැඳි 1

 

  • වතුර කෝප්ප 2කට කපාගත් ටෝෆු, ළූණු, කැරට් දාලා ලිපේ තියන්න. එළවළු ටික තැම්බීගෙන එනකොට සෝස් වර්ග දෙක, සීනි සහ කෝන්ෆ්ලා ටික දාලා කලවම් කරන්න.
  • රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරලා ලිපෙන් බාගන්න.

 

3. වට්ටක්කා සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. වට්ටක්කා ග්‍රෑම් 500
  2. සැල්දිරි කෑල්ලක්
  3. චොප්කරගත් රතුළූණු ගෙඩි 2
  4. ලුණු හා ගම්මිරිස්කුඩු
  5. චොප්කරගත් සුදුළූණු බික් 4
  6. දෙහි යුෂ ස්වල්පයක්
  7. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1
  8. තෙල් ස්වල්පයක්

 

  • වට්ටක්කා පොඩි කෑලි වලට කපලා සැල්දිරි හා ලුණු එක්ක තැම්බෙන්න තියන්න. දැන් වතුර පෙරාගෙන පොතු අයින් කරලා වට්ටක්කා ටික පොඩි කරගන්න.
  • භාජනයකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට සුදුළූණු, ළූණු ටික දාලා ෆ්‍රයි කරගන්න. දැන් මේකට වට්ටක්කා ටික දාලා කිරි එකතු කරන්න. උකු වැඩි නම් වතුර ටිකක් දාගන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. පිළිගන්වන්න කලින් දෙහි යුෂ එකතු කරන්න.

 

4. පාන් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් තක්කාලි ගෙඩි 4
  2. පාන්පෙති 2
  3. කපාගත් කැරට් අල 1
  4. කපාගත් වට්ටක්කා කෑල්ලක්
  5. චොප්කරගත් ළූණු ගෙඩි 2
  6. චොප්කරගත් ඉඟුරු මේස හැඳි 1
  7. තෙල් ස්වල්පයක්
  8. ලුණු හා ගම්මිරිස්කුඩු
  9. දෙහි යුෂ ස්වල්පයක්

 

  • භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට ළූණු හා ඉඟුරු ටික දාලා තෙම්පරාදු කරගන්න.
  • ඒකට තක්කාලි සහ අනෙක් එළවළු ඔක්කොම දාලා වතුර කෝප්ප 4ක් දාන්න. එළවළු හොඳට තැම්බුනාම ලිප නිවලා ඒකට පාන්පෙති දෙක කඩලා දාලා පැයක් වගේ පෙඟෙන්න තියන්න.
  • දැන් ආයෙම ලිපේ තියලා හැඳිගාන ගමන් ලුණු, ගම්මිරිස්කුඩු දාලා ලිපෙන් බාලා දෙහි එකතු කරගන්න.

 

5. ගෝවා සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ග්‍රේට් කරගත් ගෝවා ගෙඩි 1
  2. චොප්කරගත් ළූණු ගෙඩි 1
  3. චොප්කරගත් පාස්ලි ස්වල්පයක්
  4. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1
  5. බටර් මේස හැඳි 1
  6. ලුණු හා ගම්මිරිස්කුඩු

 

  • ගෝවා වැහෙන්න වතුර දාලා තැම්බෙන්න තියන්න. බටර් හා කිරි මේකට එකතු කරන්න. හොඳට හැඳිගාලා ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න.
  • පාස්ලි ටික දාගන්න. හොඳට තික් වෙනකල් හැඳිගාල ලිපෙන් බාගන්න.

 

6. නිවිති සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. නිවිති ග්‍රෑම් 500
  2. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 2
  3. පාන්පිටි මේසහැඳි 1/2
  4. චොප්කරගත් රතුළූණු ගෙඩි 2
  5. තෙල් ස්වල්පයක්

 

  • උණුවතුර එකකට නිවිති කොළ දාලා තම්බගන්න. වතුර පෙරාගන්න. 
  • කිරි වල පාන්පිටි දිය කරලා නිවිති වලට දාගන්න. භාජනයකට තෙල් ටිකක් ලිපේ තියලා රත්වෙනකොට ළූණු ටික තෙම්පරාදු කරලා සුප් මිශ්‍රණය මේකට එකතු කරන්න.
  • හොඳට හැඳිගාලා ලුණු හා ගම්මිරිස්කුඩු ඉසගන්න.

 

7. අල සුප්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් අල ගෙඩි 5
  2. චොප්කරගත් ළූණු ගෙඩි 1
  3. එළවළු ස්ටොක් කෝප්ප 2
  4. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1/2
  5. ග්‍රේට් කරගත් චෙඩාර් චීස් කෝප්ප  1/2
  6. ලුණු හා ගම්මිරිස්කුඩු
  7. බටර් මේස හැඳි 1

 

  • භාජනයකට බටර් ටිකක් දාලා රත්වෙනකොට චොප්කරගත් ළූණු ටික දාගන්න. ළූණු බැදුනම එළවළු ස්ටොක් එක දාගන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරන්න.
  • මේකට අල දාලා හොඳට තම්බගන්න. අල තැම්බුනාම කිරි හා චීස් ටික දාලා උතුරනකල් පිසගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *