කාම සූත්‍රය සිංහලෙන් – පනස් තුන්වැනි කොටස

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

 

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 21 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 22 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 23 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 24 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 25 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 26 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 27 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 28 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 29 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 30 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 31 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 32 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 33 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 34 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 35 කොටස

කාස සූත්‍රය සිංහලෙන් 36 කොට​ස

කා​ම සූත්‍රය සිංහලෙන් 37 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 38 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 39 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 40 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 41 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 42 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 43 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 44 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 45 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 46 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 47 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 48 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 49 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 50 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 51 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 52 ​කොට​ස

 

 

ගිය සතියෙ ආටිකල් එක අවසන් කළේ මේ සතිය තුළ අපි කියවන්න යන ප්‍රකරණය ගැන ඔබට කුඩා හෝඩුවාවක් ලබා දෙමින්. ඒ ආටිකල් එක කියවපු අයට නං ඒ බව මතක ඇති. අපි අද කියවන්න යන්නේ ‘දූතිකර්ම ප්‍රකරණය’. 

කලින් අපි කියවපු පරිචය කරණාභියෝග ප්‍රකරණය තුළදී උපාය දූතිකාවකගේ ආධාරය ලබා ගනිමින් කාන්තාවක දිනා ගැනීමට හේතුවන කාරණා කීපයක් පිළිබඳවම අපි කතා කළා. ඒ ගැන නැවතත් පුනරුච්ඡාරණය කරන්න අපි යන්නේ නැහැ. සරලවම කියනවා නම් ඔබ කෙරෙහි අනුරාගයක් දක්වන බවට ඉඟි දක්වන, එසේම නිතර නිතර මුණ ගැසීමට අවස්ථාවක් නොලැබෙන කාන්තාවක් සමග එක් වීමට නම් උපාය දූතිකාවකගේ සහාය ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.

යම් අවස්ථාවක මෙම උපාය දූතිය ඇගේ සමීප මිතුරන් නොවේ නම්, ඒ අවස්ථාවේදී පළමුව උපාය දූතිකාව ඇයගේ මිතුරියක් බවට පත් විය යුතුයි. ඉතා කාරුණික සහ මිත්‍රශීලී භාවයත් දක්වමින් ඇය සමග පළමුව කතාබහට එළඹිය යුතු වෙනවා. ඒ සඳහා මාතෘකා ලෙස ඕපදූප මට්ටමේ කතා බස් වල සිට කලාව, සාහිත්‍යය වැනි ක්ෂේත්‍රයන් හරහා විහිදෙන මාතෘකා භාවිතා කිරීමට ඇයට පුළුවන්. ටික කලක් ආශ්‍රය කිරීමෙන් පසුව ඇයගේ සුන්දරත්වය, බුද්ධිමත්බව, පරහිතකාමීබව ආදිය වර්ණනා කිරීමට වගබලා ගත යුතුයි. මේ මගින් සමීප බැඳියාවක් ඇති කරගැනීමට හැකියාව ලැබෙනවා.

මෙහිදී බොහෝ විට එම කාන්තාව විසින් උපාය දූතිකාවට තමන්ගේ පවුල් ජීවිතය තුළ ඇති විවිධ හැලහැප්පීම් සහ ගැටලු සහගත තැන් පිළිබඳව පවා හෙළි කිරීමට පුළුවන්. එසේ නොවේ නම් උපාය දූතිකාව විසින්ම ඒ සඳහා මුල පිරිය යුතු වෙනවා. එහිදී “ඔබ වැනි තැනැත්තියකට මෙබඳු සැමියෙක් ලැබුණේ දෛවයේ සරදමකට” බව තමන්ගේ අදහස බව කියමින් කතාවට එළැඹිය යුතුයි. ඒ හරහා තම සැමියා පිළිබඳව ඇගේ සිතේ පසුතැවිල්ලක් ඇති කිරීමට මුල පිරිය යුතු වෙනවා.

ඇයගේ සැමියා ගැන තමන්ට පෙනෙන දොස් මේ මේවා යැයි ඇයට ඒත්තු ගැන්වෙන ආකාරයට පැවසිය යුතුයි. එසේම හැකියාවක් පවතී නම් ඔවුන් දෙදෙනාගේ ලිංගික ජීවිතය පිළිබඳව තොරතුරු විමසා, ලිංගික ක්‍රියා වලදී ඔහු දුර්වලයෙකු බව තමන්ට වැටහෙන බවත් කිව යුතුයි.

යම් අවස්ථාවක සැමියාගේ යම් දොසක් ගැන පැවසීමෙන් පසුව ඇය කලකිරුණු ස්වභාවයක් දක්වයි නම් එම දුර්වලතාවය වඩාත් වැඩිදියුණුවන ස්වභාවයක් තමන්ට පෙනෙන බව පවසමින් ඇයව තව දුරටත් ඔහු කෙරෙහි කලකිරෙන මට්ටමට පත් කර ගත යුතු වෙනවා.

යම් හෙයකින් දිනා ගත යුතු ස්ත්‍රිය මිග ගණයට අයත් වන්නේ නම් සහ ඇගේ සැමියා ශශ ගණයට අයත් වන්නේ නම් ගැටලුවක් ඇති නොවේ යැයි සිතිය හැකි අතර යම්කිසි විදිහකින් ඔවුන් දෙදෙනා වඩවා සහ හස්තිනී හෝ වෘෂභ සහ අශ්ව යන ගණයට අයත් වන්නේ නම් එම විවාහය තුළ ගැටලුවක් ඇති බව පහසුවෙන් වටහා ගත හැකි බව මෙහිදී වත්ස්‍යායන පඬිතුමා සඳහන් කරනවා.

මේ ආකාරයට පළමු අවස්ථාවේදී සැහැසි අයුරින් තමන්ව ප්‍රතික්ෂේප කළ සහ සූක්ෂම බවින් යුතු කාන්තාවක් උපාය දූතිකාවක් මාර්ගයෙන් තමන් වෙත ගෙන්වා ගත යුතුයැයි ගෝණිකාපුත්‍ර පඬිතුමා සඳහන් කරනවා. එහිදී එම දූතිය විසින් පුරුෂයාගේ කාමුක බව සහ එම ස්ත්‍රිය කෙරෙහි ඔහු විසින් දක්වන ලැදියාව පිළිබඳව විස්තරාත්මකව ඇයට පැවසිය යුතුයි. ඔහුගේ තොරතුරු ඇසීමෙන් කාන්තාවගේ යම් වෙනසක් නිරීක්ෂණය වන්නේ නම් ඉන් අනතුරුව “අසවල් තැනැත්තා ඔබ පිළිබඳව උමතුවෙන් පසු වෙනවා. ඊට කලින් ඔහු කිසිම ස්ත්‍රියක් කෙරෙහි මේ ආකාරයෙන් ආශක්ත වූ බවක් මම අසා නෑ. යම් අවස්ථාවකදී ඔබ නොලැබුණොත් තමන් සියදිවි හානිකර ගැනීමට වුවත් පෙළඹෙනු ඇතැයි ඔහු පැවසුවා” ආදී වශයෙන් ඇයව පුදුමයට පත්වෙන ආකාරයකට ඔහු පිළිබඳව විස්තර ඇය සමඟ පැවසිය යුතුයි.

එහිදී ඇයගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබෙයි නම් තවදුරටත් කතා කිරීමෙන් වැළකී පසුදින නැවතත් එම කතාව වෙනත් ප්‍රවේශයකින් ආරම්භ කළ යුතු වෙනවා.

 

මේ ප්‍රකරණය අනිත් ප්‍රකරණ වලට සාපේක්ෂව ටිකක් දිග ප්‍රකරණයක්. ඒ නිසා අපිට ලබන සතියේදීත් මේ ප්‍රකරණය කියවන්න වෙයි. එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් අනිත් අය එක්ක මේ ගැන කතා කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *