ඉන්දියානු අතුරුපස 7ක් ඒ රහටම ගෙදරම හදාගන්න අපෙන් රෙසිපි

හැමදාමත් එකම ජාතියෙ ඩිසර්ට් කාලා එපා වෙලා ඉන්න සෙට් එක අද එන්න අපිත් එක්ක ඉන්දියන් ඩිසර්ට් ටිකක් හදන්න. මේ ඩිසර්ට් වර්ග ගොඩක් සිම්පල් විදියට හදන්න අපි කියලා දෙනවා. ගෙදරට එන අමුත්තන්ටත් මේ වගේ ඩිසර්ට් එකක් රස සප්‍රයිස් එකක් වෙයි. 

 

1. කොකනට් ලඩ්ඩු

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ගී මේස හැඳි 1
  2. ඩෙසිකේටඩ් කොකනට් 200g (වෙනම 100g)
  3. මිල්ක්මේඩ් 180ml
  4. කිරි 60ml

 

  • පෑන් එකට ගී ටික දාලා රත් උනාම ඩෙසිකේටඩ් කොකනට් ටික දාලා අඩු ගින්දරේ බැදගන්න.
  • ලාවට පාට වෙනස් වේගෙන එනකොට මිල්ක්මේඩ් ටික දාගන්න. හොඳට කලවම් උනාම කිරි ටික දාගන්න.
  • හොඳට හැඳි ගාල ඝණ මිශ්‍රණයක් ආවම ලිප නිවාගන්න.
  • බෝල් එකකට දාලා ටිකක නිවෙන්න තියන්න. පොඩි බෝල හදාගන්න. 
  • හදාගත් ලඩ්ඩු බෝල වෙනම ගත් ඩෙසිකේටඩ් කොකනට් 100g වල තවරගන්න.

 

 

2. පිටිකිරි බර්ෆි

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ගී කෝප්ප 1/4
  2. කිරි 120ml
  3. කිරිපිටි 250g
  4. අයිසින් ෂුගර්  40g
  5. චොප්කරගත් ආමන්ඩ් හා පිස්ටාචියො ඇට ටිකක්

 

  • ට්‍රේ එකක් බටර් ග්ලේස් කරගෙන පැත්තකින් තියාගන්න.
  • පෑන් එකක් ලිපේ තියලා ගී ටික දාගන්න. ඒක රත් වෙනකොට කිරි ටික දාගන්න.
  • හොඳට හැඳි ගාන්න. ටිකකින් කිරිපිටි ටික දාගන්න. හැඳිගානගමන් ටික ටික තමයි එකතු කරන්න ඕනේ. එතකොට කැටි ගැහෙන්නෙ නෑ. තික් පේස්ට් එකක් එනකල් විනාඩි 5ක් විතර හැඳිගාන්න.
  • අඩියෙ නොඇලෙන තික් බැටර් එකක් ආවම අයිසින් ෂුගර් එකතු කරන්න. තව විනාඩි 5ක් හැඳිගාන්න. දැන් එක ගුලියක් වගේ එනකොට ලිපෙන් බාගන්න.
  • ට්‍රේ එකට දාලා තුනී කරගන්න. උඩින් චොප්කරගත් ආමන්ඩ් හා පිස්ටාචියෝ ටිකක් ඉසගන්න. පැයක් ෆ්‍රිජ් එකේ දාල කෑලි කපාගන්න.

 

 

3. ෆෘට් කස්ටඩ්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කිරි 480ml
  2. කස්ටඩ් පව්ඩර් මේස හැඳි 3
  3. සීනි 50g
  4. කපාගත් අඹ ගෙඩි 1/2
  5. දෙළුම් ඇට ටිකක්
  6. කපාගත් ස්ට්‍රෝබෙරි ටිකක්
  7. ෆ්‍රෝසන් බ්ලූබෙරි ටිකක්
  8. කපාගත් මිදි ස්වල්පයක්
  9. කපාගත් කෙසෙල් ගෙඩි 1

 

  • කස්ටඩ් පව්ඩර් ටික වෙනම ගත්ත කූල් කිරි පොඩ්ඩක දියකරගන්න. 
  • කිරි 480ml භාජනයකට දාලා ලිපේ තියන්න. ඒකට සීනි ටික දාලා දියවෙනකල් හැඳිගාන්න.
  • දැන් දියකරගත් කස්ටඩ් ටික දාගන්න. තව විනාඩි 4ක් විතර හැඳිගාන්න. කස්ටඩ් එක උකු උනාම ලිපෙන් ගන්න.
  • කපාගත් පළතුරු ඔක්කොම මික්ස් වෙන විදියට කස්ටඩ් එක්ක කලවම් කරලා ග්ලාස් වලට දාලා සෙට් වෙන්න ෆ්‍රිජ් එකට දාන්න.

 

 

4. රස්ගුල්ලා

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කිරි කෝප්ප 1
  2. දෙහි බෑයක යුෂ
  3. සීනි කෝප්ප 1

 

  • කිරි ටික උණු කරගන්න. දෙහි යුෂ ටික දාගන්න. කිරි ටික කැටි ගැහිලා එයි. 
  • මස්ලීන් රෙද්දක් අරන් කිරි ටික පෙරලා ඒකට තව වතුර ටිකකුත් පෙරෙන්න දාලා කැටි ගැහුණු කිරි ටික ගුලියක් හදාගන්න. වතුර හොඳට මිරිකගන්න.
  • විනාඩි 30ක් ඒ රෙදි කෑල්ලෙම ඔතලා තියලා ගලවගන්න. දැන් මේ කැටි ගැහුණු කිරි නැත්නම් පනීර් ටික විනාඩි 10ක් අනාගන්​න. හොඳ ස්මූත් බෝලයක් හදාගන්න. ඒකෙන් පොඩි බෝල හදාගන්න.
  • වෙනම භාජනයකට සීනි ටික දාලා වතුර කෝප්ප එකක් දාලා රත්කරගන්න. විනාඩි 10ක් බොයිල් කරලා පනීර් බෝල ටික දාගන්න.
  • විනාඩි 15ක් මේ ටික ෂුගර් සිරප් එකේ තම්බගන්න. 

 

 

5. ජලේබි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි 300g
  2. මී කිරි කෝප්ප 1/2
  3. ඊස්ට් තේ හැඳි
  4. සීනි තේ හැඳි 2
  5. වතුර කෝප්ප 2
  6. කහ කලරින් ස්වල්පයක්
  7. තෙල්
  8. ලුණු

 

සීනි සිරප් එකට අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. සීනි 400g
  2. වතුර කෝප්ප 1/4
  3. දෙහි යුෂ තේ හැඳි 1

 

  • ඊස්ට් වලට වතුර තේ හැඳි 4ක් හා සීනි දමා කලවම් කර පැය කාලක් පිපෙන්න තියන්න.
  • මී කිරි හා පාන්පිටි එක්කර කලවම් කරගන්න. මේකට ඊස්ට් ටික දාගන්න. හොඳට කලවම් කරල කහපාට කලරින් හා ලුණු ටිකකුත් දාලා අනලා පැය 4ක් වගේ තියන්න. 
  • පැය හතරකට පස්සෙ පයිපින් බෑග් එකකට මිශ්‍රණය දාලා පැණි වළළු වගේ රත් වුන තෙලට පයිප් කරගෙන ගැඹුරු තෙලේ බැදගන්න.
  • සීනි හා වතුර එකතු කරලා උණු කරගන්න. දෙහි යුෂ ටික දාගන්න. නූල් ඇදෙන පදමට ආවම ලිපෙන් බාලා බැදගත් ජලේබි ටික දාගන්න.

 

6. බලුෂාහි

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පාන්පිටි 200g
  2. බේකින් පව්ඩර් තේ හැඳි 1
  3. සූදුරු තේ හැඳි 1/4
  4. කරදමුංගු කුඩු තේ හැඳි 1/4
  5. බටර් මේස හැඳි 3
  6. ලුණු

 

සිරප් එකට

 

  1. සීනි කෝප්ප 1 1/2
  2. වතුර කෝප්ප 1/2
  3. රෝස් එසන්ස් බිංදු 4

 

  • භාජනයකට පාන්පිටි දාලා බේකින් පව්ඩර්, සූදුරු, කරදමුංගු කුඩු, බටර් ලුණු හා වතුර කෝප්ප  1/2ක් දාලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න.
  • මේක කොටස් දෙකකට කඩලා එක කොටසකින් බෝල 16ක් වෙන්න බෝල 32ක් හදාගන්න. උළුදු වඩේ එකක් වගේ මැද හිලක් වගේ එන බෝල හදලා ගැඹුරු තෙලේ බැදගන්න. නිවෙන්න තියන්න.
  • සීනි වලට වතුර දාලා ලිපේ තියලා රෝස් එසන්ස් දාගන්න. නූල් ඇදෙන පදම එනකොට බැදගත් බුලුෂාහි ටික දාලා පොඟවගන්න.

 

 

7. ගුලාබ් ජමුන්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කිරිපිටි කෝප්ප 2
  2. පාන්පිටි තේ හැඳි 4
  3. රුලං තේ හැඳි 4
  4. බිත්තර 1
  5. බේකින් පව්ඩර් තේ හැඳි 4

 

සීනි සිරප් එකට

 

  1. සීනි කෝප්ප  2
  2. කුරුදුපොතු කෑල්ලක්
  3. වතුර කෝප්ප  2
  4. එනසාල් ඇටයක්

 

  • බිත්තරය හොඳට බීට් කරගන්න. ඊළඟට පාන්පිටි, රුලං, කිරිපිටි කලවම් කරලා බීට් කරගත් බිත්තරය දාගන්න. ඩෝ එක අනාගන්න අවශ්‍ය නම් කිරි ටිකකුත් එකතු කරගන්න.
  • ඩෝ එක හදලා පොඩි බෝල හදාගන්න. ගී ඔයිල් ලිපේ තියලා අඩු ගින්දරේ මේ බෝල ටික බැදගන්න.
  • භාජනයකට සීනි සිරප් එකට ඕන ඔක්කොම දාලා නූල් ඇදෙන පදමට උණුකරගෙන ගුලාබ් ජමුන් ටික දාලා හොඳට සිරප් එක උරාගන්න තියන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *