විනෝදාත්මක

ලංකාවේ ජනප්‍රිය වුණු විදෙස් නිළියෝ

අපි අද කතා කරන්න යන්නේ තමන්ගේ උපන් රටටත් වඩා ලංකාව තුළදී අති මහත් ජනප්‍රියත්වයක් ලබාගන්න සමත් වෙච්ච නිළියෝ කිහිප දෙනෙක් ගැන. සමහර නිළියෝ ලංකාව ඇතුළේ ජනප්‍රිය වුණේ ඇයි කියන එක ගැන අපිටත් හරියටම හිතාගන්න බෑ. ඕගොල්ලන්ට හේතුවක් හිතාගන්න පුළුවන් වුණොත් ඒ ගැන අපිට කියන්නත් අමතක කරන්න එපා.

 

1. මන්දිරා බේඩි

ලංකාවෙ වැඩිම ජනප්‍රියත්වයක් ලබා ගන්න සමත් වෙච්ච ඉන්දියානු නිළිය මන්දිරා කියලා කිව්වොත් වැරැද්දක් නැහැ. ඇයට වාසනාව ගෙන එන්නේ 1994 ඉන්දියාවේ දූරදර්ශන් නාලිකාව හරහා විකාශනය වුණු ‘ශාන්ති’ දීර්ඝ ටෙලි නාට්‍ය මාලාව. ලංකාවේ මෙම ටෙලිනාට්‍යය සිංහලයට හඬ කවලා විකාශනය කිරීමත් එක්ක මන්දිරා පිස්සුව ලංකාවේ මිනිස්සුන්ට ගැහුවා. අන්තිමට ඒක නතර වුණේ ඇයව ලංකාවේ එක්තරා ටෙලි නාට්‍යයකටත් සම්බන්ධ කරගෙන.

 

2. ශ්වේතා තිවාරි 

කලින් අපි සඳහන් කරපු මන්දිරා හඬ කවන ලද ටෙලිනාට්‍ය ගණනාවකින් ලංකාවේ ප්‍රේක්ෂකයන්ට සමීප වුණත්, ශ්වේතා මුළු ලංකාවෙම ප්‍රේක්ෂකයන්ව පැහැර ගත්තේ එකම එක ටෙලි නාට්‍යයක් හරහා. (ඇය ඉන්දියාව තුළ නිර්මාණ ගණනාවකට සම්බන්ධ වුණා , නමුත් ලංකාවේ හඬ කවලා විකාශනය වුණේ මේ ටෙලි නාට්‍යය විතරයි). ඒ තමයි ‘ප්‍රවීණා’. අනුරාද බාසූ සහ රිෂබ් බලාජි යන දෙදෙනා අතර ප්‍රේම ත්‍රිකෝණයට මැදි වුණු තරුණියකගේ චරිතයක් ඇය නිරූපණය කළා. ඇයත් අවස්ථා කීපයකදී ලංකාවේ සංචාරය කළ අතර එහිදී ඇයට උණුසුම් ප්‍රතිචාර හිමිවුණා.

 

3. ස්මිත්‍රි ඉරානී

‘මහගෙදර’ තුල්සි විදිහට ලංකාවේ අපි දන්න ස්මිත්‍රි ඉරානි මේ වෙනකොට තමන් ඉන්දියාව තුළ රංගනයෙන් උපයා ගත්ත ප්‍රේක්ෂක ප්‍රතිචාර දේශපාලනය සඳහා ආයෝජනය කරලා කැබිනට් ඇමතිවරියක් බවට පත්වෙලා සිටිනවා. නමුත් ඇය ඉන්දීය දේශපාලනයට පිවිසුණු අති දක්ෂ තැනැත්තියක් බව ගෞරවයෙන් යුතුව සඳහන් කළ යුතුමයි. 2019 වසරේ දී ගාන්ධිවරුන්ගේ බලකොටුවක් ලෙස සැලකුණු අමිතී ආසනය ඇය ජයග්‍රහණය කළේ ගාන්ධිවරුන්ගේ ඔටුන්න හිමි කුමාරයා රාහුල් ගාන්ධිව පරාජයට පත්කරමින්.

 

4. යූකෝ ටනාකා

කිසි හිරිකිතයක් නැතුව ලංකාවේ එතෙක් මෙතෙක් හඬ කවලා තිරගත වුණු විශිෂ්ටතම ටෙලි නාට්‍යය විදිහට ‘ඔෂීන්’ හඳුන්වන්න පුළුවන්. ජපන් රජයේ තිළිණයක් විදිහට ලැබුණු මෙම ටෙලි නාට්‍යයේ ඔෂීන්ගේ චරිතය නිළියන් තිදෙනෙකු විසින් නිරූපණය කළා. ඒ අතරින් තරුණ වියේ ඔෂින්ගේ චරිතය නිරූපණය කරපු යූකෝ ටනාකාට බාල මහලු හැම දෙනෙක්ම ආදරය කළා. නිළියක සහ නිවේදිකාවක් වන රසාදරී පීරිස් තමයි තරුණ වියේ ඔෂින් සඳහා හඬ කවන ලද්දේ.

 

5. ලී යන්ග් 

ජාතික රූපවාහිනිය විසින් ප්‍රදර්ශනය කරන ලද සිංහලයට හඬ කවනලද කොරියානු මාලා නාටක අතර ‘සුජාත දියණිය’ අතිශයින් ම ජනාදරයට පත් වුණා. එහි ප්‍රධාන නිළියගේ භූමිකාව රඟපෑ ලී යන්ග් සැබැවින්ම සුජාත දියණියක්. 2017 වසරේදී ලංකාවේ ප්‍රදේශ රැසකට බලපෑ ගංවතුරින් ආපදාවට පත් වූ ජනතාව වෙනුවෙන් ඩොලර් 50,000 ක පරිත්‍යාගයක් ඇය විසින් සිදු කළා. තමන්ට අතිශයින් ආදරය කළ ජනතාවකට ඇයට කළගුණ සැළකුවේ අන්න ඒ ආකාරයටයි.

 

6. මසේනා ගොඩෙයිකි

පෝලන්තයේ උපන් අය ඇගේ පවුලේ සාමාජිකයන් සමග සංක්‍රමණිකයන් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණියා. දිය යට කිමිදීම සහ පිහිනීම කෙරෙහි කුඩා කල පටන් දක්ෂතාවයක් දැක්වූ ඇයව එම කුසලතාවය නිසාම ඔස්ට්‍රේලියානු නිර්මාණයක් සඳහා තෝරා ගත්තා. ඒ හරහා ඇය ලොව පුරා රටවල් රැසක ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණයට සහ ආදරයට ලක් වුණා. ඇය නිරූපණය කළේ ‘ඕෂන් ගර්ල්’ මාලා නාටකයේ නේරිගේ චරිතයයි.

 

7. ගෝසියා පියට්‍රොව්ස්කා 

ලංකාවේ අපි බොහෝ දෙනෙක් නොදැනුවත්වම පෝලන්ත ජාතික නළු නිළියන්ට ආදරය කරලා තියෙනවා, ඒ ඔස්ට්‍රේලියානු නිර්මාණ හරහා. ‘ස්පෙල් බයින්ඩර්’ එහෙමත් නැත්නම් අපිට පුරුදු විදිහට ‘මායා බන්ධන’ මාලා නාටක දෙකම අපේ ළමා කාලය අතිශයින් චමත්කාරයෙන් පුරවන්න සමත් වෙච්ච මාලා නාටක දෙකක්. පළමු මාලා නාටකයේ රියානාගේ චරිතය රඟපෑවේ ගෝසියා විසින්.

 

මේ ලැයිස්තුවට අපි ඇතුළත් කරලා තියෙන්නේ නිළියන් හත් දෙනකුගේ නම් පමණයි. නමුත් මේ ලැයිස්තුවට ඇතුළත් වෙන්න ඕන නිළියන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය ගැන කමෙන්ට් එකකින් මතකය අවදි කරන්න ඔබත් අමතක කරන්න එපා. ඔබෙන් ලැබෙන ප්‍රතිචාර උඩ මේ ආටිකල් එකේ තවත් කොටස් කීපයක් ඉදිරියේදී ලියන්න අපි බලාපොරොත්තු වෙනවා.

 

admin

Share
Published by
admin

Recent Posts

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ කාරණා ඔබ දැනගෙන හිටියාද?

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන්…

7 months ago

දරුවන් හදන කොට දෙමව්පියෝ කරන වැරදි, හැබැයි සමාජයේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේවා තමයි දෙමාපියන්ගේ ආදරය කියලා!

දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී…

8 months ago

කොල්ලගේ අම්මා එක්ක මෙන්න මේ දේවල් කවදාවත් කරන්න යන්න එපා!

මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක්…

8 months ago

ශිෂ්‍යයෙක් විදිහට ඔබගේ අනාගත වෘත්තීය ක්ෂේත්‍රය තෝරා ගන්නේ මෙහෙමයි!

දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක්…

8 months ago

ජීවිතේ උවමනාවට වඩා ඕනෑම නැති දේවල් කිහිපයක් – 2 කොටස

"ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත" කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ "ටූ…

8 months ago

ඇමෙරිකානුවන් සඳ මත පා තැබීම බොරුවක්ද? ඒක බොරුවක් නෙවෙයි කියන්න සාධක මෙන්න

ඇත්තටම මිනිස්සු හඳට ගියාද? ඔය ප්‍රශ්නේ, ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය අහන දෙයක්. එහෙම අහන්න…

8 months ago