ජීවිත සබඳතා

ආදරේ වර්ග 7 ගැ​න දන්නවද? ඔබේ ආදරය මින් මොන වර්ගයට අයත්ද?

ආදරේ කියන්නෙ අපි කාටවත්ම මෙන්න මෙහෙමයි කියල විස්තර කරන්න පුළුවන්කමක් නැති අති​ශය මානුෂික හැඟීමක්. ජිවිතේ කොයි අවධියක හරි, කොයි විදිහක හරි ආදරයක් ඕනම කෙනෙක් විඳල තියෙනවනෙ. ඒකනෙ අර සින්දුවකිනුත් කියන්නෙ “ප්‍රේමය ලොව හැමතැනම ඇතී, හැම දෙනාටම හමුවෙලා ඇතී…” කියල. හැබැයි ඒ ගීතයේම අනික් පදවැල් වලින් කියන විදිහට ප්‍රේමය කියන ප්‍රෙහේළිකාව හරියටම විසඳගන්න පුළුවන් වුණ කෙනෙක්නම් මේ මිහිමත ඇත්තෙ නැහැ. ඇත්තටම ඒක එහෙමමද කියල ඇහුවොත් හුඟක් දෙනෙකුගෙන් අපිට ලැබෙන උත්තරේ තමයි ඔව් කියන එක. මොකද ආදරය කියල කිව්වම කාගෙත් ඔළුවට ඉස්සෙල්ලාම එන්නෙ යෞවන යෞවනියන් අතරේ ඇතිවෙන ශෘංගාරය පදනම් කරගත්ත ආදරයනේ. එත් ආදරය කියන්නෙ ඒකම විතරක් නම් නෙමෙයි. දෙමව්පියන්ගෙ හිතේ දරුවන්ට ඇතිවෙන අසීමිත ආදරේ, ලඟම මිතුරු මිතුරියන් ගැන දැනෙන ආදරේ වගේ හැඟීම් වලටත් ආදරේ කියන නමම තමයි තියෙන්නෙ.

ඉතින් මේ එක එක විදිහේ ආදරේ වර්ග ගැන තමයි අද කතාව. ආදරේ කරලා තිබුණට, ආදරේ විඳලා තිබුණට මේකනම් හුඟක් දෙනෙක් අහල නැති කතාවක්. පුරාණ ග්‍රීක දර්ශනිකයෝ මේ ආදරේ වර්ග 7කට වෙන් කරල මේ විදිහට විස්තර කරලා තියෙනවා. 

 

 

1. Eros

 

මේ කියන්නෙ ශෘංගාරාත්මක ආදරය ගැනයි. හරියටම කිව්වොත් කාමය කෙරෙහි ඇතිවෙන තණ්හාව. මේක ටිකක් භයානක වර්ගයක ආදරයක්. මිනිස් හිතක ඇතිවෙන මේ වර්ගයේ ආදරය, හරියටම කිව්වොත් වෙන කෙනෙකුගේ භෞතික ශරීරයක් කෙරෙහි ඇතිවෙන ලිංගික ආකර්ෂණය නිසාම ඒ අවස්ථාවේ කරන කියන දේවල් ගැන පාලනයක් පවා නැතිවෙන්න පුළුවන්. මේ බාහිරින් ඇතිවෙන ලිංගික ආකර්ෂණය මතම පමණක් පදනම් වෙලා කෙනෙක් කෙරෙහි ඇතිවෙන Eros කියන ආදරය සම්පූර්ණයෙන්ම තාවකාලික හැඟීමක්. එහෙම හැඟීමක් මත පදනම් වෙලා පටන් ගන්න ආදර සම්බන්ධතා වලටත් වැඩිදුරනම් ආයුෂ නැහැ.

 

 

2. Philia  

 

Philia කියන්නෙ කෙනෙකුට තමන්ගේ දෙමව්පියන්, සහෝදරයින්, ලඟම යහළු හිතමිත්‍රාදීන් වගේ අය ගැන ඇතිවෙන විදිහේ හරිම දයාබර හැඟීමකට. මේ ආදරේ හැම වෙලාවෙම ලෙන්ගතුයි, මිත්‍රශීලීයි ඒ වගේම විශ්වාසවන්තයි. බොහෝවිට එකවගේම අත්දැකීම්, එකවගේ සිතුවිලි තියෙන අය අතරේ තමයි මේ වර්ගයේ ආදරයක් ඇතිවෙන්න පුළුවන්. මේක හරිම යහපත් චේතනාවන් පෙරදැරි කරගෙන ඇතිවෙන ආදරයක්. මූලිකව Eros කියන ආදරය ඇතුව පටන් ගන්න සම්බන්ධතාවයක් උනත් මේ Philia කියන හැඟීම එක්ක ඉස්සරහට ගෙනිච්චොත් බොහොම ශක්තිමත් සම්බන්ධතාවයක් වෙන්නත් පුළුවන්.

 

 

3. Storge

 

මේ ආදරය තමයි දෙමව්පියන් තමන්ගේ දරුවන්ට දක්වන ආදරය. ඒක ලෝකෙ කොයි කොනේ, කොයි ජන වර්ගයේ, කොයි දේශ සීමාවේ ඉන්න කෙනෙක්ගේ හිතේ උනත් ඇතිවෙන කොන්දේසි විරහිත ආදරයක්. අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් හිතේ ඇතිකරගන්න ආදරය මොන තත්වයක් යටතේ උනත් වෙනස් වෙන්නෙ නැහැ වගේම ඒ කරන කැපකිරීම් වලටත් කිසිම සීමාවක් නැහැ. ඒ ආදරයෙන් ලැබෙන ශක්තිය, ආරක්ෂාව නිසාම තමයි දරුවෙක් ජීවිත කාලෙ පුරාම ටිකෙන් ටික වර්ධනය වෙන්නෙත්. 

බුද්ධ චරිතයේ විස්තර වෙන විදිහට සුද්ධෝදන රජතුමා ඇඟේ සම, මස්, ඇටකටු විනිවිද ගිහිල්ලා ඇට මිදුළු වලටත් දැනෙන හැඟීමක් විදිහට විස්තර කරල තියෙන්නෙත් දෙමාපියන්ගෙ හිතේ ඇතිවෙන මේ ගැඹුරු ආදරය තමයි.

 

 

4. Agape

 

මේක ටිකක් වෙනස් විදිහක ආදරයක්. සමීප පුද්ගලයෙක් එහෙමත් නැත්තම් මොකක්මහරි හේතුවකට තමන්ගේ හිතට දැනෙන කෙනෙක් වෙනුවෙන් ඇතිවෙන හැඟීමක් නම් නෙමෙයි මේක. මේ ආදරය පොදුවේ ලෝකෙ හැමතැනම පැතිරිලා තියෙන ආදරයක්. කෙනෙකුට අනිත් මනුස්ස වර්ගයා ගැන, සොබාවධර්මය ගැන ඇතිවෙන ආදරය තමයි මේ agape කියන එකෙන් විස්තර කෙරෙන්නෙ. ලෝකේ අනික් මිනිස්සු වෙනුවෙන් සමාජ සත්කාර ක්කරන්න, ඔවුන් ගැන වදවෙන්න කෙනෙක්ව පෙළඹවෙන්නෙත් මේ ආදරය නිසා තමයි. ග්‍රීක දාර්ශනිකයන් කියන විදිහට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන් වහන්සේගේ ජීවකාලය පුරාම මිනිසුන්ට කියල දෙන්න උත්සහ කරපු දෙයක් තමයි මේ ලෝකය වෙනුවෙන් කෙරෙන ආදරය. ආදරය ගැන කියවෙන වර්ග හතෙන් උසස්ම වර්ගය විදිහට සැලකෙන්නෙත් මේ agape කියන වර්ගය තමයි.

 

 

5. Ludus  

 

මේ කියන්නෙ සෙල්ලක්කාර ආදරයක් ගැන. කිසිම අන්‍යෝන්‍ය බැඳීමක්, එකිනෙකා කෙරෙහි වගකීමක්, කැපකිරීමක් නැතුව ඇතිවෙන, පවත්වාගෙන යන ආදරයක්. මේ සම්බන්ධතාවය ඇතුලෙ වැඩිපුරම දකින්න තියෙන්නෙ එකිනෙකාව අවුස්සන, විහිළු කරන, රවට්ටන ක්‍රියාකාරකම්. සමහර ආදර සම්බන්ධතාවල මුල්ම කාලෙ මේ ludus මට්ටමෙන් පටන් ගන්නත් පුළුවන්. හැබැයි මේ වර්ගය පසුකාලීනව ස්ථිර ආදර සම්බන්ධතාවයක් දක්වා දුරදිග යන්නත් බැරි නැහැ. 

 

 

6. Pragma

 

කාලයක් තිස්සේ ආදර සම්බ්නධතාවයක් පවත්වාගෙන යන යුව​ළක් අතරේ දකින්න පුළුවන් විදිහේ ශක්තිමත් ආදර බැඳීමකට තමයි මේ pragma කියන නම කියන්නෙ. එකට ඉන්න කාල සීමාව වැඩිවෙන්න වැඩිවෙන්න වර්ධනය වෙලා ශක්තිමත් වෙන මේ බැඳීම හරිම සමබර බැඳීමක්. දෙන්නෙක් අතරේ ඇතිවෙන මූලික මට්ටමේ සම්බන්ධයක් බොහොම කාලයක් තිස්සේ හොඳින් නඩත්තු කරලා රැකබලාගැනීමෙන් තමයි මේ මට්ටමට වැඩිදියුණු කරන්න පුළුවන් වෙන්නෙ. 

 

 

7. Philautia

 

කලින් කියපු ඔක්කෝම වර්ග වලට වඩා වෙනස්ම වර්ගයක් තමයි මේ දැන් කියන්න යන ආදරය. Philautia කියන්නෙ කෙනෙක් තමන් කෙරෙහිම දක්වන ආදරය. තමන්ට නියම වටිනාකමක් ලබාදෙන්න, ආත්ම විශ්වාසයක් ඇතිකරගන්න නම් කෙනෙක් ළඟ තියෙන්නම ඕන ගුණාංගයක් තමයි මේ තමන් කෙරෙහිම ඇති ආදරය. මේ විදිහට තමන්ට අනවශ්‍ය විදිහට ආදරය කරන නිසාම කෙනෙක් ආත්මාර්ථකාමී අනවශ්‍ය අහංකාරයක් තියෙන කෙනෙක් වෙනව කියලා හිතෙන්නත් පුළුවන්. හැබැයි ලෝකෙ ඕනම කෙනෙකුට ආදරය කරන්න කලින් තම තමන්ටම ආදරය කරලා ඉන්න ඕනනෙ. ඒ විදිහට බැලුවොත් මේ ආදරයේ කිසිම වරදක් නැහැ. ග්‍රීක දර්ශනිකයෝ විශ්වාස කරපු විදිහට කෙනෙකුට ඇතුළාන්තයෙන්ම එන සැබෑ සතුට කියන එක විඳින්නනම් තමන්ටම ආදරය කරන්න අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න වෙනවා. 

 

 

admin

Share
Published by
admin

Recent Posts

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ කාරණා ඔබ දැනගෙන හිටියාද?

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන්…

7 months ago

දරුවන් හදන කොට දෙමව්පියෝ කරන වැරදි, හැබැයි සමාජයේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේවා තමයි දෙමාපියන්ගේ ආදරය කියලා!

දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී…

8 months ago

කොල්ලගේ අම්මා එක්ක මෙන්න මේ දේවල් කවදාවත් කරන්න යන්න එපා!

මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක්…

8 months ago

ශිෂ්‍යයෙක් විදිහට ඔබගේ අනාගත වෘත්තීය ක්ෂේත්‍රය තෝරා ගන්නේ මෙහෙමයි!

දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක්…

8 months ago

ජීවිතේ උවමනාවට වඩා ඕනෑම නැති දේවල් කිහිපයක් – 2 කොටස

"ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත" කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ "ටූ…

8 months ago

ඇමෙරිකානුවන් සඳ මත පා තැබීම බොරුවක්ද? ඒක බොරුවක් නෙවෙයි කියන්න සාධක මෙන්න

ඇත්තටම මිනිස්සු හඳට ගියාද? ඔය ප්‍රශ්නේ, ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය අහන දෙයක්. එහෙම අහන්න…

8 months ago