හොඳ perfume එකක් මිලදී ගන්න ලංකාවේ මෙන්න මේ තැන් වලට යන්න

Perfume ගැන උනන්දු හැමෝටම අපි කලින් ලිපි දෙකකින්ම කතා කළානෙ විවිධ perfume වර්ග ගැනයි perfume භාවිතයේදි දැනගෙන ඉන්න ඕන දේවල් ගැනයි. මේකත් perfume ගැනම කතාවක් තමයි. Perfume ගැන උනන්දු උනාට ලංකාවෙ හුඟක් දෙනෙකුට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි හොඳ තත්ත්වයේ perfume එකක් මිලදී ගන්න හරි හමන් තැනක් නැතිකම. ඔය හුඟක් රෙදිපිළි සාප්පු වල තියෙන perfume ඒ තරම් හොඳම තත්ත්වයේ ඒව නෙමෙයි වගේම සුවඳ වර්ගත් හරිම කොමන්. ඒ සුවඳවල්ම පාරවල් දිගට පේමන්ට් එකෙත් විකුණන්න තියෙනව වෙලාවකට. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරයක් හොයල දෙන්න අපි හිතුව හොඳ සුවඳ සහ ප්‍රමිතියක් තියෙන, රට රටවල නිපදවපු perfume වර්ග මිලදී ගන්න පුළුවන් ලංකාවෙ මොන මොන කඩවල් වලින්ද කියල කතා කරන්න.

 

 

1. The Perfume Shop

 

මේ The Perfume Shop කියන perfume store එක තියෙන්නෙ කොම්පඤ්ඤවීදියේ මැලේ ස්ට්‍රීට් එකේ. perfumery.lk කියලා website එකකුත් facebook page එකකුත් තියෙනව මෙයාලට. ලෝකයේ ඉතා ඉහළම සන්නාම වල perfume වර්ග මෙතනින් මිලදී ගන්න පුළුවන්. Perfume විතරක් නෙමෙයි, Deodrant සහ Shower Gel වර්ගත් මේ අය ළඟ තියෙනව. එයාලගෙ වෙබ් අඩවිය අනුව රු. 690 ඉඳලා රුපියල් 22,900 වෙනකං මිල පරාසයක perfume වර්ග එයාල ළඟ තියෙනවා. Shop එකට නොගිහින් වෙබ් සයිට් එක හරහා ඔන්ලයින් ෂොපින් කරන්න උනත් පහසුකම් සලස්වල තියෙනව.  

 

 

2. The Parfumerie

 

The Parfumerie කියන්නෙ ටිකක් උසස් මට්ටමේ පාරිභෝගික පිරිසක් ඉලක්ක කරගෙන කෙරෙන ශාඛා ජාලයක්. ඒ කිව්වේ කොළඹ Majestic City, Crescat, Liberty Plaza, Shangrila, Odel ශාඛා වල සහ මහනුවර Kandy City Centre කියන තැන්වල ශාඛා කිහිපයක් තියෙන shop එකක්. මේ අය ගාව perfume වලට අමතරව වෙනත් රුපලාවන්‍ය නිෂ්පාදන සහ මාල, කරාබු වගේ jewelry අයිතමත් තියෙනව. ඉතා ඉහල තත්ත්වයෙන් යුතු perfume වර්ග මිල රුපියල් 3,600 ඉඳන් රුපියල් 34,000 වගේ ඉහළ මිලක් වෙනකං මෙයාලගෙ website එකේ දාල තියෙනව. ඔන්ලයින් මිලදී ගන්න පුළුවන් පහසුකම මේ වෙබ් අඩවියෙනුත් ලබා දීල තියෙනවා. 

 

 

3. Asma Exclusive Perfume Shop

 

මේ Asma Exclusive Perfume Shop එක පිහිටල තියෙන්නෙ ගලදාරි හෝටලය ලඟමයි. ඒ කියන්නෙ මේකත් ටිකක් ඉහළ මට්ටමේ customer base එකක් ඉලක්ක කරගෙන කරන shop එකක්. හැබැයි මෙයාලගෙ වෙබ් සයිට් එකක්නම් නැහැ. Facebook page එකක් තිබුණත් ඒකත් නිතර update වෙලානම් නැහැ. හුඟක් මැදපෙරදිගින් ආනයනය කරපු උසස් තත්ත්වයේ perfume වර්ග තමයි මේ shop එකේ දකින්න තියෙන්නෙ. 

 

 

4. The Attar Shop 

 

Attar කියන වචනේ තේරුම තමයි සුවඳවත් තෙල් කියන එක. The Attar Shop කියන්නෙ දෙහිවල-ගල්කිස්ස අතරතුර Council Avenue එකේ තියෙන shop එකක්. මෙයාල ගාව තියෙන්නෙ perfume සහ essential oil වර්ග. මේ අය ගාවත් හුඟක්ම තියෙන්නෙ අරාබි රටවල නිෂ්පාදන. සාමාන්‍ය දැරිය හැකි මිලකට හොඳ perfume එකක් ගන්න පහසු තැනක් තමයි මේක. 

 

 

5. Perfuma.lk

 

මේ perfuma කියන shop එක තියෙන්නෙ කොල්ලුපිටියේ 17 වෙනි පටුමගේ. ඔන්ලයින් මිලදී ගන්න පුළුවන් හොඳ වෙබ්සයිට් එකක් වගේම Cash on Delivery පහසුකමත් තියෙනවා. මේක රූපලාවණ්‍ය නිෂ්පාදන හුඟක් තියෙන කඩයක්. Perfume ගැන කිව්වොත් ලෝකයේ ඉහළම තත්ත්වයේ හොඳ perfume වර්ගත් මේ shop එකේ තියෙනව. මිල රුපියල් 4,000 ඉඳන් රුපියල් 18,500 වගේ වෙනකං මිල පරාසයක perfume වර්ග දකින්න පුළුවන්. මෙයාලගේ වෙබ් සයිට් එකේ සඳහන් වෙන විදිහට විවිධ perfume වර්ග 7, 000ක පමණ එකතුවක් මේ අය ළඟ තියෙනව කියල තමයි කියන්නෙ. කොහොම උනත් පැය 24ම ප්‍රතිචාර දක්වන online customer support chat එකක් එහෙමත් තියෙන නිසා මෙයාල එක්ක ගනුදෙනු කරන්නනම් හරිම ලේසියි. 

 

 

6. Dollar Corporation

 

Dollar Corporation කියන්නෙ පිටකොටුවේ බෝධිරාජ මාවතේ තියෙන shop එකක්. මෙයාලටත් වෙබ් සයිට් එකක් නම් නැහැ. Facebook එකෙත් තියෙන නිෂ්පාදන ගැන සඳහන් කරල නැහැ. මේ අය ගාව perfume වලට අමතරව ලොකු පරාසයක රූපලාවණ්‍ය නිෂ්පාදනත් විකුණන්න තියෙනව තොග සහ සිල්ලර වශයෙන්. අඩු මුදලකට හොඳ perfume එකක් ගන්න ඕන නම් යන්න පුළුවන් හොඳ තැනක් තමයි මේ Dollar Corporation කියන්නෙ. 

 

 

7. Excusive Lines

 

 

Exclusive Lines කියන්නෙත් උසස් තත්ත්වයේ perfume මිලදී ගන්න හොඳ shop එකක්. මේ shop එක පිහිටල තියන්නෙ කොම්පඤ්ඤවීදියේ Park Street එකේ. හොඳ website එකක් වගේම නිරන්තරයෙන් update වෙන හොඳ facebook page එකකුත් මෙයාලට තියෙනව. මේ facebook page එකට like කරල තිබුනොතින් නිතරම discount ගැන එහෙම දැනගන්න පුළුවන්. ඒ වගේම online customer support chat service එකකුත් මේ website එකට තියෙනව. නිෂ්පාදන ගැන කිව්වොත් මෙන්න මෙහෙමයි. මේකත් Perfume විතරක් නෙමෙයි වෙන රූපලාවණ්‍ය නිෂ්පාදනත් තියෙන shop එකක්. රුපියල් 6,000 වගේ ඉඳලා 23,000 වගේ වෙනකං මිල පරාසයක perfume මෙයාල ළඟ තියෙනව. හැබැයි නිතරම ඩිස්කවුන්ට් ලැබෙන නිසා තරමක මිල perfume එකක් උනත් අඩු මුදලකට ගන්න පුළුවන් තැනක්. 

අන්තිමටම කියන්න ඕන ඔය කොයි shop එකෙන් උනත් මුල්ම වරට perfume එකක් මිලදී ගන්නවනම් ඔන්ලයින් මිලදී ගන්න එක ඒ තරම් හොඳ අදහසක්නම් නෙමෙයි. මොකද ඔන්ලයින් සුවඳ චෙක් කරල බලන්න විදිහක් නැහැනෙ. ඒ නිසා කලින් හොඳටම දන්න, ශුවර්ම වර්ගයක් මිසක් ඔන්ලයින් මිලදී ගන්න එපා. ලස්සන බෝතල් වල පේළියට අසුරපු perfume රාක්ක දිගේ ඇවිදගෙන ගිහින් සුවඳ බලන එකත් හොඳ අත්දැකීමක් නිසා ගිහිල්ලම බලන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *