බොලිවුඩය කියන්නේ මගුල් සක්වලක්. විවිධ අවස්ථාවල නළු නිළි යුවළවල් විවාහ වෙන්න ඔන්න මෙන්න තියෙද්දි නයි වෛරක්කාරයන් බවට පත් වෙනවා. එහෙම නැත්නම් විවාහක නළු නිළියන් තවත් අය සමඟ තහනම් ගහේ ගෙඩි කන්න පෙළඹෙනවා. Lifie අපේ අද මේ සටහන බොලිවුඩය කළඹවන්න සමත් වෙච්ච අනියම් සබඳතා කීපයක් පිළිබඳව.
1. අමිතාබ් බච්චන් සහ රේඛා
අද පවා රේඛා සහභාගි වන බොහෝ උත්සව අවස්ථාවල දී අමිතාබ් බච්චන් අපහසුතාවයට ලක් වෙනවා. මේ නිසා බොහෝ අවස්ථාවල ඔහු එවැනි උත්සව මගහැරීමට උපරිම උත්සාහ කරනවා. දෙදෙනා එක්ව රඟපෑ පළමු චිත්‍රපටයෙන්ම ඔවුන් දෙදෙනා එකිනෙකා කෙරෙහි බැඳුණු අතර ඒ වනවිටත් තමන් විවාහකයකු වීම අමිතාබ්ට ගැටළුවක් වුණේ නැහැ. කෙසේ වෙතත් එවකට පළ වූ මාධ්‍ය වාර්තා අනුව ජයා බච්චන් තමන් කිසිවිටකත් අමිතාබ්ව දික්කසාද නොකරන බව දෙදෙනාටම පැහැදිලි කිරීම නිසා මෙම සම්බන්ධයට තිත තැබෙනවා.
2. මිථුන් චක්‍රබෝර්තී සහ ශ්‍රී දේවී
ධර්මේන්ද්‍ර සහ හේමමාලීනී යුවළ දෙවැනි විවාහයකට යෑමත් සමඟ බොලිවුඩය තුළ රාවයක් පැතිර ගියේ ශ්‍රී දේවී සහ මිථුන් චක්‍රබෝර්තීද ඒ ආකාරයෙන්ම විවාහ වී ඇති බවයි. කෙසේ වෙතත් එහි දී එවකට දරු දෙදෙනෙකුගේ පියෙකු වූ මිථුන්ගේ බිරිඳ වන යෝගිතා, තමන් සියදිවි හානි කර ගන්නා බවට තර්ජනය කර තිබෙනවා. මේ නිසා ඔවුන් දෙදෙනාට තමන් රහසිගතව සිදුකර ගත් විවාහය අත්හැර දැමීමට සිදු වූ බව පැවසෙනවා.
3. ආක්ෂේ කුමාර් සහ ප්‍රියංකා චොප්රා
බොලිවුඩය තුළ අංක එකේ අනංගයෙකු වූ ආක්ෂේ කුමාර් ඇඳුම් මාරු කරන්නා සේ තම පෙම්වතියන් මාරු කිරීමට ප්‍රසිද්ධව සිටි අයෙක්. කෙසේ වෙතත් ට්වින්කල් ඛන්නා සමඟ විවාහයෙන් පසුව ඔහු තැන්පත් ජීවිතයක් ගත කිරීමට පටන් ගත්තා. නමුත් ප්‍රියංකා චොප්රා විසින් ඔහුගේ සිත සසල කළත් මේ බව ආරංචි වූ වහාම ට්වින්කල් ඛන්නා විසින් ඔහුට එල්ල කරන ලද කම්මුල් පහරක් නිසා අක්ෂේට සහ ප්‍රියංකාට වැඩි කලක් ප්‍රේමාලිංගනයේ යෙදීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.
4. සයිෆ් අලී ඛාන් සහ රෝසා කැටලානෝ
තමන්ට වඩා වැඩිමහල් කාන්තාවන් කෙරෙහි ආකර්ෂණයක් ඇත්තෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වූ සයිෆ් අලී ඛාන් වයස අවුරුදු 21 දී අම්රිතා සිං සමග විවාහ වීමෙන් සියලු දෙනාම පුදුමයට පත් කළා. කෙසේ වෙතත් එම වසර 14 ක විවාහ ජීවිතය අවසන් වුණේ සායිෆ් සහ ඉතාලි ජාතික නිරූපණ ශිල්පිනියක වන රෝසා කැටලානෝ සමඟ ඇති අනියම් පෙම් සබඳතාව මාධ්‍යයට සහ ඔහුගේ පවුලට නිරාවරණය වීමත් සමගයි. මේ වන විට ඔහු තමන්ට වඩා බෙහෙවින් ලාබාල කරීනා කපූර් සමඟ සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා.
5. අමීර් ඛාන් සහ කිරාන් රාවෝ
රීනා නම් තරුණියට පිස්සුවෙන් මෙන් ආදරේ කළ අමීර් වයස අවුරුදු 21 දී ඇය සමග පැන ගොස් විවාහයට එළඹෙනවා. වයස අවුරුදු 15 ක් පුරා කිසිදු හැල හැප්පීමකින් තොරව ගලා යන මෙම විවාහ ජීවිතය අභියෝගයට ලක් වන්නේ අමීර් ‘ලාගාන්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා බවට පත්වීමත් සමඟයි. තම සහාය අධ්‍යක්ෂක වන කිරන් සමඟ පෙමින් බැඳෙන අමීර් විසීන් රීනාව දික්කසාද කරනවා. මේ වන විට කිරන් අමීර් යුවළට කුඩා දරුවෙක් ද සිටිනවා.
6. ආදිත්‍ය චොප්රා සහ රාණි මුඛර්ජි
පාසල් වියේ පටන් තම පෙම්වතිය වූ පායල් ඛන්නා සමඟ විවාහ වුණු ආදිත්‍ය චොප්රා සාර්ථක සිනමා කරුවකු පමණක් නොව සාර්ථක සැමියකු බවටත් මාධ්‍යවලින් වර්ණනා කෙරුණා. නමුත් මෙම විවාහය පැවතුනේ වසර අටක් පමණයි. එම විවාහය බිඳ වැටීමට ඇඟිල්ල දිගු වන්නේ රාණි මුඛර්ජි වෙතටයි. මුල් අවස්ථාවේදී බොහෝ දෙනෙක් එම කතාව විශ්වාස නොකළත්, 2014 වසරේ ඉතාලියේදී රාණි සහ ආදිත්‍ය විවාහ වෙනවා.
7. රිතික් රෝෂන් සහ බාබරා මෝරි
තම පළමු ජනප්‍රිය චිත්‍රපටය වන ‘කහෝ නා ප්‍යාර් හේ’ තිරගත වූ 2000 වර්ෂයේදීම රිතික් රෝෂන් තාම දිගුකාලීන පෙම්වතිය වන සුසෑන් සමඟ විවාහයට එළඹුණා. ඔවුන් දෙදෙනා ආගම් දෙකකට අයත් වුවත් විවාහයට සහ ආදරයට එය බාධාවක් නොවුණු බවයි පැවසෙන්නේ. නමුත් ‘කයිට්ස්’ චිත්‍රපටය රඟපෑමේදී ඔහුට මුණ ගැසුණු බාබරා මෝරි ඔහුගේ හද පැහැරගැනීමත් සමග 2014 වර්ෂයේදී සුසෑන් සහ ඔහුගේ විවාහය දෙපාර්ශවයේම කැමැත්ත මත කටු ගානු ලැබුවා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply