ෆෝන් කියන්නේ දැන් ටිකක් හිමින් අලුත්වෙන දෙයක්. අලුත්ම ෆෝන් ආවාය කියලා අලුත්ම ෆීචර්ස් ගොඩක් දැන් නැහැ. තියෙන ඒවාම එහෙ මෙහෙ කරලා අලුත් කියලා ෆෝන් එනවා. දැන් ලංකාව වගේ රටවල විතරක් නෙමෙයි, බටහිර දියුණු රටවල වුණත් ඩොලර් දාහක් විතර, ලංකාවෙ සල්ලි වලින් නම් රුපියල් ලක්ෂ දෙකක් විතර ෆෝන් එකකට වියදම් කරන පිරිස එන්න එන්නම අඩු වෙනවා. මැද මට්ටමේ ස්මාට්ෆෝන් වලට කැමති පිරිස වැඩියි.
1. පික්සල් ලකුණ
ෆෝන් ඕ එස් අතර ඇන්ඩ්රොයිඩ් වලට තියෙන තැන අමුතුවෙන් කියන්න ඕනි නැහැ. ඒ අතර පික්සල් කියන්නේ ගූග්ල් සමාගමේ ඔරිජිනල්ම ඕ එස් එක්ක එන සුපිරිම ෆෝන් එකක්. ඉස්සර නෙක්සස් කියන නම යටතේ ගූග්ල් ඔරිජිනල් ෆෝන් ආවා. ඒත් දැන් ගූග්ල් සමාගම එයාලම ෆෝන් එකක් හදලා ඒක පික්සල් කියලා වෙළඳපොලට එනවා. මාකස් බ්රවුනි වගේ ෆෝන් රිවීව් කරන අය අතරත් පික්සල් කියන්නේ ආ කාලේ පටන්ම ජනප්රිය වුණු ෆෝන් එකක්. ඕ එස් එක වගේම හාඩ්වෙයාර් අතිනුත් කල්පැවැත්ම වැඩි විදිහට හදාපු පික්සල් පහුගිය කාලේ වේගෙන් හිට් වුණා.
2. ඔරිජිනල් ඇන්ඩ්රොයිඩ් වල වාසි
සැම්සන්ග්, එල් ජී, සයෝමි, හුවාවේ, වගේ නම ගිය බ්රෑන්ඩ් වල පවා මිඩ් රේන්ජ් ෆෝන් වල තියෙන එක පොදු අවුලක් තමයි ඒ ෆෝන් වල ඕ එස් එක එක්ක විවිධ බ්ලෝට්වෙයා, ඇඩ් වෙයා එන එක. ඒ නිසා ටික කාලයකින්ම ෆෝන් එකට ස්ලෝ ගතියක් එන්න ගන්නවා. ඇඩ් කම්පැනි සහ වෙනත් වැඩ වලට අපේ දත්ත හොරාගන්නත් මේ බ්ලෝට්වෙයා ක්රියාකරනවා. ඔරිජිනල් ඇන්ඩ්රොයිඩ් කියන්නේ ඒ කිසි කරදරයක් නැති ගූග්ල් සමාගමෙන්ම නිකුත් කරන ඇන්ඩ්රොයිඩ් සංස්කරණය. ඒ හරහා ෆෝන් එක ඕ එස් නිසා ස්ලෝ වීමේ අවදානමක් නැතුව පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙනවා.
3. පික්සල් බජට් එකට සමකාලීන ෆෝන්
මේ කාලේ බජට් මාකට් එක කිව්වට ඇත්තටම පික්සල් 4a ඇමෙරිකාවේ රිලීස් වෙන්නේ ඇමරිකානු ඩොලර් 350කට. ලංකාවෙ සල්ලි වලින් බැලුවොත් රුපියල් 65,000 ක් විතර වෙනවා. ඉතින් ඒ ගාණට අපට නම් මේ ෆෝන් එක බජට්ම කියන්න ටිකක් අමාරුයි. මෑත කාලේ අයි ෆෝන් සමාගම 2020ට අයි ෆෝන් SE මාදිලිය බජට් මාකට් එක වෙනුවෙන් නිකුත් කළා. ගැලක්සි ෆෝන් නිකුත් කරන සැම්සන්ග් සමාගම සැම්සන්ග් ගැලක්සි නෝට් ලයිට් කියලා වර්ෂන් එකක් ඩොලර් 400කට විතර නිකුත් කළා. වන්ප්ලස් අයත් වන්ප්ලස් නෝඩ් දැම්මේ මිඩ් මාකට් එකට. ලංකාවේ ජනප්රිය මී, හුවාවේ සමාගමුත් මේ ස්ලොට් එකට ෆෝන් කිහිපයක්ම නිකුත් කළා. ඒ එක්ක මේ ඩොලර් 350-400 සීමාව කියන්නේ දැන් ෆෝන් කිහිපයක්ම තියෙන තරගකාරී වටපිටාවක් වෙනවා.
4. තනි සිදුරේ කැමරාව
පික්සල් 4a වල කැමරාව කියන්නේ අරුම පුදුම එකක්. දැන් ලංකාවේ තිබෙන බේසික් ෆෝන් වලත් හිල් දෙක, තුන, හතර කැමරා එනවා. ඒත් පික්සල් වල එන්නේ පොඩි කැමරා ස්පේස් එකක්. ඒත් ඒකෙන් ලැබෙන පොටෝ නම් සුපිරියි. ඒ මට්ටමේ තියෙන අනෙක් ෆෝන් එක්ක බැලුවාම නයිට් පොටෝ, ඒ කිව්වේ රාත්රී පොටෝ පික්සල් වල ගතියට තියෙනවා. පික්සල් ඇඩ් වල නම් කියන විදිහට පික්සල් වලින් මහ රෑ අහසේ චක්රාවාට පවා කදිමෙට පොටෝ ගන්න පුළුවන්. යූ ටියුබ් ෆෝන් රිවීව් කරන කීප දෙනෙක්ම කියා තියෙන විදිහට පික්සල් 4a කැමරාව ඒ මට්ටමේ තියෙන අනෙක් කැමරා තුන, හතර, පහ තියෙන ෆෝන් වලට වඩා කොලියට සුපිරි විදිහට පොටෝ සහ වීඩියෝ අරං දෙනවා.
5. සිම්පල් ඩිසයින් එක
ෆෝන් වල ඩිසයින් එක ගත්තාම පික්සල් 4a වල අලුත් ලොකු දෙයක් නැහැ. හරිම සිම්පල් ඩිසයින් එකක්. ෆෝන් හදන ප්ලාස්ටික් වර්ග වුණත් ගණනාවක් තියෙනවා. ඒ අතර පික්සල් වලට අරගෙන තියෙන ප්ලාස්ටික් වර්ගය දිලිසෙන එකක් නෙමෙයි. රළු පෙනුමට අතට අහුවෙන්න තියෙන පික්සල් අතින් ගිලිහිලා බිම වැටෙන්න තියෙන ඉඩ අඩුයි. ඒ වගේම පික්සල් වල තියෙන දිග පළල අනුව පික්සල් 4a තනි අතකින් ලෙහෙසියෙන් හසුරුවන්න පහසුකම ලැබිල තියෙනවා.
6. තනි පාට සහ තනි රිලීස් එක
පික්සල් 4a එක්ක තවත් වර්ෂන් එකක් නැහැ. තියෙන්නේ එකම පික්සල් 4a මාදිලියක් විතරයි. මේකෙදි රැම් එක ගිගා 6කුත් රොම් එක ගිගා 128කුත් විදිහට තමයි මෙමරිය එන්නේ. මේ ෆෝන් එකේ බර ග්රෑම් 148යි. ඒ කියන්නේ බොහොම සැහැල්ලු ෆෝන් එකක්. ඒ බර අඩුකරන්න ඕනි නිසාදෝ ෆෝන් එකේ බැටරිය මිලි ඇම්පියර් අවර් 3140කට සීමා වෙලා තියෙනවා. ඒත් ඇන්ඩ්රොයිඩ් අයිතිකාරයින්ගේ ෆෝන් එක නිසා දවසක ස්මාට්ෆෝන් වැඩට මේ බැටරි පවර් එක ප්රමාණවත් වෙලා තියෙනවා.
7. චිප් සෙට් එක
චිප් සෙට් අතර දැන් මාකට් 4-5ක් තියෙනවා. සැම්සන්ග්, හුවාවේ එයාලගෙම චිප් සෙට් වලින් තමයි මැද මට්ටමේ ෆෝන් ගහන්න උත්සාහ කරන්නේ. ඒත් කූල් වගේම බලගතු බවින් වැඩි ස්නැප්ඩ්රැගන් 730 නැනෝමීටර අටේ චිප් එකක් තමයි මේ ෆෝන් එක ඇතුළේ තියෙන්නේ. පික්සල් 4a මට්ටමේ මැද ෆෝන් එකකින් ගන්න පුළුවන් ඔක්කොම වගේ වැඩ ගන්න මේ චිප් සෙට් එකට පුළුවන්. බැටරි බලය ඉතුරු කරලා වැඩිය රත් වෙන්න නැතුව මේ ස්නැප්ඩ්රැගන් චිප් සෙට් එක වැඩ කරනවා. ඒ වගේම දැනට තිබෙන මොබයිල් ගේම් වලින් සෑම එකක්ම වගේ කිසි ගේමක් නැතුව ප්ලේ කරන්න මේ චිප් සෙට් එක නිසා පික්සල් 4a යූසර්ලාට අවස්ථාව ලැබිල තියෙනවා.
මේ ෆෝන් එක අයිෆෝන් වගේ අයි පී රේටින්, ඒ කිව්වේ වතුරෙ දාන්න පුළුවන්, ගැස්සීම් වලට ඔරොත්තු දෙන මට්ටමේ තිබෙන බවක් සඳහන් නැහැ. ඒත් ෆෝන් එකේ තිබෙන තත්ත්වය එක්ක යම් යම් ගැස්සීම් තත්ත්වයන්ට හොඳින් ඔරොත්තු දෙන බවක් පේන්නට තියෙනවා. ඉතින් මේ පික්සල් 4ඒ ගන්න එක නම් ටිකක් අමාරුයි. මොකද මේ දවස්වල පික්සල් වලට ඇමරිකාවේ සමහර තැන්වල පවා ස්ටොක් නැහැ. ඒත් මැද මට්ටමේ ෆෝන් එකක් මිලදී ගනිද්දි ඒකට ආදර්ශ ෆෝන් එකක් විදිහට මේ පික්සල් 4a අපිට දායක කරගන්න පුළුවන්. සන්සන්දනය කරන්න යොදාගන්න පුළුවන් මේ පික්සල් 4a ලංකාවේ වෙළඳපොලට එන්න නම් තවත් සතියක් දෙකක් යාවි.
Leave a Reply