කොළඹ අවට තියෙන ෆුඩ් ට්‍රක්ස් වලින් එකක් ට්‍රයි කරලා බලමුද?

මොනවද ෆුඩ් ට්‍රක්ස් කියන්නේ කියලා නොදන්න මනුස්සයෙක් නම් මේ ලංකා තලය උඩ ඉන්න අමාරුයි. ඇයි? අපි අයිස්ක්‍රීම් ට්‍රක් වල ඉඳලා මැගී ට්‍රක්ස් දක්වා ෆුඩ් ට්‍රක්ස් දැකලා තියෙන නිසා. විශේෂයෙන්ම ඔය කානිවල් එකකදී, බුක් ෆෙයාර් එකේදී, වෙනත් ඒ වගේ ප්‍රදර්ශනයක් හෝ වෙනත් ඉවෙන්ට් එකකදී එහෙම විවිධාකාරයේ ෆුඩ් ට්‍රක්ස් ගෙනැල්ලා නවත්තනවා. හැබැයි අපි මේ කතා කරන්නේ ඒ විදියේ ඕනෑම පාරක දකින්න තියෙන අයිස්ක්‍රීම් ට්‍රක්ස්, මැගී ට්‍රක්ස්, ෂෝර්ට් ඊට් ට්‍රක්ස්, කොත්තු ට්‍රක්ස් ගැන නෙවෙයි. විශේෂිත පන්නයේ ෆුඩ් ට්‍රක්ස් ගැන. ඒවා තියෙන තැන් වල ඉඳලා දැනගත්තහම යනින් එනින් ගමනකදී ආස විදියේ කෑම එකක් ගන්න පුළුවන් වේවිනේ.

 

1. Thai Heritage food truck

හැව්ලොක් ටවුමේ බෝ ගහ හන්දිය කිට්ටුවෙන් නවත්තලා තියෙන තායි හෙරිටේජ් ෆුඩ් ට්‍රක් එක අංක එකට එන්නේ, ඒක අපේ ප්‍රියතම ස්පොට් එකක් නිසා. කොහෙන්ද මේ නම ආවේ? පේන විදියට නම් හොටෙල් එකකින් කරන ෆුඩ් ට්‍රක් එකක් කියලා තමයි දැනගන්න තියෙන්නේ. කොහොම වුනත් ඒ නිසාම එහෙම ස්ට්‍රීට් ෆුඩ් ට්‍රක් එකකින් බලාපොරොත්තු වෙන අඩු මිල කෑම බීම සෙට් එකක් බලාපොරොත්තු වෙන්න බැරි වුණත්, සාමාන්‍යයෙන් කොළඹ තායි කෑම අලෙවි වෙන මිල ගණන් දිහා බලනකොට මෙතන කෑම සාධාරණයි. අපි මේ අයගෙන් ගත්තු ප්‍රියතම අයිටම්ස් අතරේ තියෙනවා ග්‍රීන් කරි බීෆ් කොම්බෝ එක, බේසිල් කොළ දාපු කට්ල්ෆිෂ් කොම්බෝ එක පඩ් තායි එක. ඕන නම් ඌබර් ඊට්ස් වලින් ගෙන්නගන්නත් පුළුවන් ලු .

 

දුරකථන අංකය: 077 700 3688

තැන මෙතන: 

 

2. Kitchen3576 Food Truck

නම කියපු ගමන් හිතෙන්නේ නිකම් ෆැන්සි රෙස්ටුරන්ට් එකකින් කන ෆුඩ් ට්‍රක් එකක් කියලා නේ? ඇත්තටම ස්ට්‍රීට් ෆුඩ් අයිටම්ස් කළාට, මේ අයගේ කෑම වල කොලිටිය හොඳ වුනාට, ෆැන්සි රෙස්ටුරන්ට් එකක වගේ කෑම ගණන් නෑ කියලා නම් කියන්නම ඕන. මෙරීන් ඩ්‍රයිව් එකේ බම්බලපිටිය පහු කරගෙන එනකොට තමයි මේ ෆුඩ් ට්‍රක් එක මුණගැහෙන්නේ. විශේෂයෙන්ම බර්ගර් එකක්, සබ්මෙරීන් එකක්, ෂවර්මා එකක් එහෙම කන්න හිතක් පහළ වුණු වෙලාවකට මෙතන මරු. අපි මෙතනින් කාපු අපේ ෆේවරිට්ම අයිටම් එක තමයි ඇරේබියන් ෂවර්මා එක. 

 

දුරකථන අංකය: 011 2 425794

 

තැන මෙතන:

3. Crepe Runner

සාමාන්‍යයෙන් නම ඇහුණ ගමන් මට නම් මතක් වුණේ රෝඩ් රනර්ව. අර බීප් බීප් ගාගෙන විදිලි වේගෙන් යන්නේ. හැබැයි දෙයියනේ කියලා ගියාට පස්සේ අපිට තේරුණා, ක්‍රේප්ස් කන්න කොළඹ තියෙන සිරාම තැනක් තමයි මෙතන කියලා. මේකත් තියෙන්නේ මැරීන් ඩ්‍රයිව් එකේ තමයි. එතකොට මෙතන තියෙන ක්‍රේප්ස් වලින් මොනවද අපේ ෆේවරිට්? ආන්න ඒකට උත්තර දෙන එක තමයි අමාරුම වැඩේ. ක්‍රේප් රනර්ස්ලා ගාව ඔය නුටෙලා ඇන්ඩ් බනානා, නුටෙලා ඇන්ඩ් මාෂ්මෙලෝස්, නුටෙලා ඇන්ඩ් පීනට්‍ බටර්, නුටෙලා ඇන්ඩ් ඔරීයෝ වගේ ක්ලැසික් ක්‍රේප්ස් ගණනාවක් තියෙනවා. එතනින් ගියහම ඔය සීරියස් ස්වීට් ටූත් තියෙන අයට සෙට් වෙන විදියේ නුටෙලා ඇන්ඩ් කිට්කැට් ඇන්ඩ් ස්ට්‍රෝබෙරි වගේ ෆියුෂන් කොම්බෝ කීපයකුත් තියෙනවා. පැණි රස සෙට් වෙන්නෙ නැතිනම් සේවරි අයිටම් එකකුත් ගන්න පුළුවන්. බීෆ් ස්ටේක් වගේ එව්වා. අනුපානෙට මොහිතෝ එකක් හරි මිල්ක්ෂේක් එකක් හරි ගන්නත් පුළුවන්.

 

දුරකථන අංකය: 075 659 7057

තැන මෙතන: 

4. Shawarmaz

ෆුඩ් ට්‍රක් සීන් එකේදී අපි වඩාත් කැමතියි, මොනවා හරි විශේෂ කෑම වර්ගයකට ස්පෙෂලයිස් වුණු කට්ටියව මුණගැහෙන්න. ඉතින් මෙරීන් ඩ්‍රයිව් එකේ ස්‍ට්‍රීට් ෆුඩ් සීන් එකේම තියෙන තවත් ෆුඩ් ට්‍රක් එකක් තමයි මේ Shawarmaz. නමෙන් කියවෙන විදියටම මේ අයගේ ස්පෙෂ්ල්ටි එක ෂවර්මා. එහෙම කිව්වට ඉතින් ෂවර්මා කියන්නේ මේ කට්ටියගේ මේන් ස්පෙෂල්ටි එක. ඊට අමතරව සබ්මෙරීන් එකක්, බර්ගර් එකක්, මිනි සබ් එකක්, ප්ලැටර් එකක් වගේම ඔය ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වගේ ස්ටාටර් එකකුත් ගන්න බැරි කමක් නෑ මේ අයගෙන්. හැබැයි මේ අයගේ ෂවර්මා වලින් අපිට හොඳටම සෙට් වුණේ ඩුබායි ස්ටයිල් එකේ බීෆ් ෂවර්මා එක. තව ඇරබික් ස්ටයිල් එකේ ෂවර්මා, ඩුබායි ෂවර්මා දෙකම චිකන් බීෆ් දෙකෙන්ම තියෙනවා. චිකන් බීෆ් දෙකම දාපු මික්ස් ෂවර්මා එකකුත්, ෆලාෆෙල් එක්ක එන වෙජි ෂවර්මා එකකුත් මේ අය ගාව තියෙනවා. එතකොට හොට් ඇන්ඩ් ස්පයිසි කොච්චි ෂවර්මා, තන්දුරි ෂවර්මා, මෙක්සිකන් ෂවර්මා වුනත් ට්‍රයි කරලා බැලුවට පාඩුවක් නෑ!

 

දුරකථන අංකය: 077 334 7338

 

5. Choco Love

චොකෝ ලව් කියන්නේ අපි ඉස්සර චොකලට්ලන්තේ වගේ කියලා හිතාගෙන හිටපු රෙස්ටුරන්ට් එකක්. දැන් තියෙන්නේ හැබැයි චොකො ලව් කියලා ෆුඩ් ට්‍රක් එකක්. ඉස්සර චොකෝ ලව් එක තිබුණු කිට්ටුවම තමයි මේ ෆුඩ් ට්‍රක් එකත් පාක් කරලා තියෙන්නේ. දැන් අපිට මේ දවස්වල තියෙන ගිණි මද්දහනේ ඇවිදගෙන යනකොට මොනවා හරි බොන්න ඕන කියලා හිතුණොත්, මෙතනට ගොඩවැදිලා මිල්ක්ෂේක් එකක් බීලා යන්න පුළුවන්. මේ අය කියන විදියට, චොකෝ ලව් මිල්ක් ෂේක් හදන්නේ බ්‍රෑන්ඩඩ් චොකලට්‍ සහ අයිස් ක්‍රීම් සුසං‍යෝග කරලා. ඉස්සරත් චොකෝ ලව් එකේ මිල්ක්ෂේක් බීලා තියෙන අය දන්නවා, පොඩ්ඩක් වැඩි පැණි රසට කැමති අයට චොකෝ ලව් මිල්ක්ෂේක් අල්ලලා යන බව.

 

දුරකථන අංකය: 0112 301 140

තැන මෙතන: 

6. CORN CART

බඩඉරිඟු වලට ආස නැත්තේ කවුද? හැබැයි ඉස්සර වගේ පාර අයිනේ තියාගෙන තම්බලා බඩඉරිඟු විකුණන කට්ටිය කොළඹ කිට්ටුවට එනකොට දැන් දැන් හොයාගන්නත් නැති තරම්. ඒත් ඉතින් කොළඹ හොඳ බඩඉරිඟු හොයාගන්න බැරුවාමත් නෙවෙයි. උදාහරණයක් විදියට කෝන් කාට් ගන්න පුළුවන්. මේ විදියේ කෝන් කාට්ස් ඇත්තටම යුනියන් ප්ලේස් ආපිකෝ එක ඇතුළේ වගේ තැන් කීපයකම හොයාගන්න පුළුවන්. හැබැයි මේ කෝන් කාට් එක තියෙන්නේ දෙහිවල. ගාණට තම්බපු බඩඉරිඟු ඇට වලට විවිධ ෆ්ලේවර්ස් දාලා සෙට් කරලා දෙනවා. එහෙම නැතිනම් කෙලින්ම බඩඉරිඟු කරල ෆ්ලේවර්ස් එක්ක හරි ඔරිජිනල් විදියට හරි ෆ්‍රයි පාරක් දාලා ගන්නවා. අපිට සෙට් වුණු හොඳම එක තමයි චිකන් බ්ලාස්ට් එක.

 

දුරකථන අංකය: 076 317 3838

තැන මෙතන:

7. Street Food Factory

නම කියපු ගමන් වෙන අටුවාටීකා ඕන වෙන්නේ නැහැනේ. ඔව්, කොල්ලුපිටිය කොමර්ෂල් බෑන්ක් එකේ පාර්කින්ග් එකේ නවත්තලා තියෙන ස්ට්‍රීට් ෆුඩ් ෆැක්ටරි ෆුඩ් ට්‍රක් එක, ඔය පැත්තේ ගොඩක් අය දන්නවා. මේ කට්ටිය කියන්නේ ඒ අය හෝම්මේඩ් ෆුඩ් වලට ස්පෙෂලිස්ට්ස්ලා කියලා. දැන් ඌබර් ඊට්ස් වලිනුත් මේ අයගේ කෑම ගන්න පුළුවනි ලු. ඇත්තටම ස්ට්‍රීට් ෆුඩ් ෆැක්ටරි එකේ මොකුත් ලොකු සීන් නෑ. දන්න කියන බර්ගර් එකක්, පාස්තා එකක්, හොට් ඩෝග් එකක් තමයි විකුණන්නේ. රසගුණ ගත්තත් ඉතින් කොළඹ තියෙන වෙන බර්ගර් අනං මනං කරන තැන් වලට වඩා ලොකු වෙනසකුත් නෑ. හැබැයි කිසිම අවුලකුත් නෑ. අපි මේ අයගේ ඩබල් චිකන් බර්ගර් එකයි, හැන්ඩික්‍රාෆ්ටඩ් පොටෙටෝ චිප්ස් එකයි තමයි රහ බැලුවේ. බඩගිනි වෙලාවකට කිසි අවුලක් නෑ ඉතින්.

 

දුරකථන අංකය: 077 428 5516

තැන මෙතන: 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *