සාමාන්‍යයෙන් අපි ඔය ඇඩම්ස් ඔන්ලි ෆිල්ම් වල එහෙම දකින්නේ නියම පිට් බුල් ලෙවල් එකෙන් ඇඳට පැනලා බැට් කරගෙන කරගෙන යන අයියලානේ. හැබැයි ඉතින් ඇත්ත කතන්දරේ ඊට වඩා වෙනස්. විශේෂයෙන්ම සාමාන්‍ය ජීවිතේදී අපි ලබන ලිංගික අත්දැකීම කියන්නේ ඔය නිල් චිත්‍රපටයක් වගේ නෙවෙයි. මානසිකව ගත්තහම ඊට වඩා සෑහෙන්න දෙයක් ලබාගන්න පුළුවන් වගේම, ප්‍රායෝගික අතින් චිත්‍රපටියක වගේ ලස්සනට ගලාගෙන යන්නේ නෑ. ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න වලින් එකක් තමයි කොයි තරම් පිච් එක හොඳ වුනත් හරියට බැට් කරගන්න බැරි අවුල. විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි, මේ වගේ ලිංගික හැසිරීමේදී ලකුණු ලබාගන්න, බැට් කරන්න, දුවන්න බැරි ප්‍රශ්න ඕනම කෙනෙක්ට එන්න පුළුවන්ය කියන එක. ඒ වගේම ඒ වගේ ප්‍රශ්න ගොඩක් වෙලාවට ලේසියෙන් විසඳාගන්න පුළුවන්ය කියන එක.
හැබැයි ගොඩක් දෙනෙක් මේ වගේ ප්‍රශ්නයක් ආවහම හැසිරෙන්නේ බොහොම වැරදි ආකාරයන්ට. ආන්න ඒකත් ප්‍රබල ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා අපි කියන්න යන්නේ, ලිංගික ජීවිතේ තමන්ගේ ප්‍රශ්නයක් මතුවුණු වෙලාවකදී කටයුතු කරන්න ඕන කොහොමද කියන එක ගැන තමයි. ඒ වගේම මතක තියාගන්න, මේ කතාකරන්නේ පිරිමි පාර්ශවයේ තියෙන ලිංගික ගැටළු ගැනයි.
1. බ්ලේම් ගේම්
මේක තමයි මේ සම්බන්ධයෙන් අපිට කියන්න වුවමනා වුණු ප්‍රධානතම කාරණාව. ගොඩක් පිරිමි පාර්ශවය තමන්ට ලිංගිකව හැසිරෙන්න සියයට සීයයක් බැරි මොකක් හරි ප්‍රශ්නයක් ආවහම, ඒ කියන්නේ තමන්ගේ බැටින් අප්සට් වෙනකොට, ඒක පිළිගන්න කැමති නෑ. ඒ නිසා ඒ අය කරන්නේ ඒ වැරැද්ද තමන්ගේ සහකරුවා හෝ සහකාරිය පිටින් යවන එක. විශේෂයෙන්ම අපි දැකලත් තියෙනවා, තමන්ට තියෙන ලිංගික අප්‍රාණිකත්වය හෝ ක්ෂණික මෝචනය හෝ වගේ ගැටළුවක් නිසා හරි හැටි ලිංගික සතුට සහකාරියට ලබාදෙන්න බැරි වුණහම, සමහරු කෙලින්ම චෝදනා කරනවා තමන්ගේ සහකාරිය ලිංගිකව ඕනෑවට වඩා සක්‍රිය වෙන්න හදන නිසා හෝ තමන්ගේ සහකාරිය “නරක තැනැත්තියක් නිසා” මේ ප්‍රශ්නය ඇතිවෙනවා මිසක්, ඒක තමන්ගේ වරදක් නෙවෙයි කියලා. හැබැයි ඉතින් ගැටළුව වහගන්න තමන්ගේ සහකරුවාට හෝ සහකාරියට චෝදනා එල්ල කරන එකෙන් වෙන්නේ ගැටළුව විසඳෙන එක නෙවෙයි, තමන්ගේ සම්බන්ධතා පළුදු වෙන එක.
2. පිළිගන්න වෙනවා
උඩින් කියපු කාරණාව ඇතිවෙන්නේත් තමන්ට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා පිළිගන්න බැරි වුණහම. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. එක දවසක් ලිංගික ප්‍රාණවත් කමක් නැති වුණා කියලා, තමන්ට ලිංගිකව හොඳට කුසලතා දක්වන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා කියලා බය වෙන්න අවශ්‍ය නෑ. හැබැයි මේ ප්‍රශ්නය යම් කාලයක් දිගින් දිගටම පවතිනවා නම් සහ, යම් කාලයක් පුරාවට විටින් විට මතුවෙනවා නම් අන්න ප්‍රශ්නයක් තියෙනවා කියලා අපිට පිළිගන්න වෙන තැන. එහෙම පිළිගත්තට පස්සේ පුළුවන් ඊලඟට මොනවද කරන්න ඕන කියලා හිතන්න.
3. ගොඩ වෙදකම් එපා
ඊලඟට කරන්නේ මොකක් හරි පත්තරේක තියෙන, ලිංගික අප්‍රාණිකත්වයට දේශීය වෛද්‍ය ප්‍රතිකාර, ලිංගික අප්‍රාණිකත්වයට හෝ ක්ෂණික මෝචනයට රහස් බෙහෙත් වට්ටෝරු, පාරම්පරික චීන ගුලි මගින් ලිංගික අප්‍රාණිකත්වය එසැණින් සුව කරනු ලැබේ වගේ කතන්දර බලලා, ඒවෑයින් එකකට කතා කරලා ගුලියක් කාලා, පෙත්තක් බිලා, ක්‍රීම් එකක් ගාලා බලන එකද? නෑ. ඒවා ගොඩ වෙදකම්. ඒ වගේම ඔය සමහරු ඔය වගේ දේවලට කන්න ඕන ජාති ගැන, නොකන්න ඕන ජාති ගැන එහෙම උපදෙස් දෙනවා. අන්න එව්වත් ගොඩ වෙදකම්. තමන්ට තියෙන ලිංගික ජීවිතයේ වෛද්‍ය ගැටළුවකට පිළිතුරු හොයාගන්න යන්න වෙන්නේත් වෛද්‍යවරයෙක් ගාවට. ඒක බටහිර වෛද්‍යක්‍රමය හෝ ආයූර්වේද වෛද්‍යක්‍රමය වුනාට කමක් නෑ. හැබැයි පිළිගත් වෛද්‍යවරයෙක් ගාවට තමයි යන්න ඕන.
4. රටවටේම කියන්න යන්නත් එපා
සාමාන්‍යයෙන් තමන්ට හැදෙන ලෙඩක් ගැන වුනත් අපි රට වටේ කියව කියවා යන්නෙ නෑනේ. එතකොට තමන්ට තියෙන ලිංගික ගැටළුවක් ගැන විශේෂයෙන්ම රට වටේ කියන්න හොඳ නෑ. ඒ හේතු දෙකක් නිසා. එකක් ඒ තමන්ගේ පුද්ගලික ජීවිතය. අපි පුද්ගලික ජීවිතය ගැන යම් කිසි දෙයක් බෙදාහදාගන්නේ අතිශයින්ම විශ්වාසවන්තයෙක් එක්ක විතරයිනේ. එතකොට තමන්ට ඇඳේ තියෙන ගැටළුවක් ගැන වුනත් ඒක එහෙම තමයි. දෙවෙනි කාරණාව තමයි, ඔය වගේ ප්‍රශ්නයක් කා එක්ක හරි කියපු ගමන් වැඩිදෙනෙක් පටන් ගන්නවා උපදෙස් දෙන්න. එහෙම නැතිනම් ඒ ගැන එක්ස්පර්ට් ඔපීනියන් දෙන්න. ඔය උපදෙස් වලින් වැඩි ප්‍රමාණයක් ගොඩ වෙදකම්. ඔපීනියන් වලින් වැඩි ප්‍රමාණයක් මිනිස්සුන්ව බය කරන මනස්ගාත. ආන්න ඒ නිසා ආයෙමත් අපි කියනවා, කාටවත් තමන්ගේ ප්‍රශ්නේ කිය කියා ඉන්නෙ නැතුව යන්න සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ගාවට.
5. හංගගෙන ඉන්න බෑ
ඔව්. සමහරු ඉන්නවා ලිංගික ජීවිතේ බල්ලට ගියාවේ කියලා මේ වගේ ප්‍රශ්නයක් හංගාගෙන ඉන්න උත්සාහ කරන. හැබැයි තේරුම් ගන්න ඕන දේ තමයි, ඔය වගේ ප්‍රශ්නයක් තමන්ගේ දිනචරියාවේ වෙනස් වීමක් නිසා හෝ ඒ වගේ දෙයක් නිසා ඉබේ හරිගියොත් හොඳයි. එහෙම නැතිනම් හංගාගෙන හිටියා කියලා තමන්ට කිසිම හොඳක් හෝ මානසික සහනයක් ලැබෙන්නේ නැහැයි කියන එක. අනික ඒ වගේ ප්‍රශ්න තමන්ගේ පවුල් ජීවිතේට වුනත් විශාල වශයෙන් බලපාන්න පුළුවන් කියන එක අපි අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ආන්න ඒ නිසා ලෙඩේ හංගාගෙන ඉන්න ලෑස්ති වෙන්න එපා.
6. හීනමාන ඇරියස් අල්ලන්න යන්න එපා
සමහරුන්ට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ ප්‍රශ්නයක් උඩින් කියපු විදියට හංගාගෙන ඉන්නව විතරක් නෙවෙයි, ඒ ඇරියස් එක වෙන වෙන විදි වලින් අල්ලන්නත් සූදානම් වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, තමන්ට ලිංගික ජීවිතේදී ක්‍රියාකාරී වෙන්න තියෙන මොකක් හරි ගැටළුවක් නිසා, ඒ ලිංගික සතුට වෙන අයථා විදියකින් ගන්න උත්සාහ කිරීම. සමහරු හොරෙන් බලන් ඉන්න සීන්, සෙක්ස් චැට් සීන් වලට මේ වගේ ප්‍රශ්න නිසා යනවා කියන එක උදාහරණ විදියට දෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ මේකයි. මේ දේවල් වලින් වෙන්නේ තවදුරටත් තමන්ගේ ජීවිතේ අවුල් වීම.
7. තමන්ගේ ජීවන රටාව ගැනත් මොහොතක් හිතන්න
ඇත්තටම අපිට අපේ සෞඛ්‍යය සම්බන්ධයෙන් ඇතිවෙන ගොඩක් ගැටළු මඟහරවා ගන්න පුළුවන් අපේ ජීවන රටාව වෙනස් කළහම. උදාහරණයක් විදියට ගත්තොත්, නිරන්තර දුම්පානය නිසා, අධික ස්ථුලතාවය නිසා ලිංගික අප්‍රාණිකත්වය ඇතිවෙන්න පුළුවන් කියලා වෛද්‍යවරු කියනවා. දැන් අපි වෛද්‍යවරයෙක් මුණගැහිලා ලිංගික අප්‍රාණීකත්වය මඟහරවා ගන්න යම් යම් ප්‍රතිකාර ගන්නවනේ. හැබැයි ඒක දීර්ඝකාලීනව ප්‍රමාණවත් වෙන්නෙ නෑ, අපි අපේ දිනචරියාව වෙනස් කරගන්නේ නැතිනම්. ආන්න එතකොට තමන්ගේ අයහපත් ජීවන රටාවන් වෙනස් කර ගැනීම ගැන මොහොතක් සිතන්න වෙනවා.
මේක කියවාගෙන යනකොට හිතෙන්නේ නැද්ද, ලිංගික ක්‍රියාකාරීත්වය සම්බන්ධ සෞඛ්‍ය ප්‍රශ්න වලට විතරක් නෙවෙයි, වෙන ඕනෑම සෞඛ්‍ය ප්‍රශ්නයකට වුනත් මේ කතන්දර ටික සෑහෙන්න අදාළයි කියලා?
Leave a Reply