තෝසේ කියන්නෙ ඉන්දියන් කෑමක් උනාට අපේ අයත් හරි හරියට කන්න ආස කෑමක්නේ. සාම්බාර් හොද්ද එක්ක කන නෝමල් තෝසෙ එකෙන් එහාට ගිය රස රැසකින් තෝසේ හදාගන්න හැටි අද කියලා දෙනවා. මේ විදියට නම් පොඩි අයත් ගොඩක් ආස වෙයි.
1. එග් තෝසේ
අවශ්‍ය ද්‍රව්‍ය
- රැයක් පෙඟෙන්න දැමූ උඳු ඇට කෝප්ප 1
- රැයක් පෙඟෙන්න දැමූ සුදුහාල් කෝප්ප 2
- හීල් බත් මිටක්
- උළුහාල් තේ හැඳි 1/2
- ලුණු
- බිත්තර 3ක්
- ගම්මිරිස්කුඩු ස්වල්පයක්
- චොප්කරගත් ළූණු ටිකක්
- කෑලිමිරිස් ස්වල්පයක්
- කහකුඩු තේ හැඳි 1/2
- උඳු ටික උළු හාල් සමඟත් හාල් සහ හීල්බත් ටික වෙනමත් වතුර ස්වල්පයක් එක්ක එකට බ්ලෙන්ඩ් කරගන්න. සේරම එකට මිශ්‍ර කරල පැය 6ක් වහලා තියන්න.
- බිත්තර ටික කඩලා ඒකට ලුණු, ළූණු, ගම්මිරිස්කුඩු, කෑලිමිරිස් හා කහකුඩු එකතුකර විස්ක් කරගන්න.
- උඳු මිශ්‍රණයට අවශ්‍ය පමණ වතුර සහ ලුණු එක් කරගෙන උකුත් නැති දියාරුත් නැති බැටර් එකක් හදාගන්න.
- පෑන් එකට තෙල් ටිකක් ගාලා බැටර් එකෙන් ටිකක් දාලා තුනී කරගන්න. ඊළඟට බිත්තර මිශ්‍රණයෙන් මේස හැඳි දෙකක් අරගෙන තෝසෙ එක පුරාවට විහිදුවන්න.
- තෝසෙ එක දෙකට නවාගන්න. අඩු ගින්දරේ දෙපැත්ත ෆ්‍රයි කරගන්න.
2. මසාලා තෝසේ
අවශ්‍ය ද්‍රව්‍ය
- රැයක් පෙඟෙන්න දැමූ උඳු ඇට කෝප්ප 1
- රැයක් පෙඟෙන්න දැමූ සුදුහාල් කෝප්ප 2
- හීල් බත් මිටක්
- උළුහාල් තේ හැඳි 1/2
- තම්බා පොඩිකරගත් අල ගෙඩි 2
- කපාගත් අමුමිරිස් කරල් 2
- චොප්කරගත් ළූණු ගෙඩි 2
- ලුණු
- කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- ඉඟුරු සුදුළූණු පේස්ට් මේස හැඳි 1
- සූදුරු ස්වල්පයක්
- කහකුඩු තේ හැඳි 1/2
- තෙල් ස්වල්පයක්
- හාල්පිටි කෝප්ප 1/2
- කරපිංචා ටිකක්
- ගී ස්වල්පයක්
- උඳු ටික උළු හාල් සමඟත් හාල් සහ හීල්බත් ටික වෙනමත් වතුර ස්වල්පයක් එක්ක එකට බ්ලෙන්ඩ් කරගන්න. සේරම එකට මිශ්‍ර කරල පැය 6ක් වහලා තියන්න.
- උඳු මිශ්‍රණයට අවශ්‍ය පමණ වතුර සහ ලුණු එක් කරගෙන උකුත් නැති දියාරුත් නැති බැටර් එකක් හදාගන්න.
- භාජනයකට තෙල් මේස හැඳි 4ක් දාලා සූදුරු ටික දාගන්න. ටිකකින් අමුමිරිස්, කරපිංචා, ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාලා හැඳිගාන ගමන් ළූණු ටික දාගන්න.
- කහකුඩු, ලුණු එකතු කරන්න. වතුර චුට්ටක් දාගන්න. දැන් පොඩි කරගත් අල ටික දාගන්න. හොඳට කලවම් කරලා කොත්තමල්ලි කොළ ටික දාගන්න. ටිකකින් ලිප නිවාගන්න.
- දැන් පෑන් එකට තෙල් ටිකක් දාලා තෝසෙ මිශ්‍රණය දාලා තුනී කරගන්න. උඩින් ගී ඔයිල් ටිකක් ඉසගන්න. තෝසෙ එකේ මැද ගාණට තැම්බුනාම මසාලා පේස්ට් එක තෝසේ එකෙන් භාගයක් වැහෙන්න දාගෙන අනිත් පැත්තෙන් නවල වහන්න.
3. මුං තෝසේ
අවශ්‍ය ද්‍රව්‍ය
තෝසෙ එකට
- මුං ඇට කෝප්ප 1
- හාල්පිටි මේස හැඳි 4
- කරපිංචා ටිකක්
- රතුළූණු ගෙඩි දෙක තුනක්
- අමුමිරිස් කරලක්
- ලුණු
ටොපින් එකට
- චොප්කරගත් කරපිංචා ස්වල්පයක්
- චොප්කරගත් අමුමිරිස් කරල් 3
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- මුං ඇට සෝදා රැයක් පෙඟෙන්න තියන්න. හාල්පිටි හා ලුණු හැර තෝසෙ එකට අවශ්‍ය අනික් සියල්ලම එකතු කරලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. රස අනුව ලුණු දාලා හාල්පිටි ටික එකතු කරලා වතුර ස්වල්පයක් දාලා උකු බැටර් එකක් හදාගන්න.
- පෑන් එකකට තෙල් ටිකක් දාල තෝසේ මිශ්‍රණයෙන් ටිකක් දාලා තුනී කරලා ටොපින් එකට අවශ්‍ය සේරම අනල ඒකෙන් ටිකක් තෝසෙ එක උඩින් දාගන්න. තෝසෙ එකේ දෙපැත්තම බැදගන්න.
4. රුලං තෝසේ
අවශ්‍ය ද්‍රව්‍ය
- රුලං කෝප්ප 1/2
- හාල්පිටි කෝප්ප 1/2
- පාන්පිටි කෝප්ප 1/4
- සූදුරු ස්වල්පයක්
- ලුණු
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- යෝගට් මේස හැඳි 1
- වතුර කෝප්ප 1
- මේ ඔක්කොම කලවම් කරලා වතුර ටික ටික දාලා බැටර් එක හදාගන්න. සාමාන්‍ය තෝසෙ වලට තරම්ම තික් බැටර් එකක් ඕනේ නෑ.
- පෑන් එක ලිපේ තියලා රත්වෙනකොට තැටිය පුරා විහිදවන්න බැටර් එකෙන් දාගන්න. තැන් තැන් වලින් හිල් හැදෙන විදියට තමා තෝසෙ විසිරෙන්නෙ.
- දෙපැත්ත ෆ්‍රයි කරගන්න.
5. අනියන් තෝසේ
අවශ්‍ය ද්‍රව්‍ය
- රැයක් පෙඟෙන්න දැමූ උඳු ඇට කෝප්ප 1
- සුදු හාල්පිටි කෝප්ප 1/2
- හීල් බත් මිටක්
- උළුහාල් තේ හැඳි 1/2
- සීනි තේ හැඳි 1
- උළු හාල් තේ හැඳි 1/4
- ලුණු
- තෙල් ස්වල්පයක්
ළූණු මිශ්‍රණයට
- චොප්කරගත් බී ළූණු ගෙඩි 1
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- චොප්කරගත් කරපිංචා ස්වල්පයක්
- අබ ස්වල්පයක්
- කහකුඩු තේ හැඳි 1/2
- තෙල් ස්වල්පයක්
- උඳු ටික උළු හාල්, හීල්බත් සමඟ වතුර ස්වල්පයක් එක්ක එකට බ්ලෙන්ඩ් කරගන්න. මේකට හාල්පිටි හා සීනි එකතු කරලා තව වතුර ටික ටික දාලා බැටර් එක හදාගන්න. පැය 2ක් වහලා තියන්න.
- පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාලා පුපුරවගන්න. ටිකකින් චොප්කරගත් කරපිංචා, ළූණු, මිරිස්, කහකුඩු, රස අනුව ලුණු දාගෙන ළූණු ටික තෙම්පරාදු කරගන්න.
- දැන් තෝසෙ පෑන් එක අරගෙන තෝසෙ මිශ්‍රණයෙන් ටිකක් දාලා තුනී කරගන්න. එසැණින්ම ළූණු මිශ්‍රණය තෝසෙ එක උඩ වටේටම දාගන්න. දෙපැත්තම පුළුස්සගන්න.
6. කුරක්කන් තෝසේ
අවශ්‍ය ද්‍රව්‍ය
- කුරක්කන් පිටි කෝප්ප 2
- හාල්පිටි කෝප්ප 1/2
- බිත්තර 2
- පොල්කිරි කෝප්ප 1
- බේකින් පව්ඩර් තේ හැඳි 1
- ලුණු ස්වල්පයක්
- කුරක්කන් පිටි වලට හාල්පිටි ටික එකතු කරගන්න. මේකට බිත්තර දාලා ගෑරප්පුවකින් බීට් කරගෙන පොල්කිරි, ලුණු හා බේකින් පව්ඩර් දාගන්න.
- වතුර ටික ටික දාලා තෝසෙ පදමට බැටර් එක අනාගන්න. පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට මිශ්‍රණය දාලා තුනී කරගන්න.
- දෙපැත්ත ෆ්‍රයි කරගන්න.
7. චීස් තෝසේ
අවශ්‍ය ද්‍රව්‍ය
- රැයක් පෙඟෙන්න තබාගත් උඳු ඇට කෝප්ප 1
- හාල්පිටි කෝප්ප 1/2
- උළුහාල් තේ හැඳි 1/2
- ලුණු
- ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස් කෝප්ප 1
- ග්‍රේට් කරගත් චෙඩාර් චීස් කෝප්ප 1/2
- උඳු ඇට උළුහාල් එක්ක බ්ලෙන්ඩ් කරගන්න. මේකට හාල්පිටි දාලා වතුර චුට්ටක් එක්ක කලවම් කරලා පැය 2ක් පිපෙන්න තියන්න.
- පැය දෙකකින් ලුණ දාගෙන තව වතුර දාලා උකු බැටර් එකක් හදාගන්න.
- පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට බැටර් එකෙන් ටිකක් දාලා තුනී කරගන්න. මේකට ග්‍රේට් කරගත් චීස් වර්ග දෙකෙන්ම දාලා එක පැත්තකින් තෝසෙ එක නවාගන්න.
- ටිකක් වෙලා දෙපැත්ත ෆ්‍රයි කරගන්න.
Leave a Reply