ෆිල්ම් වල, ටීවී සීරීස් වල අපි දැකලා තියෙන සාමාන්‍යයෙන් දකින්න නොලැබෙන සෙක්ස් ෆැන්‍ටසීස් කීපයක්!

දැන් ඉතින් හැමෝටම මතකයිනේ අපි නාඹර යෞවන කාලේ කොහොමද සෙක්ස් ගැන තිබුණු උනන්දුව කියලා. හැබැයි එතකොට ඔය පෝර්න්, ඒ කියන්නේ බ්ලූ ෆිල්ම්ස් කෙලින්ම හොයාගන්න බැරි වුණු කාලයක්. දැන් වගේ පටස් ගාලා ඉන්ටර්නෙට් එකට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න විදියක් නෑ. ආන්න ඒ කාලෙදී අපි ඔය සෙක්ස් සීන්ස් බැලුවේ ෆිල්ම් වල නැත්නම් ටීවී සීරීස් වල තියෙන එව්වලින් තමයි. හැබැයි දැන් අපි කතා කරන්න යන්නේ ඔය විදියට ටීවී සහ ෆිල්ම් වල තිබුණු ඇඩල්ට්ස් ඔන්ලි කෑලි ගැන නෙවෙයි. ෆිල්ම් සහ ටීවී සීරීස් වල තිබුණු, වෙනස් විදියේ සෙක්ස් ෆැන්ටසීස් කියන්න පුළුවන් එව්වා ගැන.

 

හැබැයි එකක්. මේ කියන සමහර ඒවා මොන වෙනස් විදියේ සෙක්ස් ෆැන්ටසීස්ද ඕයි, අපි මේවා ඩේලි බේසිස් කරනවනේ කියලා සමහරුන්ට හිතෙයි. එව්වට තරහ ගන්න කාරි නෑ. මේ ආටිකල් එකේ කියන්නේ ෆුල් වැනිලා සෙක්ස් ලයිෆ් එකක් තියෙන මනුස්සයෙක්ට වෙනස් විදියේ කියලා හිතෙන එව්වා ගැන තමයි!

 

1. යට ඇඳුම් මාරුව

මේක අපි නම් මුලින්ම දැක්කේ ෆ්‍රෙන්ඩ්ස් සීරීස් එකේ. ඒකේ චැන්ඩ්ලර්ගේ පුංචි කාලේ ඉස්කෝලේ හිටපු ගෑණු ළමයෙක් පස්සේ ආයෙමත් සෙට් වෙලා, චැන්ඩ්ලර් එක්ක ඩේට් එකකට යනවා. එතකොට කෙල්ල කියනවා යට ඇඳුම් මාරු කරගෙන ඇඳගෙන යමු, ඒක මාර සෙක්සි කියලා. කොහොමහරි සීන් එක කෙළවර වෙන්නේ චැන්ඩ්ලර්ට පෑන්ටියක් ඇඳගෙන, වෙන ඇඳුම් මොකුත් නැතුව බාත්රූම් එකේ ඉන්න වෙන එකෙන්. හැබැයි මේ සීන් එක නම් ඉතින් අපිට සදා මතකයි. එහෙම යට ඇඳුම් මාරු කරගන්න එකත් සෙක්ස් ෆැන්ටසි එකක් කියලා අපි ඉගෙනගත්තෙත් මේකෙන් තමයි.

 

2. ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රේ කින්කි සීන්ස්

ඇත්‍තටම ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රේ කියන්නේ නියම BDSM ගැන තියෙන ෆිල්ම් සීරීස් එකක් කියලා හිතන්න අපි අකමැතියි. ඒකට හේතුව, ඒකේ තියෙන සමහර දේවල් අපයෝජනයන් මිසක් නියම BDSM  නොවීම. හැබැයි ඉතින් ඔය ලණු වලින් බැඳලා සෙක්ස් කරන ඒවා, ස්පෑන්ක් කරන එව්වා එහෙම ගොඩක් දෙනෙක් ඉගෙන ගත්තේ ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රේ බලලා කිවුවොත් වැරදි නෑ. විශේෂයෙන්ම තමන්ගේ ටයි එකෙන් නැතිනම් බ්‍රා එකෙන් පාට්නර්ගේ අත් ගැටගහලා, ඇස් බැඳලා සෙක්ස් කරන එක එහෙම සමහරු ට්‍රයි කරලා බලන්නත් ඇති!

 

3. බටර් විත් ලාස්ට් ටැන්ගෝ ඉන් පැරිස්

ඔව්. ලාස්ට් ටැංගෝ ඉන් පැරිස් ෆිල්ම් එකේ තියෙනවා ඇනල් සෙක්ස් කරන, ඒ කියන්නේ ගුද ලිංගික සංසර්ගය සිදුකරන සීන් එකක්. ඒකේ කොහොමද වැඩේ යන්නේ කියලා බොහොම පැහැදිලිවම පෙන්නන්නේ නැති වුනත්, ඒක බොහොම ආකර්ෂණීය ෆිල්ම් සීන් එකක්. විශේෂ කාරණාව තමයි, ඒකෙදී ඇනල් සෙක්ස් කරන්න ලිහිසිකාරකයක් විදියට යොදාගන්නේ බටර් එකක්! හැබැයි ඉතින් ඇත්ත ජීවිතේදී අපි උපදෙස් දෙන්නේ තෙල් සහිත බටර් වගේ දේවල් වලට වඩා සාර්ථක ලිහිසිකාරක ඕනෑ තරම් ලෝකේ තියෙනවා කියන එක හිතලා බලන්න කියලා තමයි.

 

4. අන්ෆේත්ෆුල් විදියට කොරිඩෝර් එකේ!

අන්ෆේත්ෆුල් කියන්නේ අපේ කාලේ අපිව කොර කරපු ෆිල්ම් එකක්. මේකේ තියෙන්නේ විවාහක කාන්තාවක් ආකර්ෂණීය මිනිහෙක් එක්ක අනියම් සම්බන්ධතාවයක් ගොඩනගාගන්න සීන් එකක්. හැබැයි එක තැනකදී මේ කාන්තාව මේ මනුස්සයාව මුණගැහිලා, රණ්ඩු වෙලා ගෙදර එන්න කියලා අපාට්මන්ට් එකෙන් එලියට බහිනවා. එතනදී මේ මනුස්සයා දුවගෙන ඇවිල්ලා, කොරිඩෝර් එකේදී ගෑණු කෙනාව අල්ලගෙන, එතනම බලහත්කාරයෙන් සෙක්ස් කරනවා. එතනදී ඇඳුම් ගලවන්නේ වත් නැතුව, කොරිඩෝරයේම තියාගෙන කරන හදිසි සෙක්ස් කිරිල්ල මාර උද්වේගකරයි. ක්ලෝත්ඩ් සෙක්ස් ගැනත්, ක්විකී ගැනත් අපි ඉගෙන ගත්තේ ඔන්න ඔය සීන් එකෙන් තමයි!

 

5. අනාගත ලෝකේ ඩර්ටි ටෝක්

මේක නම් සෙක්ස් සීන් එකකට වඩා සයිබර් සෙක්ස්/ෆෝන් සෙක්ස් සීන් එකක්. හැබැයි අර ඩර්ටි ටෝක් කියන එකට වෙනස්ම විදියේ, ඩිරෙක්ට් ඩෙෆිනිෂන් එකක් දීපු සීන් එකක් කියලා තමයි අපිට හිතුණේ. දැන් අපි සාමාන්‍යයෙන් ඩර්ටි ටෝක් කියන්නේ පොඩ්ඩක් වල් විදියට කතා කරන එකනේ. ෆෝන් සෙක්ස් වලදී ඒක ලොකු දෙයක් නෙවෙයි. හැබැයි මේ Her ෆිල්ම් එකේ ෆෝන් සෙක්ස් සීන් එකේදී අනික් පැත්තේ ඉන්න කාන්තාව ඉල්ලන්නේ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඩර්ටි විදියට කතා කරන්න කියලා. ඒ කියන්නේ මැරිච්ච පූසෙක් අරගෙන තමන්ට ඒවා මේවා කරන විදිය ගැන කියන්න කියලා. හෙනම විකාරයි වගේ නේද?

 

හැබැයි අමතක කරන්න එපා. ඔය ටෙඩිබෙයාර්ස්ලව එහෙම සෙක්ස් කරනකොට පාවිච්චි කරන එක සමහර අයගේ ෆැන්ටසි එකක්, විශේෂයෙන්ම ගෑණු ළමයින්ගේ.

 

6. ස්පාර්ටකස්: අතීත ග්‍රීසියේ ගෘප් සෙක්ස්!

ස්පාර්ටකස් කියන්නේ ඉතින් තනිකරම සෙක්ස් ලෝකයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. සෙක්ස් අතරවාරයේ වෙලාව තිබ්බොත් සටන් ක්‍රම පුරුදු වෙන එක, වහල් සටන්කරුවන්ව නිදහස් කරගන්න විප්ලවය මෙහෙයවන එක එහෙම කෙරෙනවා. කොහොම වුනත්, ස්පාර්ටකස් එකේ තියෙන සෙක්ස් සීන් වලින් නම් අපි සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා. විශේෂයෙන්ම ඔය Orgy කියලා හැඳින්වෙන සාමූහික, කණ්ඩායම් වශයෙන් සෙක්ස් කිරීමේ පාටි ගැන අපි ස්පාටකස් එකෙන් සෑහෙන්න ඉගෙන ගත්තා!

 

7. රෝල් ප්ලේ විත් ෆ්‍රෙන්ඩ්ස්!

මේකත් අපි අල්ලගත්තේ අපේ ආසම කරන පරණ ටීවී සීරීස් එකක් වෙන ෆ්‍රෙන්ඩ්ස් එකෙන් තමයි. ඒ තමයි සෙක්ස් කරන කොට රෝල් ප්ලේ කරන එක. වෙන විදියකට කියනවා නම්, ඩ්‍රාමා එකක වගේ අපි චරිතයක් රඟදක්වලා සෙක්ස් කරන එකට එන්ටර් වෙන එක. එතනදී ෆ්‍රෙන්ඩ්ස් එකේ නම් පාවිච්චි වුණේ ස්ටාර් වෝර්ස් ෆිල්ම් සීරීස් එකේ ලියා කුමරිය රත්තරං බිකිනියක් ඇඳගෙන ඉන්න සීන් එක. හැබැයි ඉතින් අපිට ඕක වෙනත් සෑහෙන්න චරිත එක්ක සෙක්ස් කරන්න යොදාගන්න පුළුවන් කියලා වැටහුණා ඉතිං!

 

දැන් ගිහින් මෙව්වා කරන්න එපා කියලා අපි කියන්නෙ නෑ. ඇත්තටම මේ එක සෙක්ෆ් ෆැන්ටසි එකකවත් කිසිම වැරැද්දක් නෑ. ඒ නිසා, තමන්ගේ සෙක්ෆ් ලයිෆ් එකට වෙනසක් ඕන නම් මේවා උත්සාහ කරලා බැලුවත් අපි මොකුත් කියන්නෙ නෑ. එකම දේ, තමන්ගේ සහකරුවා හෝ සහකාරියගේ කැමැත්ත ඇතුව විතරක් මෙව්වා කරන්න ඕන කියන එක හිතේ තියාගන්ඩ. එච්චරයි!