අපි හැමෝම වගේ බොහොම මහන්සියෙන් වැඩ කරන මිනිස්සුනේ. අපි ජීවත් වෙන්න, අපේ ජීවිතේට අර්ථයක් එකතු කරගන්න රස්සා කරනවා, සුබසාධන වැඩ කරනවා, දරුපවුල් නඩත්තු කරනවා. කොටින්ම කියනවා නම්, සතියේ දවස් පහමත්, සමහර වෙලාවට මුළු සතියමත් බොහොම වැර වෑයමෙන්, මහන්සි වෙලා වැඩ කරනවා. ඒකේ වරදක් නෑ. හැබැයි, එහෙම එක දිගට මහන්සි වෙන ජීවිතේ පොඩි රෙස්ට් එකක්, විවේකයක් තියෙන්නත් ඕන. ඒ වගේම එක දිගටම මහන්සි වෙන මේ ජීවිතේ මොකක් හරි විනෝදයක් තියෙන්නත් ඕන. ආන්න ඒ විනෝදය, විවේකය ලබාගන්න එක ක්‍රමයක් තමයි යාලුවෙක් දෙන්නෙක් එක්ක නිස්කලංක තැනකට ගිහින් බියර් එකක්, ෂොට් එකක් දාලා, පොඩි කයියක් ගහගෙන ඉඳලා එන එක. ඒ වගේ දේකට හොඳටම සෙට් වෙන තැනක් තමයි බීච් සයිඩ් පබ් එකක්. නිස්කලංකේ ඉඳගෙන, මූදු හුළඟ විඳගෙන, මුහුදු රේඛාවට එපිටින් ඉර බැහැගෙන යන හැටි බලාගෙන පොඩි ෂොට් එකක් දාන එකේ තියෙන ආනන්දය දන්නේ, ඒක අත්විඳලා තියෙන මනුස්සයෙක්ම තමයි. ආන්න ඒකට උදවුවක් විදියට, බීච් සයිඩ් එකේ තියෙන අපි යන එන පබ් කීපයක් රෙකමන්ඩ් කරන්න අපි හිතුවා.
1. The Station
ස්ටේෂන්ස් පටන් අරගෙන කොයි තරම් කල්ද කියලා කියන්නවත් අපිට මතක නැති තරම්. මොකද, මීට අවුරුදු ගණනාවකට උඩදීත්, ඔෆිස් ඇරිලා අඩු ගාණකට හොට් බැටර් කට්ල්ෆිෂ් කෑල්ලක් කාලා බියර් එකක් ගහන්න සෙට් වුණේ ස්ටේෂන් එකට. ඕන නම් ස්ටේෂන් එක ඇතුළේ ඉඩකඩ තියෙන සීතල සිමෙන්ති බංකුවක වාඩි වෙලා, සිමෙන්ති මේසෙකට සෙට් වෙලා වැඩේ ඇදගෙන යන්නත් පුළුවන්, එහෙම නැතිනම් ස්ටේෂන් එකෙන් එළියේ කෙලින්ම බීච් එකේ තියපු මේසෙක ගාණට අනුමත වෙන්නත් පුළුවන්. ඒකට කට්ල්ෆිෂ් ඩිෂ් එක හොඳටම යනවා. ඊට පස්සේ බීපුවා සමබර වෙන්න සැරට දාපු තායි මික්ස් රයිස් එකක් ඉවර කරලා ගෙදර එන්නයි තියෙන්නේ.
2. Barracuda
ස්ටේෂන්ස් එක පරණයි කියනවා නම්, බැරකුඩා එක ගැන මොකද්ද කියන්නේ කියලා තමයි මේ කල්පනා කලේ. අර ඔෆිස් ඇරිලා ස්ටේෂන් එකේ සෙට් වුනා වගේ, මීට අවුරුදු දහයකටත් කලින් යාලුවෝ එක්ක සෙට් වෙන්න ගියේ බැරකුඩා එකටනේ. තාමත් බැරකුඩා එක ඉස්සර වගේම තියෙනවා විතරක් නෙවෙයි, දැන් ගෝල්ෆේස් එකටත් ඇවිල්ලා. ඒ ගැන අපි වෙන දවසක කතා කරමු. ස්ටේෂන්ස් එකේ වගේම බැරකුඩා එකේත් පොකට් ෆ්‍රෙන්ඩ්ලි මෙනු එකක් තියෙන්නේ. ඒ වගේම ස්ටේෂන්ස් එකේ වගේම බැරකුඩා එකෙත් හොට් බැටර් කට්ල්ෆිෂ් එක සෑහෙන්න ප්‍රසිද්ධයි. ඉතින් හවස් වරුවක යාලුවෝ සෙට් එකත් එක්ක ඇවිත්, නිදහසේ මධුවිත ටිකක් තොලගාලා, සීෆුඩ් පාරක් දාලා යන්න වෙන තැන් මොකටද, බැරකුඩා එක තියෙනකොට!
3. Buba
බූබා එක ගැන ඒ අයම කියන විදියට, බූබා රෙස්ටුරන්ට් එක හදලා තියෙන්නේ ඔය කෝපරේට් ඉවෙන්ට්ස්, කෝපරේට් මීටින්ස්, ෆන්ක්ෂන්ස් එහෙම තියන්නම තමයි. හැබැයි ඉතින් එහෙමයි කියලා යාලුවෝ සෙට් එකක් එක්ක ගිහින්, හවස් වරුවක ෂොට් එකක් දාලා, කෑම ටිකක් කාලා එන්නත් කිසිම තහනමක් නෑ. සාමාන්‍යයෙන් බූබා බීච් සීෆුඩ් රෙස්ටුරන්ට් එකේ මෙනු එකේ ඔය ෆාස්ට් මූවින් අයිටම් එකක් දෙකක් එකක් ගන්න තිබුණත්, ඒ අය කියන විදියට ඒ අයගේ ස්පෙෂල්ටි එක තමයි සීෆුඩ් අයිටම්ස්. ඇත්තටම ඒක බොරුත් නෙවෙයි. උදාහරණයක් විදියට කිවුවොත්, ග්‍රිල් කරපු ටයිගර් ප්‍රෝන්ස් කියලා කියන අර ලොකු ඉස්සන්ගේ ඉඳලා, සීෆුඩ් ප්ලැටර්ස්, ග්‍රිල් කරපු පොකිරිස්සෝ වගේ සීෆුඩ් අයිටම්ස් ගණනාවක් මෙනු එකේ තියෙනවා.
4. Shore by O
ශ්‍රී ලංකන් පබ් සීන් එකේ ඔය O කියන නාමය මුලින්ම අපිට අහන්න ලැබුණේ ඩච් හොස්පිටල් එකේ පටන් ගත්තු බෘවරි බයි ඕ එකත් එක්ක. හැබැයි ඒක තවදුරටත් එතන නැති වුනත්, O බ්‍රෑන්ඩ් නේම් එක ඉස්සරහට ගියා. Shore by O පටන් ගත්තා. තාමත් පටන් ගත්ත කාලේ වගේම නැගලා යනවා. O බ්‍රෑන්ඩ් එකත් එක්ක මතක් වෙන්නේම බියර් වර්ග වුනත්, පිස්සු කොර නම් වලින් එන කොක්ටේල් එහෙමත් තාම තියෙනවා. යාලුවොත් එක්ක ගිහින් බියර් පිචර් එකක් හරි ටවර් එකක් හරි අරගෙන වැඩේ පටන් ගන්නයි තියෙන්නේ. වැඩේ නැගලා යනකොට Shore by O ස්පෙෂල් බයිට් එකක් එහෙමත් ගෙන්නගන්න පුළුවන්. මියුසික් වලින් වැඩේට තව තල්ලුවක් ලැබෙයි.
5. Beach Wadiya
බීච් වාඩිය කිව්වහම හිතට එන්නේ ඔය බීච් එකේ පොල් අතු මඩු වගේ හදපු වාඩියක් නේද? හැබැයි නමට වඩා බීච් වාඩිය රෙස්ටුරන්ට් එක සෑහෙන්න වෙනස්. බීච් එකේ තියෙන සීෆුඩ් රෙස්ටුරන්ට් එකක් වෙන මේ බීච් වාඩියේ සීෆුඩ් අයිටම්ස් වලටත් වඩා අපේ හිත ගියේ කොක්ටේල් අයිටම්ස් වලට. හැබැයි ඉතින් එහෙමයි කියලා බීච් වාඩිය රෙස්ටුරන්ට් එකේ කකුළු මස් කරිය අමතක කරන්නත් බෑ. මේ අයගේ සීෆුඩ් කොක්ටේල් එකක් එක්ක ලිකර් කොක්ටේල් එකක් ගත්තා නං, හවස ගෙවන්න මරු. අනික, වෙනත් බීච් පබ් වල දකින්න නොලැබෙන විදියට මේ අය ගාව තේ සහ කෝපි එහෙමත් තියෙනවා.
6. Boat Haus Cafe
සජීවී සංගීත කණ්ඩායමකින් සැපයෙන සංගීත මිහිර විඳගෙන, ඉටිපන්දම් වලින් එන මන්දාලෝකයෙන් නැහැවිලා, තමන් ආස මනුස්සයෙක් එක්ක බීච් එකේ මේසෙකට වාඩිවෙලා කයියක් ගහගෙන, බියර් එකක් ගහන එකේ තියෙන ආතල් එක ගන්න යන්න පුළුවන් තවත් තැනක් තමයි බෝට් හවුස් කියන්නේ. ඒ වගේම එතන තායි, චයිනීස්, ජැපනීස්, ඉතාලි කෑම වගේම වෙස්ටර්න් ඩිෂ් එහෙමත් තියෙනවා. ඒ වගේම ඉතින් සීෆුඩ් කියන්නෙත් බීච් සයිඩ් රෙස්ටුරන්ට් එකක අනිවාර්ය අංගයක්නේ. හැබැයි මූදු හුළඟ සෙට් වෙන්නෙ නැතිනම් ඇතුළේ වුණත් කන්න බොන්න පුළුවන්.
7. Rodeo Pub
මේ ලිස්ට් එකේ තියෙන අනික් හැම තැනක්ම වැල්ලවත්තේ ඉඳලා ගල්කිස්ස වෙනකල් ලයින් එකේ තියෙන ඒවනේ. හැබැයි වෙනසකටත් එක්ක අපි හිතුවා, මීගමුවේ තියෙන පොට් එකකුත් ලිස්ට් එකට දාන්න. හැබැයි එක වෙනසක් තියෙනවා. මීගමුවේ රෝඩියෝ පබ් එක තියෙන්නේ බීච් සයිඩ් එකේ නෙවෙයි. හැබැයි අපි ලිස්ට් එකට මේක ගත්තේ, රෝඩියෝ පබ් එකේ මියුසික් අහගෙන නිස්කලංකේ ෂොට් එකක් දාලා, එතන ඉඳලා ලෙල්ලමට ඇවිදගෙන ගිහින් මූදු වෙරළට වෙලා බියර් කෑන් එකේ අන්තිම ටික ගහපු අතීතෙට ගෞරවයක් විදියට.
මෙතන තියෙන අනික් බීච්සයිඩ් පබ් ඇන්ඩ් රෙස්ටුරන්ට්ස් වගේම රෝඩියෝ පබ් එකත් අනාදිමත් කාලෙක ඉඳලා තියෙන, අනාදිමත් කාලෙක ඉඳලා මීගමුවේ ගියොත් අපි යන එන තැනක්. හැබැයි තාමත් කොලිටි. මෙතන කෑම බීම වල තිබුණු විශේෂත්වයක් තමයි මිල. ඒ කියන්නේ ඉතාම අඩු ගාණකට තමයි මෙතන බඩු යන්නේ. හැබැයි චීප් වුණා කියලා කොලිටියේ අඩුවක් නෑ. විශේෂයෙන්ම හොඳ කොක්ටේල් එකක් වුනත් සාපේක්ෂව අඩු ගාණකට ගන්න පුළුවන් කොළඹ වෙන පබ් එක්ක සංසන්දනය කරලා බලනකොට. ඇත්තටම මීගමුවේ රෝඩියෝ පබ් කියන්නේ තාමත් ගිහින් යාලුවෙක් එක්ක සෙට් වෙලා එන්න පුළුවන් තැනක්.
අපේ මේ ලිස්ට් එකේ ඇත්තටම තියෙන්නේ අලුත් ජොයින්ට්ස් නෙවෙයි. ඒ වෙනුවට, කාලෙක තිස්සේ තියෙන, හැමෝම වගේ දන්න තැන් කීපයක් තමයි මේ තියෙන්නේ. අපි ඉස්සරහා දවසකදී අලුත්ම බීච් සයිඩ් පබ් ලිස්ට් එකකුත් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
දැන් මේ පබ් එකකට ගිහින්, අපි කියපු විදියේ රෙස්ට් එකක් ගත්තා නම්, ඒ අත්දැකීම ගැනත් කමෙන්ට් එකක් දාලා කියලාම යමු!
Leave a Reply