ඉතාලි පන්නෙට කෑමක් කමුද? එහෙමනම් කොළඹ අවට තියෙන මේ ඉතාලි රෙස්ටුරන්ට් වලින් එකකට යමුද?

අපිට සමහර වෙලාවට ඔය වෙනස් විදියේ කෑමක් කන්න පුළුවන්, වෙනස් විදියේ රෙස්ටුරන්ට් එකකට යන්න කැමතියිනේ. හැබැයි ඉතින් ඕන නම් කෙනෙක්ට තමන් කැමති ඕනම රෙස්ටුරන්ට් එකකට ගිහින් ඉතාලි කෑම කන්නත් පුළුවන්. ඒ කියන්නේ ඉතින් පීසා හට් එකට ගියත් හරියට බැලුවොත් ඒ තියෙන්නේ ඉතාලි කෑමනේ. මොකද පීසා කියන්නේ ශ්‍රී ලාංකික කෑමක්‍ යැයි? එතකොට නයිට් කඩේකට ගියත් පාස්තා ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ මේකයි. මේවා ඇත්තටම ඉතාලි කෑම කියලා ගන්න බැහැනේ. අපිට ඕන කරන්නේ ඉන්ටර්නැෂනල් වෙච්ච ඉතාලි කෑම නැතුව, නියම ඉතාලි කෑම නියම විදියට තියෙන තැන්. ආන්න එහෙම රෙස්ටුරන්ට්ස් ගොඩක් වෙලාවට ෆයින් ඩයිනින් රෙස්ටුරන්ට්ස් තමයි. ඉතින් එහෙම තැනකට ගිහින්, නියම ඉතාලි පන්නේ කෑමක් කන එකත් වෙනම එක්ස්පීරියන්ස් එකක්. අපි මේ කියන්න යන්නේ අන්න ඒ එක්ස්පීරියන්ස් එක ගන්න කොළඹ සහ අවට තියෙන තැන් කීපයක් ගැන තමයි.

 

1. Dolce Italia

හැව්ලොක් ටවුන් එක පැත්තෙන් යනකොට ඉතාලි කෑම වේලක රස බලන්න හිතන අයට පහසු තැනක් තමයි ඩොල්ෂෙ ඉතාලියා එක. බොහොම ඉඩකඩ තියෙන තැනක පිහිටලා තියෙන ඩොල්ෂෙ එක ඔය ඔෆිස් ලන්ච් වලට එහෙමත් ප්‍රසිද්ධයි. මෙතන එක එක විදියේ පාස්තා ඩිෂස් වල ඉඳලා, පීසා දක්වා හොඳ පරාසයක ඉතාලි කෑම බීම ගන්න පුළුවන්. හැබැයි එකක්: අර ලංකාවේ හුරු පුරුදු ස්පයිසි රස හොයාගෙන නම් මෙතනට ගිහින් වැඩක් නෑ. අර චීස් එක්ක මුසු වුණු කිරි රහ අවුලක් නැතිනම් තමයි මෙතනට යන්න ඕන. අනික මේ අයගේ මෙනු එකේ අයිටම්ස් තියෙන්නේ කෙලින්ම ඉතාලි නමෙන්මයි. අන්න ඒ නිසා අයිටම් එකට යටින් තියෙන කෑම එකේ අඩංගු දේවල් චෙක් කරලා, තමන් ආස දෙයක් ගත්තට කමක් නෑ. අපිට මේ අයගේ නපෝලි පීසා එකත්, Gamberi Aglio e Olio කියලා නම ගහලා තියෙන ඉස්සෝ ඩිෂ් එකත් අල්ලලා ගියා.

 

2. Pastamania

අපි සාමාන්‍යයෙන් මේ ලිස්ට් එකේ ෆ්‍රැන්චයිස් එකක් වත් ඇතුළත් නොකරන්න හිතාගෙන හිටියත්, පාස්තාමේනියා ගැන නොකියා බැහැනේ. විශේෂයෙන්ම වන් ගෝල්ෆේස් මෝල් එකෙත් මේ අය අවුට්ලට් එකක් ඇරියට පස්සේ ඉතින් මේ අය ගැන කියන්නම වෙනවා. ඇත්තටම පාස්තාමේනියා කියන්නේ සිංගප්පූරුවෙන් එන ඉතාලි රෙස්ටුරන්ට් ෆ්‍රැන්චයිස් එකක්. මේ කට්ටියගේ නමෙන්ම කියවෙන විදියට පාස්තා ලොකු රේන්ජ් එකක් තියෙනවා. ඒ කියන්නේ කියවගන්න පුළුවන් දන්න අඳුනන ස්පැගෙටි, ලින්ගිනි වගේ නම් වල ඉඳලා කියවගන්නත් අමාරු විදියේ පාස්තා ඩිෂස් දක්වා. මේ හැම එකකම අන්තර්ගත දේවල් අනුව තමන්ගේ කැමතිම ඩිෂ් එක තෝරගන්න පුළුවන්. හැබැයි එතනින් නතර වෙන්නෙත් නෑ. තව විශාල ප්‍රමාණයක ඉතාලි සිග්නේචර් කෑමබීම -පීසා පවා ඇතුළත්ව- මේ අය ගාව තියෙනවා. ඇත්තටම අපේ ලිස්ට් එකේ තියෙන අනෙකුත් ඉතාලි රෙස්ටුරන්ට් වලට සාපේක්ෂව බලන කොට මේ අයගේ මෙනු එකේ තියෙන අයිටම් ප්‍රමාණය ඉතාම විශාලයි.

 

3. Giovanni’s

ඇත්තටම ඉතාලි කෑම කිව්වහම ලංකාවේ තියෙන පීසා හදන හැම එකෙක්මත් ඉතාලි කෑම ජොයින්ට් විදියට හඳුන්වන්න පුළුවන් තමයි. හැබැයි ඉතින් ඇත්තටම ඉතාලි පීසා දකින්න ලැබෙන්නේ එහෙමත් තැනක තමයි. කොහොම වුනත්, ජියෝවන්නි කියන්නේ අපි බය නැතුවම ඉතාලි පීසා තියෙනවා කියලා කියන තැනක්. ඇත්තටම හවස් අතේ වයින් බෝතලේකුත් අරගෙන ගිහින්, නියම ඉතාලි රහ තියෙන පීසා එකක් කන ගමන්, වයින් උගුරක් එක්ක සතුටු සංවාදයක යෙදෙන්න ජියෝවන්නි කියන්නේ කියාපු තැන. අපිට මේ අයගේ අල්ලලා ගියපු පීසා ගණනාවක් තියෙනවා. ඒ අතරින් අපි Pollo Cacciatore, All Meat සහ Salami පීසා සඳහන් කරන්න කැමතියි.

 

4. IL Cielo

සාමාන්‍යයෙන් ඉතාලි රෙස්ටුරන්ට් එකක් නම් ඒකේ නමෙන්ම අඳුනගන්න පුළුවන් වෙන්න ඕන කියලා අපේ යාලුවෙක් දවසක් කිව්වා. ඒකේ හරි වැරදි මොකක් වුනත්, කොළඹ අවට අපි දැකපු ඉතාලි නම් තියෙන ඉතාලි රෙස්ටුරන්ට් එකකින්වත් අපිට මෙච්චර කාලෙකට අපේක්ෂා භංගත්වයට පත් වෙන්න සිද්ධ වුනේ නෑ. හැබැයි ඉතින් අනෙක් අතට, ඉතාලි නම් නැති, ඒත් මරු ඉතාලි කෑම සර්ව් කරන ඉතාලි රෙස්ටුරන්ට් වුනත් තියෙන්න පුළුවන්. හරි, ආයෙමත් කතාවට ආවොත්, IL Cielo කියන්නේ බර්ලින් ස්කයි ලෝන්ජ් එකට එහාපැත්තේ තියෙන රූෆ්ටොප් ඉතාලි රෙස්ටුරන්ට් එකක්. මේ අයගේත් ප්‍රධානතම පිළිගැන්වීම වෙන්නේ පීසා නෙවෙයි. ඒ නිසා, නියම ඉතාලියානු පාස්තා එකක්, රවියෝලේ එකක් හෝ වෙනත් ඉතාලි කෑමක්, පීසා එකක් පවා, ගන්න හිතනවා නම් යන්න ඕන තැනක් තමයි මේ. අපිට මෙතනින් ප්‍රධාන වශයෙන් හිත වැටුණු කෑම වර්ග කීපයක්ම තියෙනවා. එයින් එකක් තමයි Parmigiana di zucchine කියලා නම තියෙන, බටර් වල ෆ්‍රයි කරලා, සෝස් වල බේක් කරපු සුකීනි සහ හැම්. මේක පාමසන් සහ මොසරැල්ලා චීස් වලිනුත් වැහිලා තමයි එන්නේ. තව මේ අයගේ ඉතාලියානු ක්‍රමයේ සැලඩ් වර්ග ගණනාවකුත් තියෙනවා. අපිට මේ කට්ටියගේ Tagliatelle alla Bolognese කියලා හඳුන්වන, බොහොම ලොකු ප්‍රමාණයේ පස්තා බොලොඤ්ඤේස් එකත් අල්ලලා ගියා. ඇත්තටම මේ අයගේ මෙනු එකේ රේන්ජ් එකත් ඉහළයි.

 

5. CASA Italia

මෙන්න තවත් නියම ඉතාලියානු පීසා ජොයින්ට් එකක්. බොහොම පොඩි පහේ හුරුබුහුටි රෙස්ටුරන්ට් එකක් වෙන මෙතනට ආපු ගමන්, අපිට ඉතාලි ගතියක් කෙසේ වෙතත් පොඩි වෙනස් ගතියක් නම් දැනෙනවා. රතු ගඩොල් බිත්ති, කොළ පාටින් වැහුණු එළිමහන එක්ක බොහොම නිස්කලංක ගතියක් තමයි මෙතන තියෙන්නේ. අනික කොළඹ තදබදයෙන් ඈත් වුණු පැත්තක තියෙන නිසා, ඒ නිස්කලංක ගතිය තවත් වැඩි වෙනවා. මෙතන නියම දර පෝරණු පීසා තියෙනවා කියලා තමයි එයාලා කියන්නේ. සාමාන්‍යයෙන් පීසා ලෝලීන් කැමති විදියේ මාර්ගරීතා පීසා වල ඉඳලා නපොලිතානා වෙනකලුත්, එතනින් එහාට විවිධාකාරයේ මස් වර්ග සීෆුඩ් එක්ක එහෙම එන පීසා වර්ගත් මෙතන තියෙනවා. හැබැයි අපි පීසා ජොයින්ට් එකක් කියලා පටන් ගත්තට, ඇත්තටම මෙතන පාස්තා, ලසඥ්ඥා ඇතුළු වෙනත් ඉතාලි කෑම වර්ගත් තියෙනවා. යාළුවො එක්ක බියර් එකක්, වයින් ටිකක් තොලගාන්නත් මෙතන පහසුකම් තියනවා.

 

6. Il Ponte

හිල්ටන් එකේ තියෙන ඉතාලි රෙස්ටුරන්ට් එක වෙන Il Ponte ගැන ඉස්සර නම් ගොඩක් දෙනා දන්නවා. හැබැයි දැන් වුනත් දන්න අය Il Ponte එකට යන්න අමතක කරන්නේ නෑ. ඇත්තටම නියම ඉතාලි රහට ඉතාලි කෑමවේලක් ගන්න යන්න තියෙන හොඳම රෙස්ටුරන්ට් වලින් එකක් විදියට Il Ponte එක බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන්. මේ අයගේ මෙනු එක ඉතාම විශාල රේන්ජ් එකක නැහැ. හැබැයි මෙනු එකේ තියෙන ආහාර පාන වර්ග කීපය වුනත් ඇති ඉතාලි කෑම රසවතෙක්ට Il Ponte එක්ක ආදරෙන් බැඳෙන්න. අනික හිල්ටන් කියපු ගමන් බය වෙන්න ඕනැත් නෑ. කොළඹ තියෙන අනික් ඉතාලි රෙස්ටුරන්ට් වලට සාපේක්ෂව බලනකොට මේ අයගේ කෑම අයිතම සමහරක් සෑහෙන්න අඩු ගාණකට යන්නේ කියලත් අපිට හිතුණා. මේ අයගේ මෙනු එකෙන් අපි කැමතිම වුණු දේවල් කීපයක් තියෙනවා. Fish Parmigiano කියන්නේ සරලවම බැටර් ෆ්‍රයි කරලා, පාමසන්, සුදුළූණු සහ රෝස්මෙරි අර්තාපල් එක්ක එන සරල මාළු ඩිෂ් එකක් වුනත්, ඒකේ රස අපිට අල්ලලා ගියා. එතකොට මේ අයගේ පීසා රේන්ජ් එකේ තියෙන Salumi පීසා එකත්, Blue Mountain එකත් අපේ කැමති ලිස්ට් එකේ තියෙනවා.

 

7. 3Brothers Italian Bistro

මෙන්න මේක අපිට අලුත් ඉතාලියානු රෙස්ටුරන්ට් එකක්. හැබැයි අපි ගියාට පස්සේ දැනගත්තා, අපි හැමෝම දන්න, හැමෝම වගේ ආදරේ කරන ජර්මානු රෙස්ටුරන්ට් එක වෙන බැවේරියන් එක කරන අයගේම වැඩක් තමයි මේක කියලා. එතකොට මේකේ නමෙන් කියවෙන විදියට මේ සහෝදරයෝ තුන් දෙනෙක් කරන බිස්ට්‍රෝ එකක්ද? ඒක නම් අපි දන්නෙ නෑ. හැබැයි මේ අයගේ පෙස්ටෝ සෝස් එක රහ බැලුවට පස්සේ අපිට ඒ ගැන අහන එකත් අමතක වෙලා ගියා. මේ අයගේ අතිවිශාල මෙනු රේන්ජ් එකක් නැති වුනත්, තියෙන රේන්ජ් එකේ අයිටම්ස් ගැන නම් ඉතාම සතුටින් වචනයක් දෙකක් කියන්න පුළුවන්. විශේෂයෙන්ම මේ අයගේ අරන්චිනී ඇන්ටිපැස්ටි එක අපිට අල්ලලා ගියා. රිසොටෝ, චිකන්, මෂෲම් එකට ඩීප් ෆ්‍රයි කරලා එන මේ ස්ටාටර් එක බඩ පුරවන තරමයි. ඊට පස්සේ මේ අයගේ බෘෂෙටා රේන්ජ් එකත් මරු. පාස්තා වලින් ගත්තොත් All Beef Spaghetti Meatballs with Traditional Tomato Sauce and Grana-Padano වගේ දිග නමකින් තියෙන ඩිෂ් එකත්, Pappardelle Pasta with Slow Cooked Lamb Ragout එකත් අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන්.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *