ඔය වත්ත පහළට ඇට දෙකක් විසි කරාම වවාගන්න පුළුවන්ය කියල සමහරු කියන වට්ටක්කා කියන්නෙ, ශරීරයේ බර අඩු කරගැනීමට සෑහෙන උදව්ව වෙන, ඒ වගේම සමේ නිරෝගීමකටත් දායක වන හදවතටත් ගුණදායක එළවළුවක්නේ. මෙන්න මේ වට්ටක්කෙන් හදාගන්න පුළුවන් රසවත් රෙසිපි ටිකක් අරගෙනයි අපි ආවේ.
1. වට්ටක්කා උළුඳු වඩේ
අවශ්‍ය ද්‍රව්‍ය
- රැයක් පොඟවා අඹරාගත් උඳු කෝප්ප 1
- පොතු ඉවත් කර ස්ටීම් කරගත් වට්ටක්කා කෝප්ප 1/2
- චොප්කරගත් ළූණු ගෙඩි 1/2
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- සූදුරු ස්වල්පයක්
- අබ ස්වල්පයක්
- ලුණු
- බැදීමට තෙල්
- මුලින්ම අඹරාගත් උඳු වලට වට්ටක්කා එකතු කරලා පැයක් වහලා තියන්න.
- ඊට පස්සෙ ඒකට චොප්කරගත් ළූණු, අමුමිරිස්, අබ, සූදුරු හා ලුණු එකතු කරලා ඩෝ එක හදාගන්න.
- අත ලාවට වතුරෙන් තෙමලා අතින් මිශ්‍රණය ටික ටික අරන් උළුඳු වගේ හැඩේට හදලා අඩු ගින්දරේ, ගැඹුරු තෙලේ බැදගන්න.
2. වට්ටක්කා සුප්
අවශ්‍ය ද්‍රව්‍ය
- ඔලිව්තෙල් මේස හැඳි 2
- හීනියට ලියාගත් ළූණු ගෙඩි 1
- හතරට පලාගත් සුදුළූණු බික් 2
- පෙති කපාගත් වට්ටක්කා කෝප්ප 2
- ලුණු හා ගම්මිරිස්කුඩු
- ෆ්‍රෙශ් ක්‍රීම් මේස හැඳි 4
- පෑන් එකට තෙල් ටිකක් දාලා ළූණු ටික තෙම්පරාදු කරගන්න. ඒකට සුදුළූණු ටිකත් දාගන්න.
- හොඳට තෙම්පරාදු උනාම වට්ටක්කා ටික දාගන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරගන්න. වතුර කෝප්ප 2ක් වගේ දාලා වට්ටක්කා ටික තැම්බෙනකල් වහලා පිසගන්න.
- වට්ටක්ක හොඳින් තැම්බුනාම ලිපෙන් ඉවත් කරල ෆ්‍රෙශ් ක්‍රීම් එකතු කරල බ්ලෙන්ඩ් කරගන්න. උඩින් ගම්මිරිස්කුඩු ටිකක් ඉහලා කෑමට ගන්න.
3. පම්කින් ෆ්‍රයිස්
අවශ්‍ය ද්‍රව්‍ය
- තීරු කපාගත් වට්ටක්කා ග්‍රෑම් 500
- ගාලික් පව්ඩර් තේ හැඳි 1
- අනියන් පව්ඩර් තේ හැඳි 1
- මිරිස්කුඩු තේ හැඳි 1
- ලුණු
- ඔලිව්තෙල් මේස හැඳි 1
- කපාගත් වට්ටක්කා වලට උඩින් කිව්ව ඔක්කොම දාලා කලවම් කරගන්න.
- දැන් ඔයිල් පේපර් එකක් දාගත් ට්‍රේ එකකට දාලා සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 30ක් බේක් කරගන්න.
4. වට්ටක්කා කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
- ග්‍රේට් කරගත් වට්ටක්කා ග්‍රෑම් 500
- සීනි ග්‍රෑම් 100
- ලුණු පින්ච් එකක්
- බිත්තර 4
- එළවළු තෙල් 50ml
- පාන්පිටි ග්‍රෑම් 170
- බේකින් පව්ඩර් තේ හැඳි 1
- මේ ඔක්කොම ස්මූත් වෙනකල් හොඳට බීට් කරලා බටර් ගාගත් ට්‍රේ එකක දාලා ප්‍රීහීට් කරගත් අවන් එකක 180°ට විනාඩි 40- 50ක් බේක් කරගන්න.
5. පම්කින් පයි
ඩෝ එකට අවශ්‍ය ද්‍රව්‍ය
- දියකරගත් බටර් ග්‍රෑම් 100
- එළවළු තෙල් මේස හැඳි 1
- සීනි මේස හැඳි 1
- ලුණු පින්ච් එකක්
- පාන්පිටි කෝප්ප 1/3
ෆිලින් එකට අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා පොඩිකරගත් වට්ටක්කා ග්‍රෑම් 500
- මිල්ක්මේඩ් පොඩි ටින් 1
- බිත්තර 2
- කුරුඳු කුඩු ස්වල්පයක්
- ලුණු පින්ච් එකක්
- කරදමුංගු කුඩු ස්වල්පයක්
- බටර් වලට එළවළු තෙල්, සීනි හා ලුණු දාලා කලවම් කරලා පාන්පිටි ටික දාගන්න. හොඳින් අනාගෙන සොෆ්ට් ඩෝ එකක් හදාගන්න. පිටි තවරගත්ත ලෑල්ලක රෝලින් පින් එකකින් තුනී කරගන්න.
- දැන් පයි ට්‍රේ එකක අඩියට මේ ඩෝ එක දාලා තුනී කරලා ට්‍රේ එක වටේටත් ඩෝ එක දාලා ක්ලින්ග් රැප් එකකින් ට්‍රේ එක රැප් කරලා විනාඩි 30ක් ෆ්‍රිජ් එකේ තියන්න.
- ෆිලින්ග් එකට ඕනෙ ඔක්කොම එකට දාලා විස්ක් කරගන්න. දැන් මේක පයි ඩෝ එක දාපු ට්‍රේ එකට වක්කරලා උඩින් තුනී කරගත්ත ඩෝ එකෙන් කවර් කරගෙන ප්‍රීහීට් කරගත්ත අවන් එකක 180°ට විනාඩි 50ක් බේක් කරගන්න.
6. පම්කින් රයිස්
අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් වට්ටක්කා ග්‍රෑම් 500
- කපාගත් සොසේජස් කිහිපයක්
- කපාගත් මශෲම් කෝප්ප 1/2 (සෝදලා වතුර මිරිකලා ගන්න)
- කපාගත් ඉස්සන් ග්‍රෑම් 100
- අඹරාගත් පෝක් ග්‍රෑම් 100
- සීනි මේස හැඳි 1
- සෝයාසෝස් මේස හැඳි 2
- කුඩාවට කපාගත් වට්ටක්කා කෝප්ප 1
- හාල් කෝප්ප 1
- ලුණු
- පෑන් එකට තෙල් ටිකක් දාලා පෝක් ටික දාලා ෆ්‍රයි කරගන්න. ඊළඟට මශෲම්, සොසේජස්, ඉස්සො ටික දාගන්න. හොඳට ෆ්‍රයි කරගන්න.
- ඒකට සීනි, සෝයාසෝස්, වතුර කෝප්ප 1/2ක් වගේ දාලා වට්ටක්කා ටිකත් දාලා වහලා විනාඩි 5-10ක් තැම්බෙන්න තියල ලිප නිවාගන්න.
- හාල් ටික සෝදලා වතුර අවශ්‍ය පමණට දාලා ලුණු හා සෝයාසෝස් ටිකක් දාගන්න.
- බත ඉදුනම හදාගත් මිශ්‍රණය බත් එකට දාල හොඳට මිශ්‍ර කරගන්න.
7. වට්ටක්කා රොටී
අවශ්‍ය ද්‍රව්‍ය
- පෙති කපාගත් වට්ටක්කා කෝප්ප 1
- සීනි මේස හැඳි 3
- හාල්පිටි ග්‍රෑම් 280
- වට්ටක්කා ටික ස්ටීම් කරගන්න. දැන් මේකට සීනි ටික දාලා හොඳින් පොඩි කරගන්න.
- මේකට හාල්පිටි ටික දාගන්න. අවශ්‍ය තරමට වතුර එක් කරල සොෆ්ට් ඩෝ එකක් අනාගන්න.
- ඩෝ එකෙන් පොඩි බෝල හදලා තුනී කරගන්න. පෑන් එකට තෙල් ටිකක් තවරගෙන මේ රොටී ටික දෙපැත්ත ෆ්‍රයි කරගන්න.
Leave a Reply