ගස්ලබු වලින් හදාගන්න පුළුවන් රස කෑම වර්ග 7ක​ට රෙසිපි මෙන්​න

ගස්ලබු කියන්නෙ ඉතින් හැමෝම කන පළතුරක් නේ… ගස්ලබු කෑවම හම පැහැපත් වෙනව, ආහාර ජීරණ පද්ධතිය හොඳින් ක්‍රියාකරනව වගේ අපිට ප්‍රතිලාභ ගොඩක් තියෙනව. හැබැයි මේ ගුණ ගස්ලබු සමහරු කන්න ප්‍රතික්​ෂේප කරනව. එහෙම අයට වගේම හැමදාම එකම විදියට ගස්ලබු කාල එපා වෙලා ඉන්න අයට ගස්ලබු වලින් හදාගන්න පුළුවන් රසම රස කෑම ටිකක් තමයි මේ අරන් ආවෙ. 

 

1. ගස්ලබු පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් ඉදුණු ගස්ලබු කෝප්ප 2
  2. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1/2
  3. මිල්ක්මේඩ් කෝප්ප 1/4
  4. පොඩියට කපාගත් ගස්ලබු කෑලි ටිකක්

 

  • ගස්ලබු කෝප්ප 2ට කිරි හා මිල්ක්මේඩ් ටික දාලා බ්ලෙන්ඩ් කරගන්න. 
  • භාජනයකට දාලා ලිපේ තියල විනාඩි 10ක් වගේ දිගටම හැඳිගාමින් රත් කරගන්න. පොඩියට කපපු ගස්ලබු ටිකත් එකතු කරන් ලිපෙන් බාගන්න.
  • නිවෙන්න ඇරල පොඩි කප්ස් වලට පුරවගෙන සෙට් වෙනකම් ෆ්‍රිජ් එකේ තියන්න. 

 

2. පපායා හල්වා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් ඉදුණු ගස්ලබු කෝප්ප 2
  2. සීනි මේස හැඳි 3
  3. කරදමුංගු කුඩු ස්වල්පයක්
  4. ගී ටිකක්
  5. රෝස්ට් කරගත් පොල් කෑලි හා කජු ටිකක්

 

  • ගස්ලබු ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. පෑන් එකකට ගී ටිකක් දාලා බ්ලෙන්ඩ් කරගත් ගස්ලබු ටික දාගන්න.
  • මද ගින්නෙ විනාඩි 10ක් හැඳිගාන්න. ඝනකම් වේගෙන එනකොට සීනි ටික එකතු කරන්න. ආයෙ විනාඩි කීපයක් හැඳිගාන්න.
  • හල්වා එක තද පාටට හැදිලා එනකොට කරදමුංගු කුඩු ටිකක් දාලා තව ගී ටිකක් දාගන්න. ටිකක් වෙලා හැඳිගානකොට මිශ්‍රණය එකට ඇලීගෙන එන වෙලාවෙදි  ලිපෙන් බාගන්න.
  • පොල් කෑලි දාලා හා කජු කලවම් කරගන්න.

 

3. පපායා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. අමු ගස්ලබු ගෙඩි 1
  2. කෝන්ෆ්ලා කෝප්ප 1
  3. ඉඟුරු සුදුළූණු පේස්ට් තේ හැඳි 1/2
  4. මිරිස්කුඩු මේස හැඳි 1
  5. ගම්මිරිස්කුඩු ස්වල්පයක්
  6. ලුණු

 

  • ගස්ලබු ගෙඩිය පොතු ඇරල තීරු කපාගන්න. වතුර භාජනයක දාලා තම්බගන්න. වතුර පෙරාගන්න.
  • පෑන් එකකට කෝන්ෆ්ලා ටික දාගන්න. ඒකට ඉඟුරු සුදුළූණු හා මිරිස්කුඩු හා ලුණු දාගන්න. මේ ඔක්කොම දාලා වතුර ටිකක් දාලා කලවම් කරන් තික් බැටර් එකක් හදාගන්න.
  • දැන් කපාගත් ගස්ලබු තීරු ටික බැටර් එකේ දාලා රත් වුන තෙලට දාලා රන්වන් පාටට බැදගන්න.

 

4. පපායා ස්මැක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් ගස්ලබු කෝප්ප 2
  2. සීනි ග්‍රෑම් 175
  3. සිට්‍රික් ඇසිඩ් පින්ච් එකක්
  4. වතුර කෝප්ප 3

 

  • වතුර ටිකට සීනි දාලා ලිපේ තියන්න. සීනි දියවෙලා වතුර නටනකල් විනාඩි 8ක් වගේ තියාගන්න.
  • ලිපෙන් බාලා නිවුණම ගස්ලබු ටික හොඳින් බ්ලෙන්ඩ් කරල සීනි එකට දාලා කලවම් කරන්න. මේක පෙරලා සිට්‍රික් ඇසිඩ් දාලා කලවම් කරලා කූල් කරල බීමට ගන්න. 

 

5. පපායා මිල්ක්ශේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඉදුණු ගස්ලබු පළුවක්
  2. අයිස් කියුබ් කිහිපයක්
  3. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1/2
  4. ලුණු
  5. වැනිලා ස්වල්පයක්
  6. අයිස්ක්‍රීම් ස්කූප් 2

 

  • අයිස් කියුබ්, ගස්ලබු සහ ෆ්‍රෙශ් මිල්ක් එකට හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. 
  • ඒකටම ලුණු, වැනිලා සහ අයිස්ක්‍රීම් එක ස්කූප් එකක් දාල ආපහු බ්ලෙන්ඩ් කරගන්න.
  • උස වීදුරුවකට දාල ඉතිරි අයිස්ක්‍රීම් ස්කූප් එක උඩින් දාල පිළිගන්වන්න. 

 

6. පපායා ජෑම්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඉදුණු ගස්ලබු ගෙඩි 1
  2. සීනි ග්‍රෑම් 250
  3. දෙහි ගෙඩියක යුෂ

 

  • ගස්ලබු කෑලි කපලා බ්ලෙන්ඩ් කරගන්න. පෑන් එකක් ලිපේ තියලා ගස්ලබු පියුරි එක වක්කරගන්න. 
  • ගස්ලබු ටික ඝන වෙනකම් මද ගින්නෙ පිසගන්න. ඊළඟට සීනි ටික දාගන්න. මද ගින්නෙ හැඳිගාමින් පිසගන්න. 
  • බුබුළු දදා එනකොට දෙහි යුෂ ටික දාගන්න. ජෑම් ගාණට උකු උනාම ලිපෙන් ඉවත් කරල නිවෙන්න තියන්න. 

 

7. පපායා අයිස්ක්‍රීම්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කිරි කෝප්ප 2
  2. සීනි කෝප්ප 1/2
  3. කපාගත් ගස්ලබු කෝප්ප 2

 

  • කිරි ටික උණු කරගන්න. කිරි ටික තික් වේගෙන එනකොට සීනි ටික දාගන්න. 
  • කපාගත් ගස්ලබු ටික පැය 2ක් ෆ්‍රීස් කරගන්න. දැන් මේ ටික ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තු ගමන් බ්ලෙන්ඩ් කරල ඒකටම කිරි ටිකත් දාලා ආයෙ බ්ලෙන්ඩ් කරගන්න.
  • දැන් අයිස්ක්‍රීම් මිශ්‍රණය කන්ටේනර් එකකට දාලා පැය 5ක් ෆ්‍රීස් කරලා කෑමට ගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *