කාම සූත්‍රය සිංහලෙන් – හතළිස් නවවැනි කොටස

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

 

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 21 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 22 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 23 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 24 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 25 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 26 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 27 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 28 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 29 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 30 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 31 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 32 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 33 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 34 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 35 කොටස

කාස සූත්‍රය සිංහලෙන් 36 කොට​ස

කා​ම සූත්‍රය සිංහලෙන් 37 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 38 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 39 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 40 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 41 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 42 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 43 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 44 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 45 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 46 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 47 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 48 ​කොට​ස

 

ඔන්න එහෙනම් නැවතත් අපි කාම සූත්‍රයේ අලුත්ම අලුත් ප්‍රකරණයක් කියවන්නයි යන්නේ. මේ ප්‍රකරණය නම් කරලා තියෙන්නේ පරිචය කරණාභියෝග ප්‍රකරණය කියන නමින්. මතක ඇතිනේ අපි ගිය සතිය වල ස්ත්‍රී පුරුෂ ශිලාවස්ථාපන ප්‍රකරණය තුළ කතා කරේ පර අඹුවන් තම වසඟයට ගැනීමට පුරුෂයකු විසින් අනුගමනය කළ  යුතු ක්‍රියාමාර්ග. යම්කිසි විදියකින් මේ ක්‍රියාමාර්ග සියල්ලම නිෂේධ කරන්න පුළුවන් මට්ටමේ තීක්ෂණ බුද්ධියක් සහිත කාන්තාවක් නම් ඇයව  තමන් වෙත නම්මවා ගැනීම සඳහා භාවිතා කළ යුතු උපක්‍රම ගැනයි මේ ප්‍රකරණය තුළදී  සාකච්ඡා වෙන්නේ.

මෙවැනි කාන්තාවන් දිනා ගැනීම සඳහා හොදම උපක්‍රමය වන්නේ උපාය දූතයෙකු ලෙස කාන්තාවක් භාවිතා කිරීම බව මේ ප්‍රකරණය ආරම්භයේදීම වත්ස්‍යායන  පඬිතුමා කියනවා. කොහොම වෙතත් ඒ සඳහා යොමු විය යුත්තේ තමන් උත්සාහ කළ හැකි සෑම අයුරින්ම උත්සාහ කිරීමෙන් අනතුරුව බවයි එතුමා විශේෂයෙන් අවධාරණය කරන්නේ.

 

සමාජ ආචාර ධර්ම සහ සම්ප්‍රදායන් කඩ කිරීමට බිය නැති තැනැත්තියන්ද කිසිදු බාධාවකින් තොරව හමුවිය හැකි තැනැත්තියන්ද දිනා ගැනීම සඳහා පුරුෂයා විසින්ම කටයුතු කළ යුතු අතර ඊට වෙනත් ස්වභාවයෙන් යුක්ත අය සඳහා උපාය දූත කාන්තාවන් භාවිතා කළ යුතු බව ඉන් අනතුරුව විස්තරාත්මකව පැවසෙනවා.

 

යම්කිසි විදිහකින් ඇය ඒ තරම් නොදන්නා කාන්තාවක් වුවත්, යම් පමණක දන්න කාන්තාවක් වුවත් පළමුව ඇය සමග දැන හැඳුනුම්කම් වැඩිදියුණු කර ගත යුතු වෙනවා.

 

ඊට පස්සේ වත්ස්‍යායන පඬිතුමා නිර්දේශ කරන්නේ ඇයගේ ස්වාභාවික සහ ප්‍රායාන්තික තත්ත්වය පරීක්ෂා කළ යුතුයි කියලා. ස්වභාවික තත්ත්වය කියන එකෙන් අදහස් කරන්නේ ඇය තමන්ගේ වාසස්ථානය ඒ කිව්වේ නිවාසයේදී හැසිරෙන ආකාරය පිළිබඳව නිරීක්ෂණය කිරීම. එතකොට ප්‍රායාන්තික තත්ත්වය කියලා අදහස් කරේ ඇයගේ සමාජ ජීවිතය තුළ හැසිරෙන ආකාරය. උදාහරණයක් විදිහට විවිධ උත්සව අවස්ථාවලදී ඥාති  හිත මිත්‍රාදීන්ගෙන් නිවෙස්වලදී ඇය හැසිරෙන ආකාරය පිළිබඳව විමසිල්ලෙන් සිටිය යුතු වෙනවා.

ඇයව නිතර නිතර දකින්නට ලැබෙනවා නම් මෙන්න මේ උපක්‍රම අනුගමනය කළ යුතුයි කියලා ඊළඟට සඳහන් වෙනවා.

 

  • හැඟීම් පහළ වෙන අයුරින් ඇය දෙස බැලීම. 
  • කොණ්ඩය ලිහා දැමීම (පැරණි භාරතයේ පුරුෂයෝ කොණ්ඩය වැව්වා, අද සමාජයට ගැළපෙන විදිහට කියනවනම් කොණ්ඩය සකස් කිරීම කියලා ගන්න පුළුවන්). 
  • තම ආභරණවල හඬ ඇසීමට සැලැස්වීම (මේකත් ගැලපෙන්නෙ පැරණි භාරතීය සමාජයට,මොකද පුරුෂ පාර්ශවයත් විවිධ ආභරණ පැළඳීම නිසා). 
  • ඇය දෙස බලමින් ඇඟිල්ලෙන් හෝ උඩු තොලින් යටි තොල පැලීම. 
  • යහළුවන් සමඟ එක්ව විවිධ විකාර අභිනයන් කිරීම. 
  • වෙන තැනැත්තියක් හා කතා කරන මුවාවෙන් ඇය සමඟ කතා කිරීම. 
  • තමන් විසින් දෙනු ලබන තෑගිබෝග ගැන කතා කිරීම. 
  • ඇය ඉදිරියේ දී තමන්ගේ තවත් යහළුවෙකුගේ උකුල මත හිස තබා ඈනුම් ඇරීම. 
  • ඇඟමැලි කැඩීම. 
  • ඇහිබැම හැකිලීම. 
  • සෙමින් කතා කිරීම. 
  • ඇගේ වදන් වලට සවන් දීම. 
  • යහළුවෙකු හෝ කුඩා දරුවෙකු සමග දෙපිට කැපෙන වදන් කීම. 
  • ඇය පිළිබඳව තමන්ගේ සිතේ පවතින අදහස් වක්‍රාකාරයෙන් පැවසීම. 
  • ඇය ඉදිරියේ කුඩා දරුවන් සිප ගැනීම. 
  • ඒ කුඩා දරුවන්ට ආහාර කැවීම. 
  • ඒ දරුවන්ගේ කම්මුල් මිරිකීම. 
  • ඇගේ උකුළේ දරුවෙක් සිටී නම් ඒ දරුවා ගෙන නැලවීම. 
  • ඒ දරුවාට විවිධ සෙල්ලම් බඩු ලබාදීම. 
  • ඒ සෙල්ලම් බඩු ආපසු ගෙන දරුවාව බොරුවට කෝපයට පත් කිරීම. 
  • දරුවා සමඟ නිරන්තරයෙන් කතා කිරීම. 
  • ඇගේ මිතුරු මිතුරියන් සමග සම්බන්ධකම් ඇති කර ගැනීම. 
  • එක්ව ගමන් බිමන් යාම. 
  • ඇයට ඇසෙන සේ අනිත් පුද්ගලයන් සමග කාම ශාස්ත්‍රය පිළිබඳව කතාබහ කිරීම. 
  • මෙසේ දැන හැඳුනුම්කම් වැඩි දියුණු කර ගැනීමෙන් පසුව ඇයට යම් දෙයක් පරිස්සමට තබා ගැනීමට ලබා දීම.
  • එය නැවතත් බොහෝ කාලයකට පසු ලබා ගැනීම. 
  • යළිත් ඒ ආකාරයටම යමක් පරිස්සම් කිරීමට ලබා දී දින කීපයකින් නැවතත් ලබා ගැනීම. 
  • දිනපතා ඇය සමඟ විවිධ දෑ ගනුදෙනු කිරීම. 

 

එහෙම නම් ඉතින් අපි මේ ආටිකල් එකෙන් කියපු දේවල් කරන්න උත්සාහ කරලා බැලුවා කියලා අපි මුකුත් කියන්නේ නෑ. හැබැයි ඉතින් අපිට වග කියන්නත් බැහැ ඕන්. ලබන සතිය අපිට මේ ප්‍රකරණය කියවලා ඉවර කරන්න පුළුවන් වේවි. ඒ අතරතුරේ දී මේ ආටිකල් වගේම අපේ පරණ ආටිකලුත් සීක්‍රට් ගෘප්වල එහෙම ෂෙයාර් කරගත්තට අපේ කිසි විරුද්ධත්වයක් නැහැ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *