පෝෂණවේදියෝ එළවළුවක් කිව්වට ජීව විද්‍යාත්මකව ගත්තම පළතුරක් වෙන අපූරු කෑමක් තමයි තක්කාලි කියන්නෙ. හදවතට ගුණදායක කෑමක් විදියට තක්කාලි හඳුන්වනව. තක්කාලි එළවළුවක් විදියට ගැණුනට වෙනත් මස්, මාළු, එළවළු වලට රස ගන්වනයක් විදියටනෙ ගොඩක්ම දාන්නෙ. වෙනම ගත්තම තක්කාලි වලින් කෑම හදන හැටි අද කියලා දෙන්නම්.
1. තක්කාලි ජෑම්
අවශ්‍ය ද්‍රව්‍ය
- තක්කාලි ග්‍රෑම් 500
- සීනි ග්‍රෑම් 250 -300
- කුරුඳුපොතු කෑල්ලක්
- දෙහි යුෂ ස්වල්පයක්
- තක්කාලි සෝදලා ගෙඩියෙ නැට්ට පැත්තට විරුද්ධ පැත්තෙන් පොත්ත විතරක් කැපෙන්න පොඩි කැපුම් දෙකක් දාන්න කතිරයක් විදියට.
- දැන් භාජනයකට තක්කාලි ටික දාලා වතුර ටිකක් දාලා රත් කරන්න. වතුර නටනකොට ලිප ඕෆ් කරගන්න.
- වතුර ටික පෙරලා තක්කාලිවල කැපුම දාපු තැනින් පොතු ගලවගන්න. තක්කාලි ටික කෑලි කපල තක්කලි ඉස්මත් එක්කම බ්ලෙන්ඩර් එකට දාලා ක්‍රීම් වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න.
- මේ ක්‍රීම් එක මද ගින්නෙ රත් කරගන්න. මේකට සීනි, කුරුඳුපොතු, දෙහි යුෂ දාලා හොඳට හැඳිගාන්න. ජෑම් වගේ උකුවට එන පදමට ආවම ලිපෙන් බාගන්න. ජීවාණුහරණය කළ බෝතල් වල අසුරගන්න.
2. තක්කාලි මස්කට් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
- තක්කාලි ගෙඩි 5
- කෝන්ෆ්ලා ග්‍රෑම් 80
- සීනි ග්‍රෑම් 150
- වතුර භාජනයක් ලිපේ තියන්න. තක්කාලි ගෙඩි වල යට කොටස හතරට පලාගන්න. තක්කාලි ටික උතුරන වතුරට දාල ලිප නිවල විනාඩි 5ක් වගේ තියලා අරන් තක්කාලි වල පොතු ඇරගන්න.
- තක්කාලි ටික චොප්කරගෙන ක්‍රීම් වෙනකල් බ්ලෙන්ඩ් කරගෙන පෙරාගන්න.
- කෝන්ෆ්ලා වලට වතුර කෝප්ප 1/2 ක් එකතු කරලා පැත්තකින් තියාගන්න.
- තක්කාලි පියුරි එක භාජනයකට දාලා අඩු ගින්දරේ හැඳිගාන්න. මේකට සීනි ටික දාගන්න.
- රස අනුව ලුණු දාගන්න. උතුරනකොට කෝන්ෆ්ලා මිශ්‍රණය එකතු කරන්න. හොඳට උකු වෙනකල් දිගටම හැඳිගාමින් පිසගන්න.
- භාජනෙන් වෙන් වෙලා එකට ගුලියක් වගේ වේගෙන එනකොට ලිපෙන් බාලා බටර් ගාගත් ග්ලාස් ට්‍රේ එකකට දාගන්න.
- නිවුනම ඩෙසිකේටඩ් කොකනට් ඉහපු ලෑල්ලක් උඩට අනික් පැත්ත හරවලා කෑලි කපාගන්න.
- ඩෙසිකේටඩ් කොකනට් කෑලි වල වටේම තවරගන්න.
3. තක්කාලි චට්නි
අවශ්‍ය ද්‍රව්‍ය
- ඉදුණු තක්කාලි ගෙඩි 8
- සීනි ග්‍රෑම් 150
- විනාකිරි කෝප්ප 1/2
- චොප්කරගත් ඉඟුරු සුදුළූණු තේ හැඳි 2
- ලුණු හා ගම්මිරිස් කුඩු
- මිරිස්කුඩු මේස හැඳි 2
- අබ තේ හැඳි 1
- මුද්දරස්පලම් ස්වල්පයක්
- නටන වතුරට තක්කාලි ටික දාලා තම්බා ගන්න. හොඳට තැම්බුනාම පොත්ත ගලවලා අයින් කරගන්න. තක්කාලි ටික පොඩි කරගන්න.
- මිරිස්කුඩු, ගම්මිරිස්කුඩු, අබ, ඉඟුරු සුදුළූණු පේස්ට් වලට විනාකිරි ස්වල්පයක් දාලා අඹරගන්න.
- ඉතුරු විනාකිරි මැටි වලඳකට දාලා ඒකට තක්කාලි දාලා මද ගින්නෙ හැඳිගාන්න. ටිකකින් අඹරාගත් ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාගන්න. මේකට සීනි හා ගම්මිරිස් කුඩු එකතු කරගන්න. රස අනුව ලුණු දාගන්න. මුද්දරස්පලම් එකතු කර උකු වෙනකල් නටවගන්න.
- නිවුණම බෝතල් වල අසුරගන්න.
4. තක්කාලි බත්
අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් තක්කාලි ගෙඩි 4
- අබ ස්වල්පයක්
- තෙල් ස්වල්පයක්
- කපාගත් ළූණු ගෙඩි 1
- කපාගත් අමුමිරිස් කරල් 2
- ගරම් මසාලා මේස හැඳි 1
- කහ කුඩු තේ හැඳි 1/4
- මිරිස් කුඩු තේ හැදි 1/2
- ඉඟුරු සුදුළූණු පේස්ට් තේ හැඳි 1
- පිසගත් බත් කෝප්ප 1
- චොප්කරගත් මින්චි කොළ ටිකක්
- පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාගන්න. අබ පුපුරනකොට ළූණු ටික දාලා තෙම්පරාදු කරගන්න.
- ටිකකින් අමුමිරිස් කරල් 2ක් කපලා දාගන්න. කලවම් කරලා තක්කාලි ටික දාගන්න. හොඳට බෙරි වෙනකල් තක්කාලි ටික තෙම්පරාදු කරගන්න.
- ඒකට ගරම් මසාලා, කහකුඩු හා මිරිස් කුඩු එකතු කරන්න. රස අනුව ලුණු එකතු කරගන්න. ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාගන්න. හොඳට කලවම් කරලා තෙල් පෑදෙනකොට බත් ටික එකතු කරලා කලවම් කරගන්න.
- අවශ්‍ය නම් රස බලල තව ලුණු එකතු කරගන්න. උඩින් මින්චි කොළ ටිකක් දාගන්න.
5. තක්කාලි සැලඩ්
අවශ්‍ය ද්‍රව්‍ය
- චෙරි තක්කාලි ගෙඩි 10ක් පමණ
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- ඔලිව්තෙල් මේස හැඳි 1
- විනාකිරි මේස හැඳි 1
- මී පැණි ස්වල්පයක්
- දෙහි යුෂ ස්වල්පයක්
- ලුණු හා සුදු ගම්මිරිස්කුඩු
- තක්කාලි ගෙඩි ටික හතරට වගේ කපලා ළූණු දාගන්න.
- ලුණු, දෙහි යුෂ, විනාකිරි, සුදු ගම්මිරිස්කුඩු, ඔලිව් තෙල් සහ මී පැණි එකට මිශ්‍ර කරල ඩ්‍රසින් එක හදාගන්න.
- පිළිගන්වන විට තක්කලි සහ ළූණු උඩට ඩ්‍රසින් එක දාල කලවම් කරගන්න.
Leave a Reply