රූපවාහිනියේ ආගමනයත් එක්ක මිනිස්සු සිනමා ශාලාවලට ඒම කෙමෙන් කෙමෙන් අඩු වුණා. ඒ සඳහා රටේ අවිනිශ්චිත වාතාවරණයත් එක හේතුවක් වුණා. මේ අතරතුරදී තමයි කාම චිත්‍රපට රැල්ලක් සිනමා ශාලාවලට පිවිසුණේ. මේ චිත්‍රපට රැල්ල නිසා තාවකාලිකව නැවතත් සිනමාහල් පිරී ගියා. නමුත් කාම රැල්ල ඉවර වෙද්දි සිනමා ශාලාවකට ගිහින් චිත්‍රපටයක් බැලීමේ සංස්කෘතියත් ඉවර වෙලා තිබ්බේ. මේ නිසාම සමහරු කාම රැල්ල අගය කරද්දි සමහරු මේ රැල්ල දැඩිව විවේචනයට ලක් කරනවා. මේ නිසා අපි හිතුවා ඒ කාලයේදී ආන්දෝලනයට ලක්වුණු එම රැල්ලට අයත් චිත්‍රපට කීපයක් ගැන කතා කරන්න.
1. ඇගේ වෛරය
මේ රැල්ලේ ආරම්භක චිත්‍රපටය විදිහට “ඇගේ වෛරය” චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටයේ රඟපාපු සම්මානනීය නිළි චන්දි රසිකාගේ කලා ජීවිතයට මේ චිත්‍රපටයට දායක වීම අභාග්‍ය සම්පන්න තත්ත්වයක් උදා කළා. ඇය පසුකාලයක කියපු විදිහට ඒ චිත්‍රපටියට ඇතුළත් කරලා තිබ්බ නිරුවත් දර්ශන ඇගේ අනුමැතියකින් තොරව ඇතුළත් කරපු දර්ශන. කොහොම වුණත් මේ චිත්‍රපටය නිසා සිනමාහල් පිරී ගියත් තමන්ට ඒ වෙනුවෙන් ලැබිය යුතු මුදල පවා ලැබුණේ නැහැයි කියලයි ඇය කියන්නේ.
2. සළුපට අහසට
මේ චිත්‍රපටිය සමහර අය සම්භාව්‍ය කැටගරියට දාන්න හැදුවට ඇත්ත වශයෙන්ම බැලුවොත් වැල යන අතට මැස්ස ගහපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය සඳහා ලකී ඩයස්, වීණා ජයකොඩි වගේ ප්රවීණයො සම්බන්ධ වෙලා තිබ්බ එක විතරයි සම්භාව්‍ය ගණයට දාන්න පුළුවන් එකම හේතුව. මේ චිත්‍රපටය තුළ ගයනා සුදර්ශනී ආන්දෝලනාත්මක රඟපෑමක නිරත වුණා. ඇය දැන් කියන විදිහට නම් එම චිත්‍රපටයට දායක වීම ඇගේ රංගන ජීවිතය තුළ ඇයට සිද්ධ වුණු වැරැද්දක්.
3. ඇගේ වෛරය තුන සහ හතර
චන්දි රසිකා නිෂ්පාදකයන් සමඟ ඇතිකරගත් ගැටුම නිසා ඇගේ වෛරය චිත්‍රපටි පෙළේ අනෙකුත් චිත්‍රපටි සඳහා සුමනා ගෝමස්ව සම්බන්ධ කරගෙන තිබුණා. ඇතැම් අය සුමනා ගෝමස් නිල් චිත්‍රපටි නිළියක් ලෙසට හංවඩු ගසනු ලැබුවා. නමුත් ඒ සියලු අපවාද චෝදනා වලට ඇය කාන්තාවක් ලෙස ඉතා නිර්භයව මුහුණ දුන්නා.
4. සුරයහන ගිනි ගනී
ලංකාවේ පළමු කාන්තා සමරිසි චිත්‍රපටය විදිහට “සුරයහන ගිනි ගනී” චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටය සඳහා සනෝජා බිබිලේ සහ වීණා ජයකොඩි රංගනයෙන් දායක වුණා. බොහෝ විචාරකයන් මේ චිත්‍රපටිය ප්‍රේක්ෂකයන්ගේ දැඩි දෝෂාරෝපණයට ලක් වෙතැයි සිතුවත්, මේ චිත්‍රපටයට ප්‍රේක්ෂකයන් වෙතින් එතරම් දරුණු ගණයේ ප්‍රතිචාර ලැබුණේ නැහැ.
5. ගිනිගත් මධුසමය
රොෂාන් පිලපිටිය කාම රැල්ලේ චිත්‍රපටයක රඟපෑවා කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්ද? ඔහු තමන්ගේ රංගන ජීවිතයේ මුල්ම අවධියේ එවැනි චිත්‍රපට කීපයක් සඳහා රංගනයෙන් දායකත්වය ලබාදුන්නා. ඒ වගේම මෙම චිත්‍රපටිය සඳහා අනූෂා දමයන්තිත් දායක වුණා. කොහොම වුණත් පසුව ඇය පැහැදිලිව ප්‍රකාශ කළේ තමන්ගේ රංගන ජීවිතයේ මුල් අවධියේ නිපදවුණේ එවැනි චිත්‍රපටිම නිසා ඒවාට දායක වීම හැර වෙන විකල්පයක් රොෂාන් පිලපිටියට සේම තමන්ටද නොතිබූ බවයි. කිසිදු චිත්‍රපටයක් නිරුවත් දර්ශන සඳහා තමන් දායක නොවන බව ඇය අවධාරණය කරනවා.
6. මමත් ගැහැනියක්
මේ චිත්‍රපටයේ සඳහා අනුෂා සොනාලි, ඩබ්ලිව්. ජයසිරි, රොජර් සෙනවිරත්න වැනි ජනප්‍රිය නළු නිළියන් රාශියක් සහභාගි වුණා. ඉතාම මෑතකදී සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක් වුණු අනූෂා සොනාලි, තමන් මෙවැනි චිත්‍රපටිවල අඩ නිරුවත් දර්ශන සඳහා පෙනී සිටි බව පිළිගත්තා. එහිදී ඇය පවසා සිටියේ නිරුවත් උඩුකයෙන් යුතු ගැහැනුන් ලංකාවේ සංස්කෘතියට ආගන්තුක නොවන බවයි. සිය සිනමා ජීවිතයේදී කිසිදු අවස්ථාවක නිරුවතින් රඟ නොපෑ බවටත් ඇය අවධාරණය කළා.
7. කාම සූත්‍ර
මේ චිත්‍රපටය සඳහා සුමනා ගෝමස්, අනුෂා දමයන්ති, රොෂාන් පිලපිටිය වගේම පසුගිය දා අප අතරින් සමුගත් ප්‍රවීණ සිනමා නළු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුත් දායක වෙලා තිබුණා. නමුත් මේ චිත්‍රපටිය මගින් කාමසූත්රය කෘතිය පිළිබඳව වැරදි අදහසක් සමාජගත කළා. ඇත්ත වශයෙන්ම චිත්රපටිකරුවන් විසින් මේ නම තෝරාගෙන තිබුණේ චිත්‍රපටය සඳහා ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා පමණයි.
මේ ලැයිස්තුවට ඇතුළත් වෙන්න ඕන චිත්‍රපටි බොහෝ ප්‍රමාණයක් අතරින් හතක් පමණයි අපි මේ ආටිකල් එක සඳහා ඇතුළත් කරලා තියෙන්නේ. මේ ලැයිස්තුවට ඇතුළත් වෙන්න ඕන ඒ වගේ තව චිත්‍රපටි ගැන ඔබට කමෙන්ට් එකකින් අපිට කියන්න පුළුවන්. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply