කාම සූත්‍රය සිංහලෙන් – හතළිස් අ​ට වැනි කොටස

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

 

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 21 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 22 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 23 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 24 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 25 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 26 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 27 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 28 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 29 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 30 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 31 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 32 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 33 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 34 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 35 කොටස

කාස සූත්‍රය සිංහලෙන් 36 කොට​ස

කා​ම සූත්‍රය සිංහලෙන් 37 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 38 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 39 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 40 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 41 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 42 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 43 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 44 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 45 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 46 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 47 ​කොට​ස

 

මතක ඇතිනේ අපි ගිය සතියෙ ඉඳන් කියවන්න පටන් ගත්තේ “ස්ත්‍රී පුරුෂ ශීලාවස්ථාපන ප්‍රකරණය.” අපි කලින් සතියේ කියවීම නැවැත්තුවේ යම්කිසි කාන්තාවක් තමන් සමඟ සම්බන්ධතාවයක් ගොඩ නඟන්න උත්සාහ කරන පුරුෂයෙකු ප්‍රතික්ෂේප කරන්න හේතු වන කරුණු කීපයක් ගැන කියමින්. කීපයක් කිව්වට එතන කරුණු විසි පහක් වගේ තිබ්බා. ඒ කරුණු මොනවද කියලා බලන්න නම් ඉතින් ඔබට ඒ ආටිකල් එක කියවන්නම වෙනවා. මේ කරුණු තුළින් එවැනි තත්ත්වයක් ඇතිවෙන්න බලපාන හේතු සියල්ලම පාහේ සාකච්ඡා වෙනවා කියලා කියන්න පුළුවන්.

ඊට පස්සේ වත්ස්‍යායන පඬිතුමා කියන්නේ කලින් සඳහන් කරපු හේතු මඟින් ඇතිවිය හැකි බලපෑම අවම කරගන්න විවිධ උපක්‍රම අනුගමනය කළ යුතුයි කියලා.

  • අනුරාග වර්ධනය. 
  • උපක්‍රමශීලී වීම. 
  • ආශ්‍රය වැඩි කිරීම. 
  • තමන් දක්ෂයෙකු බව පෙන්වීම. 
  • ඇයට තමන් කෙරෙහි විශ්වාසය ඇති කිරීම. 
  • සැනසවීම… 

 වගේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් ඇයව තමන් වෙතට නම්මවා ගැනීමට පුළුවන්.

තවදුරටත් මෙවැනි ස්ත්‍රීන් ඉදිරියේ පුරුෂයකුට ජයග්‍රාහකයෙකු වීමට නම් පුරුෂයෙකු තුළ වර්ධනය කරගත යුතු කුසලතා රාශියක් පිළිබඳව වත්ස්‍යායන පඬිතුමා සඳහන් කරනවා.

  • කාමසූත්‍රය දැන සිටීම. 
  • කතා සල්ලාපයේ බුහුටි වීම. 
  • උපක්‍රමශීලීත්වය. 
  • තරුණ බව. 
  • ක්‍රීඩාශීලීත්වය. 
  • වාග් චතුරත්වය. 
  • උචිත දේ කීමේ හැකියාව. 
  • ත්‍යාගශීලි වීම. 
  • අනෙක් අය වෙනුවෙන් මෙවැනි කටයුතු කිරීමෙන් ලබන පරිචය. 
  • තැනට සුදුසු නුවණ. 
  • දැඩි ප්‍රාර්ථනාව. 
  • ඇගේ යෙහෙළියන් සමග ඇතිකරගන්නා මිත්‍රත්වය. 
  • හිතවත්වීම. 
  • විවිධ ක්ෂේත්‍රවල දක්ෂයකු වීම. 
  • තමන්ට හිතවත් සේවක සේවිකාවන් ලැබීම. 
  • සුන්දර නිවසක් තිබීම. 
  • කරුණාවන්ත වීම. 
  • රති ක්‍රීඩාවේ දක්ෂයකු යැයි ප්‍රසිද්ධ වීම. 
  • සැහැසි වීම. 
  • විවිධ කලා ශිල්පවල නිපුණයකු වීම. 
  • රූමත් වීම. 
  • ගුණවත් වීම. 
  • අලංකාර ලෙස ඇඳ පැළඳීම. 
  • අවස්ථානුකූලව ඉක්මනින් තීරණ ගැනීමේ හැකියාව. 

 

උපක්‍රමයක් යෙදවූ පමණින් තමන්ට ළං කරගන්න පුළුවන් වර්ගයේ කාන්තාවන් හඳුනා ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන්, ඇය තුළ තිබෙන චරිත ස්වභාව ගැන ඊට පස්සේ වත්ස්‍යායන පඬිතුමා සඳහන් කරනවා.

  • සිය නිවසේ දොරකඩටම වී සිටින තැනැත්තිය. 
  • සඳලු තලයෙන් සහ කවුළුවලින් නිතරම එබී බලන තැනැත්තිය. 
  • අසල්වැසි නිවෙස්වල නිතර නිතර ගැවසෙන තැනැත්තිය. 
  • ඇස් මුණගැසුණු සැණින් ඉවත බලන තැනැත්තිය. 
  • සපත්නීගෙන් පීඩා විඳින තැනැත්තිය. 
  • තම සැමියාට වෛර කරන්නිය.
  • තම සැමියාගේ වෛරයට පාත්‍ර වූ තැනැත්තිය. 
  • නිසි ආරක්ෂාවක් නොමැති ස්ත්‍රිය. 
  • දරුවන් නොමැති ස්ත්‍රිය. 
  • දැඩි ලෙස දෙමව්පියන්ගේ රැකවරණය යටතේ සිටින තැනැත්තිය. 
  • මළ දරුවන් බිහිකරන ස්ත්‍රිය. 
  • නිතර නිතර තම නිවසින් බැහැරට යන තැනැත්තිය. 
  • නිතර උත්සව සංවිධාන කරන්නිය. 
  • නළුවන්ගේ බිරින්දෑවරු. 
  • සැමියා මිය ගිය ස්ත්‍රිය. 
  • රාගාධික දිළිඳු ස්ත්‍රිය. 
  • සහෝදරියන් බොහෝ දෙනකු  සිටින පවුලක විවාහ වූ ස්ත්‍රිය. 
  • සිය සැමියා පහත් කොට සළකන තැනැත්තිය. 
  • තම දක්ෂතාවය නිසා අභිමානයෙන් පසුවන තැනැත්තිය. 
  • සිය සැමියාගේ මෝඩකම් නිසා කළකිරී සිටින තැනැත්තිය. 
  • තමන්ට වඩා සැමියා බුද්ධිහීන යැයි සිතන ස්ත්‍රිය. 

ඊට පස්සේ එතුමා ස්වල්ප උත්සාහයක් දැරීමෙන් අනතුරුව තමන්ට ළඟා කරගන්න පුළුවන් කාන්තාවෝ වර්ග කීපයක් ගැන සඳහන් කරනවා. මේ කාන්තාවොත් විවිධ විවිධ අඩුපාඩුකම් සහිත අය

  • විවාහ කර ගන්නවා යැයි යමෙකු විසින් පොරොන්දුවක් ලබා දී, එම පොරොන්දුව කඩ කිරීම නිසා අපහසුතාවයට පත් වුණු තැනැත්තිය. 
  • පුරුෂයන් කෙරෙහි ආකර්ෂණය වන තැනැත්තිය 
  • විවිධ ක්ෂේත්‍රයන්වල දී අනෙකුත් කාන්තාවන්ට පැරදුණු ස්ත්‍රිය. 
  • සිය සැමියා විදේශගත වීම නිසාම තනිවුණු තැනැත්තියක. 
  • ඊර්ෂ්‍යා ගතිගුණ වැඩි ස්ත්‍රිය. 
  • කිළිටි ඇඳුම් පැළඳුම් පළඳින ස්ත්‍රිය. 
  • දේහයේ පුරුෂ ලක්ෂණ වැඩි ස්ත්‍රිය. 
  • ශරීරයේ විවිධ අඩුපාඩු ඇති තැනැත්තිය. 
  • ග්‍රාම්‍ය පරිසරයකින් පැමිණෙන තැනැත්තිය. 
  • සිරුරෙන් දුගඳ හමන තැනැත්තිය.
  • රෝගීන් සහ මහළු සැමියන් සිටින බිරින්දෑවරු. 

 

අවසාන වශයෙන් වත්ස්‍යායන පඬිතුමා මෙහෙම කියනවා… 

තමන්ගේ සිතෙහි ඇතිවන රාගය අදාළ ක්‍රියාමාර්ග ගැනීමෙන් වර්ධනය කොට බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් ස්ථිරභාවයට පත් කරගැනීමට පුළුවන්.

තමන්ගේ හැකියාවන් සහ යුවතියන්ගේ ඉඟි නිසි පරිදි හඳුනාගන්නා තැනැත්තා පර අඹුවන්ගේ පහස ලබා ගැනීමට සමත් වෙනවා. 

 

ඔන්න ඔය විදිහට ස්ත්‍රී පුරුෂ ශීලාවස්ථාපන ප්‍රකරණය නිමාවට පත්වෙනවා. ලබන සතියේ අපි පරිචය කාරණාභියෝග ප්‍රකරණය කියවමු.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *