චයිනීස් හෝටලෙන් ගන්න චිකන් ඩිශ් 5ක් ගෙදරම හදමුද?

එක එක ටේස්ට් වලින් චිකන් කන්න කැමති අයට අද චයිනීස් රසට චිකන් රෙසිපි ටිකක් ගෙනාවා. සිම්පල් රෙසිපි ටිකක්. අනිවා ට්‍රයි කරන්න ඔයාලත්…

 

1. ලෙමන් චිකන්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කටු ඉවත් කර කපාගත් චිකන් ග්‍රෑම් 200
  2. සෝයාසෝස් මේස හැඳි 2
  3. ලුණු හා ගම්මිරිස්කුඩු
  4. බිත්තර 1
  5. කෝන්ෆ්ලා මේස හැඳි 3
  6. බැදීමට තෙල්

 

ලෙමන් සෝස් එකට අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තෙල් මේස හැඳි 1
  2. චිකන් ස්ටොක් කෝප්ප 1
  3. ලෙමන් ජූස් කෝප්ප 1/4
  4. සීනි මේස හැඳි 2
  5. ලෙමන් පෙති 3-4
  6. මී පැණි මේස හැඳි 1
  7. කෝන්ෆ්ලා මේස හැඳි 1
  8. ලුණු

 

  • චිකන් වලට සෝයාසෝස්, ලුණු, ගම්මිරිස්කුඩු හා බිත්තරය දාගන්න. කෝන්ෆ්ලා එකතු කරලා හොඳට කලවම් කරලා චිකන් ටික කෝට් කරගෙන රත් වුන තෙලේ රන්වන් පාට වෙනකම් බැදගන්න. 
  • සෝස් එක හදාගන්න වෙනම භාජනයක තෙල් ටිකක් ලිපේ තියලා රත්වෙනකොට චිකන්  ස්ටොක් එක දාගන්න. 
  • ඊළඟට ලෙමන් ජූස්, සීනි, ලුණු, ලෙමන් පෙති හා පැණි ටික දාලා කෝන්ෆ්ලා වතුර මේස හැඳි 2ක දියකරලා දාගන්න.
  • ඇඹුල් වැඩි නම් තව සීනි දාගන්න. තව විනාඩි 5ක් වගේ ලිපේ තියලා බාගන්න. දැන් ලෙමන් පෙති ටික අයින් කරගන්න. දැන් උකු මිශ්‍රණයක් හැදිලා තියනවා පෙනෙයි. බැදගත් චිකන් උඩින් මේ සෝස් එක වක්කරලා මික්ස් කරගන්න.

 

 

2. ඩ්‍රැගන් චිකන්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කටු ඉවත් ​කළ චිකන් ග්‍රෑම් 200
  2. ගම්මිරිස්කුඩු
  3. ලුණු
  4. සෝයාසෝස් මේස හැඳි 1
  5. බිත්තර 1
  6. කෝන්ෆ්ලා මේස හැඳි 2
  7. චොප්කරගත් සුදුළූණු බික් 2
  8. කජු ස්වල්පයක්
  9. කඩාගත් මිරිස් කරල් 2
  10. ලියාගත් ළූණු ගෙඩි 1
  11. කපාගත් බෙල්පෙපර් ගෙඩි 1/2
  12. චිලි පේස්ට් මේස හැඳි 1
  13. ටොමැටෝ සෝස් මේස හැඳි 1
  14. සෝයාසෝස් මේස හැඳි 1
  15. සීනි මේස හැඳි 1
  16. කපාගත් ළූණු කොළ ටිකක්

 

  • චිකන් වලට ලුණු හා ගම්මිරිස්කුඩු දාලා සෝයාසෝස් එකතු කරගෙන පැයක් මැරිනේට් කරගන්න. 
  • මැරිනේට් කරගත් චිකන් ටිකට බිත්තරය කඩලා දාලා කලවම් කරලා කෝන්ෆ්ලා ටිකත් දාලා චිකන් ටික ඩීප් ෆ්‍රයි කරගන්න.
  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට චොප්කරගත් සුදුළූණු, කජු, මිරිස් කරල් ටික දාගෙන ටිකක් බැදගන්න. 
  • ඒකට ළූණු, බෙල්පෙපර්, චිලි පේස්ට්, සෝයාසෝස්, ටොමැටෝ සෝස්, සීනි, ලුණු රස අනුව දාගෙන වතුර ස්වල්පයක් එකතු කරන්න.
  • මේ ටික ටික හොඳට තැම්බුනාම චිකන් ටික දාලා හිඳෙන්න දෙන්න. අවසානයට උඩින් කපාගත් ළූණු කොළ ටිකක් ඉහගන්න.

 

 

3. චයිනීස් රෝස්ට් චිකන්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සම සහිත චිකන් ලෙග්ස් 4
  2. සෝයාසෝස් මේස හැඳි 3
  3. සීනි මේස හැඳි 2
  4. ලුණු
  5. මිරිස්කුඩු තේ හැඳි 1
  6. කහ කුඩු තේ හැඳි 1/2
  7. විනාකිරි මේස හැඳි 2
  8. චොප්කරගත් ළූණු ගෙඩි 1
  9. චොප්කරගත් සුදුළූණු බික් 2

 

  • චිකන් වලට සෝයාසෝස්, සීනි, ලුණු, මිරිස්කුඩු, කහකුඩු, විනාකිරි, ළූණු හා සුදුළූණු ටික දාගන්න.
  • දැන් මේ ඔක්කොම හොඳට කලවම් කරලා පැය 12ක් ෆ්‍රිජ් එකේ දාලා මැරිනේට් කරගන්න.
  • මැරිනේට් කරගත් චිකන් ටික අවන් එකට දාන්න පැය භාගෙකට කලින් ෆ්‍රිජ් එකෙන් එළියට ගන්න. 
  • සෙල්සියස් 180°ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 30ක් රෝස්ට් කරගන්න. අනික් පැත්ත හරවා තව විනාඩි 25ක් රෝස්ට් කරගන්න. 

 

 

4. ගාලික් චිකන්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කටු ඉවත් ​කළ චිකන් ග්‍රෑම් 500
  2. විනාකිරි මේස හැඳි 1
  3. ලුණු 
  4. ඉඟුරු, සුදුළූණු පේස්ට් මේස හැඳි 1
  5. චොප්කරගත් සුදුළූණු මේස හැඳි 1
  6. චොප්කරගත් ඉඟුරු මේස හැඳි 1
  7. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  8. කොටුවට කපාගත් ළූණු ගෙඩි 1
  9. කපාගත් බෙල්පෙපර් ගෙඩි 1/2
  10. රෙඩ් චිලී පේස්ට් මේස හැඳි 1
  11. ටොමැටෝ කේචප් මේස හැඳි 1
  12. සෝයාසෝස් මේස හැඳි 1
  13. සීනි මේස හැඳි 1
  14. මිරිස්කුඩු තේ හැඳි 1
  15. ගම්මිරිස්කුඩු රස අනුව
  16. කෝන්ෆ්ලා මේස හැඳි 1

 

  • චිකන් වලට විනාකිරි, ලුණු හා ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාලා කලවම් කරලා විනාඩි 30ක් මැරිනේට් කරගන්න.
  • පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා චොප්කරගත් සුදුළූණු, චොප්කරගත් ඉඟුරු හා අමුමිරිස් ටික දාගන්න. ටික වෙලාවක් තෙම්පරාදු කරන් මේකට මැරිනේට් කරගත් චිකන් ටික එකතු කරන්න.
  • චිකන් ටික හොඳට බැදුනම කපාගත් ළූණු, බෙල්පෙපර්, චිලී පේස්ට් ටික දාගන්න. වතුර කෝප්ප 1ක් දාලා හොඳට වහලා විනාඩි 5ක් විතර පිසගන්න.
  • ඊලඟට ටොමැටෝ කේචප් හා සෝයාසෝස් ටික දාගන්න. රස අනුව ලුණු දාලා හොඳට කලවම් කරගන්න. සීනි, මිරිස්කුඩු හා ගම්මිරිස්කුඩු දාගන්න. කෝන්ෆ්ලා ටික වතුර මේස හැඳි 3ක දිය කරලා දාගන්න. කරි එක උකු උනාම ලිපෙන් බාගන්න.

 

5. චිකන් මැන්චූරියන්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කටු ඉවත් ක​ළ චිකන් ග්‍රෑම් 500
  2. ලුණු
  3. බිත්තර සුදුමද 2
  4. කෝන්ෆ්ලා මේස හැඳි 1
  5. කපාගත් කැරට් අල 1
  6. කපාගත් බෙල්පෙපර් පාට 2කින්
  7. තෙල්
  8. චොප්කරගත් සුදුළූණු බික් 2
  9. කපාගත් ළූණු ගෙඩි 1
  10. සෝයාසෝස් මේස හැඳි 1
  11. ඔයිස්ටර් සෝස් මේස හැඳි 1/2
  12. සුදු විනාකිරි මේස හැඳි 1/2
  13. සීනි මේස හැඳි 1
  14. කෝන්ෆ්ලා මේස හැඳි 1

 

  • චිකන් වලට බිත්තර සුදුමද, ලුණු, කෝන්ෆ්ලා එකතු කරලා පැයක් මැරිනේට් කරගන්න. තාච්චියට තෙල් දාලා චිකන් ටික ගැඹුරු තෙලේ බැදගන්න.
  • පෑන් එකට තෙල් ටිකක් දාලා සුදුළූණු, ළූණු, බෙල්පෙපර් හා කැරට් ටික එකතු කරන්න. 
  • ටික වෙලාවක් තෙම්පරාදු කරගෙන සෝයාසෝස්, ඔයිස්ටර් සෝස්, විනාකිරි, සීනි හා වතුර ටිකක් දාලා ඔක්කොම හොඳට කලවම් කරගන්න.
  • ගම්මිරිස්කුඩු රස අනුව දාගන්න. කෝන්ෆ්ලා ටිකක් වතුරෙ දියකරලා මේකට එකතු කරගන්න. උකු වේගෙන එනකොට අන්තිමට චිකන් ටික දාලා කලවම් කරගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *