ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ ඉතිහාසය බලද්දී අපිට පැරණි චිත්‍රපටි නව නිෂ්පාදන විදිහට අවස්ථා ගණනාවකදී දැකබලා ගන්න ලැබිලා තියෙනවා. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ ඒ නව නිෂ්පාදනය කොයිතරම් දුරට පැරණි නිෂ්පාදනය අභිබවන්න සමත් වුණාද කියන එක. එහෙම නම් වැඩි කතාබහක් නැතුව ඒ විදිහට නව නිෂ්පාදන විදිහට අපි අතරට ආපු චිත්‍රපටි කිහිපයක් ගැන දැන කියා ගමු.
1. කඩවුණු පොරොන්දුව
“කඩවුණු පොරොන්දුව” කියන්නේ ලංකාවේ පළවෙනි කතානාද චිත්‍රපටය. ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ ආරම්භය කඩවුණු පොරොන්දුව එක්ක සිද්ධ වුණා කියන එකේ වැරැද්දක් නැහැ. නමුත් අවාසනාවකට වගේ ලංකාවේ චිත්‍රපටි සංරක්ෂණාගාරයක් නොවීම නිසා කඩවුණු පොරොන්දුව චිත්‍රපටය සම්පූර්ණයෙන්ම දැකබලා ගැනීමේ හැකියාව ප්‍රේක්ෂකයන්ට ඉන්පසුව ලැබුණේ නැහැ. මේ නිසා ඊට විකල්පයක් විදිහට රෝයි ද සිල්වා විසින් කඩවුණු පොරොන්දුවේ නව නිෂ්පාදනයක් නිර්මාණය කරනු ලැබුවා. නව නිෂ්පාදනයේ දී රුක්මණී දේවිය විසින් රඟපෑ චරිතය සුමනා අමරසිංහ විසින් නිරූපණය කළා. පළමු නිෂ්පාදනයේ සිටි එඩී ජයමාන්න මනප්පුවා ලෙස මෙම චිත්‍රපටයටත් රංගනයෙන් දායක වුණු අතර, එය ඔහු රඟපෑ අවසාන චිත්‍රපටය වීමත් විශේෂත්වයක්
2. සුජාතා
නව නිෂ්පාදනයක් විදිහට සාර්ථක වූ එක චිත්‍රපටයක් විදිහට “සුජාතා” හඳුන්වන්න පුළුවන්. පළමු නිෂ්පාදනයේදී ෆ්ලොරීඩා ජයලත්, ශාන්ති ලේඛා, ප්‍රේම්ජයන්ත් සහ ඩොමී ජයවර්ධන රඟපෑ චරිත පිළිවෙළින් සබීතා පෙරේරා, ඩිලානි අබේවර්ධන, සනත් ගුණතිලක සහ කමල් අද්දරආරච්චි රඟපෑවා. පළමු චිත්‍රපටයේ ගීත එලෙසින්ම මෙම චිත්‍රපටය සඳහා භාවිතා කර තිබුණා.
3. හතර දෙනාම සූරයෝ
“හතර දෙනාම” සූරයෝ අපේ රටේ විනෝදාත්මක සිනමාවේ සංධිස්ථානයක්. මේ චිත්‍රපටය නිර්මාණය කරන්නේ නීල් රූපසිංහ. පළමු චිත්‍රපටයට ලැබුණ අතිමහත් ජනතා ආකර්ෂණය නිසාම ඔහු ඊට දශක කීපයකට පස්සේ හතර දෙනාම සූරයෝ තිර නාටකය නැවතත් නව නිර්මාණ ශිල්පීන් දායක කරගනිමින් ප්‍රතිනිර්මාණය කරනවා. නමුත් කණගාටුවකට වගේ පළමු චිත්‍රපටයේ ජනප්‍රියත්වය අසළකට එන්නවත් මේ නිර්මාණය සමත් වෙන්නේ නැහැ.
4. කොළඹ සන්නිය
“කොළඹ සන්නිය” කියන්නෙත් නව නිෂ්පාදනය නිසා නා ගත්ත චිත්‍රපටයක්. ඒ චිත්‍රපටයේ හොඳකට තිබ්බ එකම දේ පළවෙනි චිත්‍රපටය සම්පූර්ණයෙන්ම කොපි කිරීමකින් තොරව මේ චිත්‍රපටිය සකස් කරලා තිබ්බ එක. හැබැයි ප්‍රශ්නය වුණේ මේ චිත්‍රපටියේ තිරනාටකයේ දුර්වලතාවයත් එක්ක ප්‍රේක්ෂකයන්ට සාර්ථක සිනමාත්මක අත්දැකීමක් ලබා දීමට නොහැකි වීම. නමුත් කොළඹ සන්නිය පැරණි චිත්‍රපටය තවමත් බලන බලන වාරයක් පාසාම ප්‍රේක්ෂකයන්ව සිනා සයුරක ගිල්ලවනවා.
5. කැලෑ හඳ
රුක්මණී දේවියගේ සහ ස්ටැන්ලි පෙරේරාගේ රංගනය නිසා අතිශයින් ජනප්‍රියට පත් වුණු “කැලෑ හඳ” චිත්‍රපටය 1993 වර්ෂයේදී ප්‍රති නිර්මාණයක් විදිහට නිකුත් වෙන්නේ “මැවිලා පෙනේවි රූපේ” කියන නමින්. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රන්ජන් රාමනායක සහ දිල්හානි අශෝකමාලා රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටය තුළ විශේෂයෙන් සඳහන් කළ යුතු මට්ටමේ ගුණාත්මක භාවයක් නොතිබුණත් බලාගෙන ඉන්න පුළුවන් මට්ටමේ චිත්‍රපටයක් කියලා මේ චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්.
6. තුෂාරා
2007 වර්ෂයේදී “තුෂාරා” චිත්‍රපටයේ නව නිෂ්පාදනයක් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙනවා. මේ චිත්‍රපටය නිර්මාණය කරන්නේ සහන් විජේසිංහ. ඔහු කියන විදිහට පැරණි තුෂාරා චිත්‍රපටයට ඔහු කොයිතරම් දුරට පිස්සු වැටුනද කිව්වොත් ඒ චිත්‍රපටිය ඔහු විසි හය වතාවක් බලලා තියනවලු. මේ බැඳීමම තුෂාරා චිත්‍රපටයේ නව නිෂ්පාදනයක් කරන්න ඔහුව යොමු කරන්න ඇති. හැබැයි අපේ මේ ආටිකල් එකේ ආරම්භයේදී කිව්වා වගේම මේ චිත්‍රපටියටත් පැරණි නිර්මාණයට කොයිතරම් දුරට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වුණාද කියන එක නම් ප්‍රශ්නයක්.
7. ලොකුම හිනාව
කේ. ඩබ්ලිව් පෙරේරාගේ ජනප්‍රිය චිත්‍රපටයක් වුණු “ලොකුම හිනාව” චිත්‍රපටය 2016 වර්ෂයේ දී ප්‍රේක්ෂකයන්ට 64 මායම් විදිහට දැක බලාගන්න අවස්ථාව ලැබෙනවා. පළමු චිත්‍රපටයේ ඩී.ආර් නානායක්කාර රඟපෑව චරිතය මේ චිත්‍රපටය තුළ නිරූපණය කරන්නේ විජය නන්දසිරි. එය විජය නන්දසිරි විසින් සිදු කළ අවසාන රංගනය ලෙස සැලකෙනවා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා. විශේෂයෙන්ම මේ ලැයිස්තුවට ඇතුළත් විය යුතු, අපේ අතින් මග ඇරිලා තියෙන චිත්‍රපටි ගැන සඳහන් කරන්න කියන විශේෂ ඉල්ලීමත් කරන්න කැමතියි.
Leave a Reply