කාන්තා සුරතාන්තය ගැන වැදගත් කරුණු

ලිංගික සතුට කියන්නේ කිරි බී වැඩෙන සතුන්ට ජීවිතයේ ලබාගන්නට තිබෙන සුපිරි සතුටක්. සතුන් සමග සංසන්දනය කළාම මිනිස්සුන්ගේ සිරුරට සාපේක්ෂව මොළය ලොකුයි. ඒ වගේම ලිංගික ඉන්ද්‍රියනුත් ලොකුයි. ඒ නිසා මිනිසුන්ගේ ලිංගික සතුටත් ඔවුන්ගේ යහපැවැත්ම කෙරේ  බලපානවා. පිරිමි අයෙකුට දකින රුවකින් පවා ලිංගිකව උත්තේජනය වී සැණෙකින් සුරතාන්තයට පත් විය හැකියි. එහෙත් කාන්තා සුරතාන්තය වගේම කාන්තාව ලිංගික සතුට ලබාගන්න ක්‍රමයත් මදක් පමා වෙනවා. ඉතින් අපි කාන්තා සුරතාන්තය ගැන කරුණු ටිකක් දැනගමු

 

1. මොකද්ද මේ සුරතාන්තය? 

පිරිමින්ට ලිංගික සම්බන්ධතාවයේ උපරිම අවස්තාව ධාතු පහවීම විදිහට දකින්නම තියෙනවා. ඒත් ස්ත්‍රීන්ට එහෙම නැහැ. ඒත් ස්ත්‍රීන්ටත් සුරතාන්තය ලබාගන්නට පුළුවන්. පිරිමින්ට වගේ බොහොම ඉක්මනට සුරතාන්තය ළඟා වුණේ නැතත්, කාන්තා සුරතාන්තය කියන්නෙත් ඔවුන්ට ලිංගිකව ලැබිය හැකි ඉහළම සතුට ලැබෙන අවස්ථාව වෙනවා. සුරතාන්තයේදී කාන්තාවන්ට ඔවුන්ට දැනෙන වෙනසක් තිබෙනවා. ඒ වගේම යෝනියෙන් යම් ස්‍රාවයක් නිකුත්වීමත් සුරතාන්තයේදී සිදු වෙනවා. එහෙත් මේ ස්‍රාවය කාම චිත්‍රපට වල අතිශයෝක්තියෙන් පෙන්වන තරමට ටැප් එකකින් වතුර වහනය වන තරමට නම් ලොවෙත් නැහැ.  

 

2. සුරතාන්තයේ ලක්ෂණ

සුරතාන්තයට ළඟා වෙනවාත් එක්ක හදවතේ ගැස්ම වැඩිවෙනවා. ඒ වගේම හුස්ම ගැනීමේ වේගෙත් බොහෝවිට වැඩි වෙනවා. යෝනි හෝ භගමනිය පිරිමැදීමේ සුරතාන්තයේදී ඒ අවට මාංශපේශීන් ඉහිල් වීමකුත් සිද්ධ වෙනවා. කාන්තාවන්ටත් ළඟ ළඟ සුරතාන්ත එකකට වඩා අත් දකින්නට පුළුවන්කම තියෙනවා. පිරිමින්ට වගේ සම්පූර්ණ අඩපණ වීමක් සිදු නොවන නිසා කාන්තාවන්ට එක වර සුරතාන්ත එකකට වඩා රසවිඳින්නට පුළුවන්.

 

3. සුරතාන්තයේ වාසි

අපි ජීවත්වෙන ආසියානු සමාජයේ තවමත් ලිංගිකත්වය ගැන විවිධ යල්පැනගිය මතවාද තියෙනවා. ඒ නිසා මේ ලිංගික සැපය සම්පුර්ණයෙන් ම ලබාගැනීම ගැනත් විවිධ අදහස් තියෙනවා. ඒත් විද්‍යාඥයින් තහවුරු කරලා තියෙන අන්දමට ලිංගික උත්තේජනය මගින් සුරතාන්තයට පත්වීම කියන්නේ අපේ සිරුරට වගේම මනසටත් වැදගත් අවස්ථාවක්. ඒ මගින් මානසික සැහැල්ලුවක් ඇති වෙනවා. ඒ වගේම එදිනෙදා ජීවිතයේ යහ පැවැත්මටත් ලිංගික සතුට නිසි ආකාරයෙන් ලබාගැනීම වැදගත් බව පර්යේෂණාත්මකව සනාථ වෙලා තියෙනවා. කාන්තාව පිරිමි තරම්ම ඉක්මන් නොවුණත් ඔවුන්ටත් සුරතාන්තය මගින් කායික, මානසික සහනය ලැබෙනවා.

 

4. යෝනිය හා සම්බන්ධ සුරතාන්තය

පුරුෂ ලිංගයේ අග තිබෙන ස්නායු ප්‍රමාණයටත් වඩා විශාල ස්නායු සංවේදක තොගයක් ස්ත්‍රී භගමනියේ පිහිටලා තියෙනවා. ඒ නිසා භගමනිය හොඳින් පිරිමැදීමෙන් ස්ත්‍රීන්ට සුරතාන්තයට ළඟා වෙන්නට පුළුවන්. වයිබ්‍රේටර සහ වෙනත් උපාංග යොදාගෙන මෙම භගමනිය පිරිමැද සතුටුවීමෙන් ඇතැම් කාන්තාවන් සුරතාන්තයට පත් වෙනවා. ඒ භගමනිය මූලික කරගෙන සුරතාන්තයට පත් වීම එක් ආකාරයක්. යෝනිය මගින් සුරතාන්තයට පත් වීම තවත් ආකාරයක්. එහිදී යෝනිය තුළ ඇති ජී ස්පොට් වැනි ස්ථාන උත්තේජනය කිරීමෙන් පහසුවෙන් යෝනි සුරතාන්තයට පත් වෙනවා. ඉතා පටු තීරයක පිහිටා තියෙන මේ භගමනිය සහ යෝනිය යන ආකාර දෙකෙන්ම සාමාන්‍ය ලිංගික කාර්යයේදී සුරතාන්තයට ළඟා වෙන්නට පුළුවන්. ආකාර වශයෙන් ගත්තාම මේ ස්ත්‍රී ලිංගික අවයව ඇසුරෙන් සුරතාන්තයට පත් වීම වඩාත් සුලභයි.

 

5. යෝනිය සම්බන්ධ නොවන සුරතාන්තය

මේක එතරම් සුලභ තත්ත්වයක් නෙමෙයි. ඒත් ලිංගික කාර්යයට පෙර වැසිකිළි යන්නට තිබෙන උවමනාව, මුත්‍රා පිටකරන්නට තිබෙන උවමනාව ඇතැමුන්ට තිබෙනවා. මෙයින් එක් සුළු පිරිසක් අධෝමාර්ගය ඇසුරු කරගෙන, ඒ ඔස්සේ සුරතාන්තය ලබාගන්නා බව සොයාගෙන තියෙනවා. ඒ වගේම කවීන් දක්වලා තියෙන විදිහට ස්ත්‍රී සිරුරම පුරුෂයින්ව පුබුදු කරන්නට සමත් වෙනවා. එය කාන්තාවන්ගේ පාර්ශවයෙන් ගත්තා වුණත් තන පුඩු, බෙල්ල, කන් පිටුපස, තට්ටම්, ඉඟටිය වැනි ස්ථාන පිරිමැදීමෙන්ද සුරතාන්තයට පත් වෙන අය ඉන්නවා. බොහෝ විට මෙසේ කොටස් කොටස් දැක්වූවාට සාමාන්‍ය ලිංගික සම්භෝගයකින් සුරතාන්තයට ලක්වෙන කාන්තාවකගේ සුරතාන්තය සිරුරේ විවිධ කොටස් වලින් විවිධ උත්තේජනයන් ඔස්සේ ඈට ලැබෙනවා.

 

6. කාන්තා සුරතාන්තය නොලැබීම

පිරිමි සුරතාන්තය වගේ පැහැදිලිව සලකුණු වීමක් නැති නිසා ඇතැම් කාන්තාවන් වසර ගණනක් ලිංගිකව එකතු වුවත් ඔවුන්ට සුරතාන්තය මග හැරෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල ලිංගික කාර්යයන්ට දක්වන බිය නිසාත් සුරතාන්තය අහිමි වෙනවා. මේ ලිංගිකත්වය කෙරේ ඇතිවන බිය සංස්කෘතික සාධක, පාරිසරික සාධක ආදිය නිසාත් ඇති වෙනවා. යම් මානසික සංකූලතාවයන් නිසාත් සුරතාන්තය මග හැරීමට පුළුවන්. ඒත් ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී, මුලින්ම ඇති තත්ත්වය නිරවුල් කරගෙන ඒ සඳහා ප්‍රතිකාර තිබේනම් ඒ සඳහා යොමුවීම කළ යුතු වෙනවා.

 

7. තනිව සුරතාන්තය සහ සහකාරයෙකු හරහා සුරතාන්තය

අද වනවිට කාන්තාවන්ට සුරතාන්තය ලබාගන්නට පහසු වන්නට විවිධ ආකාරයේ වයිබ්‍රේටර්, කෘත්‍රිම පුරුෂ ලිංග  ආදී උපකරණ තිබෙනවා. ඒවා පාවිච්චි කර සුරතාන්තයට පත් වීමේ කිසිදු අවුලක් නැහැ. ඒත් මිනිස් සබඳතාවයකින් ලබාගන්නා සුරතාන්තය උපකරණ මගින් ලබාගන්නා සුරතාන්තයට වඩා ගුණාත්මක බවක් තිබෙන බවක් වාර්තා වල සඳහන් වනවා. හුදෙක් යන්ත්‍රයකට වඩා මනුෂ්‍ය බැඳීමක් හරහා ලැබෙන හැඟීමත් ලිංගික සතුට කෙරේ බලපානවා.

ලිංගිකත්වය ගැන විදෙස් විශේෂඥයින් කියන විදිහට ලිංගික කාර්යයන් කියන්නේ යම් කිසි රටාවකට අනුව ලකුණු එකතුකොටගෙන ලබාගත යුතු උපාධියක් හෝ එවැනි කඩඉමක් නෙමෙයි. එය පුද්ගලික අවකාශයක, ඒ යෙදෙන අයට ඒ අවස්ථාවේ සතුට ලැබෙන ක්‍රියාකාරකමක් වුණාම හොඳටම ප්‍රමාණවත්. ඒ කියන්නේ කාම කතා වල, කාම වීඩියෝ වල තිබෙන ආකාරයටම අපිත් ලිංගික සතුට නාටකීය ආකාරයෙන් ලබාගත යුතුය කියලා නියමයක් නැහැ. එකිනෙකාගේ රුචි අරුචිකම් හඳුනාගෙන! ලිංගික නැමියාවන් ගැන අවබෝධ කරගෙන කටයුතු කළොත් සුරතාන්තය ලබාගැනීමට පහසුයි. ඒ වගේම ස්ට්‍රෙස් අඩුවෙන් නියම ලිංගික කාර්යයක පහස විඳින්නටත් එතකොට අවස්ථාව ලැබෙනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *