කොටුවෙ කේක් බඩු හා කේක් උපකරණ ගන්න පුළුවන් හො​ඳ තැන් ගැන දැනගන්​න

කේක් හදන අයට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් අද කියන්න යන්නේ. ව්‍යාපාරික මට්ටමින් කේක් හදන අයට තමා මේක හුඟක්ම වැදගත්වෙන්නෙ. කොළඹ කොටුව කියන්නෙ කෙළවරක් නැති කඩ සාප්පු ගණනාවක්ම තියෙන, ගියාම අතරමං වෙන තැනක්නෙ. හැම දෙයක්ම තිබ්බත් ඒවා හරියටම තියෙන තැන් දැනගෙන යන එක කාලය ඉතුරු කරගන්න සෑහෙන වටිනවනෙ. ඒ නිසා අද අපි කේක් බඩු තියන කඩ ගැන කියන්නයි යන්නේ.

 

1. පෙටා එසන්ස්

කේක් නිර්මාණ ශිල්පීන් අතර ජනප්‍රිය කඩයක් තමයි මේ. පරම්පරා ගාණක් තිස්සෙ ගෑස්පහ හන්දියේ රජ කරන පෙටා එසන්ස් එකේ කේක් බඩු නැති දෙයක් නෑ. කේක් බඩු විතරක් නෙමෙයි, උයන්න ඕන කරන රසකාරක, එසන්ස් වර්ග, ජෑම්, ස්වීට්ස්, චොක්ලට් වර්ග වලට අමතරව කේක් උපකරණ විකුණන තැනකුත් තියනවා. වෙඩින් කේක් කරන අය, හෝටල් හා ආපනශාලා හිමියන් ගොඩක් බඩු ගෙනියන්නෙ මේ පෙටා එසන්ස් එකෙන්.

ගියාම ටිකක් වෙලා ඉඳලා තමා බඩු ටික දාගන්න වෙන්නෙ. ඒ තරම් ක්‍රවුඩ් එකක් කොයි වෙලෙත් ඒ ශොප් එකේ ඉන්නවා. කැමති කෙනෙක්ට බිල් එක දාලා ගිහින් ඉතුරු වැඩ ටික කරගෙන ආවත් එයාලා පිළිවෙලට බඩු ටික දාලා තියනවා.

 

මෙන්න තැන

Pettah Essence Suppliers
135 Dam St, Colombo 01000
0112 326 235

 

2. ලතීෆියා ස්ටෝර්ස්

සෙන්ට් ජෝන්ස් ස්ට්‍රීට් එකේ කෙ​ළවරේම කඩේ. වැඩිය ඉඩ පහසුකම් නැති උනත් ගිය වෙලේ ඉඳලා බඩු ටික ගන්නකල් අපිට උදව් වෙන්න සෙට් එකක්ම එතන ඉන්නවා.

මේකෙ නම් කේක් ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි ගන්න තියෙන්නෙ. කොලිට් එක ගොඩක් වැඩි බඩු ගන්නවනම් ඉතින් ලතීෆියාම යන්න වෙනවා. කේක් බඩු වලින් කලරින්ග්ස්, විවිධ රටවල ස්වීට්ස් වගේ රසවත් කෑම අපිට මේකෙන් ගන්න පුළුවන්. ගියොත් කෙනෙක් ලේසියෙන් බඩුවක් නොගෙන එළියට එන්නෙ නම් නෑ.

තැන මෙතනයි

Latheefia Stores
011 Colombo, 46 St Johns Rd, Colombo 11100, Sri Lanka
+94 112 434 679

 

3. සෙන්ට් ඇන්තනීස් ස්ටෝර්ස්

ලතීෆියා එකට අල්ලපු කඩේ තමා මේ. මේකත් සෑහෙන ප්‍රසිද්ධයි. මේකෙ කේක් අමුද්‍රව්‍ය වගේම කේක් ටූල්ස්, කලරින්, ඩමී, කේක් බෝඩ්ස්, බොක්සස් වගේ දේවල් ගන්න වෙනමම ෆ්ලෝ එකක් තියනවා.

ඕන දේවල් නිදහසේ තෝරලා අරගෙන එන්න පුළුවන් තැනක්. කේක් නිර්මාණ ශිල්පීන් ගොඩක් බඩු ගන්න තැනක් තමයි මේක. වැඩි වෙලාවක් නොගෙන ඉක්මණට බඩු ටික බිල් කරගෙන එන්නත් පුළුවන්. අනික් තැන් වලට වඩා බඩු ටිකක් ගණන් උනත් හො​ඳ බඩු ටිකක් ගන්න පුළුවන්.

මෙන්න තැන

St. Anthonys Stores
No. 44 St Johns Rd, Colombo 01300, Sri Lanka
+94 112 325 608

 

4. ක්‍රිශ්නා

මේන් ස්ට්‍රීට් එකේ රාම් බ්‍රදර්ස් එකට කෙළින්ම විරුද්ධ පැත්තෙ තියන පොඩි පටුමගේ තියන ශොප් එකක් තමයි මේ. කේක් හදන ගොඩක් අය අතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ මෙතන. කේක් ටූල්ස්, බේකින් ට්‍රේ, කටර්ස්, කේක් ටොපර්ස්, ඩමී ඇතුළු ඕනම දෙයක් මේකෙ තියනවා. ගණන් එහෙමත් ගොඩක් අඩුයි.

එයාලට වට්සැප් වලින් කලින් ඕඩර් එක දාලා බඩු ටික ගන්නත් පුළුවන්. අනික් තැන් ඔක්කොටම වඩා ගණන් අඩු නිසා කේක් හදන අය තොග වශයෙන් බඩු මෙතනින් අරගෙන යනවා. පොඩි ශොප් එකක් උනත් මෙතන නැති දෙයක් නෑ.

මෙන්න තැන

155 Main St
155 Main St, Colombo 01100

 

5. ත්‍රී ස්ටාර්

ගෑස්පහ හන්දියෙ මේන් ස්ට්‍රීට් එක පැත්තට එනකොට තියන පොඩි ශොප් එකක් මේ. කේක් ට්‍රේස් ඇතුළු අනික් ද්‍රව්‍ය මේකෙ තියනවා. අනික් තැන්වල නැති දේවල් මේකේ බොහෝදුරට තියනවා. කේක් ටූල්ස් ඇතුළු ගොඩක් දේවල් සාධාරණ මිල ගණන් වලට ගන්න පුළුවන්. මෙතනත් ගොඩක් අය අතරෙ ප්‍රසිද්ධයි.

මෙන්න තැන

New Three Star Traders
Colombo 01300
0112 322 344

 

6. පීපල්ස් පාක්

පීපල්ස් පාක් එක කියන්නෙ තොග වශයෙන් හෝ සිල්ලර බඩු ගොඩක් අඩුවට ගන්න තියන තැනක්. මේකෙ සෙල්ලම් බඩු ස්ටේශනරි ඇරුනම කේක් බඩු ගන්න ශොප්ස් දෙක තුනකුත් තියනවා. කේක් පෙට්ටි, කප් කේක් පෙට්ටි, කේක් ටොපර්ස් එහෙම ගොඩක් අඩුවට ගන්න පුළුවන් මේකට ගියාම.

තැන මෙතනයි

Peoples Park Complex
People’s Park, Saunders Pl, Colombo

 

7. හෑන්ට්ස්

හෑන්ට්ස් එක තියෙන්නෙ පීපල්ස් පාක් එක ඇතු​ළෙම කොණකට වෙන්න. මේකෙ ගොඩක් හොයාගන්න අමාරු ඩමී වර්ග ඕඩර් එක අරගෙන කරලා දෙනවා. ඒ වගේම කලරින් වර්ග උනත් ගන්න පුළුවන්.

මෙන්න තැන

Hants Showroom – People’s Park
LG 27, People’s Park Complex. 11, Colombo, Sri Lanka
+94 112 437 135

 

මීට අමතරව ලතීෆියා ස්ටෝස් එකේ අනිත් එන්ට්‍රන්ස් එක තියන ගබොස් ලේන් එකෙත් තව කේක් බඩු තියන කඩ ගොඩක් හම්බෙනවා.

 

Gabos’ Ln

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *