ගාණට කෙට්ටු වෙලා, ෆිට් ඇඟක් හදාගන්න එක අද කාලේ අපි ගොඩ දෙනෙක්ගේ හීනයක්. මේ සඳහා ගොඩක් දෙනෙක් තෝරගන්නේ ජිම් යන එක තමයි. හැබැයි ඉතින් අපි හැමෝම ගෙවන බිසී ලයිෆ් එකත් එක්ක මේ ජිම් ගිහින් ව්‍යායාම කරන එක ටික දවසකින්ම එපා වෙනවා. කාර්බහුලකමයි, කම්මැලිකමයි එක්ක ශරීරය ගැන අවධානය යොමු කරන එකත් දවසින් දවසම කල් යනවා. ඉතින් අපි හිතුවා, එහෙම ශරීරය සහ සෞඛ්‍යය ගැන හිතන එක දවසින් දවස කල් දාන්නේ නැතිව අදම සෞඛ්‍යමත් ජීවිතේකට හුරුවෙන්න ඔබට උදවු කරන උපදෙස් කීපයක් ගැන කියන්න.
1. උදේ ආහාරය අනිවාර්යයෙන් ගන්න
දියවැඩියාව සහ හදවත් රෝග වළක්වන්නත්, ශරීරයේ බර වැඩිවීම පාලනය කරන්නත් පෝෂ්‍යදායී උදේ කෑම වේලක් ගැනීම ඉතාම වැදගත් කියලයි විශේෂඥයො කියන්නෙ. උදේ කෑම වේල හරිහැටි කලට වෙලාවට නොගන්න එකෙන් සහ උදේ කෑම වේල මගහැරගන්න එකෙන් ශරීරයේ බර වැඩිවීමට ලොකු දායකත්වයක් සපයනවා. උදේ ආහාරය ගැනීමෙන් ශරීරයේ ග්ලූකෝස් මට්ටම් විශාල වශයෙන් අඩු වැඩි වීම පාලනය කරලා ඔයාගේ ආහාර රුචිය පාලනය කරනවා. උදේ කෑම මගහැර ගත්තොත් ඊට පස්සේ එන බඩගින්න ඉතාම දැඩි වෙන්න පුළුවන්. ඒ හරහා අනවශ්‍ය ප්‍රමාණයට ආහාර ශරීරගත වෙන්නත්, ඒ හරහා බර වැඩි වෙන්නත් වක්‍රාකාරයෙන් බලපානවා. ඒ නිසා ඇඟේ බර අඩු කරගෙන සෞඛ්‍යමත්ව ඉන්න කැමති කෙනෙක් උදේ ආහාරය ලබා ගැනීම අනිවාර්යයෙන් කරන්න ඕනෙ දෙයක්.
2. කල් අරගෙන හිමින් ආහාර ගන්න
වේගයෙන් ආහාර ගන්න පුරුදු වෙලා ඉන්න අයගේ ශරීරයේ බර වැඩි වෙන්න වැඩි ඉඩක් තියෙන බවට පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියනවා. ඒ වගේම ඉක්මනින් ආහාර ගැනීමේදී අපේ බඩ පිරිලා, බඩගින්න නිවිලාය කියලා මොළයෙන් අපිට සංඥා ලැබෙන්න කල් ගත වෙනවා. ඒ නිසා අපිට නොදැනීම වැඩි ආහාර ප්‍රමාණයක් අපේ ශරීරයට ඇතුළු වෙනවා. හොඳින් හපා ආහාර ගැනීමෙන් හොඳට ආහාර හැපිලා, පොඩිවෙලා, ඛේටය සමග මිශ්‍ර වෙලා ආහාර ජීර්ණය පහසු කරනවා. ඒ වගේම හිමින් ආහාර ගැනීමෙන් අඩු ආහාර ප්‍රමාණයකින්ම අපේ බඩ පිරිලා, කුසගින්න නිවිලා යනවා. කාලයත් එක්ක ඒකෙන් අපේ ශරීරයේ බර අඩු වෙන්න හොඳ බලපෑමක් වෙනවා.
3. නිතර බර පරීක්ෂා කරන්න
වැඩිදෙනෙක් ලොකුවට නොහිතුවට මේක ශරීරයේ බර අඩු කරගෙන ෆිට් එකේ තියාගන්න උදවුවන හොඳම ක්‍රමයක්. ඒ තමයි දවසට කීප වතාවක්වත් බර කිරන එක. ආහාර වේලකට පස්සේ, වැසිකිළි ගියාට පස්සේ වගේ නිතර බර කිරන එකෙන් අපේ ශරීරයේ පවතින බර ගැනත්, බරේ අඩු වැඩිවීම් ගැනත් අපිට හොඳ අදහසක් ලැබෙනවා. තරමක් වැඩිපුර කන බොන කාලෙකදි අපිටත් නොදැනීම බර වැඩි වෙලා ශරීරයේ පාලනය අපෙන් ගිලිහෙන එක ඒකෙන් වැළකෙනවා. ලොකු ආයාසයක් ගන්නේ නැතිව අපිට අවශ්‍ය ප්‍රමාණයට බර අඩුකරගෙන පවත්වාගෙන යන්න මේ ක්‍රමය නිසා අපිට හැකිවෙනවා.
4. කට වහගෙන කෑම කන්න
කොච්චර අඩුවෙන් කෑම කෑවත් සමහරුන්ගේ බඩ පුම්බලා දාලා මහත පෙනුමක් එනවා. ඒ තත්ත්වය නැති කරගන්න හොඳටම ප්‍රයෝජනවත් වෙන උපදෙසක් තමයි මේ. ඒ තමයි කෑම කද්දි කෑමත් එක්ක කට ඇතුළට හුළං පිරවෙන්නේ නැති වෙන විදිහට කෑම කට ඇතුළට දාලා, හොඳින් කට වසාගෙන කෑම හපලා කන එක. මේ ක්‍රමේ හින්දා කෑමත් එක්ක වාතය අපේ බඩ ඇතුළට පිරිලා, බඩ පුරවලා දාන එක වැළැක්වෙනවා. කාලයක් මේ විදිහට කෑම කන්න හුරු වුණාම ඒකෙන් අපේ ශරීරයේ බර අඩු වෙන්න වගේම බඩේ පිම්බුණු ගතිය අඩු වෙන්නත් ලොකු උදවුවක් ලැබෙනවා.
5. ස්ට්‍රෙස් අඩු කරගෙන හොඳ නින්දකුත් ලබන්න
ස්ට්‍රෙස් හෝමෝනය වෙන කෝටිසෝල්වලට පුළුවන් ඔයාව අනවශ්‍ය විදිහට බඩගිනි කරලා වැඩිපුර ආහාර ගන්න පොළඹවන්න. ඒක ශරීරයේ බර වැඩිවීමට වගේම අනවශ්‍ය ලෙඩ රෝග රැසකටත් හේතු වෙනවා. ඒ නිසා පුළුවන් තරම් හිත නිදහස් කරගෙන රිලැක්ස් එකේ ඉන්න උත්සාහ කරන්න. ඒ වගේම ප්‍රමාණවත් සහ යහපත් නින්දක් නොලැබෙන එකත් සෞඛ්‍ය ගැටලු ගොඩකට මග පාදනවා. නින්දේ අක්‍රමිකතා නිසා හදවත් රෝග, දියවැඩියාව, වකුගඩු රෝග වගේ සෞඛ්‍ය අවදානම් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම නින්ද අයහපත් වීම ස්ට්‍රෙස් එක වැඩි වෙන්නත් හේතු වෙනවා. දවසකට පැය 6ත් 8ත් අතර නින්දක් සහ ස්ට්‍රෙස් නැති ජීවන රටාවක් පවත්වාගෙන යන අයට ශරීරයේ බර ලේසියෙන්ම අඩු කරගන්න පුළුවන් කියලා පරීක්ෂණවලිනුත් ඔප්පු කරලා තියනවා.
6. ෆිට් එකේ ඉන්න උපදෙස් සපයන සේවාවක සහාය ලබා ගන්න
දැන් අපි කියපු උපදෙස් වගේම, බර අඩු කරගන්න, ෆිට් ඇඟක් හදාගෙන සෞඛ්‍යමත්ව ඉන්න තවත් උපදෙස් බොහොමයක් සපයන වැදගත් සේවාවක උපකාර ලබාගන්න ඔබට පුළුවන්. ඒ සඳහා අලුතින්ම හඳුන්වා දීලා තියෙන සේවාවක් තමයි FITPAL. FITPAL කියන්නේ SMS හරහා ඔයාට ෆිට් එකේ සහ සෞඛ්‍යසම්පන්නව ඉන්න අවශ්‍ය වන උපදෙස් ලබාදෙන සේවාවක්. ආහාර පාලනය, ව්‍යායාම, පෝෂණය, ජීවන පුරුදු ඇතුළු උපදෙස් රැසක් මේ FITPAL සේවාව හරහා SMS මගින් ඔබට ලබා දෙනවා. ඉංග්‍රීසි බසින් හෝ සිංහලෙන් ඔයාට මේ උපදෙස් ලබා ගැනීමේ පහසුකම තියනවා. මේ සේවාව ලබාගන්න ඔයාට ස්මාර්ට් ජංගම දුරකථනයක්ම තියෙන්න ඕන වෙන්නෙ නැහැ ඔයා ගාව තියෙන්නේ ඕනම විදිහක ජංගම දුරකථනයකට මේ සේවාව ලබාගන්න ඔයාට පුළුවන්. ඇප්ස් ඉන්ස්ටෝල් කරන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ.
මේ සේවාවට රෙජිස්ටර් වෙන එකත් හරිම ලේසියි. Dialog, Hutch, Mobitel සහ Airtel දුරකථන සේවාවන් හරහා මේ FITPAL එකට රෙජිස්ටර් වෙන්න ඔයාට පුළුවන්.
ඔයා පාවිච්චි කරන්නේ Dialog හෝ Hutch නම් – #781*770# ඇමතීමෙන්
ඔයා පාවිච්චි කරන්නේ Airtel නම් – REG FITPAL කියල ටයිප් කරලා 77100ට SMS කිරීමෙන්
ඔයා පාවිච්චි කරන්නේ Mobitel නම් – REG FITPAL කියල ටයිප් කරලා 77011ට SMS කිරීමෙන් මේ සේවාව ලබාගන්න පුළුවන්.
එසේත් නැත්නම් පහත Links හරහාත් ඔබට මේ සේවාව ලබාගන්න පුළුවන්!
Dialog හෝ Hutch නම් ඔබේ ජංගම දුරකතනයෙන් fitpal.xyz/ideamart ලින්ක් එක click කරන්න
Mobitel නම් ඔබේ ජංගම දුරකතනයෙන් https://fitpal.xyz/mspsms ලින්ක් එක click කරන්න
Airtel නම් ඔබේ ජංගම දුරකතනයෙන් https://fitpal.xyz/imsms ලින්ක් එක click කරන්න
ඔයාට මේ සේවාව ලබා ගන්න දවසකට වැය වෙන්නේ රුපියල් 3+බදු වැනි ඉතාම සුළු මුදලක් තමයි. යාළුවෙක් වගේ ළඟ ඉඳලා ඔයාගෙ ශාරීරික සෞඛ්‍යය වැඩි දියුණු කරන්න ලබා දෙන වටිනා උපදෙස් එක්ක ගත්තහම මේක ඉතාම සුළු මුදලකින් ජීවිතයට කරන්න පුළුවන් ඉහළම ආයෝජනයක් කියල ඔයාට තේරේවි!
ජිම් යන්නේ නැතිව, බිසී ජීවිතයත් එක්ක සෞඛ්‍යසම්පන්නව සහ ෆිට් එකේ ඉන්න මේ උපදෙස් ඔබට වැදගත් වේවි කියලා අපි හිතනවා. එහෙනම් අද ඉඳන්ම මේ උපදෙස් අනුගමනය කරලා FITPAL සේවාවෙන් තව වැඩිදුර උපදෙසුත් ලබාගෙන ජීවිතේ සාර්ථක කරගන්න කියලා අපි ඔබට සුභ පතනවා!
Leave a Reply