මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…
කාම සූත්‍රය සිංහලෙන් 37 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 40 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 41 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 42 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 43 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 44 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 45 කොටස
ඔන්න එහෙනම් අපිට අද කාම සූත්‍රයේ සපත්නීෂු ජේය්ෂ්ධිවෘත්තිය ප්‍රකරණය කියවලා ඉවර කරන්න පුළුවන්කම ලැබෙයි. අපි ගිය සතියේ කියවමින් හිටියේ පුනර්භූවකගේ පැවතුම් ස්වභාවය ගැන. ඔවුන් සැමියා වෙනුවෙන් යුතුකම් ඉටු කරනවා සේ ම සැමියාගේ යාළු මිත්‍රාදීන් සහ සේවකයන් සඳහා නිසි පරිදි සත්කාර කළ යුතු වෙනවා. එසේම ඔවුන් වෙනුවෙන් සුදුසු අවස්ථාවලදී සාද සංවිධානය කිරීමට වග බලා ගත යුතුයි. එසේම සැමියා සමග උද්‍යාන ක්‍රීඩා ආදියට සහභාගි වීමට සුදුසු අවස්ථාවල දී එම කටයුතු කළ යුතු වෙනවා.
යම් කිසි අවස්ථාවකදී දරුවන් නොමැති අවාසනාවන්ත යයි සලකන ලද බිරිඳකගෙන් පසුව ගෙන ආ බිරිඳට විවිධ ගැටළුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදුවේ නම් ඒ ගැන නොතකා සැමියා වෙනුවෙන් යුතුකම් ඉටු කළ යුතු වෙනවා. එවැනි අවස්ථාවල දී එම තැනැත්තියව නොසලකා හරිමින් සැමියා වැඩි වශයෙන් ප්‍රිය කරන අනිකුත් භාර්යාවන් සමඟ සම්බන්ධකම වැඩිදියුණු කරගත යුතුයි. එසේම තමා ඇයට වඩා දක්ෂ බව එළිපිටම පළ කළ යුතු වෙනවා.
සැමියාගේ අනෙකුත් දරුවන්ට දෙවැනි මවක් ආකාරයෙන් සැළකිය යුතු අතර සැමියාගේ මිත්‍රයන් මගින් තමන් ඔහුට කෙතරම් හොඳ භාර්යාවක් බවට පත් ව ඇතැයි ද යන්න පිළිබඳව බාහිර පාර්ශව වලට දැන ගැනීමට හැරිය යුතුයි. එසේම ආගමික කටයුතු ආදියේ දී මුල් තැනක් ගත යුතු වෙනවා. සෑම විටම සංවාසයේ යෙදීමේදී සැමියා පළමු පියවර ගන්නා තෙක් ඉවසිය යුතු අතර කිසිදු අවස්ථාවක ඔහුට රළු ස්වභාවයෙන් ප්‍රතිචාර දැක්විය යුතු වන්නේ නැහැ.
යම් කිසි අවස්ථාවක සැමියා තවත් බිරිඳක් සමග ගැටුමක් ඇති කර ගනී නම් එවැනි අවස්ථාවක දී සැමියාගේ පැත්ත ගත යුතු වෙනවා. යම් අවස්ථාවක සැමියා තවත් කාන්තාවකගේ ඇසුර පතයි නම් ඔහුට තම ආශාවන් සංසිඳවා ගැනීමට සියළු උපකාර කළ යුතු වෙනවා.
මේ දක්වා වත්ස්‍යායන පඬිතුමා විස්තර කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් බහු භාර්යා සේවනයට කැමැති පුද්ගලයෙකුගේ බිරින්දෑවරුන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය. ඊට පස්සේ ඔහු විස්තර කරන්නේ රජෙකුගේ අන්තඃපුරය තුළ විවිධ කාන්තාවන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවයි.
අන්තඃපුරයේ වාසය කරන බිසවක් විසින් තම සේවිකාවන් ලවා රජුට මල් සහ විවිධ වස්ත්රාභරණ ආදිය යැවිය යුතු වෙනවා.
ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් එම තුටු පඬුරු පිළිගෙන රජතුමා නැවතත් එම බිසවට ත්‍යාග යැවිය යුතුයි.
රති කෙළියට සුදුසු කාලය එළඹෙන විට ඒ සඳහා සුදුසු පරිදි ඇඳුමෙන් සැරසුණු රජතුමා අන්තඃපුරය පරීක්ෂා කිරීමට යා යුතු වෙනවා.
එහිදී පිළිවලින් තම බිසෝවරුන්, අන්තඃපුරයට තාවකාලිකව පැමිණි ගණිකාවන් සහ නාටිකාංගනාවන් රජුගේ පරීක්ෂාවට ලක් විය යුතුයි.
ඉන් අනතුරුව එම දිනයේ දී රජු සමඟ යහන්ගත වන තැනැත්තිය පිළිබඳව විස්තර රජුට දැන් විය යුතු වෙනවා. මේ ගැන කියද්දී වත්ස්‍යායන පඬිතුමා කියන්නේ මේ සඳහා බිසෝවරුන්ගේ ඔසප් දිනයන් පිළිබඳව සැලකිලිමත් විය යුතුයි කියලා.
යම් කිසි අවස්ථාවක රජුගේ කැමැත්ත වෙනස් වී ඇති නම් එම බිසව හෝ කාන්තාවන් රජුගේ සිරියහන් ගබඩාව වෙත පැමිණිය යුතු වෙනවා.
විවිධ උත්සව අවස්ථාවලදී සියලුම බිසෝවරුන්ට එක හා සමානවම සැළකීමටත් රජු විසින් වග බලා ගත යුතු වෙනවා.
මේ ප්‍රකරණය අවසාන කරන ගමන් වත්ස්‍යායන පඬිතුමා මෙහෙම කියනවා.
බිරින්දෑවරු බොහෝ ප්‍රමාණයක් සිටියත් ඔවුන් සියළු දෙනාටම සමාන අයුරින් සැළකිය යුතු අතර ඔවුන් සිදුකරන වැරදි වලටද සමාව නොදිය යුතුයි.
බිරිඳකගේ වැරදි තවත් බිරිඳක් සමග කීමෙන් වැළකිය යුතු වනවා සේම පිටස්තර පාර්ශව සමග ඒ පිළිබඳව කතා කිරීමෙන් වැළකිය යුතු වෙනවා.
බිරින්දෑවරු අතර සිදුවන ගැටුම් වලදී කිසිදු අවස්ථාවක ශාරීරික දඬුවම් කළ යුතු වන්නේ නැහැ.
රහසිගත ව එකිනෙකා සමග විශ්වාසවන්තව කටයුතු කිරීමෙන් සියලු දෙනාගේම හිත් දිනා ගැනීමට සැමියෙක්ට හැකියාව ලැබෙනවා
විවිධ අවස්ථා වල උද්‍යාන ක්‍රීඩාවල නිරත වීම, රති ක්‍රීඩාව, ඇය කැමති දෑ ලබාදීම, ඇගේ ඥාතීන්ට සැළකීම ආදියෙන් සියළු බිරින්දෑවරුන්ගේ සිත් දිනා ගත යුතුයි.
ඒ කෙසේ වෙතත් කෝප නොගන්නා යුවතිය තම සැමියා වසඟ කර ගන්නවා පමණක් නොව සියළු බිරින්දෑවරු අතර ප්‍රධානත්වය ද ලබා ගන්නවා.
ඔන්න ඔය විදිහට සපත්නීෂූ ජේය්ෂ්ධිවෘත්ති ප්‍රකරණය නිමාවට පත්වෙනවා. ලබන සතියේ ඉඳන් අපි ස්ත්‍රී පුරුෂ ශීලාවස්ථාපන ප්‍රකරණය කියවමු.
එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ නොකළත් සීක්රට් ගෲප්වල එහෙම ෂෙයාර් කරන්න අමතක කරන්න එපා .
Leave a Reply