අපි අද මේ මේ ආටිකල් එක තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ අපිට අතිශයින්ම සමීප වෙන්න සමත් වුණ දමිළ නළු නිළියන් කීප දෙනෙක් ගැන. මේ බොහෝ දෙනෙක් පසුගිය කාලය පුරාවට ම අපිට මුණ ගැහුණේ සිංහල දෙමළ සමගිය ගැන එහෙමත් නැත්නම් යුද්ධය ගැන සඳහන් වෙච්ච නිර්මාණත් එක්ක.මේ නිසාම මේ අයට දායක වෙන්න ලැබුණ චරිත වපසරිය ඉතාමත් සීමා සහිතයි. ඉදිරියේදී වත් අපේ නිර්මාණකරුවෝ මේ අයගේ දක්ෂතාවයන් නිසි පරිදි භාවිතා කරනවා නම් ඒ අයට වගේම ප්‍රේක්ෂකයන්ට සාධාරණයක් ඉෂ්ට වේවි.
1. නඩරාජා සිවම්
පහුගිය දවස් වල ලැබුණු හද කම්පා කරවන ආරංචි අතරින් එකක් තමයි නඩරාජා සිවම්ගේ හදිසි වෙන්ව යෑම. බොහෝ දෙනෙක්ට නඩාව හොඳටම මතක ඉරිදා ආයූබෝවන් වැඩසටහනේ නිවේදකයෙක් විදිහට කටයුතු කරපු නිසා. ඒ වගේම “යශෝරාවය” ටෙලිනාට්‍යයේ මහේෂ් විදිහටත්, “ලා හිරු දහසක්” ටෙලි නාට්‍යයේ රාජා විදිහටත්, “යුග විලක්කුව” ටෙලි නාට්‍යයේ බාලචන්ද්‍රන් විදිහටත් ඔහු සිදු කරපු රඟපෑම් ප්‍රේක්ෂකයන්ගේ හිතේ හැමදාමත් රැඳිලා තියෙනවා.
2. රංජනී රාජ්මෝහන්
රංජනී රාජ්මෝහන්වත් අපිට මුලින්ම මුණ ගැහෙන්නේ රූපවාහිනී සහ ගුවන්විදුලි නිවේදිකාවක් විදිහට. පසුව ඇය ටෙලි නාට්‍ය හරහාත් අපිව මුණ ගැහෙන්න එනවා. ගොඩක් වෙලාවට සංහිඳියාව ගැන කතා කරපු ටෙලි නාට්‍ය වලට ඇයව නැතුවම බැරි චරිතයක් බවට පත්වෙලා තිබුණා. පසුගිය දිනවල තිරගත වූ “සුනාමි” චිත්‍රපටියටත් ඇය රංගනයෙන් දායක වෙලා තිබ්බා. මීට පෙර ටෙලි නාට්‍ය වලට අමතරව අපිට ඇයව සිනමාවෙන් දැකගන්න ලැබුණේ “අලි පැටියෝ ඔයයි මමයි” චිත්‍රපටියෙන් විතරයි.
3. දර්ශන් ධර්මරාජ්
දර්ශන ධර්මරාජ් පළමුවරට පුංචි තිරයට එන්නේ සිඩ්නි චන්ද්‍රසේකරගේ “A- 9″ ටෙලිනාට්‍යය හරහා. එහිදී ඔහුට නිරූපණය කරන්න ලැබෙන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ ත්‍රස්තවාදියෙකුගේ චරිතය. ඉන්පසු දර්ශනට අශෝක හඳගම, බූඩි කීර්තිසේන වගේ අධ්‍යක්ෂකවරු යටතේ රඟපාන්න ලැබෙනවා. “සුනාමි” චිත්‍රපටය හරහාත් අපිට දර්ශන්ව මුණගැහෙනවා. හැබැයි ඒ අපිට තිරයේ හුරු පුරුදු දර්ශන්ට මෙච්චර කල් කරන්න ලැබුණු චරිතයකින් නම් නෙමෙයි. තම දියණියට අතිශයින් ආදරය කරන පියකු ගේ චරිතයක් විදිහට.
4. නිරන්ජනී ෂන්මුගරාජා
නිරන්ජනී කියන්නෙත් නිවේදිකාවක් විදිහට ක්ෂේත්‍රයට ඇවිත් තමා රඟපාපු පළවෙනි චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතය රඟපාලා හොඳම නිළිය විදිහට සම්මානයට පාත්‍ර වෙන්න ලැබුණ වාසනාවන්ත නිළියක්. ඇයට එම භාග්‍යය උදා වෙන්නේ “ඉනි අවන්” චිත්‍රපටිය වෙනුවෙන්. ඉන් පසුව ඇයට “ගිර පුර වැසියෝ” චිත්‍රපටිය සඳහා දායක වෙන්න ලැබෙනවා. නමුත් ඒ චිත්‍රපටය නම් තාම තිරගත වුණේ නැහැ. “සුනාමි” චිත්‍රපටය තුළ ඇය දර්ශන් සමඟ සිදු කළ රඟපෑම ප්‍රේක්ෂකයන්ගේ වගේම විචාරකයන්ගේත් අවධානයට ලක් වනවා.
5. මර්වින් මහේෂන්
මර්වින් මහේෂ්න්ටත් ගොඩක් අවස්ථාවල රඟපාන්න ලැබුණේ ත්‍රස්තවාදියාගේ චරිතය. විශේෂයෙන්ම “සරෝජා” චිත්‍රපටයේ ඔහු සරෝජාගේ පියා විදිහට සිදු කරපු රඟපෑම බොහෝ දෙනෙකුගේ අගය කිරීමට ලක් වුණා. ඉන්පසුව ටෙලි නාට්‍ය කීපයක සහ චිත්‍රපටි කීපයක රඟපාපු මර්වින් මහේෂන් ලඟකදි නම් නිර්මාණයකින් අපිට මුණ ගැහුණේ නැහැ.
6. අකුෂ්ලා සෙල්ලයියා
“සුර දූතියෝ” චිත්‍රපටයේ විශාකා සිරිවර්ධන සහ රෝසි සේනානායක සමග කරට කර රඟපෑ තරුණ නිළිය ඔබට මතකද? ඇය නමින් අකුෂ්ලා සෙල්ලයියා. “බාදුරා මල්” සහ “රෑ මනමාලි” ඇය රංගනයෙන් දායක වුණු තවත් චිත්‍රපට දෙකක්. මීට අමතරව ඇය ලංකාවේ රූගත කළ බටහිර චිත්‍රපටි වන “La Montagna del dio cannibale” සහ “Tarzan, the Ape Man” චිත්‍රපටිවලත් චරිත නිරූපණය කළා.
7. නිත්‍යවානි කන්දසාමි
සෝමරත්න දිසානායකගේ සිනමා නිර්මාණයක් වන “සරෝජා” චිත්‍රපටිය හරහා තමන්ගේ සිනමා ගමන ආරම්භ කරපු නිත්‍යවානි කන්දසාමි කුඩා කාලයේ දී ම හොඳම නිළියට හිමි සම්මානය පවා දිනා ගැනීමට සමත් වුණා. ඉන්පසුව ඇය චිත්‍රපට කිහිපයක රඟපෑවත් පසුව වෙනත් නිර්මාණ වලින් නම් ඇයව අපිට මුණ ගැහුණේ නැහැ. මේ වන විට වෛද්‍යවරියක් වීම ඒ සඳහා අධ්‍යාපනය ලබන ඇය විවාහකයි.
එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් මේ ලයිස්තුවට ඇතුළත් වෙන්න ඕන තවත් නළු නිළියන් ඉන්නවනම් ඒ අය ගැනත් කමෙන්ට් සෙක්ෂන් එකේ අපිට කියන්න අමතක කරන්න එපා.
Leave a Reply