අද වෙනකොට ලංකාවේ ගීත ක්ෂේත්‍රය ඇතුළේ මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා කියන කතන්දරේ හැමෝම දන්නවා. බොහෝ ගායක ගායිකාවන්ට තමන්ගේ ගීත ප්‍රචාරය කරගන්න ගුවන් විදුලි නාලිකාවලට සහ රූපවාහිනියේ නාලිකාවලට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මේ නිසාම අපිට අද ගීත අහනවට වඩා ගීත බලෙන් අහන්න සලස්වලා තියනවාය කිව්වොත් නිවැරදියි. මේ නිසා අපිට දක්ෂ ගායක ගායිකාවන්ගේ ගීත රැසක් මඟ ඇරෙනවා. අපි අද මේ ආටිකල් එකෙන් කතා කරන්න යන්නේ අපිට අද වෙනකොට වැඩිපුර අහන්න නොලැබෙන ගීත කෝකිලාවෝ කීපදෙනෙක් ගැන.
1. පුණ්‍යා කත්‍රිආරච්චි
දයා ද අල්විස් මහත්මිය රචනා කරපු “දෑස වසා ගමි ඔබ නොපෙනෙන්නට” ගීතය පුණ්‍යා කත්‍රිආරච්චිව ජනප්‍රියත්වයෙන් ජනප්‍රියත්වයට පත් කළා කිව්වොත් නිවැරදියි. ඒ වගේම සෝමතිලක ජයමහ විසින් ගායනා කරන “දෙනුවර මින් පසු එක නුවරක් මෙනි” ගීතය වගේම එඩ්වඩ් ජයකොඩි ගායනා කරන ඩෝල්ටන් අල්විස් රචනා කරපු “බකිනි ගහේ බකිනි මලෙන්” යන ගීත සඳහා යුග ගායනයෙන් එක්වුණෙත් ඇය. කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා අතරතුර සංගීත තරගවලට සහභාගි වුණු ඇය පසුව ගුවන් විදුලියේ සේවයටත් එකතු වුණා. ඒ අතරතුරේදියි ඇයට ගායිකාවක් වීමට අවස්ථාව ලැබෙන්නේ. දැන් අපි ඇගේ ජනප්‍රියතම ගීතයට සවන් දෙමු.
2. නන්දා පතිරණ
“මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා”… මේ ගීතයේ වචන කියවද්දීම ඔබට ඒ මියුරු ස්වරය හිතින් ඇහෙන්න පටන් ගන්නවා ඇති. ඒ ගීතයට අමතරව “ලන්ද දිගේ හැංගි හොරා, බිංදු බිංදු මල් වැස්සේ” වැනි අතිශයින්ම ජනාදරයට පත් වුණු ගීත රැසක් ගායනා කරපු ඇය නන්දා පතිරණ. වෘත්තියෙන් ගායිකාවක් නොවුණත් ඇය ගායනා කරපු සියලුම ගීත වගේ ජනතාව අතර ජනපිය වුණා. මීට වසර කීපයකට පෙර ඇය නව නිර්මාණයක් කළත් එම නිර්මාණයට නිසි පරිදි මාධ්‍ය ආවරණයක් ලැබුණද කියන එක ප්‍රශ්නයක්. අපි දැන් ඇගේ එම නිර්මාණයට සවන් දෙමු.
3. ත්‍යාගා එන්. එඩ්වඩ්
උප්පැන්න සහතිකේ ත්‍යාගවතී විදිහට නම තිබ්බ ඇය රසිකයෝ අතර ජනප්‍රිය වුණේ ත්‍යාගා එන්. එඩ්වඩ් විදිහට. ආර්. ඒ චන්ද්‍රසේන සහ වික්ටර් රත්නායක යන සංගීතවේදීන්ගේ අතහිත ලැබුණ ඇය විසින් ජනප්‍රිය ගීත රාශියක් ගායනා කර තිබෙනවා. ඒ අතර අබේවර්ධන බාලසූරිය සමග ගායනා කරන “නාඩන් මස්සිනේ පෙර පින් නැතුවාට” ගීතය රසිකයින් අතර ඉමහත් ප්‍රසාදයක් ලබා ගත්තා. ඇත්තටම ඒ ගීතයට පදනම් වුණේ ඇගේම ජීවන අත්දැකීමක්. අපි දැන් එම ගීතයට සවන් දෙමු.
4. ස්වර්ණලතා කවීෂ්වර
ඉස්සර ගුවන් විදුලියෙන් අපිට ඇහුණු ලස්සන ගීතයක් තමයි. “අකුරට යන්නට කම්මැලි හිතිලා බොරුවට අඬනා” ගීතය. මේ ගීතය මවකගේ ලයාන්විත ස්වරයෙන් ගායනා කළ ඇය ස්වර්ණලතා කවීෂ්වර. ඇගේ නමටම ගැලපෙන ආකාරයේ කවියක් බඳු සුන්දර කටහඬක් ඇයට තිබුණේ. නමුත් අවාසනාවකට වගේ අද වෙන කොට ඇගේ කටහඬ අපිට ඇහෙන්නට සැලැස්වීම වැළැක්විලා තියෙනවා. අපි දැන් ඇගේ ඒ ජනප්‍රියතම ගීතයට සවන් දෙමු.
5. යමුනා විනෝදනී
ගුවන් විදුලි වාදක මණ්ඩලයේ ශිල්පියෙකු වුණු තම පියාගේ මග පෙන්වීම යටතේ හඳමාමා වැඩසටහන තුළින් ඇය පළමු වරට ගීතයක් ගායනා කළා. ඉන් පසුව ඇය බොහෝ සංගීතවේදීන් යටතේ සංගීතය හැදෑරුවා.ප්‍රේමකීර්ති ද අල්විස් විසින් රචනා කළ “ප්‍රේමයයි වෛරයයි අතරෙ වෙනස කෙස් ගසකට සමයි” ගීතය ඇගේ ජනප්‍රිය වුණු ගීතයක්. නමුත් ඇය අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණේ කුසුම් පීරිස් රචනා කළ මේ ගීතය නිසා කියලා කිව්වොත් නිවැරදියි
6. ඉන්ද්‍රාණී බෝගොඩ
ඉන්ද්‍රාණී බෝගොඩ මහත්මිය සංගීත පවුලකින් පැවත එන තැනැත්තියක්. ප්‍රවීණ සංගීතවේදී චන්ද්‍රදාස බෝගොඩ මහතා ඇගේ වැඩිමහල් සහෝදරයා. ඇය විසින් ගයනා කළ “පෙම් කළ වරදට” ගීතය ඇගේ අත්දැකීමක් යයි බොහෝ දෙනෙක් සිතුවත් ඇත්ත වශයෙන්ම එම ගීතය රචනා කළ දයා ද අල්විස් මහත්මියගේ මිතුරියකට සිදු වූ අත්දැකීමක් ඇසුරෙනුයි ඒ ගීතය රචනා කරලා තියෙන්නෙ. අපි දැන් ඇයගේ තවත් ජනප්‍රිය ගීතයකට සවන් දෙමු.
7. මල්ලිකා කහවිට
මල්ලිකා කහවිට ළමා පිටියෙන් බිහි වෙච්ච ගායිකාවක්. ඒ කාලයේදී ඇය ගායනා කරපු ” හිනැහේවී බෝනික්කා ඇස් නටවා බල බලා” ගීතය අදටත් එක සේ ජනප්‍රියයි .ඉන් පසුව ඇය සහ නාරද දිසාසේකර එකව ගැයූ “චන්දන ඇඟ ගාලා කොණෙඩේ කඩා දාලා” ගීතය ඇයව තරුණ ගායිකාවක් විදිහට ඔසවා තැබුවා. ඒ වගේම එච්. ආර් ජෝතිපාල සමඟ ඇය ගායනා කළ “හැන්දෑවේ මන් බලා සිටියා සුදා එනකල්” ගීතය ඇයව තවත් ජනප්‍රියත්වයට පත් කළා. ඒ හරහා ඇයට චිත්‍රපටි ගණනාවක පසුබිම් ගායනයට එක් වෙන්න අවස්ථාව ලැබුණා. අපි දැන් “යටගිය දවස” චිත්‍රපටය වෙනුවෙන් ඇය සහ මිල්ටන් පෙරේරා ගායනා කරපු මේ ගීතයට සවන් දෙමු.
මේ ලැයිස්තුවට ඇතුළත් වෙන්න ඕන තවත් ගායිකාවන් ගැන ඔබට මතක් වෙනවා නම් ඒ අය ගැන කමෙන්ට් එකකින් අපිට කියන්න. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply