ඔබේ සහකාරියගේ සුරතාන්තය ප්‍රමාදද? එහෙමනම් මේ උපදෙස් කියවන්න

ඔය සුරතාන්තය කියන එක හැමෝටම වගේ වැදගත් වෙන, හැබැයි හැම දෙනාටම හරි අවබෝධයක් නැති කාරණයක්නේ. ලිංගික එක්වීමකදී සුරතාන්තය කියන්නේ අනිවාර්ය කාරණයක් නෙවෙයි. හැබැයි සුරතාන්තය කියන්නේ අත්‍යාවශ්‍ය කාරණයක්. වෙනත් විදියකට කියනවා නම්, දිගින් දිගටම ලිංගික එක්වීම් වලදී සුරතාන්තය දෙන්නටම හෝ එක්කෙනෙක්ට හෝ නොලැබෙනවා නම් ඒක ප්‍රශ්නයක්. 

 

සමහරුන්ට, විශේෂයෙන්ම පුරුෂ පක්ෂයට තියෙන ගැටළුවක් තමයි සුරතාන්තය ඉක්මනින් සිදුවීම. අර ක්ෂණික මෝචනය කියන්නෙත් ඒකට තමයි. ඒක මගහරවා ගන්න ක්‍රම ගැන අපි කලින් ලියලා තියෙනවා. එතනදී ප්‍රශ්නය වෙන්නේ, පුරුෂයෙක්ට සාමාන්‍යයෙන් සුරතාන්තය පැමිණියාට පසුව ආයෙමත් ලිංගිකව එක් වෙන්න නම් යම් කිසි වෙලාවක් අවශ්‍ය වීම. හැබැයි කාන්තාවකට සාමාන්‍යයෙන් එහෙම ගැටළුවක් නැති නිසා තමන්ට ඉක්මනින් සුරතාන්තයක් ලැබුණත්, ආයෙමත් ආයෙමත් සුරතාන්තයන් ලබාගන්න පුළුවන් නිසාත්, පිරිමියාට සුරතාන්තයක් ලබාදෙන්න අවශ්‍ය තරම් වෙලාව තියෙනවා.

 

හැබැයි අපි කියමුකෝ දැන් පුරුෂයාට බැහැ හෝ අසීරුයි කියලා ගැහැණියට සුරතාන්තයක් ලබාදෙන්න. ඒකට හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. කොහොමහරි එහෙම වෙලාවකදී කරන්න පුළුවන් දේවලුත් තියෙන්න එපායෑ. ආන්න ඒ දේවල් ගැන තමයි මේ කියන්න හදන්නේ.

 

1. ෆෝර්ප්ලේ

මේක හරිනම් අමුතුවෙන් කියන්න ඕන කාරණයක් නෙවෙයි. හැබැයි අභාග්‍යයකට වගේ තාමත් සෑහෙන්න පිරිමි ඉන්නවා, ෆෝර්ප්ලේ නැතිනම් පූර්ව සංසර්ගික ක්‍රියාකාරකම් වලට අවධානයක් යොමු නොකරන. සමහරු මේ ගැන දන්නවා වුනත්, ඇඳට ගියාට පස්සේ අමතක කරලා දානවා. අන්න ඒ නිසා තමන්ගේ ගැහැණියට හොඳ සුරතාන්තයක් ලබාදෙන්න නම් ඇයව ක්‍රමක්‍රමයෙන් උණුසුම් කළ යුතුයි කියන එක තේරුම් ගන්න ඕන. ඒකට ක්‍රමානුකූලව ඇයට හොඳ ලිංගික උත්තේජනයක් ලබාදෙන්න ඕන. ඒ කියන්නේ කණට කොඳුරන ආදරබර වදන් වල ඉඳලා සිපගැනීම්, උරාබීම් වගේ හැම දෙයක්ම. හැබැයි මේක අර කරන්නන් වාලේ විනාඩියක් ලිප්ස් කිස් කරලා, කෙලින්ම පියයුරු වලට ගිහින් එතන විනාඩි කීපයක් නතර වෙලා කෙලින්ම තමන්ගේ වැඩේට ගිහිල්ලා කරගන්න බෑ. ක්‍රමානුකූලව ඇයව උත්තේජනය කරන්න ඕන!

 

2. ක්ලිට් එක අඳුනාගනිමු

මේ සරලව ක්ලිට් කියලා කියන්නේ ක්ලිටෝරිසය කියන, ශරීරාවයවය නොදන්න කෙනෙක් ඉන්න විදියක් නෑ. කාන්තාවන්ගේ ශරීරයේ පිහිටලා තියෙන මේ ක්ලිටෝරිසය කියන්නේ, කාන්තාවන්ගේ ශරීරයේ පුරුෂ ලිංගයට අනුරූපී කොටස කියලත් කියනවා. කොහොම වුනත් කතන්දරේ මේකයි. ක්ලිටෝරිසය කියන්නේ අතිශයින්ම සංවේදී අවයවයක්. එතකොට කාන්තාවන්ට යෝනියට ශිෂ්ණයක් ඇතුළු කිරීමෙන් තොරව වුනත්, ක්ලිටෝරිසය පිරිමැදලා සුරතාන්තයක් ලබාගන්න පුළුවන්. එතකොට සමහර කාන්තාවෝ ඉන්නවා, ඒ අයට සුරතාන්තයක් ලබාගන්න නම් ක්ලිටෝරිසය උත්තේජනය කිරීම අවශ්‍ය වෙනවා. අන්න ඒ වගේ කාන්තාවක් නම් ඔබේ සහකාරිය, යෝනි සංසර්ගයට විතරක් අවධානය යොමු නොකොට, ක්ලිටෝරිසය උත්තේජනයටත් අවධානය යොමු කිරීම වැදගත්. ඒ නැතත් යෝනි සංසර්ගය අතරතුරදී ක්ලිටෝරිසයත් උත්තේජනය කරන්න පුළුවන් ලිංගික ඉරියව් තෝරාගැනීම ඔස්සේත් ඇයගේ සුරතාන්තය ඉක්මන් කරවන්න පුළුවන් වෙයි.

 

3. හදිසි වෙන්න එපා

සාමාන්‍යයෙන් සෙක්ස් කියන්නේම හදිසියේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හදිසියේ කරන සෙක්ස් තියෙනවා. ඒක වෙනම කතා කරන්න ඕන දෙයක්. හැබැයි සාමාන්‍යයෙන් දෙන්නත් එක්ක සෙක්ස් කරනවා නම්, ඒකට ප්‍රමාණවත් තරම් කාලය ගන්න එක සහ ඒ කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න එක වැදගත්. පළමුවෙනි කාරණාවෙන් කිව්වා වගේ ෆෝර්ප්ලේ වලට සාමාන්‍යයෙන් හොඳ කාලයක් ගන්නවා කියන්නේ, බොහෝ විට වඩාත් පහසුවෙන් කාන්තාව සුරතාන්තයට පත් කරන්න පුළුවන් වෙනවා කියන එක තමයි. ඒ වගේම මුඛ සංසර්ගයට, ඒ කියන්නේ කාන්තාවට මුඛයෙන් ලබාදෙන උත්තේජනය කිරීමට වැඩි වෙලාවක් ගැනීමත්, කාන්තාවගේ සුරතාන්තයට හොඳ ආයෝජනයක් වෙන්න පුළුවන්.

 

4. නොහිතන තැන්

මොනවද නොහිතන තැන්? ගොඩක් දෙනෙක් සෙක්ස් කරනකොට අවධානය යොමු කරන්නේ කෙලින්ම ලිංගික අවයව කියලා කියන්න පුළුවන් තැන් වලට විතරයි. උදාහරණ විදියට ගත්තොත්, ගොඩක් දෙනෙක් සිප ගැනීමෙන් පස්සේ කෙලින්ම යන්නේ පියයුරු වලට. ඉන් පස්සේ කෙලින්ම යන්නේ යෝනි ප්‍රදේශයට. හැබැයි අමතක කරන්න එපා, අපේ මුළු ශරීරයම ලිංගිකව උත්තේජනය කරන්න පුළුවන්. ඇඟිලි තුඩු, ඇඟිලි කරු වල ඉඳලා කන් පෙති, කන් පිටුපස, බෙල්ල, උරහිස් වගේ තැන් දක්වා, පියයුරු යට කොටස, නාභිය, කකුල්, කකුල් වල ඇඟිලි දක්වා, බෙල්ලේ ඉඳලා පිටකොන්ද දක්වා, එතනින් ගියහම තට්ටම් දක්වාත් -කොටින්ම කියනවා නම් සමස්ත ශරීරයම- ලිංගිකව උත්තේජනය කරන්න පුළුවන්. සමහර වෙලාවට ඒ ඔබ නොහිතන යම් යම් තැන් ඔබේ සහකාරියට වැඩි උත්තේජනයක් ලබාදෙන තැන් වෙන්න පුළුවන්. ආන්න ඒ නිසා සම්පූර්ණ ශරීරයම උත්තේජන කරන්න අමතක නොකරන එක හොඳ ලිංගික අත්දැකීමකට වැදගත්. එතකොට ප්‍රමාද වෙන සුරතාන්තයක් වුනත් වඩාත් ඉක්මනින් ලබාගන්න පුළුවන් වෙයි.

 

5. එකේ ඉඳලා පහට ගියත් එක අමතක කරන්නෙපා

මොකද්ද ඒ හරුපේ? මෙහෙමයි. දැන් අපි සෙක්ස් කරන්න පටන් ගන්නකොටම පූර්ව සංසර්ගීය ක්‍රියාකාරකම් නැතිනම් ෆෝර්ප්ලේ වල තියෙන වැදගත්කම කිව්වනේ. ඒ කියන්නේ අපි කියමු සිපවැළඳ ගැනීම, පියයුරු, තනපුඩු උත්තේජනය කිරීම වගේ දේවල් කියලා. දැන් ඊට පස්සේ ඔහොම ගිහින් ගිහින් සංසර්ගයට ගියා කියමු. ගොඩක් දෙනෙක් එතනින් එහාට අවධානය යොමු කරන්නේ සංසර්ගයට විතරයි. අපි කියන්නේ එහෙම එපා කියලා. සංසර්ගයේ යෙදෙන අතරවාරයේදී වුනත් තනපුඩු උත්තේජනය, සිප ගැනීම වගේ දේවල් කෙරෙන්න ඕන. ඔබේ සහකාරියට සාමාන්‍යයෙන් සංසර්ගයේදී සුරතාන්තයට පත් වෙන්න බැරි වුනත්, මේ විදියේ අමතර උත්තේජනයක් ලැබෙන කොට ඒ සුරතාන්තය ලඟා වෙන්න පුළුවන්.

 

6. ලුබ්‍රිකන්ට්!

මේකත් ගොඩක් දෙනෙක් නොහිතන, නොකරන දෙයක්. ඒ තමයි ලිහිසිකාරක භාවිතා කරන එක. සාමාන්‍යයෙන් අපේ ඇඟෙන් ස්වභාවිකවම ලිහිසිකාරක නිකුත් කරනවා සෙක්ස් කරන්න සූදානම් වෙනකොට. හැබැයි සමහරුන්ට ඒක ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. ආන්න එහෙම මොහොතකදී අනිවාර්යයෙන්ම කෘත්‍රිමව ලිහිසිකාරක යොදාගන්න වෙනවා. එහෙම නොවුනොත් වෙන්නේ සෙක්ස් කරන එක වේදනාකාරී වීම. එතකොට වේදනාවට කැමති කෙනෙක්ට මිසක්, වෙනත් කෙනෙක්ට සුරතාන්තයක් කොහෙත්ම ලබාගන්න බැරි වෙන්න පුළුවන්. 

 

අනෙක් අතට, ප්‍රමාණවත් තරම් ස්වභාවික ලිහිසිකාරක, ඒ කියන්නේ යෝනිශ්‍රාවය නිෂ්පාදනය වෙනවා වුනත්, කෘත්‍රිම ලිහිසිකාරකත් යොදාගන්න එකේ නරකක් නෑ. ඇත්තටම ඒකෙන් වෙනස් විදියේ වින්දනයක්, අත්දැකීමක් එකතු වෙයි.

 

7. ඇයට ඕන දේ!

සාමාන්‍යයෙන් කාන්තාවක් ආදරය මුලින්ම ප්‍රකාශ කිරීමේදී වුනත්, සෙක්ස් වලදී වුනත් මුලින්ම ඉදිරිපත් වෙනවා හොරයිනේ. ඒකට හේතුව ඇය ලැජ්ජාශීලී වීම වෙන්න පුළුවන්. හැබැයි හොඳ සෙක්ස් ලයිෆ් එකකට නම් සහකාරියගේ ලැජ්ජාශීලී භාවය නිසා එයා ආස දේවල් ගැන වුනත් නොකියා ඉන්න එක හොඳ දෙයක් නෙවෙයි. මොකද, දෙන්නෙක්ගේ සෙක්ස් ෆැන්ටසීස්, සෙක්ස් කරනකොට කරන්න ආස දේවල් වෙනස්. එතකොට එයාට ඕන දේවල් අපිට පරචිත්ත විඥාණන ඥාණයෙන් වටහා ගන්න බැහැනේ. සමහර වෙලාවට අපි ඒ දේවල් කරනකොට එයාගේ ප්‍රතික්‍රියාවෙන් ඒක හොයාගන්න පුළුවන්. ඒත් හොඳම දේ තමයි හොඳ සන්නිවේදනයක් දෙන්නා අතර පවත්වා ගන්න එක. එයා කරන්න ආස දේවල් ගැන කියන්න, ලැජ්ජාව පැත්තකින් තියන්න හොඳ සහයෝගයක් ලබාදෙන එක.

 

මේ අපි කියලා තියෙන්නේ, සුරතාන්තයට පත් වෙන්න අසීරු කාන්තාවක් සුරතාන්තයට පත් කරන්න බොහෝ විට උපකාරී වෙන උපදෙස් කීපයක් තමයි. ඇත්තටම මේක එක රැයින් විශේෂඥතාවය ලඟා කරගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙවෙයි. හැබැයි මේ දේවල් අනුගමනය කරලත් සුරතාන්තය ලබාගන්න එක අසීරුයි නම්, මේ සම්බන්ධයෙන් ඉන්න විශේෂඥයෙක් මුණගැහෙන්න දෙන්නත් එක්කම යන එක හොඳයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *