ශරීරයේ බාහිර ලස්සන ගැන පොදුවේ උනන්දු වෙන හැමෝටම වැදගත් වෙන, ඒ හැමෝම නිතර වදවෙන ප්‍රශ්නයක් තමයි මේ ස්ට්‍රෙච් මාර්ක්ස් කියන්නෙ. සමහරුනම් නමින්ම දන්නව උනාට හුඟ දෙනෙක් තමන්ගෙම ඇඟේ තිබුනත්, ඇත්තටම කැත පෙනුම හින්දම හිසරදයක් උනත් මේ ස්ට්‍රෙච් මාර්ක් ගැන ලොකු විස්තරයක් දන්නෙ නැහැ. ඉතින් අපි හිතුව කතා කරන්න මේ ස්ට්‍රෙච් මාර්ක්ස් ගැන. ඒවා ඇතිවෙන හැටි, ප්‍රතිකාර වගේ කාරණා ගැන. ගැහැණු පිරිමි භේදයක් නැතුව ඇතිවෙන ගැටළුවක් නිසා දෙගොල්ලොම කියවල හරි අවබෝධයක් ලබාගත්තොත් මේ ගැටලුවෙන් මිදෙන්න පුළුවන් වෙයි ඔන්න.
1. මොනවද මේ Stretch Marks?
Stretch Marks කියල කියන්නෙ ශරීරයේ ඇතිවෙන පැල්ලම් විශේෂයක්. හමේ සාමාන්‍ය පැහැයට වඩා අඳුරු පැහැයකින් හම උඩ ඉරිතලාගෙන ගිහින් වගේ දිගට ඇතිවෙන පැල්ලම් විශේෂයක්. බැලූ බැල්මට ඇඟේ පෙනුමට, හමේ ලස්සනට ලොකු අවලස්සනක් එකතු කරන පැල්ලම් විශේෂයක්. මේ stretch marks කියන්නෙ ඈත ඉතිහාසයේ ඉඳලම මිනිස්සුන්ට වදදීපු ගැටළුවක්. ඒ කාලේ ඉඳන්ම ශරීරයට මේ ස්ට්‍රෙච් මාර්ක්ස් වලින් ඇතිවෙන කැත පෙනුම ගැන හිතපු ගැහැණු, පිරිමි දෙගොල්ලොම මේ පැල්ලම් නැති කරගන්න විවිධ ක්‍රම යොදවාගෙන තියෙනවා.
2. Stretch Mark ඇතිවීම
මේ stretch marks මුලින්ම හම මතුපිට ඇතිවෙන්නෙ රතු හෝ දම් පැහැයට හුරු ඉරීම් විදිහට. මේවා ඇඟේ ඕනෑම තැනක ඇතිවෙන්න පුළුවන්. හැබැයි හුඟක්ම ඇතිවෙන්න හැකියාව තියෙන්නෙ වැඩිපුර මේදය තැන්පත්වෙලා තියෙන තැන්වලයි. ඒ වගේම තමයි ගැහැණු පිරිමි භේදයක් නැතුව ඇතිවෙන්න පුළුවන්. හුඟක්ම ස්ට්‍රෙච් මාර්ක්ස් ඇතිවෙන තැන් තමයි බඩ, පියයුරු, උරහිස සහ අතේ උඩ කොටස, අත් යට, තට්ටම්, උකුල් ප්‍රදේශය සහ කලවා වගේ තැන්.
කොහොම උනත් ස්ට්‍රෙච් මාර්ක්ස් කියන්නෙ අහිතකර සෞඛ්‍ය තත්ත්වයක්නම් නෙමෙයි. මේ ස්ට්‍රෙච් මාර්ක්ස් ඇතිවෙද්දී පොඩි කැසීමක් වගේ දෙයක් කලාතුරකින් කෙනෙකුට ඇතිවෙන්න පුළුවන් වුණාට රූපලාවන්‍ය පැත්තෙන් ගත්තොත් මිසක් වෙන ගැටලුවක්නම් මේ ස්ට්‍රෙච් මාර්ක් වලින් ශරීරයට නැහැ.
3. Stretch Mark වලට හේතු
මේ ස්ට්‍රෙච් මාර්ක්ස් ඇතිවෙන්නෙ මොකක්ම හරි හේතුවකට හම ඇදීමකට හෝ හැකිලීමකට ලක්වෙන නිසා. නිකන්ම කාලයක් තිස්සේ සිදුවෙන ඇදීමක් හෝ හැකිලීමක් නෙමෙයි. ඉක්මනින් මහත්වීමක් එහෙමත් නැත්තම් කෙට්ටු වීමක් වගේ දෙයක් නිසා. පස්සෙ ඒ ඉරුණු හම සුවපත් වෙනකොට ඉරිච්ච තැන් තුවාල කැළැල් විදිහට කළු පැහැයෙන් ඉතුරු වෙනවා. ඒ හදිසි වෙනස නිසා හමේ තියෙන collagen සහ elastin කියන මාංසජනක ඉරීමකට ලක්වෙනවා.
හැබැයි මේ ස්ට්‍රෙච් මාර්ක් හම ඇදීමකට හෝ හැකිලීමකට ලක්වෙන හැමදෙනාටම ඇතිවෙන්නෙත් නැහැ. එක එක්කෙනාගෙ ශරීර වල හෝර්මෝන ක්‍රියාකරන මට්ටම් අනුව මේ පැල්ලම් ඇතිවීම අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම පවුලේ ඉතිහාසයෙන් මේ ස්ට්‍රෙච් මාර්ක් කෙනෙකුට ලැබෙන්නත් පුළුවන්.
4. ගර්භණීබව සහ Stretch Marks
කාන්තාවන් බහුතරයකට මේ stretch marks කියන අප්‍රසන්න අත්දැකීමට මුහුණ දෙන්න ලැබෙන කාලයක් තමයි ගර්භණී කාලය. කලින් කිව්ව වගේ මේ පැල්ලම් වලට හෝර්මෝන ක්රියාකාරීත්වයේ සම්බන්ධයකුත් තියෙන නිසාත්, ගර්භණී කාලෙදි මේ හෝර්මෝන ක්‍රියාකාරීත්වය කොහොමත් ඉහළ යන නිසාත් බහුතරයක් කාන්තාවන්ට දරුවෙක් ලැබෙන්න ඉන්න කාලෙදි මේ අත්දැකීමට මුහුණ දෙන්න වෙනව. එහෙම වෙන්නෙ බබාට ඉඩ හැදෙන්න බඩ ලොකු වෙද්දි බඩේ හම ඉක්මනින්, දිගින් දිගටම ඇදීමට ලක්වෙන නිසයි. එහෙම ලඟ ලඟ හුඟක් ඇදෙන නිසා මේ කාලෙදිනම් stretch marks ඇතිවෙද්දී බඩේ ටිකක් අපහසු කැසීම් ගතියකුත් ඇතිවෙනවා.
5. Stretch Mark වළක්වාගන්න හැටි
අපි කලිනුත් කිව්ව වගේ ස්ට්‍රෙච් මාර්ක්ස් කියන්නෙ හම ඉරිල ඒ තුවාල වියලුනාම ඇතිවෙන පැල්ලම්. ඉතින් අනිත් තුවාල කැළැල් වගේම මේවත් වේලිලා අවපැහැ වෙන්න කලින්, ඇතිවුන අලුතම වගේ මොකක්හරි ආලේපයක් මඟින් අඩුකරගන්න පුළුවන්නම් පස්සේ ප්‍රතිකාර හොයන් දුවනවට වඩා සාර්ථකයි. හැබැයි ගර්භණී කාලෙදිනම් දරුවට අවදානමක් නොවෙන්න වෛද්‍ය අනුමැතිය ඇති ප්‍රතිකාර විතරක්ම පාවිච්චි කරන්න ඕන.
6. ප්‍රතිකාර
මේ අවලස්සන පැල්ලම් නැති කරන්න ෆාමසි වල වගේම ඔය රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවිසැල් වලත් එක එක නම් වලින්, එක එක මිල ගණන් යටතේ ක්‍රීම් වර්ග, ජෙල් වර්ග මිලදී ගන්න පුළුවන්. ඒවා බොහොමයක් මඟින් සාර්ථක ප්‍රතිඵල අත්කරගන්නත් පුළුවන්. හැබැයි ඔය නොදන්නා ක්‍රීම් වර්ග හමේ ගාන්න බයයි වගේ හිතන, හම ගැන හුඟක් සැලකිලිමත් කෙනෙකුට, එහෙමත් නැත්තම් බොහොම සංවේදී හමක් තියෙන කෙනෙකුට වගේනම් මේ ගැටලුවට සුදුසුකම් ලත් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ලඟට ගිහිල්ලම පෞද්ගලිකව ප්‍රතිකාර ලබාගන්නත් පුළුවන්.
එහෙම වෛද්‍යවරයෙක් ලඟට ගියෝතින් ඒ වෛද්‍යවරයා stretch marks අඩු කරන්න මෙන්න මේ ක්රමයන් හුඟක් වෙලාවට පාවිච්චි කරනව. හැබැයි මේ හැම ක්‍රමයකම අතුරු ආබාධ තියෙන්න පුළුවන්.
- Chemical Peel – රසායනික ආලේපයක් භාවිතා කරල හමේ මතුපිට සියුම් ස්ථරයක් ඉවත් කිරීම.
- Laser Therapy – ලේසර් කිරණ මඟින් පැල්ලම් ඉවත් කිරීම.
- Microdermabrasion – පුංචි උපකරණයක් මඟින් හම මතුපිට ස්ථරය ඉවත් කෙරෙන රූපලාවන්‍ය ක්‍රමවේදයක්.
- Radiofrequency – රේඩියෝ සංඛ්‍යාත මඟින් හමේ කොලාජන් සහ ඉලාස්ටින් උත්තේජනය කොට හම ශක්තිමත් කිරීම.
- Ultrasound – අතිධ්වනි ශබ්ද තරංග මඟින් හමේ කොලාජන් සහ ඉලාස්ටින් උත්තේජනය කොට හම ශක්තිමත් කිරීම.
7. Stretch Marks වලට අත්බෙහෙත්
ඔය කලින් කියපු ක්‍රම එකකටවත්ම අකමැති, අතුරු අබාධ වලට බය කෙනෙක්නම් මේ Stretch Marks ඇතිවෙනකොටම ඒවා වලක්වාගන්න ගෙදරදීම කරන්න පුළුවන් දේවලුත් කිහිපයක් තියෙනවා.
- Vitamin A – විටමින් A මඟින් හමේ මතුපිට පෙනුම සෞම්‍ය සහ පැහැපත් කරනවා. විටමින් A අඩංගු ආහාර, පෙති වර්ග හෝ ක්‍රීම් වර්ග භාවිතා කිරීමෙන් බොහෝ දුරට මේ stretch marks අඩු කරගන්න පුළුවන්.
- සීනි – සීනි කැට අඩංගු කරල හදාගත්තු ස්ක්‍රබ් එකකිනුත් අපි කලින් කිව්ව, වෛද්‍යවරු අනුගමනය කරන Microdermabrasion කියන ක්‍රමවේදයට සමාන ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන්.
- කෝමාරිකා – කෝමාරිකා කියන්නෙ ස්වභාවික පැල්ලම් ප්‍රතිකාරයක්. ගහකින් කඩපු නැවුම් කෝමාරිකා මදය හරි, නැත්තම් කඩේ ගන්න තියෙන කෝමාරිකා ජෙල් එකක් හරි මේ Stretch marks වලට එරෙහිව පාවිච්චි කරන්න පුළුවන්.
- සුදු පොල්තෙල් – පිරිසිඳු පොල්තෙල් වල තියෙන සුවකිරීමේ ගුණය නිසා Stretch marks මතුවෙනකොටම සුවකරගන්න පුළුවන්.
Leave a Reply