කට්ලට් කිව්වම සැමන් මිශ්‍රණයෙන් එහාට දෙයක් මතක් වෙන්නෙම නෑනෙ. එකම රසට කට්ලට් කාල ඇති වුණු අයටයි මේ රෙසිපි ටික. උත්සව වෙලාවට වගේම පොඩි බඩගින්නටත් කන්න වෙනස්ම රස හතකින් කට්ලට් හදන්නයි මේ යන්නෙ. පොඩ්ඩොන්ටත් කන්න පුළුවන් රසම රස මේ කට්ලට් හදලම බලන්නකො.
1. චීස් කට්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය
- කොටු කපාගත් මොසරැල්ලා චීස්
- තම්බාගත් අල ගෙඩි 2
- තම්බාගත් කැරට් අලයක්
- ලුණු
- ගම්මිරිස්කුඩු
- බිත්තර 1
- පාන්කුඩු ග්‍රෑම් 100
- අල, කැරට් ටික ලුණු හා ගම්මිරිස්කුඩු දාලා පොඩි කරගන්න.
- මේකෙන් පොඩි බෝලයක් හදන් මැද අතින් හිලක් හදලා චීස් කෑල්ලක් තියලා වහගෙන නැවත බෝලෙ හදාගන්න.
- හදාගත් බෝල බිත්තර වල දවටගෙන පාන්කුඩු වල තවරලා ගැඹුරු තෙලේ බැදගන්න.
2. පොලොස් කට්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය
- පොලොස් ගෙඩි 1
- චොප්කරගත් රතුළූණු ගෙඩි 2
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- චොප්කරගත් සුදුළූණු ටිකක්
- ලුණු
- ගම්මිරිස්කුඩු
- දෙහි යුෂ ස්වල්පයක්
- කරදමුංගු කුඩු ස්වල්පයක්
- කරපිංචා ස්වල්පයක්
- පාන් කුඩු ග්‍රෑම් 100
- බිත්තර 1
- තෙල් ස්වල්පයක්
- පොලොස් ගෙඩිය පොතු ඇරල කපලා තම්බලා වතුර මිරිකලා අරන් පොඩිකරගන්න.
- මේකට ලුණු, ගම්මිරිස්කුඩු, අමුමිරිස්, රතුළූණු, සුදුළූණු, කරදමුංගු දමා හොඳින් අනාගන්න.
- තෙල් ස්වල්පයක් ලිපේ තියලා රත්වෙනකොට කරපිංචා එකතු කරලා හදාගත්ත මිශ්‍රණය දාල හොඳට තෙම්පරාදු කරගන්න.
- අතේ නොඇලෙන ගාණට මිශ්‍රණය තියෙන්න ඕනේ.
- මේකෙන් පොඩි බෝල හදාගෙන බිත්තර සාරු හා පාන්කුඩු වල දවටලා ගැඹුරු තෙලේ බැදගන්න.
3. ඉස්සන් කට්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය
- පොතු ඉවත් කරගත් ඉස්සන් ග්‍රෑම් 200
- තම්බාගත් අලගෙඩි 2
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- චොප්කරගත් කරපිංචා ස්වල්පයක්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- තෙල් ස්වල්පයක්
- රම්පෙ කෑල්ලක්
- කුරුඳු පොතු කෑල්ලක්
- චොප්කරගත් සුදුළූණු ස්වල්පයක්
- බිත්තර 2
- පාන් කුඩු ග්‍රෑම් 100
- සෝදාගත් ඉස්සන් විනාකිරි හා ලුණු දමා තම්බාගන්න.
- තෙල් ටිකක් ලිපේ තියලා රත්වෙනකොට සුදුළූණු, ළූණු, රම්පේ, කුරුඳු පොතු, කරපිංචා දාලා තෙම්පරාදු කරගන්න.
- ඊලඟට අල ටික පොඩි කරලා ඒකට දාලා ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරගන්න. කුරුඳු සහ රම්පේ මිශ්‍රණයෙන් ඉවත් කරගන්න.
- මිශ්‍රණයෙන් පොඩි කොටස් අරන් ඉස්සෙක් මැදට තියල බෝල හදලා බිත්තර සාරු වල දවටලා පාන්කුඩු තවරලා, ගැඹුරු තෙලේ බැදගන්න.
4. බිත්තර කට්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් බිත්තර 5
- තම්බාගත් අල ගෙඩි 2
- තම්බාගත් මස් ග්‍රෑම් 100
- චොප්කරගත් ළූණු
- චොප්කරගත් අමුමිරිස්
- ලුණු
- ගම්මිරිස්කුඩු
- පාන් කුඩු ග්‍රෑම් 100
බැටර් එක සඳහා
- පාන්පිටි ග්‍රැම් 100
- ලුණු
- වතුර
- අල හා මස් හොඳට පොඩි කර කලවම් කරගන්න. මේකට ලුණු, ගම්මිරිස්කුඩු, ළූණු, අමුමිරිස් එකතු කරගෙන අනාගන්න.
- දැන් බිත්තරයක් දෙකට කපා එක් පළුව බැඟින් තියලා ඉතුරු පළුව සඳහා අල සහ මස් මිශ්‍රණය තියලා අතින් බිත්තරේ හැඩයට සකස් කරගන්න.
- පාන්පිටි වලට ලුණු ටිකක් දාල ඝණ බැටර් එකක් එන්න බ්ලෙන්ඩ් කරගන්න.
- හදාගත්ත කට්ලට්ස් බැටර් එකේ දාලා පාන් කුඩු වල තවරලා ගැඹුරු තෙලේ බැදගන්න.
5. පතෝල කට්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය
- ලපටි පතෝල කරලක්
- තම්බාගත් අලගෙඩි 2
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- චොප්කරගත් කරපිංචා ස්වල්පයක්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- තෙල් ස්වල්පයක්
- රම්පෙ කෑල්ලක්
- කුරුඳු පොතු කෑල්ලක්
- චොප්කරගත් සුදුළූණු ස්වල්පයක්
- පාන් කුඩු ග්‍රෑම් 100
- බැදීමට තෙල්
බැටර් එක සඳහා
- පාන්පිටි ග්‍රෑම් 100
- ලුණු
- වතුර
- තෙල් ටිකක් ලිපේ තියලා රත්වෙනකොට සුදුළූණු, ළූණු, රම්පේ, කුරුඳු පොතු, කරපිංචා දාලා තෙම්පරාදු කරගන්න.
- ඊලඟට අල ටික පොඩි කරලා ඒකට දාලා ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරගන්න. කුරුඳු සහ රම්පේ මිශ්‍රණයෙන් ඉවත් කරගන්න.
- පතෝල කරල සූරා මැද සුද්ද කරගන්න. අඟල් දෙකක් පමණ මහතට පතෝල කරල කපාගන්න. දැන් සාදාගත් මිශ්‍රණය කපාගත් පතෝල කෑලි වලට පුරවගන්න. පාන්පිටි වලට ලුණු සහ වතුර එක් කරල බ්ලෙන්ඩ් කරල ඝණ බැටර් එකක් හදාගෙන පතෝල කෑලි බැටර් එකේ දවටගන්න.
- පාන් කුඩු වල තවරලා ගැඹුරු තෙලේ බැදගන්න.
6. කොස්මදුළු කට්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය
- සාමාන්‍ය ප්‍රමාණයේ කොස් මදුළු 10
- උම්බලකඩ කෑලි ස්වල්පයක්
- තම්බාගත් අල ගෙඩි 3
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- ලීක්ස් ග්‍රෑම් 100
- චොප්කරගත් රතුළූණු ගෙඩි 3-4
- ගම්මිරිස්කුඩු සහ ලුණු
- දෙහි යුෂ ස්වල්පයක්
බැටර් එකට
- පාන්පිටි ග්‍රෑම් 100
- ලුණු
- වතුර
- පාන්කුඩු ග්‍රෑම් 200
- බැදීමට තෙල්
- කොස් මදුළු ටික සුද්ද කර උඩ ඇස්ස ලඟින් කපා මදුල ඉරෙන්නෙ නැතිවෙන්න පරිස්සමට කොස් ඇටය ඉවත් කරගන්න. මේ ටික ලුණු මිශ්‍ර වතුරෙන් බාගෙට වගේ තම්බගන්න.
- තෙල් ටිකක් රත්වෙන්න තියලා උම්බලකඩ, අමුමිරිස්, රතුළූණු දාගන්න. ඊලඟට තම්බාගත් අල, කරපිංචා, ලීක්ස් හා දෙහි යුෂ එකතු කරලා ලුණු සහ ගම්මිරිස් දාගෙන තෙම්පරාදු කරගෙන මිශ්‍රණය හදාගන්න.
- දැන් කොස් මදුළු වලට මේ මිශ්‍රණය පුරවගන්න.
- පාන්පිටි වලට ලුණු හා වතුර දමා බ්ලෙන්ඩ් කර ඝණ බැටර් එකක් හදාගෙන, කොස් මදුළු බැටර් එකේ දවටගෙන පාන්කුඩු තවරල ගැඹුරු තෙලේ බැදගන්න.
7. අළුකෙසෙල් කට්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් අළුකෙසෙල් ග්‍රෑම් 200
- සැමන් පොඩි ටින් එකක්
- චොප්කරගත් රතුළූණු ගෙඩි 3-4
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- ගම්මිරිස්කුඩු
- ලුණු
- පාන් කුඩු ග්‍රෑම් 100
- බිත්තර 1
- තෙල් ටිකක් ලිපේ තියලා රත්වෙනකොට චොප්කරගත් ළූණු, අමුමිරිස් එකතු කරලා තෙම්පරාදු වෙනකොට සැමන් ටික පොඩි කරල එකතු කරගන්න.
- ඒකටම හොඳට පොඩි කරගත් අළු කෙසෙල් ටික දාගන්න.
- ඊලඟට ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරගන්න.
- හොඳට කලවම් කරලා බෝල හදලා බිත්තර සාරු වල දවටලා බිස්කට් කුඩු තවරගෙන ගැඹුරු තෙලේ බැදගන්න.
Leave a Reply