ඌරු මස් කියපු ගමන් ඉතින් සමහරුන්ගේ කටට කෙළ උණනවා, සමහරු හීනියට හිනාවක් දාලා කියනවා කනවනං කමු කියලා, හැබැයි තවත් සමහරු ආගම ධර්මයට අනුව පවු පිං වලට අනුව හිතන්න ගන්නවා. හැබැයි අපි කියන්නේ අපිට සාපේක්ෂව නං ඔය හැමෝම ඕකේ කියලා තමයි. ඒ කියන්නේ අපිට කියන්න බෑ ඌරු මස් නොකන මිනිහා නරකයි කියලා. එතකොට අපිට කියන්න බෑ ඌරු මස් කන මිනිහා නරකයි කියලත්. ඔය එකෙක්වත් හොඳයිද කියන්නත් අපි දන්නෙ නෑ. සුවහසක් පෝක් ලෝලීන් එකතු වෙලා ලංකා ඌරු මස් සංසදය කියලා ෆේස්බුක් ගෘප් එකක් පවා හදලා තියෙනවා.
කොහොම හරි අපි දන්නෙ මෙච්චරයි. ලංකාවේ ඌරු මස් කටට රසට ගන්න තැන් සෑහෙන්න තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට ඌරු මස් වලට නැතිනම් පෝක් වලට ආස අයට තියෙන ප්‍රශ්නයක් තමයි හැම තැනකම, හැම කඩේකම පෝක් ගන්න නැති වීම සහ තියෙන තැන් කොයි තරම් තිබුණත් ඒ ගැන දැනුවත් නොවීම. කොහොම වුනත් කලිනුත් ඒ තැන් ගැන කියලත් තියෙනවා. අන්න ඒ නිසා අපි අදත් හිතුවා ඌරු මස් ටිකක් රහට කන්න පුළුවන් තවත් තැන් කීපයක් ගැන කියන්න.
1. Hunger Squad
හොඳට කෑලි හැපෙන්න දාපු ඌරු මස් කෑලිත්, එළවළු සහ අනුපානෙට චොප් කරලා ගත්තු නාන් රොටී තුනකුත් එක්ක එකට මික්ස් කරලා ගත්තු පෝක් කොත්තුවක් කමුද? නැතිනම් බ්ලැක් පෝක් කරියක් එක්ක සෙට් වෙලා ආපු රෝස් පාන් දෙක තුනක්? ආන්න එහෙම කෑම වේලක් අවශ්‍ය නම් කථා කරන්න හන්ගර් ස්කොඩ් එකට. මේ කට්ටිය කෑම ඩිලිවර් කරන කට්ටියක්. අපි ඌරු මස් ගැන කියන්න ආපු නිසා ඒ ගැනම කිව්වට, ඌරු මස් ඇරෙන්න වෙන ඕනම මසක් මාළුවක් එක්ක හදපු විවිධාකාරයේ කෑම පිරුණු මෙනු එකක් මේ අය ගාව තියෙනවා. ඕඩර් කරලම බලන්න රහ කොහොමද කියලා!
දුරකථන/වට්ස්ඇප්: 077 896 6346
2. M’eat US
සාමාන්‍යයෙන් ඌරු මස් ලෝලියෙක්ගේ ප්‍රියතම හීනයක් තමයි හොඳට බාබක්‍යු කරපු ඌරු මස් රැක් එකක් කියන්නේ. ඒකට මෑෂ් පොටෙටෝ එකක් එහෙමත් එකතු වුණහම ඒක සම්පූර්ණයි. ආන්න ඒ වගේ පෝක් රැක් එකක් ගන්න නම් යන්න තියෙන තැනක් තමයි මීට් අස් කියන්නේ. පැලවත්තේ පාර්ලිමේන්තු පාර කිට්ටුව ඉන්න මේ කට්ටිය ඩිලිවරි ඕඩර්ස් එහෙමත් භාර ගන්නවා. මීට් අස් කට්ටිය ගාව පෝක් වලින් තියෙන්නේ රිබ් රැක් එක විතරක් නෙවෙයි. ඕන නම් පෝක් රැප් වගේ තව තව විශේෂ කෑම වර්ගත් තියෙනවා. ඒ ඇරෙන්න ඌරු මස් නොකන අයටත් තව කෑම වර්ග සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා.
දුරකථන: 076 806 0077
3. PorKen Deli
සුපිරි පදමට, සතාගේ රහ නොමැරෙන්න ගාණට තුනපහ දාලා හදපු බ්ලැක් පෝක් කරියක් එක්ක පොල් සම්බෝලෙකුත් කොටලා, රෝස් පාන් ටිකකුත් එක්ක දුන්නොත්, මොන හිතකින්ද එපා කියන්නේ නෙහ්? ආන්න ඒ නිසා තමයි PorKen Deli එකට එක පාරක් ගියපු මනුස්සයෙක් ආයෙමත් යන්න හිතන්නේ. ඒ වගේම තව අයට රෙකමන්ඩ් කරන්නේත්. මේ කට්ටියගේ වෙබ් අඩවියකුත් තියෙනවා. ඕන කෙනෙක්ට ගිහිල්ලා මේන් ඩිෂ් නම් එහෙමයි, බයිට්ස් වලට නම් එහෙමයි ඕඩරේ දාලා ගෙන්න ගන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඉතින් ගිහිල්ලා මිලදී ගන්නත් පුළුවන්. බ්ලැක් පෝක් නම් එහෙමයි, රෙඩ් පෝක් නම් එහෙමයි, බේක් කරපු පෝක් චොප්ස් නම් එහෙමයි, බේක් කරපු රිබ්ස් නං ඒත් එහෙමයි!
දුරකථන: 077 776 4087
4. Mandara Royal Resorts Nittabuwa
මන්දාරා කියලා කියන්නේ සෑහෙන කාලයක් තිස්සේ නිට්ටඹුව අවට නමක් දිනාගෙන ඉන්න කට්ටියක්. මේ අයගේ ඇත්තටම තියෙන්නේ රිසෝට් හොටෙල් එකක්. හැබැයි දවල්ට රෑට කෑම එකක් ගන්න, බුෆේ එකට සෙට් වෙන්න කෙනෙක්ට රිසෝට් එකේ නතර වෙන්න වුවමනා නෑ. ඉතින් පෝක් ලෝලියෙක් එහෙම ඒ පැත්තෙන් යනවා නං, පොඩ්ඩක් කථා කරලා කලින් කියලා ඌරු මස් ඩිෂ් එකක් එහෙම වුනත් ලැහැස්ති කරෆ්ගන්න පුළුවන්. විශේෂයෙන්ම බ්ලැක් පෝක් වගේම පෝක් ස්ටූ එකත් මෙතන තියෙනවා. ඒ වගේම බයිට් එකට සෙට් වෙන විදියටත් පෝක් ටිකක් හදාගන්න එක සිම්පල්.
දුරකථන: 033 229 7455
5. Smokestacks by Licensed to Grill
ඔව්, ස්මෝක්ස්ටැක්ස් කියන්නේ ලයිසන් පිටම ග්‍රිල් කරන කට්ටියක් තමයි. ඒ කිව්වේ ග්‍රිල් එකේ මස් දාලා හදන ස්ටේක්ස් ගැන. ඇත්තටම හොඳ පෝක් ස්ටේක් එකක් දාන සබ්ජෙක්ට් එක මේ අයට අලුත් වැඩක් නෙවෙයි. හැබැයි ඉතින් ඒ ස්ටේක්ස් ලෝලීන්ට. අනික් අයටත් ට්‍රයි කරලා බලන්න මේ අයගේ තව සෑහෙන්න පෝක් වැඩ තියෙනවා. එක උදාහරණයක් තමයි පෝක් සැන්ඩ්විච් එක. කොහොම නමුත් හිතෙන දවසක ගිහිල්ලා, හිතෙන විදියට බඩු අරගෙන එන්න නම් බැරි වෙයි. ඇත්තටම ගොඩක් ස්ටේක් හවුස් වල කලින් ඇපොයින්මන්ට් දාන්න වෙනවා. ඒ නිසා මෙතනටත් කෝල් එකක් දාලම වැඩේ කතා කරගන්නයි තියෙන්නේ.
දුරකථන: 076 549 4965
6. අලුත් කඩේ ස්ට්‍රීට් ෆුඩ්
ඇත්තටම අපිට මෙතන එක කඩයක් ගැන විතරක් කියන්න විදියක් නෑ. ඒ නිසා හොඳම දේ තමයි ඔය හෙඩින් එකේ තියෙන ලින්ක් එකට දාලා තියෙන ගූග්ල් මැප් එක එළාගෙන, ඒක දිගේ යන්න. මහ රෑ දොළහට එකටත් බොහොම සක්‍රියව සෙනඟ උතුරන ලෙවල් එකේ තියෙන කෑම කඩ පිරුණු අලුත් කඩේ ස්ට්‍රීට් ෆුඩ් මුණගැහෙනකල්ම යන්න. අන්න දැන් ඔය කඩවලින් කීපෙකට ගොඩ වෙලා බලන්න. සමහර කඩ තියෙනවා ඉස්සරහා සෑහෙන්න දිගට ගහපු ලෑලි තට්ටුවක් තියෙනවා. ඒ ලෑලි තට්ටුවේ තියෙන්නේ එක එක විධි වලට හදපු මස්, මාළු, වෙනත් සීෆුඩ් වර්ග. ආන්න එතකොට පෝක් ලෝලියෙක්ටත් තෝරගන්න ඌරු මස් ඉස්ටු දාලා, බ්ලැක් කරි හදලා, රෙඩ් කරි හදලා, ෆ්‍රයි කරලා, බාබක්‍යු කරලා වගේ විවිධ ක්‍රම වලට තියෙනවා. දැන් තියෙන්නේ ඔය පෝක් වලින් කැමති එකක් තෝරගෙන, ඒකත් එක්ක කන්න පුළුවන් පරෝටා හරි, නාන් රොටී හරි, ගෝදම්බ රොටී හරි ඕන එකක් තෝරගන්න එක තමයි!
7. පෝක් විත් පොල් රොටී
ආන්න ආවා මේ දවස් වල හොට්ම පෝක් සබ්ජෙක්ට් එකට. ඒ තමයි පෝක් විත් පොල් රොටී. කොහෙද තියෙන්නේ? එක තැනක් නෑ. විශේෂයෙන්ම පිළියන්දල බයිපාස් රෝඩ් එකේ නම් පෝක් විත් පොල් රොටි ස්පොට් එකට දෙකක්ම දැන් තියෙනවා. ඉස්සරහට තව වැඩිවෙයි. අපේ උපදේශය මේකයි. මිලදී ගන්නට පෙර නරඹන්න. ෂුවර්ම, පිරිසිදුම බවට දැනෙන තැනින්, ගෙවන ගාණට උපරිම දේ ලැබෙනවා කියලා දැනෙන තැනින් පොල් රොටී සහ පෝක් කරිය අරගෙන දෙසාබාන්න.
ඇත්තටම පෝක් එක්ක නාන්, පොල් රොටි වගේ එක එක එව්වා විකුණන තැන් කීපයක්ම තියෙනවා ගොඩක් ප්‍රධාන නගර වල. පොඩ්ඩක් හොයලා බලන්න විතරයි ඕනා!
Leave a Reply