හිත ගියපු ගෑණු ළමයෙක්ට දෙන්න සුදුසු ටිකක් වටිනාකමින් වැඩි තෑගි බෝග කීපයක්!

දැන් ඔය හිත ගියපු ගෑණු ළමයා ඉන්නවනේ. ඒ කියන්නේ එක්කෝ පෙළවහට ගන්න ඉන්න ගෑණු ළමයා, හරි පෙළවහට ගත්තු ගෑණු ළමයා හරි, හිත ගිහින් පෙළවහක් කොරගමුද කියලා අහන්න හිත හිතා ඉන්න ගෑණු ළමයා කියමුකෝ. දැන් ඔය උන්දැට තෑග්ගක් එහෙම අරගෙන දෙන එක බොහොම හොඳ ක්‍රියාවක්නේ. ඇත්තටම ගෑණු දරුවෝ බොහොම ආසයි තෑගි වලට. දැන් එහෙම තෑග්ගක් දෙනකොට ඇත්තටම වටිනාකම ලොකුද පොඩිද කියන එක නෙවෙයි වැදගත්. වැදගත් වෙන්නේ තෑග්ග තෝරගන්නකොට කොයි තරම් හිතලා මතලා තියෙනවද, තෑග්ගේ උපයෝජ්‍ය වටිනාකම කොයි තරම්ද සහ තෑග්ගත් එක්ක බැඳිලා තියෙන සංවේදනාවන් කොයි තරම් ප්‍රබලද කියන එක තමයි.

 

දැන් අපි කලිනුත් කියලා තියෙනවා මේ හිත ගියපු ගෑණු ළමයට තෑගි දෙන්න හොඳ ගැජමැටික්ස් ගැන. ඒ වගේම ගෑණු ළමයට අරගෙන දෙන්න පුළුවන් වෙනස් විදියේ තෑගි ගැනත් අපි කලින්ම කියලා තියෙනවා. එතකොට අද අපි කියන්න යන්නේ, ගෑණු ළමයට අරගෙන දෙන්න පුළුවන් ටිකක් වටිනාකමින් වැඩි තෑග්ගක් ගැන. එතකොට වෙනසකටත් එක්ක වැඩි වටිනකමක් තියෙන තෑග්ගක් අරගෙන දෙන්න වුවමනාවක් ආවොත්, මේ අයිඩියාස් වලින් එකක් පාවිච්චි කළාට කමක් නෑ!

 

1. ස්මාට්ෆෝන් එකක්

මේක ඉතින් සෑහෙන්න හිතලා මතලා කරන්න ඕන දෙයක්. මොකද, සමහර වෙලාවට ගෑණු ළමයට ස්මාට්ෆෝන් ගැන ඒ තරම් තේරෙන්නෙ නෑ. සමහර වෙලාවට තමන්ට අවශ්‍ය මොන වගේ ස්මාට්ෆෝන් එකක්ද කියලා එයා දන්නෙ නෑ. ආන්න ඒ වගේ වෙලාවකට අපිට පුළුවන් ඉදිරිපත් වෙලා ෆෝන් එකක් අරගෙන දෙන්න. මේක ටිකක් ගණන් වැඩි තෑග්ගක් තමයි. හැබැයි ඉතින් ඔය ස්මාට්ෆෝන් පොළවේ ගහන්නේ නැති ගෑණු ළමයෙක් නම් කාලයක් මේ තෑග්ග මතකයේ තියෙයි.

 

හැබැයි එකක්. රුපියල් විසිතිස්දාහක ස්මාට්ෆෝන් එකක් වුනත් ගන්නේ අවුරුදු ගාණක් පාවිච්චි කරන්න බලාගෙනනේ. අන්න ඒ නිසා කඩිකුලප්පුව හැදුනා වගේ ගිහින් ස්මාට්ෆෝන් මිලදී ගන්න එපා. මුලින්ම ගෑණු ළමයට ස්මාට්ෆෝන් එකකින් තියෙන උපයෝගීතාවයන් හඳුනාගන්න. ඉන් පස්සේ වෙළෙඳපොළේ තියෙන හොඳ, ඒ උපයෝගීතාවයන්ට සරිලන, කල් පවතින, බජට් එකට සෙට් වෙන ස්මාට්ෆෝන් එකක් ගැන රිසර්ච් එකක් කරන්න. දැන් ෆෝන් එක තෝරගත්තට පස්සේ එතනින් එහාට තෑගි දෙන ටික තමයි!

 

2. ආයුර්වේද බියුටි ප්‍රඩක්ට්ස්

ඔය බියුටි කල්චර් වැඩ වලට අකමැති ගෑණු ළමයෙක් හිටියොත් ඒ හරිම කළාතුරකින් තමයි. හැබැයි බියුටි කල්චර් වැඩ කියන්නේ සැලෝන් එකකට ගිහින් කරන එව්වම විතරක් නෙවෙයි. රෑට ගාන නයිට් ක්‍රීම් එකක් වුනත් බියුටි කල්චර් වලට තමයි අයිති.

 

දැන් ඔය බියුටි කල්චර් ප්‍රඩක්ට්ස් ටිකක් තෑගි දුන්නොත් ගෑණු ළමයා කැමති වෙයිද? අනිවාර්යයෙන්ම ඔව්. අන්න එහෙමනම් අපිට පුළුවන් කොලිටිය ගැන ෂුවර් තැනකින් මේ බියුටි කල්චර් ප්‍රඩක්ට්ස් මිලදී ගන්න. ආයුර්වේද බියුටි කල්චර් වලට දැන් හොඳ තැනක් තියෙනවනේ. අන්න ඒ නිසා කෙලින්ම ස්පා සිලෝන් වගේ තැනකින් මිලදී ගත්තට කිසිම ගැටළුවක් නෑ. ගාණ සැරයි. හැබැයි පාවිච්චි කරලා බැලුවට පස්සේ ගෑණු ළමයා කවදාවත් නරකක් කියන්නේ නෑ කියන එක ෂුවර්.

 

3. ස්මාට් වොච් එකක්

ස්මාට්වොච් ගෑණු ළමයි දානවද? ඔව්, දානවා. විශේෂයෙන්ම ඔය ගෑණු ළමයින්ටම ඩිසයින් කරපු ස්මාට්වොච් එහෙමත් තියෙනවා. විශේෂයෙන්ම ඔය ශරීර සුවතා වැඩ එහෙම කරන ගෑණු ළමයෙක්ට නම් මේ විදියේ ෆිට්නස් ට්‍රැකින් පහසුකම් එහෙමත් තියෙන ස්මාට්වොච් එකක් අරගෙන දෙන එක සෑහෙන්න වටිනවා. ඕන නම් ඇපල් වොච් එකකට, හ්වාවේ වොච් එකකට වුනත් යන්න පුළුවන්. ඕන නම් වඩාත් බ්‍රෑන්ඩ් නේම් එකක් විදියට ප්‍රසිද්ධ Fossil වගේ එකකට යන්නත් පුළුවන්. විශේෂයෙන්ම Fossil Gen 5 Julianna Leather Smart Watch වගේ වොච් එකක් ගෑණු ළමයෙක් ආකර්ෂණය කරගන්න තෑග්ගක් වෙනවා ෂුවර්!

 

4. රිදී අබරණ

සාමාන්‍යයෙන් ආභරණ වලට ගෑණු ළමයි ආසයිනේ. ගොඩක් අය ආස රත්තරන් දාන්නලු. හැබැයි ඉතින් ගෑණු ළමයෙක්ට රත්තරන් ආභරණ අරගෙන දෙන එක ටිකක් කොමන් දෙයක්නේ. ඊට වඩා අපි වෙනස් විදියේ ආභරණ තෑග්ගකට යන්න හිතුවොත්, රිදී ආභරණ අයිඩියා එක මරු. හැබැයි ඉතින් රිදී බඩු වලට එහෙම ආස ගෑණු ළමයෙක්ට තමයි මේවා ගැලපෙන්නේ. ඇත්තටම ගොඩක් රන් ආභරණ කඩවල් වලම රිදී බඩුත් තියෙනවා. ඒත් මතක තියාගන්න ඕන, රිදී ආභරණයක් අරගෙන දෙනකොට විශේෂ වෙන්නේ රිදී කියන එක විතරක් නෙවෙයි. ඊට වඩා අරගෙන දෙන ආභරණය මාලයක්ද, පෙන්ඩන්ට්‍ එකක්ද, මුද්දක්ද, වළල්ලක්ද කියන එකත් වැදගත්. ඒ වගේම ඒක සුවිශේෂී ඩිසයින් එකක්ද කියන එකත් ඒ වගේම වැදගත්. ඕන නම් ඔය රිදී බඩු වලටම ප්‍රසිද්ධ රිදී වගේ තැනකින් වුනත් මේවා ගන්න පුළුවන්.

 

5. අවන් එකක්

සමහර ගෑණු ළමයි ඉන්නවා කුකින්, බේකින් වැඩ වලට හරි ආසයි. එහෙම ගෑණු ළමයින්ට සර්ප්‍රයිස් එකක් දෙන්න නම් හොඳම ක්‍රමයක් තමයි ඔය කුකින්, බේකින් වැඩ වලට උදවු වෙන මොකක් හරි උපකරණයක් අරගෙන දෙන එක. විශේෂයෙන්ම ගෑණු ළමයටම කියලා අවන් එකක් එහෙම අරගෙන දෙන්න පුළුවන් නම් ඒක හොඳම අදහසක්. හැබැයි එකක්. අවන් එකක් වගේ අයිටම් එකක් අරගෙන දෙන්න නම්, කලින් අදහසක් තියෙන්න ඕන ගෑණු ළමයගේ බේකරි සහ කේකරි කෙරුවාවේ ප්‍රමාණය ගැන. මොකද, එක එක ප්‍රමාණයන්ගේ අවන් තියෙනවනේ. අන්න ඒ අවශතාවයන් දැනගත්තට පස්සේ අබාන්ස් වගේ තැනකින් වුනත්, වෙනත් හොඳ වගකීමක් තියෙන පිළිගත්තු වෙන ඕනම තැනකින් වුනත් අවන් ගන්න පුළුවන්. 

 

6. කින්ඩ්ල් ඊ-රීඩර් එකක්

මේ තෑග්ග ගැලපෙන්නේ ගොඩක් පොත පත කියවන ගෑණු ළමයෙක්ට. විශේෂයෙන්ම ඉංග්‍රීසියෙන් පොත පත කියවන කෙනෙක්ට. අන්න එහෙම කෙනෙක්ට ඕනම තැනක පහසුවෙන් ගෙනියන්න පුළුවන්, පොත් දෙදාහක් විතර එකතු කරලා තියන්න පුළුවන් කින්ඩ්ල් ඊ-රීඩර් එකක් හොඳට ගැලපෙනවා. සාමාන්‍යයෙන් Kindle Paperwhite 2 වගේ ඊ-රීඩර් එකක් තාමත් හොඳට නැගලා යනවා. මේවා ලංකාවෙත් තියෙනවා. හැබැයි ගිණි ගණන්. ඇමසන් එකේ තියෙනවා. හැබැයි ඉතින් ඇමසන් එකේ ෂිපින් කොස්ට් එකත් ගිණි ගණන්. හොඳම දේ තමයි, ප්රුක ග්ලෝබල් ෂිපින් වගේ සේවාවක් හරහා කින්ඩ්ල් එකක් ගෙන්න ගන්න එක. හැබැයි ඒකට යන සම්පූර්ණ වියදම චෙක් කරලා, ලංකාවේ ඒ ගාණට ගන්න තියෙනවද කියලත් මුලින් හොයලා බලන්න.

 

7. ඝන කවර පොත්

මේකත් හරි යන්නේ පොත් ගුල්ලියෙක්ට. දැන් පොත් කියවන්න ආස ගෑණු ළමයෙක්ට එයා ආස විදියේ පොතක් හොයලා අරගෙන දෙන එක හොඳයි තමයි. හැබැයි ඊට වඩා වටිනවා, අර පොතක් සිහිවටනයක් විදියට එකතු කරන්න වටිනාකම තියෙන විදියේ ඝන කවර සංස්කරණයක් අරගෙන දෙන එක. සාමාන්‍යයෙන් හැම පොතක්ම ඝණ කවර විදියට එන්නෙ නෑ. මේ ඝණ කවර හෙවත් හාඩ්බවුන්ඩ් හෙවත් හාඩ් කවර් පොත් වල ගාණත් ටිකක් වැඩියි. හැබැයි ඒක කල් පවතිනවා විතරක් නෙවෙයි, බොහොම සුන්දර සිහිවටනයකුත් වෙනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *