මූවි ෆෑන්ස්ලට වටින කතාවක් මේ. නිතර නිතර චිත්‍රපටි නොබැලුවට 18+ movie එකක් කිව්වම ඇස කොනෙන් බලන අයටත් හොඳ කතාවක්. අද අපි කතා කරන්නෙ ලිංගිකත්වය නිසාම විශේෂයෙන් කතා බහට ලක්වුණ චිත්‍රපටි 8ක් ගැනයි. ඒ කිව්වෙ Erotic කාණ්ඩයට අයිති වෙන චිත්‍රපටි. 50 Shades චිත්‍රපටි මාලාව ගැනනම් හුඟ දෙනෙක් දන්නවනෙ. මේ කියන්නෙත් ඒ තරම්ම ප්‍රසිද්ධ නොවුනත් ඊට සමාන කතා තේමාවන් තියෙන එහෙමත් නැත්තම් ලිංගිකත්වය කියන කාරණාව උපුටා දක්වමින් නිර්මාණය කෙරුණු චිත්‍රපටි ගැන.
1. 9 1/2 Weeks (1986)
මේක සෑහෙන්න පරණ චිත්‍රපටියක්. තිරගත වෙලා තියෙන්නෙ 1986 අවුරුද්දේ. මේක ඇමරිකානු චිත්‍රපටියක්. කලාගාරයක රැකියාව කරන ගැහැණු කෙනෙක් එයා වැඩිය විස්තර නොදන්නා පිරිමියෙක් එක්ක තනිකරම ලිංගික පැත්තට විතරක්ම බරවුණ සම්බන්ධතාවයක් ආරම්භ කරන එකත් එක්ක ගෙතෙන කතාවක් මේ. Imdb ශ්‍රේණිගත කිරීම් වල 6.0 ක අගයක් තමයි මේ චිත්‍රපටයට හිමිවෙන්නෙ. චිත්‍රපටියේ රඟපෑම නිසාම ප්‍රධාන නළු, නිළි දෙපළ වුණු Kim Basinger සහ Mikey Rourke ට ති විශාල ප්‍රසිද්ධියකුත් හිමිවෙලා තියෙනවා.
2. After (2019)
After කියන්නෙනම් 2019 වසරේ තිරගතවුණු චිත්‍රපටියක්. මේකත් ඇමරිකානු චිත්‍රපටියක්. මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ ඇනා ටොඩ් කියන ලේඛිකාව After කියන නමින්ම රචනා කරපු නවකතාවක් පාදක කරගෙන. දක්ෂ සිසුවියක්, හොඳ දුවෙක්, අවංක පෙම්වතියක්ව හිටපු ටෙසා එයාගෙ උසස් අධ්‍යාපන කටයුතු වලට විශ්වවිද්‍යාලයට ඇතුළත් වුනාට පස්සෙ එතනදී හමුවෙන ඒතරම්ම හොඳ චරිතයක් නොවුණ හාර්ඩින් කියන තරුණයත් එක්ක ලිංගික සම්බන්ධතාවයක් ආරම්භ කරන එකත්, ඒ හරහා ඇගේ ජීවිතය වෙනස් වෙන එකත් තමා කතාව. මේක බොක්ස් ඔෆිස් වාර්තා තියපු චිත්‍රපටියක් වගේම සිනමා උළෙලවල් දෙකකදී සම්මාන ලබපු චිත්‍රපටයක්. Imdb ශ්‍රේණිගත කිරීම් වලනම් මේ චිත්‍රපටයට හිමිවෙන්නෙ 5.4 ක අගයක්.
3. Blue Valentine (2010)
මේකත් ඇමරිකානු චිත්‍රපටියක්. තිරගත වෙන්නෙ 2010 වර්ෂයේදී. මේක අහම්බෙන් මුණ ගැහිලා, විවාහ වෙලා, කාලයක් යද්දි ගැටළු ඇතිවෙන යුවළකගේ කතන්දරයක්. ලිංගික පැත්තට බර දර්ශන හුඟක් ඇතුළත් වෙන චිත්‍රපටියක් තමයි මේකත්. 7.4 ක Imdb අගයක් තියෙන චිත්‍රපටයක්. සම්මාන උළෙලවල් 36කම සම්මාන වලට නිර්දේශ වෙලා ඒ අතරින් සම්මාන හයක් ජයග්‍රහණය කරපු චිත්‍රපටයක්.
4. Tres Metros Sobre el Cielo (2010)
මේක ස්පාඤ්ඤ චිත්‍රපටයක්. මේ චිත්‍රපටියට Imdb අගය 7.0ක් හිමිවෙලා තියෙනවා. තිරගත වෙලා තියෙන්නෙ 2010 වසරේදි. ඉතාමත් ධනවත් පවුලක තරුණියකුත් ඊට හාත්පසින්ම වෙනස් පවුල් පසුබිමකින් පැවත එන සෙල්ලක්කාර තරුණයෙකුත් අතරේ ඇතිවෙන ආදර පලහිලව්වක් ගැන කතාවක් මේක. Three Steps above Heaven කියල තමා ඉංග්‍රීසි නම ප්‍රසිද්ධ. මේ චිත්‍රපටියත් විවිධ කාණ්ඩ යටතේ සම්මාන උළෙලවල් 4කට නිර්දේශ වෙලා, ඒ අතරින් සම්මාන උළෙලවල් දෙකකදී සම්මානයට පාත්‍රවෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ චිත්‍රපටියත් Box office වාර්තා තියපු චිත්‍රපටියක්.
5. Lie with Me (2005)
Lie with me කියන්නෙ කැනේඩියානු චිත්‍රපටයක්. Tamara Faith Berger කියන ලේඛිකාවගෙ Lie with Me කියන නවකතාව පාදක කරගනිමින් Clement Virgo කියන අධ්‍යක්ෂකවරයා නිර්මාණය කරපු චිත්‍රපටයක්. කතාව සරලව කිව්වොත් එක හා සමානව ලිංගික පැත්තට වැඩි උනන්දුවක් දක්වන තරුණ යුවළක් එකතුවෙන කතාවක්. මේකෙ ලිංගික දර්ශන හුඟක් ඇතුළත් වෙනවා වගේම තමයි විශේෂත්වය වෙන්නෙ මේ ලිංගික දර්ශන Unstimulated Sexual Content වීමයි. ඒ කියන්නෙ රූගත කිරීම් සඳහා රඟපානවා විතරක් නෙමෙයි, දර්ශන තලය ඇතුළෙදි ඒ දර්ශනයට අවශ්‍ය ලිංගික ක්‍රියාවන් ඒ නළු නිළියන් ඇත්තටම සිදුකරනවා. චිත්‍රපටියේ Imdb අගයනම් වෙන්නෙ 5.3ක්. ඒත් කාමුක දර්ශන වලට කැමති චිත්‍රපට රසිකයින්ටනම් හොඳ චිත්‍රපටියක්.
6. Intimacy (2001)
මේකත් තවත් Box office වාර්තා තියපු චිත්‍රපටියක්. 6.1ක Imdb අගයකට හිමිකම් කියනවා. මේක 2001 වසරේ එක්සත් රාජධානියේ තිරගත වෙච්ච චිත්‍රපටයක්. පවුලෙන් වෙන් වුණ Jay කියන තරුණයෙක් අහම්බෙන් හමුවුන තරුණියක් එක්ක ලිංගික කටයුතු සඳහා පමණක්ම සම්බන්ධතාවයක් ඇතිකර ගන්නවා. ඔවුන් නිතර හමුවෙද්දී මේ තරුණයාගේ හිතේ ඇය ගැන ආදරයක් ඇතිවෙනවා. ඉතින් ඇයව හඹාගෙන ගිහින් ඇත්ත තොරතුරු දැනගන්න එකත් එක්ක කතාව වෙනස් වෙන හැටි තමයි චිත්‍රපටයේ දිගටම ගලාගෙන යන්නෙ. මේ චිත්‍රපටය 2001 Berlin Film Festival සම්මාන උළෙලේදි සම්මාන දෙකක් ලබාගන්න සමත් වෙනවා.
7. Blue Is The Warmest Color (2013)
7.7ක Imdb අගයක් ලබාගත්ත මේ චිත්‍රපටය 2013 වර්ෂයේදී තිරගත වුණ ප්‍රංශ චිත්‍රපටයක්. මේකත් අතිශයින්ම වැඩිහිටියන්ටම පමණක් නරඹන්න පුළුවන් ලිංගික දර්ශන ඇතළත් වෙන චිත්‍රපටයක්. මේක සමලිංගික ආදරයක් වටේ ගෙතෙන කතාවක්. ලංකාවෙ වගේනම් සම්ප්‍රදායට පටහැනියි කියල තහනම් වෙන්න තිබුණට මේ චිත්‍රපටය ප්‍රංශයේ නම් සම්මානවලට පවා පාත්‍ර වුණ ඉතාමත් ප්‍රසිද්ධ චිත්‍රපටයක්. ඒ වගේම ප්‍රසිද්ධත්වය නිසාම Box office වාර්තා පවා තියපු චිත්‍රපටියක්.
8. 365 Days (2020)
මේක අළුත්ම අළුත් චිත්‍රපටයක්. 2020 පෙබරවාරි මාසෙදි තිරගත වුන එකක්. මේකත් නවකතාවක් පාදක කරගෙන කෙරුණු නිර්මාණයක්. ඒ Blanka Lipinska කියන ලේඛිකාවගේ 365 dni කියන නවකතාව. මුල්ම සතියේදීම මිලියනයකට එහා ප්‍රේක්ෂක පිරිසක් නරඹපු අතිශය ජනප්‍රිය චිත්‍රපටියක්. මේක ටිකක් අමුතු කතාවක්. තමන්ගෙ ප්රේමවන්තයයි, ඔහුගේ යාළුවොයි එක්ක සංචාරයකට යන තරුණියක්ව මැසිමෝ කියන තරුණයා විසින් පැහැරගෙන දවස් 365ක් ඇතුළත ඔහුට ආදරය කරන්න කියල බලෙන් රඳවාගෙන ඉන්න කතාවක්. Imdb අගයනම් තාම තියෙන්නෙ 3.6යි. ඒ ඉතින් තිරගත වුණ අලුතම නිසා වෙන්නත් පුළුවන්.
Leave a Reply