ලංකාවෙ අපි ෆ්‍රයිඩ් රයිස් හෝ වෙනයම් බත් වර්ග හදාගන්නවා වගේ වෙනත් රටවල අය බත් හදන විදි වෙනස්. ඔවුනට ආවේණික රසවලින් හදනවා. ඒ විදියට එක එක රසට බත් වර්ග හදන හැටි කියලා දෙන්න තමා අද අපි ලෑස්ති වෙන්නෙ.
1. තුර්කි ක්‍රමයට බත්
අවශ්‍ය ද්‍රව්‍ය
- සම්බා හෝ බාස්මතී 1 kg
- 1 kg පමණ කුකුළු මස්
- කරදමුංගු
- කරාබු නැටි
- කුරුඳු පොතු ස්වල්පයක්
- රම්පේ
කරියට අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් මධ්‍යම ප්‍රමණයේ ඉස්සන් 500 g
- ඉදුණු ලොකු තක්කාලි ගෙඩි 3 ක්
- ලියාගත් රතු ළූණු මේස හැඳි 2 ක්
- බටර් හෝ දුන්තෙල්
- පාන් පිටි ස්වල්පයක්
- මිරිස් කුඩු රස අනුව
- අබ පේස්ට් තේ හැන්දක්
- කුකුල්මස් සෝදා තරමක කැබලිවලට කපා වතුර කෝප්ප 6 ක් සමඟ ලුණු, කරාබු නැටි, කරදමුංගු, කුරුඳු පොතු සහ රම්පෙ එකතු කර තම්බා ගන්න.
- එම තැම්බූ වතුර ගෙන කහ ස්වල්පයක් එකතු කර හාල් වලට දමා බත පිසගන්න.
- තම්බා ගත් කුකුල්මස් කටු ඉවත් කර හෝ නොකර ගන්න. මස්වලට පිටි, මිරිස් කුඩු, අබ පේස්ට් සහ ලුණු තවරන්න.
- බටර් රත් කර තම්බා ගත් ඉස්සන් ස්වල්ප වේලාවක් බදින්න. පිටි තවරා ගත් මස් කැබලි ද එකතු කර බැදගන්න.
- ඉන්පසු කපා ගත් රතුළූණු දමා තක්කාලි එක්කර තරමක් බැදුණු පසු මෙයට වතුර මේස හැඳි 2 ක් පමණ එකතුකර රස අනුව ලුණු දමා ලිපෙන් බා ගන්න.
- පිසගත් බත් උඩින් මේ කරිය අතුරා පිළිගන්වන්න.
2. මැලේසියන් බත්
අවශ්‍ය ද්‍රව්‍ය
- බාස්මතී හාල් 1 kg
- වතුර කෝප්ප 4 ක්
- කල්කිරි කෝප්ප 1 ක්
- ගී හෝ බටර්
- පෙති කපා ගත් තක්කාලි 500 g
- කුරුඳු පොතු කෑල්ලක්
- කරාබු නැටි 4-5
- රම්පේ
- සේර
- කරපිංචා
(පහත ද්‍රව්‍ය සිහින්ව ගලේ අඹරා ගන්න)
- ලියාගත් රතුළූණු
- අමු ඉඟුරු කැබැල්ලක්සු
- දුළූණු බික් 4 ක්ම
- මහදුරු මේස හැඳි 1 ක්ක
- රාබු නැටි 3 ක්
- සාස්පානකට ගී දමා රත් කර කුරුඳු පොතු, කරාබු නැටි, රතුළූණු, රම්පේ, සේර, කරපිංචා දමා තෙම්පරාදු කරගන්න.
- ඉන්පසු වතුර සහ කිරි, අඹරා ගත් පහේ, තක්කාලි සහ රස අනුව ලුණු දාගන්න. මෙය උතුරන්නට හැර කලින් සෝදා වතුර බේරාගත් හාල් ද ඊට මිශ්‍ර කරන්න. භාජනයේ කට වසා මද ගින්නේ බත පිස ගන්න.
3. චීන බත්
අවශ්‍ය ද්‍රව්‍ය
- ඇට නොඇලෙන ලෙස පිස ගත් බත් (හාල් 1kg ප්‍රමාණයක)
- බිත්තර 2
- ඉස්සෝ 500g
- කුකුල් මස් හෝ ඌරු මස් 500g
- තෙල්
- ඉඟුරු ස්වල්පයක්
- කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- ගම්මිරිස්කුඩු ස්වල්පයක්
- ලුණු
- රතුළූණු 100g
- සුදුළූණු බික් 4-5
- කැරට් අල 2
- ගෝවා ගෙඩි 1/2
- ලීක්ස් (කොළ කොටසින්)
- මාමයිට් මේස හැඳි 2
- මිරිස් කුඩු
- පළමුව බත පිසගන්න.
- බිත්තර ලුණු ටිකක් දමා හොඳින් ගසාගෙන ඔම්ලට් සාදා තීරු කපා ගන්න.
- ළූණු සහ මාමයිට් ඉස්සන්ට මිශ්‍ර කරන්න.
- මස්වලට වතුර කෝප්ප 1 ක් දමා තම්බා ගන්න.
- එළවළු සිහින්ව කපා ගන්න.
- තෙල් ටිකක් ලිප තබා ඉඟුරු, සුදුළූණු දමා රන්වන් පාට වනතුරු බැද එයට ඉස්සන් සහ මස් දමා මදක් බැදෙන්න හැර එළවළු මිශ්‍ර කරන්න. ඉන්පසු බත් මිශ්‍ර කරන්න.
- අවසානයේ ලුණු සහ ගම්මිරිස් මිශ්‍ර කර කොත්තමල්ලි කොළ සහ බිත්තර තීරු මිශ්‍ර කරගන්න.
4. තාවා පුලාව් (ඉන්දියන් රයිස්)
අවශ්‍ය ද්‍රව්‍ය
- බටර් මේස හැඳි 2
- ලියාගත් බී ළූණු ගෙඩි 2
- ඉඟුරු සුදුළූණු පේස්ට් මේස හැඳි 1 1/2
- කපාගත් බෙල්පෙපර් ගෙඩි 1
- චොප්කරගත් තක්කාලි ගෙඩි 4
- චොප්කරගත් කොත්තමල්ලි කොළ කප් 1/2
- ගරම් මසාලා තේ හැඳි 1
- ලුණු
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- වතුර මේස හැඳි 1
- තම්බාගත් ග්‍රීන්පීස් කප් 1/2
- බැදගත් කජු ටිකක්
- තම්බා කොටු කපාගත් අල ගෙඩි 2
- පිසගත් බත් කෝප්ප 2
- පෑන් එකට බටර් ටික දාලා දියකරලා ළූණු ටික දාලා තෙම්පරාදු කරගන්න.
- ටිකකින් ඉඟුරු, සුදුළූණු පේස්ට් එක දාගන්න. ඊළඟට බෙල්පෙපර්, තක්කාලි හා කොත්තමල්ලි කොළ එකතු කර කලවම් කරගන්න.
- එයටම ගරම් මසාලා හා රස අනුව ලුණු එකතු කරගෙන චොප්කරගත් අමුමිරිස් ටික දාගන්න.
- වතුර ටික දාලා හොඳට කලවම් කරගන්න. ටිකකින් කජු, ග්‍රීන්පීස් හා අල ටික දාලා බත් ටික දාලා හොඳට කලවම් කරගන්න.
5. සිංගප්පූරු රයිස්
අවශ්‍ය ද්‍රව්‍ය
පිසගත් බාස්මතී බත් කෝප්ප 2
චිකන් ග්‍රේවි එක සඳහා
- තෙල් ස්වල්පයක්
- කටු රහිත චිකන් ග්‍රෑම් 500
- ඉඟුරු සුදුළූණු පේස්ට් එක
- විනාකිරි මේස හැඳි 1
- සෝයාසෝස් මේස හැඳි 1
- ලුණු
- මිරිස්කුඩු මේස හැඳි 1/2
- ගම්මිරිස්කුඩු මේස හැඳි 1/2
- තක්කාලි සෝස් මේස හැඳි 1
- කෙචප් කෝප්ප 1/2
- වතුර මේස හැඳි 2
නූඩ්ල්ස් එකට
- තම්බාගත් නූඩ්ල්ස් කෝප්ප 1
- දික් අතට කපාගත් බෙල්පෙපර් ගෙඩි 1
- ග්‍රේට් කරගත් ගෝවා ගෙඩි 1/2
- ග්‍රේට්කරගත් කැරට් කෝප්ප 1
- චොප්කරගත් ඉඟුරු මේස හැඳි 1
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- සෝයාසෝස් මේස හැඳි 2
- ගම්මිරිස්කුඩු රස අනුව
- ලුණු
- මිරිස්කුඩු මේස හැඳි 1/2
- තල තෙල් මේස හැඳි 1/4
- චොප්කරගත් ළූණු කොළ කෝප්ප 1/2
මයෝ සෝස් එකට
- මයෝනේස් කෝප්ප 1/2
- කෙචප් කෝප්ප 1/3
- සෝස් මේස හැඳි 1
- ලුණු පින්ච් 1ක්
- ගම්මිරිස්කුඩු පින්ච් 1ක්
තෙම්පරාදුව සඳහා
- කපාගත් අමුමිරිස්
- කපාගත් ළූණු
- කෑලිමිරිස් ස්වල්පයක්
- මුලින් චිකන් ග්‍රේවි එක හදාගමු.
- තෙල් ටිකක් රත්වෙන්න තියලා චිකන් ටික දාගන්න. ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාගන්න. චිකන් ටික බැදගන්න.
- ඊලඟට ඒකට විනාකිරි, සෝයාසෝස්, රස අනුව ලුණු, ගම්මිරිස්කුඩු, තක්කලි සෝස් හා කෙචප් ටික එක්ක වතුර මේස හැඳි 2ක් වගේ දාලා කලවම් කරලා චිකන් තැම්බිලා සෝස් එක ලාවට හිඳෙනකොට ලිපෙන් බාගන්න.
- දැන් නූඩ්ල්ස් එක හදාගමු. ඒකට පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ඉඟුරු, කැරට්, බෙල්පෙපර්, ගෝවා, ළූණු ටික දාගෙන හොඳට කලවම් කරගන්න.
- ටිකකින් සෝයාසෝස්, ගම්මිරිස්කුඩු හා ලුණු රස අනුව, මිරිස්කුඩු ටික දාලා කලවම් කරලා තම්බාගත් නූඩ්ල්ස් ටික එක්ක ළූණු කොළ දාලා කලවම් කරගන්න. උඩින් තලතෙල් ටිකක් ඉසගන්න.
- මයෝනේස් සෝස් එකට අවශ්‍ය ද්‍රව්‍ය ඔක්කොම එකට කලවම් කරල පැත්තකින් තියාගන්න.
- දැන් රයිස් එක හදමු. ග්ලාස් ට්‍රේ එකකට බත් ටික දාලා ලෙවල් කරලා ඊලඟට නූඩ්ල්ස් ලේයර් එකක් දාගන්න. දැන් චිකන් ග්‍රේවි එක උඩින් දාලා, හදාගත්ත මයෝ සෝස් එක උඩින් වක්කරගන්න.
- වෙනම පෑන් එකක් ලිපේ තියල තෙල් ටිකක් දාල රත්වෙනකොට තෙම්පරාදුවට කපාගත් අමුමිරිස් හා ළූණු දාලා කෑලිමිරිස් ටික දාගන්න. මේ ටික ෆ්‍රයි උනාම රයිස් එක උඩින් දාගෙන පිළිගන්වන්න.
Leave a Reply