වර්ක් ෆ්‍රොම් හෝම් කියන වැඩපිළිවෙළක් තිබුණාට ඒක මේ කාලේ තමයි වැඩිපුරම වැදගත් වුණේ. හැම දෙයක්ම ගෙදර ඉඳන් කරන්න බැරි වුණත් ගෙදර ඉඳන් බොහෝ පිරිසක් ගෙදරට වෙලා වැඩ කරන්න හුරු වුණා. මේකට සමහර අය වගේම ආයතනත් කැමති නැහැ. ඒත් කොරෝනා නිසා වර්ක් ෆ්‍රොම් හෝම් වැඩේ කරන්නට බොහෝ පිරිස් වලට සිද්ධ වුණා. කාර්මික වැඩ, ගෙවල් දොරවල් හදන වැඩ, ඉදිකිරීම්, නිෂ්පාදන, යාන්ත්‍රික වගේ වැඩකටයුතු ගෙදර ඉඳන් කරන්නට බැහැ. ඒත් ආයතනවල හැකිතරම් පිරිසක් ගෙදර ඉඳන් වැඩ කරන්නට යවන්න මේ කොරෝනා වලින් ආයතන වලට බල කෙරුණා.
1. අතිකාල දීමනා ඉතුරුව
රාජ්‍ය අංශය ගත්තොත් එක පැත්තකින් වැඩ රාජකාරි පාඩු වුණත් මේ මාසවල අතිකාල සහ වෙනත් දිරි දීමනා වලට වියදම් වූ විශාල මුදල ඉතිරි වෙනවා. ඇතැම් ආයතන වලත් සේවකයින් දිවා කාලයේ කරන්න ඕන වැඩකටයුතුත් ප්‍රමාද කරමින් අතිකාල සහ වෙනත් දීමනා වලට වැඩ කරන්නට පුරුදු වෙලා තිබුණා. ගෙදර ඉඳන් වැඩ කරද්දි වුවත් හරිනම් නියමිත අතිකාල දීමනා ආදිය ගෙවන්නට ඕනි. ඒත් වැඩ පටන්ගන්න සහ ඉවර කරන්න හරියට වෙලාවන් නියම කරන්නට තියෙන අපහසුතාවය එක්ක ආයතන වලට ඉන් අවුට් හෙවත් ආයතනයට ඇතුළුවීම පිටවීම අනුව අතිකාල සහ වෙනත් දීමනා ගෙවන එකෙන් මද සහනයක් ගන්නට ආයතන වලට පුළුවන් වුණා.
2. ට්‍රාන්ස්පෝට් වියදම්
ආයතන වල හැමෝටම නැතත් ඉහළ නිලවල ඉන්න අයට ප්‍රවාහන දීමනා දෙන්නට වෙනවා. අලුත් කොරෝනා තත්ත්වය තුළ ඉහළ නිලතල වල අය පිරිසකට ගෙදර ඉඳන් වැඩ කරන්නට වුණා. ප්‍රවාහන දීමනා වලින් ආයතන වලට යම් ඉතුරුවක් කරගන්න පුළුවන් වුණා. ආයතනවල ඉස්සරහටත් ගෙදර ඉඳන් වැඩකරන පිරිස වැඩි වුණොත් ප්‍රවාහන දීමනා වලට වියදම් වෙන මුදල ඔවුන්ට ඉතුරු කරගන්නට ලැබෙනවා.
3. ඔෆිස් ස්පේස් ඉතුරු වීම
මේකනම් ඒකපාර ඇතිවුණ වර්ක් ෆ්‍රොම් හෝම් සිස්ටම් එක නිසා වෙන්නෙ නැහැ. ඒත් ඉදිරියේදී ගෙදර ඉඳන් වැඩ කරන එක වැඩි වුණොත් ඔෆිස් කියලා වෙනම ස්ථාන පවත්වාගෙන යන්න උවමනාවක් නැති වෙනවා. අවශ්‍ය නම් විතරක් විශේෂ කණ්ඩායමක් විතරක් රැස්කරගන්න තැන් තිබුණාම ඇති. පොඩි ට්‍රේනින් එකකට, සමුළුවකට වගේ කට්ටිය එකතු කරගන්න පුළුවන් ස්පේස් ඒකක් තිබුණත් ඇති. දැනට තියෙන තත්ත්වය අනුව කෝල් සෙන්ටර් වගේ තැන්වලට කලින්ට වඩා ලොකු ස්පේස් ඒකක් වෙන් කරන්න වෙනවා මීටරේ තියාගන්න. ඒ සේවාවන් ගෙදර ඉඳන් කරන්න පහසුකම් දුන්නා නම් වැඩිපුර ස්පේස් හදාගන්න සමාගම් වලට වියදම් වෙන මුදල් ඉතිරි වෙනවා.
4. කෙටි කෑම බීම, තේ වතුර ආදී වියදම්
ඇතැම් ආයතන වල කැන්ටින් පවත්වාගෙන ගියත් ඒ කැන්ටින් වලට අවශ්‍ය පහසුකම් ආයතනය මගින් සපයනවා. ඒ කියන්නේ ඒ කැන්ටිමේ අවකාශය, විදුලිය, ජලය, ගෑස් වගේ දේවල් ආයතනය මගින් සපයනවා. ගෙදර ඉන්න පිරිස වැඩිවෙද්දි කැන්ටිම වෙනුවෙන් කරන්න ඕන ඒ වියදම් අඩු වෙනවා. ඒ වගේම වැඩකරන අයට පීසා කන්න, හොඳට ෂෝටීට්ස් ආදිය කාලා තේ බොන්න ආයතනය වියදම් කළානම් ඒ මිලත් සුළුවෙන් හෝ ආයතනයට ඉතුරු පහදු වෙනවා.
5. නිවාඩු ගොඩක් අවශ්‍ය නොවීම
ගෙදර ඉඳන් වැඩකරපු අයගෙන් අහලා බැලුවොත් එයාල නිවාඩු ගත්ත අවස්ථා අඩුයි කියලා පේනවා. පහුගිය කාලේ නම් අවුරුදු සහ පෝය වගේ විශේෂ අවස්ථාත් සමරන්න බැරි වුණ නිසා ඒ දවස්වලත් ඇතැම් ගෙදර සිට වැඩ කළ පිරිස් හැකි පමණ වැඩ කළා. ඒ වගේ පොදු නිවාඩු හදිසි කටයුතු වලට පාවිච්චි කරන්න පුළුවන් වගේම සේවකයින් ගෙදර ඉඳන් වැඩ කරද්දි වෙනදා තරම් නිවාඩු ලබාගන්නේ නැති බව පර්යේෂණ වලිනුත් සොයාගෙන තියෙනවා. යම් ආයතනයක ඇතැම් විට ඉහළ නිළධාරියෙකු නැති වීම යම් යම් වැඩ අඩපණ වන්නට හේතු වෙනවා. ඒත් නිවසේ සිට වැඩ කරන සංස්කෘතිය ජනප්‍රිය වුණොත් වෙනත් වැඩක් කරන ගමන් වුවත් අවශ්‍ය වෙලාවක කන්තෝරු වැඩට සම්බන්ධ වෙන්න සේවකයින්ට පුළුවන්කම ලැබෙනවා.
6. සේවක ගැටුම් අවම වීම
ආයතනයක සේවකයින් අතර එක එක වර්ගයේ මැසිවිලි තියෙනවා. “එයාලට තමයි හැමදාම වැඩ, අපිට කවදාවත් ඒ තරම් වැඩ එන්නේ නැහැ. අපි හැමදාම කම්මැලිකමෙන් ඉන්නේ” කියලා චෝදනා කරනවා. ඒ වගේම අනුන් සහ තමුන් සන්සන්දනය කරලා සේවකයින් අධෛර්යමත් වෙනවා. අනුන්ට ලැබෙන දේවල් ගැන සේවකයින්ට දැනගන්නට ලැබෙනවා. ඒත් ගෙදර ඉඳන් වැඩ සම්පූර්ණ කරද්දි ආයතනයට හොඳට වැඩ කරන්නේ කවුද? වැඩ මග හරින්නේ කවුද? ඇත්තටම හොඳ පර්ෆෝමන්ස් තියෙන්නේ කාටද කියලා කෙලින්ම ගණනය කරගන්න හැකි වෙනවා. යූනියන් සහ වෙනත් දේවලට එකතුවෙන්න තියෙන හැකියාව අඩු නිසා වර්ක් ෆ්‍රොම් හෝම් ආයතනික සේවක සාමයටත් හොඳ පැත්තට බලපානවා.
7. සිස්ටම් වෙනස් කිරීමෙන් ලැබෙන වාසි
ආයතනයක් එකපාරටම වර්ක් ෆ්‍රොම් හෝම් බවට හරවන්න ලැබෙන්නේ නැහැ. ඒ සඳහා යම් පද්ධතියකට වැඩපිළිවෙළ සකස් කරන්න වෙනවා. ඉන් පස්සේ තවත් ඒවා වැඩිදියුණු කරන්න වෙනවා. උදාහරණ විදිහට යම් බඩුබාහිරාදිය විකුණන වෙළඳාම් ආයතනයක් නම් ඒ ආයතනයේ නිවෙසට ඩිලිවරි කරන සේවාවන් වැඩි වුණොත් ශෝ රූම් වල ඉන්න සේවකයින් වෙබ් අඩවියේ ඇණවුම් බාර ගන්නට පාරිභෝගික සේවා කටයුතු වලට අනියුක්ත කරන්නට පුළුවන්. එහෙම කරන්නට නම් ඒ පද්ධති නැවත සකසන්න වෙනවා. කොරෝනා එද්දි ලංකාවේ බහුතරයක් සුපිරි වෙළෙඳසල් නිවෙස් වලට බඩු ඩිලිවරි කරන පද්ධති සකසලා තිබුණේ නැහැ. ඒත් ඉතා ඉක්මනින් ඒ අය අලුත් විදිහට හැඩ ගැහුණා. ඒතනදි වර්ක් ෆ්‍රොම් හෝම් වැඩිය පාවිච්චි නොවුණත් සේවකයින්ට පැවරුණු රාජකාරි රටාව ගොඩක් වෙනස් වුණා. ඒ ආකාරයෙන් අලුත් පද්ධති වලට වැඩ කරන්න හුරු වීමෙන් ආයතනයේ සම්පත් වඩාත් කාර්යක්ෂමව ප්‍රයෝජනයට ගන්න හැකි වෙනවා.
කොරෝනා එක්ක ඇතැම් ආයතන වල සේවකයින්ට ලැබෙන දීමනා වැටුප් ආදියේ කප්පාදු කිරීම් ඇති වුණා. ඒකට සේවකයින් විදිහට යම් නොසතුටක් තිබුණත් ආයතන වල නිතිපතා ලැබෙන ආදායම් දැඩි ලෙස අඩු වෙනකොට ඒ සඳහා ආයතනවලට ක්‍රියාමාර්ග ගන්නට වෙනවා. වර්ක් ෆ්‍රොම් හෝම් කියන්නේ තවත් සේවක සූරාකෑම් ආකාරයක් කියලා ඇතැම් වාමවාදීන් දකිනවා. ඒත් මේ කෝවිඩ් 19 නිසා අපිට අකමැත්තෙන් වුණත් සමහර දේවල් දරාගන්නට වෙනවා. පුද්ගලික ආයතන වලට ලැබෙන බිස්නස් ආදිය අඩු වුණාම ඔවුන් හැකි පමණ සේවකයින් ගෙදර තබා වැඩ කරගන්නටත් පෙළඹුණා. ඉතින් කෝවිඩ් -19 ඉවර නැති අද වගේම හෙටත් තව තවත් අපිට මේ අලුත් විදිහට හැඩ ගැහෙන්නට ඉබේම සිද්ධ වේවි.
Leave a Reply